
මේක කෑම ගැන කතන්දරයක්. හැබැයි කෑම උයන හැටි ගැන නෙමේ කෑම කන හැටි ගැනයි.
රමණී කියන්නේ අපේ යාළුවෙක්. අර කීප්-අ-සයිඩ් ක්‍රමයට අන්තර්ජාලෙන් කෑම උයන්න පුරුදු වුනු රත්නායක කියන මගේ මිත්‍රයා ගේ ප්‍රිය බිරිඳ.
ඔය රත්නායක වැඩියෙන් ප්‍රසිද්ධ රත්නායක ජෝක්ස් දාන්න බව මතකයි නේ? රමණී හරිම සිරියස්. වැඩි ජෝක්ස් බෝක්ස් නෑ.
ඉතිං කතාව වියෙන්නේ මෙන්න මෙහෙමයි.
දැන් අපේ ගෙවල් වල දවල්ට හරි රෑට හරි ඉව්වහම සමහර විට ඉතුරු වෙනවනේ. ඉස්සර අපේ ආච්චිල ගෙ ගෙදර නම් ප්‍රියතම කෑමක් තමා හීල් බත් කෑම.
හීල් බත් කියන්නේ රෑට උයලා කෑවට පස්සේ ඉතුරුවෙන බත් සහ හොදි මාළුපිණි කුස්සියෙ ඒ ඇතිලිවලම තියල උදේට රත්කරගෙන කන එක. අපේ ආච්චිල ගෙ කෂ්ටිය කොච්චර ඔය හීල් බතට කැමතිද කියනවනම් රෑට වැඩිපුර උයනව පහුවදා උදේට කන්නත් එක්ක.
මට නම් එදත්, අදත් හීල් බත් පෙන්නන්න බෑ. කවදත් කන්න කැමති පාන් ම තමා. අපේ තාත්ත ඊටත් එහා, කන්නෙම බනිස්.
ඒ කාලෙ ආච්චිලට හීල් බත් කන්න පුළුවන් වුනේ එකක් ඒ පැත්ත රෑට හරිම හීතල හින්ද කෑම නරක් වෙන්නෙ නැති නිසයි. ඒ කාලෙ ඔය ශීතකරණ තිබුනෙ නෑ එහෙ. කොහොමටත් මං හිතන්නෙ නෑ, රෑට ෆ්‍රිජ් එකේ දාපු කෑම උදේට කන එක හීල් බත් කෑමක් කියල. රහ වෙනස් ඇති. දන්නෝ දනිති.
රෑට හරි දවල්ට හරි උයල කන්න යන වෙලාවට ඊට කලින් වේලට උයපු බත් හරි හොදි ජාති හරි තියෙනවනං අපි කරන්නෙ ඉස්සෙල්ලාම අර පරණ බත්, හොදි බෙදාගන්න එකයි. මොකද ඒව ඉවර කරල එපායැ අළුතින් උයපු ඒව කන්න, නේද?
රමණී ඒ වැඩේට විරුද්ධයි.
එයා කියන්නෙ අපි ඉස්සෙල්ල කන්න ඕනැ, අළුතින් උයපු බත් සහ හොදි ජාති කියලයි.
රමණි ගෙ තර්කය තමයි, එහෙම නොකලොත් අපිට හැම වේලටම පරණ බතුයි හොදියි කන්න තමයි වෙන්නෙ කියල. ඇයි දැන් පරණ ඒව කෑවහම, අළුතින් උයපු ඒව ඉතුරු වෙලා, ඊලඟ වේලට කන්න වෙන්න ඉඩ තියෙනවනේ.
ඔන්න ඕකට තමයි මං කියන්නෙ "රමණි මෙතඩ්" එක කියලා.
කතන්දරකාරයා
ප/ලිඃ
චූ කතන්දර සීරිස් එකට පස්සෙ අද පටන් ගන්න හිටිය කඳුළු කතන්දර වැල පොඩ්ඩක් කල් දැම්මා.
අපේ කෂ්ටිය වැඩි දෙනෙක් කඳුලු කතන්දර වලට කැමතිම නැහැල්ලු!
http://blog.anuradhapurazone.info/ maka podak balanvda
ReplyDeleteකතන්දරට මහත් වෙන්න ඕනි නම්... හීල් බත් සතියයක් එක දිගට කාල බලන්නකෝ. හැබැයි ඉතින් පරණ පානුත් හොඳ ඔසුවක් ලු මහත් විමට...
ReplyDeleteමට නම් පාන් ම්හ්.. රතු බතුයි , සම්බෝලයි, පරිප්පුයි, මාලු ඈඹුල් තියලුයි තියේ නම් තුන් වේලම කනව...
චූ කතා එපා෴ ඒව හරි ගඳයි....
තාත්තට දෙන්නේ කැඳ ජාතිද? ලුණු කැඳ වලට වඩා කිරි කැඳ හරි රසයි....ගුණයි..
ඉතින් හෙටත් එන්න ඕනි නිසා දෙන් මම ගියා
මම
වත්
ඔය මෙතඩ්ස් දෙකට පරිගණක විද්‍යාවෙ යෙදුම් දෙකකුත් තියෙනව නේද?
ReplyDeleteකතන්දර කාරයාගෙ ක්‍රමය: FIFO හෙවත් First In First Out
රමණිගෙ ක්‍රමය: LIFO හෙවත් Last in First Out
@taboo
ReplyDeleteLIFO - Stack
FIFO - queue
මුලින්ම අපි ඉගන ගත්ත එකක් :-)
මේ වගේ ලංකාවෙ කෑම ගැන කතා වෙනකොට ඉවසන්නෙ කොහොමද අප්පා.......
ReplyDeleteඔය පින්තූරෙට දාල තියෙන බත් පිඟාන දිහා බැලුවත් කෙළ ගිලෙනව.
බැරිද මටත් ඔය ලඟ පාත හොඳ කඩේකින් චිකන් කෑම ෆුල් එකක් මේල් කරන්න.
ඒ බැරිනං පරිප්පුයි කරවල බැදුමයි බතුයි උනත් කමක් නෑ........
මටත් පරණ කෑම පෙන්නන්න බෑ....
ReplyDeleteෆ්‍රෙශ් කෑමමයි කන්න හිත....
පින නැති නිසා පරණ ඒවම කනවා....... (හෙහ් හෙහ්....)
මේකට මොන මෙතඩ් කියන්නද මංද . අපේ මායිය නංකරන්නේ දවස් ගානකට පරිප්පූ, පොල්සම්බල් වගේ දේවල් හදලා අයිස් පෙට්ටියේ තියලා ඕන උනාම Micro wawe කරන එකයි.
ReplyDeleteඇත්තටම මටත් ඔය පරන කෑම පෙන්නන්න බෑ... ඔය රමනී මෙතඩ් එක ගැන මම මීට කලින් අපේ ගෙදර බලධාරීන්ව දැනුවත් කරල තියනව ... ඒත් නමක් නැතිව
ReplyDelete@ gamini,
ReplyDeleteඅපිත් ඕකම කරනව. හබැයි කියන්නෙ "යලි උපදී" පාරක් දානව කියල තමයි.
තුන් වේලම උයන්න මෙහේ වෙලා නැති නිසා උයල ෆ්‍රිජ් එකේ දාල රත් කරන් කනවා. අපෝ පවක් ඒක නම්. මට නම් උනු ( අලුත් ) බත් එකක් සම්බෝලත් එක්ක කෑවත් රස්යි,
ReplyDeleteසියළුම ප්‍රතිචාර වලට මගේ ස්තුතිය.
ReplyDeleteඋණු බත් කන්ට කවුද ළමයිනේ අකමැති?
හැබැයි සිංහල අපි පැය දෙකක් උයලා විනාඩි දහයෙන් කනවා. ඉතාලිය වගේ රටවල මිනිස්සු විනාඩි දහයෙන් උයලා පැය දෙකක් තිස්සේ කනවා!!!
පුදුම මෙතඩ් එකක් තමයි.
ReplyDelete