ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday, 28 May 2010
කතන්දරකාරයා කතන්දර හාමිනේ ට ලියූ නාඩගම් ගීතය
මේ සටහන පලවෙන්නේ කතන්දරකාරයා සහ හාමිනේ ගේ අද (මැයි 28) දිනට යෙදෙන විවාහ සංවත්සරය නිමිත්තෙනි.
කතන්දරකාරයා කවිවලටත් කැමති බව මේ බ්ලොග් එක මුල ඉඳලා කියවන අය නං දන්නවානේ.
අද මෙන්න බලාගන්න, කතන්දරකාරයා පෙම්බර සිතින් යුතුව කතන්දර හාමිනේ වෙනුවෙන් ලියූ නාඩගම් ගීතය.
======================
විඩා නිවා මා හද සනසන්නී
සිතට සෙමෙර රන් පවන් සලන්නී
සදාතනික සෙනෙහස ගෙන එන්නී
මා පෙම්බර දේවී
මා පෙම්බර දේවී
විසිර දුවන සිත රන්දා
හසරැලි මල් මුව බන්දා
සඳ සිසිලස මුදු පහස දෙවන්නී
මා පෙම්බර දේවී
මා පෙම්බර දේවී
ගිම්හානය නෙත දවනා
සන්තාපය හද පෙලනා
සිඳ අමරස සුව සිසිල සදන්නී
මා පෙම්බර දේවී
මා පෙම්බර දේවී
======================
හොඳයි නේද?
කවද හරි ඕක සින්දුවක් විදියටත් කියන්නයි ඉන්නේ. තනුව සහ සංගීත රචනය - ෂෙල්ටන් ප්‍රේමරත්න මාස්ටර්.
මාස්ටර් ගෙ තනුව අනුව එයා ඕක මෙන්න මේ විදියට වෙනස් කලා.
======================
විඩා නිවා මා හද සනසන්නී
සිතට සෙමෙර රන් පවන් සලන්නී
සදාතනික සෙනෙහස රිවි කිරණ ගෙනෙන්නී
මා පෙම්බර දේවී
මා පෙම්බර දේවී
විසිර දුවන සිත රන්දා රන්දා
හසරැලි මල් මුව බන්දා බන්දා
සඳේ සිසිල මුදු පහසින් දොවනා
මා පෙම්බර දේවී
මා පෙම්බර දේවී
ගිම්හානය නෙත දවනා දවනා
සන්තාපය හද පෙලනා පෙලනා
නැතේ මෙදින ඔබ සිටිනා හන්දා
මා පෙම්බර දේවී
මා පෙම්බර දේවී
======================
තවත් හොඳයි නේද?
-කතන්දරකාරයා
Subscribe to:
Post Comments (Atom)
කවිය නම් මරේ මරු..සින්දුව තවත් මරු... අපේ කතන්දර හරි ආදරණීය ස්වාමිපුරුශයෙක්නෙ (අද කී දෙනාටද විවාහ සංවත්සරය මතක තියෙන්නේ
ReplyDeleteකතන්දරගෙ සංවත්සරයට මගේ සුබ පැතුම්!!
කීවෙනි හනිමූන් එකද....?
ReplyDeleteඇත්ත කියහo ගොයියෝ... හාමිනේ උඹට නෙලුවා නේද...?
අනිත් ගෑනූ ගැන ලියන්නෙ... තෝ ම ගැන ලියන්නෙම නෑ නේද කියල.....
මම දැනගත්ත චූටී ටීචර් ගැන හැම තිස්සෙම පෝස්ට් දාන කොට....
කය්ය නම් මරු.... අද තොත්තු වරුසාවක්ම ලැබේවා....!!!! හොහ්... හොහ්....
@මාතලන්..
ReplyDeleteඅපොයි උඹ අපේ කාකා ව කෑවා..
යන්තම් වැඩෙ ගොඩ දාගත්තා විතරයි..
දැන් ඉතින් රෝසපාට තුවා පොට්ටනියක් දීලිවත් ෂේප් වෙනවා බොරු..
@කතන්දර...
ඔහොම යමන් අයියා..
ඔය කරගහගෙන ගියා වගේ තව ගොඩාක් දුර බැරිබර කරේ තියන් යන්න ශක්තිය, ධෛර්ය, වාසනාව සහ..
ඇන්ලීන් පිට කොන්දක් ලැඛෙවා..
ඔන්න මගෙනුත් සුබ පැතුම් !
ReplyDeleteසංසාර චාරිකාවක යනෙනා
පෙම්බර දේවිය සමගිනා
සැනසෙනු රිසිසේ සතුටිනා
සියක් ආයූත් ගෙන සොඳිනා.....
අපේ පෝරමයට ලියන්න කියල අපි ඔබට ආරාධනා කරන්ව
ReplyDeleteඅපි www.sriwow.info
ඔහොම කවි ලියනවා නම් මොනවා කරන්න බැරිද? (කවියක්වත් ලියලා හාමිනේව ෂේප් එකේ තියාගත්නෙ නැත්නම් බ්ලොග් ලියල හමාරයිනෙ, නේද?)
ReplyDeleteකතන්දරකාරයාගේත් හාමිනේගේත් විවාහ සංවත්සරයට අපේ සුභ පැතුම්.
ReplyDeleteඒක නෙමෙයි මේ කීවෙනි සංවත්සරයද ?
ඒ වගේම කතන්දර හාමිනේගේ රස කතා මොකවත් නැද්ද ? හාමිනේගෙන් අහලා එයාගේ කතන්දර ටිකකුත් දැම්මා නම් එයත් සතුටු වෙයි මේ විවාහ සංවත්සරයේ දවස්වල. අම්මපා :)
එල එල.. කයිය නම් එල...
ReplyDeleteහසිත කොල්ලො...රිදී ජුබිලිය වෙන්ටැ......
අපෙනුත් ඔන්න දෙන්නගෙ විවාහ සංවස්තරයට සුබපැතුම්.....
ReplyDeleteලස්සන පදවැලක්..!
ReplyDeleteවිවාහ සංවත්සරයටත් උණුසුම් සුබ පැතුම්!
කවිය(නාඩගම් ගීතය.) දෙවන ගීතයට වඩා අගෙයි.......
ReplyDeleteසංවත්සරයට උණුසුම් සුබ පැතුම්... (දැනුයි ලිපෙන් බෑවේ.. පිච්චෙයි )
හා පැටික්කිගෙනුත් උණුසුම් සුභ පැතුම් අයියා........!!!!
ReplyDeleteඅර හසිත අයිය කිව්වත් වගේ කතන්දර හාමිනේගේ කතාවකුත් දැම්ම නම් තමා තව හැඩ........
ආදරය සතුට පිරි නිරෝගී දිවියකට මගෙන් සුබ පැතුම්!
ReplyDeleteසංවත්සරයට සුබ පැතුම්!!
ReplyDelete[ කෝ කේක් ? ]
ම්ම්ම්... කසාදයක් රැක ගන්නවා කියන එක ලේසි නෑ නේ...? නොබැන්ද අය කෙසේ කීවත්, හෘදයංගම විවාහයක් හරියට කාලයත් එක්ක පදම් වන දිස්නය වැඩිවෙන ලී බඩුවක් වාගේ... එකිනෙකා නොරවටන... ලෝකාපවාදය හෝ දරුවන් නිසා වෙන් නොවී ඉන්න මූනිච්චාවට පවත්වාගෙන නොයන.... හැබෑම ආදරයක්... දෙන්න කොයි ලෝකයේ හිටියත් විශ්වාසය රැකෙන... එකිනෙකා ගැන තැවෙන වෙහෙසෙන....
ReplyDeleteමගේ හෘදයංගම සුබපැතුම්...
සුභ පැතුම් අයියේ....!!! චිරාත් කාලයක් අයියටයි අක්කටයි ගොඩාක් සතුටින් සමාදානයෙන් ඉන්න ලැබේවා කියලත් හදවතින්ම ප්‍රාර්ළුනා කරනවා.....!!!
ReplyDeleteBest wishes
ReplyDeleteMy Congratulations .........
ReplyDeleteකතන්දරසූරීන්ට
ReplyDeleteඕන් කසූගේ හාමිනේගේ කතා කීපයක් දාන්න කියලා කට්ටියගේ ඉල්ලීම් වැඩියි.
සුවහසක් රසික ජන මනෝරංජනය අරබයා කසූ හාමිනේගේ කතාවකුත් ඉක්මනට දාන්න වෙනවා ඕන්
ඔන්න මමත් සුබ පතන්න එකතු වෙනවා. මගේ හෘදයංගම සුබපැතුම් පිළිගන්වන ගමන්ම පුරාවිද්‍යාඥයෙකුගේ කල්පනාවලින් ඉදිරි ජීවිතය ගත කරන්න ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.
ReplyDelete-ජය
බ්ලොග් ලියනා හැටි බලලා
ReplyDeleteවෙන වැඩ නැද්දැයි අහලා
ඉලපත ගෙන අතුගාපන් කියන්නී
මා පෙම්බර දේවී
මා පෙම්බර දේවී
මගෙනුත් සුභ පැතුම්..
ReplyDeleteහ්ම්ම් හාමිනේගේ කතාවක අඩුව දැනෙනවා. මම හිතන්නෙ ඉදිරි කාලයේදී දැනගන්න ලැබේවි. මගෙනුත් සුභ පැතුම් දෙන්නටම. ඇත්තටම කීවෙනි සංවත්සරේද මේ ?
ReplyDeleteබුදු අම්මෝ සුභ පැතුම් සූ ගාල!
ReplyDeleteහැමෝටම ස්තුතියි.
කතන්දරකාරයා ගේ හැම කතන්දරයකටම හාමිනේත් ඉන්නවා.
එතුමියගෙන් අවසර නැත්තං මේ කතන්දර ලියන්න වෙලාව හොයා ගන්නෙ කොහොමද?
දරු දෙන්නෙක් එක්ක කුටුම්භයත් රැකගෙන, දවසට පැය අටක් වැඩ කරල, පැය තුන හමාරක් යන්න එන්න ගත කරන මට දවසට එක ගානේ කතා දාන්න කාලය තිබීම හාස්කමක් වගේ එකක්.
හැමෝටම මගේ ස්තුතිය.
එක් එක්කෙනාට වෙන වෙනම ලියන්න නං කාලය හොය ගන්න අමාරුයි.
කඳුළු කතා ලියන්ත් තියෙනව.
දැන් ඒ මදිවට හාමිනේ ගේ කතන්දර ලියන්නත් එපායැ?
කකා
එළ එළ කතන්දර අයියා........
ReplyDeleteඔන්න ජේ.ඩී කොලුවගෙනුත් සුභ පැතුම ඈ.....
දෙන්නටම නිදුක් නිරෝගී සුව සමගින් සුභ අනාගතයක් පතමි...........
කතන්දර හාමිනේට වැඩි වැඩියෙන් පිං ලැබේවා කතන්දර අයියට බ්ලොග්වැට පනින්ට දෙනවට :D
ඇත්තටම ඔබ කරන දේ හාස්කමක් තමයි. ඒක දන්නෙ ඒක රඟ දන්න අයයි. දිගටම ලියන්න ශක්තිය හා සහයෝගය ලැබේවා කියල පතනව. සුබ පැතුම්..! සංවත්සරයට...ජීවිතයෙ ඉදිරි ගමනට...
ReplyDeleteදුක් විදල විදල මමත් ඔන්න පටන් ගත්ත පුන්චි blog එකක්. http://tikakhinawenna.blogspot.com/
ReplyDeleteජය වේවා................. චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා.............
ReplyDeleteමගේ සුභ පැතුම් ! ඔහොම යං ! ඔහොම යං !
ReplyDeleteඅ හා......!!
ReplyDeleteමගෙ සුබපතුම්.!!
මගෙ ස්න්වත්සරයත් මෙ මසෙ... පලවෙනි එක...
කතන්දරට සුබපතුම්........!!
සැමදාම සතුට සමය රැකෙවා.....!!
කතන්දර හාමිනෙව හමූඋන හැටි කියන්න කො...
සිංහලෙන්ම ලියන්නම් ඉතින්....
ReplyDeleteකන්ග්‍රැජුලේෂන්ස්.... දෙන්නටම.
නාඩගම් සිංදු ඉතින් රඟපාල කියන්න එපැයි... ලස්සණට තියෙන්න ඇතිය හිතුනා.
කතන්දර විවාහ සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂක සහ මහ කලමනාකරු, සුභ පැතුම් එවූ සියළු දෙනාටම සැපවත් යුග දිවියක් ලැබේවා යයි ප්‍රාර්ථනය කරති.
ReplyDeleteජයෙන් ජය වේවා!
lassanai kathandare. adai dekke. thuthi bedaa gaththata. thawath digu kaalayak ohomama aadaren innath [ae kiwwe ara kurulu joduwa wage],hema avuruddakama ooka welaawata mathak wennath kiyaa pathannam. Hitha pathulenma suba pethum!
ReplyDeleteManel
kathandara me ki veni ani-ya da? mokada man bandeth oya davasemayi.
ReplyDeleteආව් ආව් ෂෝයි අය්යේ.. සුබ පැතුම් මගෙනුත්.. දැක්කෙනම් ගොඩක්ම ප්‍රමාද වෙලා ඉතිං කමක් නෑනෙ.. :)
ReplyDeleteමොකද කතන්දර මේ පරණ එකක් රිපීට් කරලා...ලියන්න වෙලාවක් නැති තරමට සංවත්සරේ සමරලා වගේ....මමත් කොමෙන්ට් නොදැම්මට මුල ඉඳන්ම කතන්දර කියවන කෙනෙක්..මතක විදියට කතන්දර නිසා තමයි බ්ලොග් කියවන්න පුරුදු වුනෙත්..
ReplyDelete@ Luckey
ReplyDeleteපරණ වෙන්නේ කොහොමද හාමිනේට තියෙන ලව් එක එන්න එන්නම අළුත් වෙනවා.
අනික වෙඩින් ඇනිවසරිය කියන එක හැම අවුරුද්දේම එනවානේ!