ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Tuesday 25 May 2010
කතන්දරකාරයා - විලි ලැජ්ජාවක් නැති එකා
මේ කතාව මතක් වුනේ චූටි ටීචර් එවපු සාම්පූර්වලට බෝම්බ ගහපු කතාව කියවලා ඉන්දික උපශාන්ත ලියල එවපු ඉරාකෙට බෝම්බ ගහපු කතන්දරේ බ්ලොග් එකට දාන්න සකසන වෙලේයි.
ඒත් අදම මේක දාන්න ඕනැ කියල හිතුනෙ නං ඔය කියපු ඉරාකෙට බෝම්බ කතන්දරේ බුද්ධාගමට පහර දෙන්න බලං ඉන්න අයට උදව් දෙන කැත වැඩක් කියල මට බැනල Katz කියන හාදය දාපු කමෙන්ට් එක බලපු වෙලෙයි.
බුදු අම්මෝ, මං ඊලඟට දාපු කතන්දරෙන් ලංකාවේ පොලීසියටත් අපහාස කරලා නොවැ.
ඇයි දුටුගැමුණු ට අපහාස කළ හැටි.
ශිෂ්‍ය නායකයින් ට අපහාස කළ හැටි.
එතකොට, නපුරු ගුරුවරුන් ට අපහාස කළ හැටි.
කතන්දර කියල ඉවරයි රජෝ!
ඕකෙං මේකෙන් පටන්ගන්න යන කතන්දරෙත් අමතක වෙනව. කෙටියෙන් කියන්නං.
පොඩි පන්තිවල නං අපිට ඉංගිරිසි හැර අනිත් හැම විෂයයක්ම ඉගැනුවෙ පන්තිය බාර ගුරුවරයා නොවැ. ඒත් ලොකු පන්තිවලදි, ගණිතයට, විද්‍යාවට, සමාජ අධ්‍යයනයට වගේ හැම විෂය ගුරුවරයෙක් ඉන්නව.
මෙකෙන් වෙන දේ තමයි, මේ ගුරුවරු තමන්ට බාර පන්තිය හැර, වෙනත් පන්තිවලට තමන්ට නියමිත විෂයය උගන්වන්න ගියාට ඒ පන්තියෙ ඉන්න ළමයින් අතරින් පොර ළමයි කවුද කියල අඳුනන්නෙ නැති එකයි.
හතේ පන්තියෙදි අපිට බුද්ධාගම උගන්වන්න ආවෙ, නන්ද හාමුදුරුවෝ.
පාඩම යන වෙලේ මගේ සිහිය ඉතිං වෙනදා වගේම "දුරං ගමං ඒක චරං" ද කොහෙද කියනවා වගේ වෙන ලෝකෙක තිබුණෙ.
ඒක දැකල වෙන්න ඇති පොර මගෙන් ප්‍රශ්ණයක් ඇහැව්ව මෙන්න මෙහෙම.
"ඉසිපතනයට ඒ නම යෙදුනේ මොකක් හින්දද?"
හාමුදුරුවො උගන්වපු පාඩම අහං හිටිය නං ඕකට උත්තරේ මට කියන්න තිබුණ. නමුත් ඉතිං "සිත හීලෑ නෑ, හරිම මුරංඩුයි තැන තැන ඇවිදිනවා" නේ! මං උත්තරේ දැනගෙන හිටියෙ නෑ.
මෙන්න බොලේ පොර එතකොට කියපි.
"ඔහොමද පන්තියෙ පාඩම අහගෙන ඉන්නේ? නගිනව පුටුව උඩට!" කියල.
මුළු පන්තියම තක්බීර් වුනා. කතන්දර කුමාර තමයි පන්තියෙ පොර ළමයා. වැඩ කාරයා සහ වාර විභාග වලින් නොකඩවා පලමුවෙනියා.
මං කලින් කිව්ව වගේ, ඔතන වරද වුනේ, හාමුදුරුවෝ ඔය බව දැනගෙන හිටියෙ නෑ!
මං තුමා ප්‍රශ්ණයට අති සාර්ථකව මුහුණ දුන්නා. වැඩි බැලිල්ලක් ඇඹරිලක් නැතුව කෙලින්ම නැග්ග පුටුව උඩට. සමහර විට පොර හිතන්න නැතුව ඇති මං ගට ඇතුව එහෙම කරයි කියල.
මෙමරි ගේම්වලට දඬුවම් දීම එදත් අදත් තේරුමක් නැති වැඩක්. එත් ඔය දඬුවම නං කමක් නෑ කියමුකෝ.
පොර ඊලඟට කියපු කතාව තමයි අන්තිම පාහර කතාව.
"ලැජ්ජ නැතුව නැග්ග හැටි පුටුව උඩ. විලි ලැජ්ජාවක් නැති එකා! තමුසෙව ජාතක කරන්න ඇත්තෙත් ඔය වගෙම ලැජ්ජ නැතුව වෙන්න ඇති".
ඔය වෙන කොට මගෙ වයස අවුරුදු දොලහක් විතර. පොර කියපු ඒ කුණුහරුප කතාව මට නිවරැදිව තේරුණේ ඊට පස්සෙ කාලෙකයි.
කතන්දරකාරයා
ප/ලිඃ
මෙදා පාරත් වෙසක් පෝයට සිල් දානෙට ෆෲට් සැලඩ් අපේ සමිතියෙන්.
ප/ප/ලිඃ
ඔය උඩ තියෙන ප/ලි කෑල්ල ලිව්වේ මගේ හිත සංසුං කරගන්නයි.
Labels:
නපුරු ගුරුවරු
Subscribe to:
Post Comments (Atom)
මමත් හාමුදුරු ටීචර් කෙනෙක් ගැන කතාවක් ලිව්ව මැරතන් එකට ඒක එලියට ඇදල අච්චාරුවේ දාන්න ඕනෙ. දැන් ඉතින් හාමුදුරුවන්ට පොර කිව්ව කියල කසූටත් හම්බවෙයි හොඳට මහා බෞද්ධයන්ගෙන්
ReplyDeleteඉඳල ඉවරෝ... මෙන්න මූ සාසනේට ගරහනවෝ....
ReplyDeleteසංඝ රත්නයට අපහාස කරනවෝ...
හාමුදුරුවට ඒ කාලෙම තෙරිල තියෙනෝ...
හිටපිය මං පංචායුධයට කියනෝ. ...
ඇන් ජී ඕ කාරයෝ... ජාත්‍යන්තර බලවේගත් එක්ක එක්කහු වෙලෝ...
අපි නැතෝ .... අයියෝ... අපි ඉවරෝ....
කතන්දරත් පොරක් කියලයි මම හිතුවෙ ෴
ReplyDeleteසමහර දේවල් තියනව නෑහ් බැහ් නොකිය ඈඹරිලි නැතිව කෙළින්ම කියන දේ කරාම වැරදි කාරය වෙන්නෙ අපි තමයි....
හිතන්න මෙහෙම ඔන්න කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් කිස් එකක් ඉල්ලනව කියල... පැනපු ගමන් දුන්නොත් හිතන්නේ .. ඒකී මහ වල් කෙල්ල. චාරයක් නැහැ කියල...
ටිකක් ඈඹරිලා, ලැජ්ජ වෙලා, අගේ කරල දුන්නොත් තමයි හොද කෙල්ල...
ඔන්න ඔහොම ලෝකෙකයි අපි ඉන්නේ.........
හාමුදුරුවරු තමයි මේ ලෝකේ තියන පවු වලින් වැඩියෙන්ම පවු කර ගන්න අය...
ගිහි අපි ඊට වඩා සැදැහැත්....
වෙලාවට අපේ ඉස්කෝලේ නං හාමුදුරු ටීචස්ල හිටියේ නෑ!
ReplyDeleteවත් අක්ක හරි ..... හාමුදුරුවො තමා වැඩිපුරම වැරදි කරන්නෙ ...
ReplyDeleteඅපි නම් ඇල් වතුරත් නිවලයි බොන්නෙ
නැතිව නැතුව අපිත් ඇල් වතුරත් නිවලයි බොන්නෙ :D
ReplyDeleteකතන්දර ආයෙත් පලි පටන්ගෙන වගේ. මේ පාර පපලි වෙලා....
ReplyDeleteරජෝ දැන් ඉතින් මන් ඉවරයි. සාසනේට අපහාස කලා මදිවට තව එකෙකුට ඒක කරන්න උල්පන්දනුත් දීල. හපොයි මන් කරගත්තු ආනන්තරීය පාපකරුමෙක් මහත! මේව හාමුදුරුවරුන්ගෙ බෙල්ලෙන් අල්ලල කනට ගහනව වගේ එහෙම නැත්තන් පිලිමෙක සිරසකඩල නිදන් ගන්නව වගේ බාල වැඩ නෙමෙයිනෙ. දැන් ඉතින් අසපුවකටවත් වැදිල මල් ලක්සගානක් පූජකරන වැඩකටවත් අතගහන්න වෙයි වගේ...මොකද මල් පූජ කරනව කියන්නෙත් මාර පිනක්නෙ දැන් බලනකොට..
ReplyDeleteමෙහෙම දෙයක් තියනවා. අපි හාමුදුරැවන්ට වදින්නෙ සිල්වත් බවටයි ගුණවත් බවටයිනෙ. ඒත් ඒ හාමුදුරැවෝ එහෙම නැත්නම්. ඒක නම් මාර ප්‍රශ්නයක් තමා. වැරැද්ද පෙන්නන එකාටනෙ හැමෝම බනින්නේ. කමක් නෑ ඔහොම යන්...
ReplyDelete@ Wath "හාමුදුරුවරු තමයි මේ ලෝකේ තියන පවු වලින් වැඩියෙන්ම පවු කර ගන්න අය...
ReplyDeleteගිහි අපි ඊට වඩා සැදැහැත්.... "
සාදූ! සාදූ!
මේකනේ හාමූදූරුනවන්ට කෝටියක් සංවර සීලයක් රකින්න තියෙන නිසා ඒවා කැඩෙන්න තියෙන අවස්තාව වැඩියි.
මම නම් හිතන්නෙ මෙහෙමයි අපිට ගිහියන් හැටියට සාසනික නිවරඳී ඳැ පිලිබඳව අවබොඩය අඩුයි උඳාහරනයක් විඳියට් ස්වාම්න් වහන්සෙලාට මුඳල් උපයන රැකියා නොකල යුතය් කියල විනය පොතෙ සඳහන් වෙනව නමුත් ගිහි අපිට අවබොඳයක් නෑ ඒ පිලිබඳව. ඒකයි පාසල් වල උගැන්ව්න්නෙ ස්වාම්න් වහන්සෙලා.
ReplyDeleteඒතකොට නිසි අරමුනක් නැතිවෙනව නමුත් අඳට්ත් සිල්වත් ස්වාම්න් වහන්සෙලා වැඩසිටිනව.
ඊයෙ රෑ මතක් වුනා ලිවිය යුතු "හාමුදුරු සර් කතාවක්", කාලය මඳ වුනත්.
ReplyDeleteදහයෙදි අපට බුද්ධාගම කළේ විචිත්‍ර ධර්ම කථික හාමුදුරු කෙනෙක් කියල ලිව්වනෙ. ප්‍රසිද්ධ පන්සලක විහාරාධිපති. නමුත් "සඟරජ වුනත් ගම තුම්පනේ" ජාතියෙ කෙනක්. ඉතින් අපෙත් වැඩේ පොරව අන්දන එක තමයි.
අපේ පන්තියෙ හිටපු කැපී පෙනෙන ලෙස උසම කොලුවට චිරාත් කාලයක් තිස්සෙ logically හිමිවෙලා තිබුණු සුරතල් නම 'දණ්ඩා'. (හරි නම ජයවීර කියමුකො.) හාමුදුරුවො දවසක් බණ කතාවකට පටන් ගත්ත 'සෝණදණ්ඩ' කියල බමුණෙක් ගැන කියන්න. මේ නම කියැවෙන සැරයක් සැරයක් ගානෙ කොල්ලන්ට හිනා යනව. මොකද කියල ඇහුවහම එකෙක් ජයවීරට ඇඟිල්ල දික් කරල කියාපි "සාදු ඒ මෙයාගෙ නම කියල" විහිළුවට කිව්වට සාදු ගිල්ල නේද ඇම! පොරගේ හිතේ ඒ ඇත්ත නම කියල. "බණ පොතේ තියෙන නම් තියෙන එක කොයිතරම් හොඳද" කියල සෑහෙන්න සතුටු වුනා.
හතේ, අටේ, නමේ, දහයෙ පන්ති දහයකට විතර බුද්ධ ධර්මය උගන්වමින් සිටි හාමුදුරුවන්ට හැමෝගෙම නම් මතක තියා ගන්න හැකියාවක් නෑ. ඒත් බණපොතේ හින්ද මේ නම මතක හිටිය. දැන් ජයවීර තමයි පොරගෙ ප්‍රියතම ශිෂ්‍යයා.
"සෝණදණ්ඩ, කළුලෑල්ල මකන්න."
"සෝණදණ්ඩ, ඔෆිස් එකට ගිහින් රෙකෝඩ් බුක් එක ගේන්න."
"හා, සෝණදණ්ඩ කියන්න බලන්න ඇසුරු කළ යුතු මිත්‍රයින් හතර දෙනා කවුද කියල."
ජයවීරගේ කෝපයටත්, අපේ නොමඳ හාස්‍යයටත් ලක්වුණු මේ අන්තර්ක්‍රියාව දහයෙ පන්තිය ඉවරවන තුරුම ඇදී ගියා. කාටවත් හිතුනෙ නෑ වරද නිවැරදි කරන්න. මොකද එහෙම වෙන එකෙන් සොමිය වැඩි නිසා.
කතාව එතැනින් ඉවර නෑ.
දැන් අපි ඉස්කෝලෙන් අස්වෙලා අවුරුදු දහයක් විතර. ජයවීර ආදි ශිෂ්‍ය සංගමේ හොඳ කකුලක්. හාමුදුරුවො විශ්‍රාම ගිහින් ගොඩක් කල්. ඒත් දවසක ආව ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරපු පිරිතකට. ජයවීර ගිහිල්ල වැඳල කරල කාරිය එකත්පස්ව ඉඳගෙන ඇහුව "ඔබ වහන්සෙට මාව මතකද දන්නෙ නෑ" කියල.
"අපොයි මට මොකද මතක නැත්තේ, මේ සෝණදණ්ඩ ළමය නෙවැ!" පොරත් කියාපි.
කිසිවක් නොපවසමි..
ReplyDeleteතීන්දුව දී හමාර බැව් දක්නට ඇති හෙයිනි..
Machan mama test karannai me post 1ka danne..
ReplyDeletePuluwan nam danna kenak mata sinhalen liyana hati kiyanna. Kaputa 2004 nam try kala...
Mama 2weeks witara aran mulu katha okkoma kiyawwa...
Elama ela........
Mamath mage attitata giya...
KK ge dad ta ikkman suwa pathanawa.....
@Indikagene
ReplyDeleteසිංහල typing බැරි නිසා මම යන පාර මේකයි..
යන්න මෙතැනට...
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
නැති අකුරු මෙතැනින් ගන්න...
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/
@Indikagene
ReplyDeleteසිංහල typing අමාරැනම් ගන්න මේ Software එක
http://singreesi.vndv.com/download.htm
මේකෙනුත් ලේසියෙන් type කරන්න පුලුවන්.
නියම වෑඩෙ. ස්තුති මෙකනම් නියම වෑඩෙ. මෙ ගහනව මෙ ලියවෙනව. මචන් මෙකට කියන්නෙ අපි වෙනුවෙන් අපි කියල..
ReplyDeleteමට මාර ජොලි......
ReplyDeleteඅපෙ ඉස්කොලේත් හිටිය හමුඩුරු කෙනෙක්.. හබෑයි නපුරු නෑ. එවගෙ රගපනව අපිව බය කරන්න...අපෙ ඉස්කොලේ ගුරුවරු මර හොදයි..
දවසක් මම ස්ච්කොලෙට පරක්කුවෙලා ගියා..
මව අල්ලගත්ත....
හමුදුරුවො : දන්ද එන්නෙ....!
මම : ඔව් හමුදුරුවනෙ.....
හමුදුරුවො : දනවනෙ නිතිය.... ගෙදර යන්න...
මම ගෙදර යන්න හරුන......
හමුදුරුවො :අව් අම්ම කියපුගමන් යනව නෙද?
මම : නතුව අලකනද? (මට කිඋඅවුනා
හමුදුරුවො මගෙ පන්තිය අහගත..
පහුවෙනිද ඉදල මට සතියක් යනකන් දුඩුවමක් දුන්න...
සුන්දර අතිතය..........
මට දුන්න දුඩුවම ඉස්කොලේ කොඩිය උස්සන්න්යි පන්සිල් දෙන්න්යි........
කතන්දරගෙ නපුරු ගුරුතුමෙකුට මට්ටු උනා නම් කොහොම වෙයිද?
මට සින්හලෙන් දෑන්ලියන්න ආසයි......
ReplyDeleteමෙ පොට් එකෙ ඉන්න ඔක්කොම එක වගෙ අදහස් තියන අය....
ප්‍රිති ප්‍රිති ප්‍රිති.......
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම...
මට මෙ ලින්ක්ස් දුන්නු යලුවන්ට ගොඩක් ස්තුති.....
මෙ සොෆ්ට්වෙයා හදපු මිනිසුන්ට මර පින්.....
සමාවෙන්න මම අතල් එකට කියවනව වඩි ද මන්ද?
වදුරට කනඩිය හම්බවුන වගෙ නෙද?
@ සියළු දෙනාටම
ReplyDeleteප්‍රතිචාරවලටයි, ඉන්දික ට සිංහල ටයිප් කරන්න උදව් කරපු එකටයි ස්තුතියි.
හැබැයි කාටවත් මතක් වුනේ නෑ නේද මේ කතාවේ එන මටයි, මගේ දෙමව්පියන්ටයි වුනු අපහාසය ගැන. මට අදත් හිතාගන්ණ බැරි ඇයි එදා සාපු එහෙම කිව්වෙ කියලයි.
@ All
ReplyDeleteමගේ අදහස නම් මේකයි. මහණ වුනත් මේ අය පෘතග්ජනයෝ. වැරදි වෙනවා. කරනවා. අපි ගරු කල යුත්තේ ධර්මයටි, සිවුරටයි මිස පුද්ගලයින් ට නෙමේ.
අද සමහර අය බුද්ධාගම රකින්න කරන කියන ඒව දන්නව නං සහ අද ඔහු හිටියා නං, බුදුහාමුදුරුවො එක්කො පාරිලෙය්‍ය වනයට වඩිනවා, නැත්තං වෙන ආගමක් දේශනා කරන්න පටන් ගන්නව.
@ටැබූ සර්
ReplyDeleteකතන්දරේට ස්තුතියි.
කොච්චර නෑ කිව්වත් පොඩ්ඩක් හරි කතන්දර උණක් තියෙන නේද?
@Indika / Indikagene
ReplyDeleteකතන්දර බ්ලොගයටත්, සිංහල බ්ලොග් අවකාශයටත් සාදරයෙන් පිලිගන්නවා!
දැං ඉතිං ලියන්නත් දන්නවානේ සිංහල යුනිකොඩ් වලින්. ඔය මතක පොතේ පුරවං ඉන්ණ කතා ටිකක් ලියල දාන්න හොඳේ.
ප/ලිඃ මං නං ලියන්නේ කපුටා වලින්. ඉන් පස්සේ http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_k-u.xml
ගිහින් යුනිකෝඩ් වලට හරවා ගන්නවා.
මෙ ක්‍රමය මර ලෙයි.. කපුට ට වඩිය හොදයි වගෙ..
ReplyDeleteකතන්දරත් ටියි කරල බලන්න... කලය ඉතුරු කරගන්න පුලුවන් වෙයි...
ඔව් මමත් මගෙ පරන දේවල් කියන්නම් කො...
මම ඉන්න රටෙ හෙටයි අනිදද්යි නිවාඩු....
ඉලග ඩවසෙ ඉඩල ලියන්නම්....
සුබ දවසක්....
හාමුදුරුවොත් කරන වැඩද මේවා ? ඃ) ඃ) ඃ)
ReplyDeleteමාත් මේ දවස්වල trend එකේ හැටියට හාමුදුරු කෙනෙක් ගැන කතාවක් ලිව්වා
http://aagiyakatha.blogspot.com/2010/05/blog-post_25.html
පාසල් කාලයෙ වෙච්ච දේවල් කියල නිම කරන්න බෑ. මේ කතාවත් නපුරු ගුරුවරයෙක් ගෑන. සර්ගෙ නම ඥානසිංහ. කොල්ලො කියන්නෙ ගුටිඥානෙ කියල. මොකද පොර කවියට දෙකකුයි ඒකෙ තේරුමට දෙකකුයි ගානෙ ගහනව අතට වේවෑලෙන්. දවසට කවි 4ක් දෙනව පාඩම් කරන්න. 4ම පාඩම් නැති එකා කනව දවසට 8ක්. වැඩිපුර ඉන්නෙ උන්.... ඉතින් සර් කොල්ලන්ට ගහල ඉවර වෙද්දි පාඩම ඉවරයි. ආයෙත් හෙට පාඩම් කරන්න ඕන කවි කියල යනව. හෙටත් ඇවිත් ගහනවා. :D
ReplyDeleteඔය කතා ප්‍රසිද්ධ කරන්න ගියාම තවත් ලෑජ්ජ වෙනවා කියන එක අහන්න දෙයක්ද.එකට තියෙන්නේ ඔය වෙනි කතා නොදමා වෙනත් කතාවක් දාන එක නොවේද?
ReplyDeleteමා මෙය එය අනුමත කරන බව නොව ..
මේක කියවද්දි මටත් කතාවක් මතක් උනා.
ReplyDelete(හැබැයි හාමුදුරුනමක් නම් සම්බන්ධ නෑ )
ඒ වෙද්දි මම හිටියෙ දහම් පාසලේ 6 පන්තියෙ.
ටීචර් පාඩම පටන් ගන්න කලින් නම් ලකුණු කරන්න ගත්තා.
"ප්‍රසන්න"
"ඉන්නවා"
"සම්පත්"
"ඉන්නවා"
"මංජුල කුමාර"
උත්තරයක් නෑ, පොර ඉන්නෙ වෙනම ලෝකෙක.
ටීචර්ට මළ පැනල චෝක් කූරෙන් කෑල්ලක් කඩල අරන් දමල ගැහුව අරූගෙ මූණට.
පොර උඩ ගිහින් බිම වැටුණ.
කේන්ති පිටම ටීචර් ඇහුවා,
"කොහෙද ඉන්නෙ?"
"වල්ගම" පොරත් ගත් කටටම කියාපි.
පංතියම බඩ අල්ලන් හිනා වෙන්න ගත්ත.
ටීචර්ගෙ කේන්තිය කොහෙන් ගියාද නෑ.
kathandara oyage guru hamuduruwo harima lucky.oya wenuwata mama ethana hitiyanam mamath eyage amma thaththawa namo withthiyen mathak karanawa.jathake warada eyage. hiks!!!!!!!!!!!!
ReplyDelete