ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Thursday 13 May 2010
තවත් චූ කතාවක් සහ අපේ තාත්තාගේ රෝගී තත්වය
මං කලින් දාපු චූ කතා දෙකට ආපු ප්‍රතිචාර අනුව සමහරු මේවට කැමතියි. තවත් සමහරු අකමැතියි. ඒත් මං හිතන්නේ බහුතරය විරුද්ධත්වයක් නෑ කියලයි.
ඒ හින්දා හිතුනා මේ කතන්දරෙත් කියල දාන්න.
තවත් හේතුවක් තියෙනවා මාතෘකාවේ දාලා තියෙනවා වගේ. ඒක කතන්දරේ අන්තිමේදි තේරෙයි.
මේක අද ඊයෙ සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. එක්දාස් නමසිය පොඩි ගනං වල කොළඹ අවට ගම් ප්‍රදේශයක සිදුවුනු දෙයක් ගැන කතන්දරයක්.
ඔන්න එදා මේ ගමේ ගෙදර ලොකු කයියක් තිබුනා. ටවුමෙ බබා ල ගේ දැන ගැනීම පිණිස කියනවා නම්, කයියක් කියන්නේ, කුඹුරු වපුරන දවසට, ගොයම් කපන දවසට තියෙන ගමේ හැමෝම එකට එකතුවෙලා වැඩ කරන වර්කින් බී (working bee) එකයි. මේ විදියට වැඩකරන එකට අත්තම් ක්‍රමය කියලාත් කියනවා. ඒ කියන්නේ ගමේ හැම ගෙදරකින්ම ඒ අයගේ කුඹුරු වල වැඩ කරන්න කෙනෙක් යවනවා. මුදල් හුවමාරුවක් නෑ. කුලියක් නෑ. ඒ වෙනුවට කරන්නේ අනිත් අයගේ කුඹුරු වැඩට ඒ හා සමානව උදව් වෙන එකයි.
අත්තම කියන්නේ මිනිස්-සේවා-දිනයක (man-day) මිණුමටයි.
එදා කුඹුරේ වැඩකටයුතු වලට සහය වෙන හැමෝටම සංග්‍රහ කරන්නේ කුඹුර අයිති පවුලේ ගෙදරිනුයි. කයිය කියන්නේ මේ දවසේ කෙරෙන සංග්‍රයටයි.
ගොයම් කයියකට උයනවා කියන එකත් ලේසි පාසු වැඩක් නෙමේ. ඇයි මුළු ගමේම සෙනඟ වගේ එකතු වෙනවානේ.
ඉතිං එදා මේ ගෙදර තිබුණු කයියට සම්බෝලයක් හදන්න පොල් ගෙඩි හතක් ම ගෑවාළු. එහෙම කියන්නේ මගේ ආච්චී, ඒ කියන්නේ තාත්තා ගේ අම්මා.
වැඩිම වුනොත් පොල් ගෙඩි තුනක් ගාලා තියෙන්න ඇති. එහෙම කියන්නේ මගේ තාත්තා, ආච්චී ගේ පුතා.
ඔය කාලෙ උඹලෑ තාත්තට වයස අවුරුදු හතක් විතර ඇති. එහෙම කියන්නේ මගේ ආච්චී.
අපො නෑ, මට ඔන්නං වයස අවුරුදු හතරක් ඇති. එහෙම කියන්නේ මගේ තාත්තා.
කවුරු මොනවා කිව්වත් වුනේ මේකයි. පොල් ගාලා, ගොයම් කයියට ආපු අයට කන්න මහා පතරංග සයිස් පොල් සම්බෝලයක් හදල තිබුණා.
එක පාරම ඔතනට දුවගෙන ආපු මේ ගෙදර ඉන්න කොළු පැටියා කෙලින්ම චූ පාරක් ඇල්ලුවා ඒ සම්බෝල පුරෝල තිබුණු තඩි කොරහට.
සේරම ඉවරයි!!!
ආච්චියි ගෙදර හිටපු අනිත් අයයි එකතුවෙලා විගහට ආයෙමත් පොල් ගෙඩි ගාණක් ගාලා හැදුවාලු ඒ වගේ ලොකුම ලොකු සම්බෝලයක්.
මොකද කොළුවට ගැහැව්ව කියල, සම්බෝලෙ පිරිසිදු වෙනවයැ.
ඔන්න ඕකයි ඉතිං කතන්දරේ.
කතන්දරකාරයා
ප/ලිඃ
දැන් කියන්නං මේ කතන්දරේ දාන්න දෙවන හේතුව.
කීප දෙනෙක් ම පහුගිය දවස් දෙක තුනේ දී මගෙන් අහල තිබුණා තාත්තාගේ සුව දුක්. මේ කතන්දරේ පිට දාලා ඒකටත් උත්තර දෙන්න පුළුවනි.
කෙටියෙන් කියනවා නම් තවම වැඩි සනීපයක් නෑ. අප්‍රියෙල් මාසේ වැටුනු එකේ ප්‍රතිවිපාක තමයි. ඉස්පිරිතාලෙ ඉඳලා ආව දවස්වලට වඩා නම් සාමාන්‍යයෙන් සුව ගතියක් තියෙනවා. වචන ගලපලා තරමක් කතාකරන්න පුළුවන්. ඒත් සම්පුර්ණ අවබෝධය එන්න නං කලක් යයි.
තාත්තා අද ඉන්න තත්වය ගැන හිතන කොට මට මතක් වෙන්නේ අවුරුදු කීපෙකට කලින් මං ඉස්පිරිතාලෙ ලැග්ග හැටි. මේ ගැන මං ලුහුඬු සඳහනක් කළා මෙන්න මෙතන. ඒ රෝගී ජීවිතේ එක් අමතක නොවෙන දෙයක් තමයි කැතීටර් එකක් හයිකරගෙන ඒකෙ බෑග් එක කකුලෙ එල්ලගෙන ඉන්න වුනු එක.
මං චූ කතන්දර තුනක් ම දාන්න හේතුව දැන් තේරෙනව නේද?
අදින් ඉවරයි මේ චූ කතන්දර සීරීස් එක. හෙට ඉඳලා කඳුළු කතා.
Subscribe to:
Post Comments (Atom)
කඳුළු කතා?
ReplyDeleteවිනාසයි!
තාත්තාට ඉක්මන් සුව පතනවා..
ReplyDeleteකඳුළු කත??
අනේ මොනවා හරි කමක් නැහැ මේ වගේ එව්වා නැතුව. හික්..
:D
ඔබේ පියානන්ට ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා .......
ReplyDeleteබොධිපුජාවක්වත් තිබ්බොත් නරකද?
ම් ම් ම් ඒ බෑග් එක එල්ලන් ඉන්න එක එච්චරටම අමාරුයිද බං . . .
ReplyDeleteතාත්තාට ඉක්මන් සුවය ලැබේවා කියලා ත් පතන්නම් . . .
හ්ම්............ මම නම් දැන ගෙන වුන්නා. මේ කතා ලියන්න හේතුව. මොකද මගේ තාත්තාත් මාස කිහිපයක් එක තැන හිටිය.
ReplyDeleteඅනේ මචෝ, දුක හිතෙන කතානම් ලියන්න එපා..
ReplyDeleteමේ ජීවීතේ දුකක්ම නිසා.
මම සම්බාව්‍ය චිත්‍රපට බලන්නෙත් නෑ.... මොකටද අනුන්ගේ ප්‍රශ්න අපේ ඔලුවේ දාගන්නේ,,,
ආතල්ම දියන් මචෝ.... පින් සිද්ද වෙයි......
දැන් ඔක්කොම චූ කතා කියන්න අරන්. ඔය චූ සීන් එකේ පුරෝගාමියා ඉතින් අපේ කතන්දර අයියා තමයි.
ReplyDeleteඅයියෝ...කඳුලු කතා නං ඕනෙම නෑ....
තාත්තාට ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහෝ....
ReplyDeleteඈත අතීතයක සිංහල චිත්‍රපටියක ආරම්භයේ දී දෙනවක හාමිනේ නැමති නිළිය කන්න බත්පතක් පිඟානට බෙදනවා. කන්න කළින් මොකක් හෝ හේතුවක් නිසා එයාට කුස්සියෙන් එළියට යන්න වෙනවා. කොළුවා ඇවිත් ඔය අතරතුරේ බත්පතට මේ කතාවේ කොළුවා කළ වැඩේම කරාපි. දෙනවක හාමිනේ කුස්සියට ඇවිත් බත් පිඟාන අරගෙන කන්න පටන් ගන්නවා. සමහර විට කතන්දරගෙ කතාවේ ළමයා ඒක බැලුව ද දන්නෑ!!! තාත්තාට සුවය පතමි!
ReplyDeleteකතන්දරේ ලස්සනයි.තාත්තාට ඉක්මනටම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteහපොයි ඔය මල්ල එල්ලන් ඉන්නවට වඩා අමාරුයි "catheterize" කරනකොට.... මූත්‍රා අඩස්සිය හැදුනහම ඔය වැඩේ කරනවා මම කිහිප වාරයක් දැකලා තියනවා... හපෝ... නොපතං.... ඊලඟ පුරස්නේ ඔය පිරිමි වයසට යනකොට එන පුරස්ථ ග්‍රන්ථියේ ඉදිමීම... (Prostate) ඒ නිසාත් ඔය වෙඩේ කරන්න සිද්ධ වෙනවා... එහෙම නේද මහත්තයෝ... බටය දානවට අමාරුයි ගලවන එක නේද...? අපටත් අනිවා මූණ දෙන්න වෙයි...
ReplyDeleteමගේ මාමණ්ඩිත් ඔය දවස්වල අසනීප වෙලා කල්පනාව ටිකක් නුහුගුණයි දැන්... මක්කරන්නද...
නීරෝගී සුවය හදවතින්ම ප්‍රාර්තනා කරනවා මහත්තයෝ තාත්තාට...
අයියෝ කඳුඵ කතා වලට වඩානම් චූ කතා ෂෝක්...
ReplyDeleteමමත් බටුකාෙරහකට මේ වැඩ් කරලා ති යෙනවා පෙඩිකා ෙල් මගල් ගෙදරක් දවසේ
Deleteබහුතරයක ගේ ඉල්ලීම මත කඳුලු කතන්දර ලිවීම නැවත දන්වන තුරු කල් දමා ඇත.
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි. ඔය අරුණි කියන ෆිල්ම් එක ජී.ඩී.එල් ගේ සාමා හෝ වසන්තගේ Sath Samuduwa විය යුතුයි. මා අසා තිේරන පරිදි ඒවා 60 දශකයේ ඒවා.
මේ සම්බෝලෙට චූ කළ අපේ ආච්චිගේ පුත්‍ර රත්නය ඒ වැඩේ කලේ එක්දාස් නමසිය පොඩි ගණන් වලයි. හැට ඬෙනකොට එයා පොරක්.
pol gedi 7 k une devana para gapu gedi gananath ekka wenna athi
ReplyDelete