Showing posts with label සින්දු. Show all posts
Showing posts with label සින්දු. Show all posts

Saturday, 12 January 2013

සුනිල් ආරියරත්නටත් වැරදුණු තැනක් : නන්දා මාලනී ගේ අහවල් සින්දුවේ මූලාශ්‍රය කොතැනද? - Pushp ki abhilash


අමරදේව හින්දි චිත්‍රපටියක සින්දුවක් කොපි කරලා හදපු සිංහල ගීතය ගැන මං ලියපු කතන්දරේටම සම්බන්ධ වෙනත් කතන්දරයක් තමයි අද ලියන්න යන්නේ.

ඒ කියපු "පටු අදහස් නම් පවුරෙන්" ගීතයේ පදවැලට අදහස මහගම සේකර අරගෙන තියෙන්නේ බෙංගාලි ජාතික තාගෝර් ගේ කවියකින්. ඒ කියන්නේ මුලු සින්දුවම කොප්පෙනුත් කොප්පක්!

ඉන්දියන් කවිවල අදහස් අරගෙන අපේ ගේය පද රචකයෝ ලියපු එකම සින්දුව ඒක නොවේ.

අමරදේව ම ගයන, මහගම සේකර ම ලියපු අර සන්නාලියනේ කියන සින්දුවේ පදමාලාවට සම්පූර්ණ අදහස ම අරගෙන තියෙන්නේ ඉන්දියන් ජාතික සරෝජිනී නායිඩූ ගේ කවි පන්තියකින් බව අපි බොහෝ දෙනෙක් දන්නවා.

මෙන්න සරෝජිනී ගේ කවිය:

       Indian Weavers

Weavers, weaving at break of day,
Why do you weave a garment so gay? . . .
Blue as the wing of a halcyon wild,
We weave the robes of a new-born child.

Weavers, weaving at fall of night,
Why do you weave a garment so bright? . . .
Like the plumes of a peacock, purple and green,
We weave the marriage-veils of a queen.

Weavers, weaving solemn and still,
What do you weave in the moonlight chill? . . .
White as a feather and white as a cloud,
We weave a dead man's funeral shroud.

මෙන්න මහගම සේකර ගේ ගී පද:

       සන්නාලියනේ, සන්නාලිනේ මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී කාටද ඇඳුම වියන්නේ
මාල ගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

මාල ගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ
ඊයේ ඉපදුනු කුළුදුල් දූටයි මේ පොඩි ඇඳුම වියන්නේ

සන්නාලියනේ, සන්නාලිනේ මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා කාටද ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ
සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ
ඒ කුළුඳුල් දූ දීගෙක දෙන්නයි මංගල ඇඳුම වියන්නේ

සන්නාලියනේ, සන්නාලිනේ සීතල හඳ එලියේ
මැලවුණු මුහුණින් වෙව්ලන ඈතින් කාටද සළුව වියන්නේ
සීතල සලුව වියන්නේ
කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ
කාටද සළුව වියන්නේ

කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ
මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සළුව වියන්නේ

මෙන්න අමරදේව කියන සින්දුවේ යූ ටියුබ් ක්ලිප් එක.



මං එදා "අමරදේවත් කොප්පේ ගැහුවා එහෙනං, ඈ?" කතන්දරේ ප/ලි කොටසේ සඳහන් කරපු දෙවෙනි සින්දුව තමයි නන්දා මාලනී ගයන "උඩඟු ලියන්" කියන ගීතය.

මේ ගීතයේ පද මාලාව ලියලා තියෙන්නේ අර සීගිරි ගලෙත් කවි ලියපු ඩෝල්ටන් අල්විස්.

මෙන්න ඒ පදමාලාව.

       උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ
උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ
උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ

හිස් මිනිසුන් කුස් පුරවන සිත් පිනවන බස් දොඩවන
හිස් මිනිසුන් කුස් පුරවන සිත් පිනවන බස් දොඩවන
බොජුන් මේස මත සුවඳ හලන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ

උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ

රට වෙනුවෙන් සටනට වැද දිවි දුන් රණ විරුවෙකු ගේ අවසන් ගමනට
රට වෙනුවෙන් සටනට වැද දිවි දුන් රණ විරුවෙකු ගේ අවසන් ගමනට
යන මහ ජනතා පා දෑවිල්ලෙන්
යන මහ ජනතා පා දූවිල්ලෙන්
තැලී වෙලී සැනහී මිය යන්නෙම්
මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි

එමගට මා විසි කරන්න



දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඩෝල්ටන් අල්විස් ඒ පදමාලාවට අදහස ගත්තේ කොහෙන්ද කියන එකයි. (පොර ම ලියුවා ය කියන සීගිරි ගලේ සින්දුවට අදහස ගත්තේ කොහෙන්ද කියන එක නම් අපි අහලා තියෙනවානේ.)

සමහරු, කොටින්ම සුනිල් ආරියරත්න පවා, කියනවා මේ සින්දුවේ අදහස තාගෝර් ගේ ම කවියක් ය කියලා. මේ ගැන හොයා බලපු අය කියන්නේ ඒ කරුණ හරි නම්, ඒ කියන්නේ තාගෝර් ලියපු ගීතාංජලි කියන කවි පොතේ එන Flower කියන කවිය වෙන්න ඕනෑ.

මෙන්න ඒකේ ඉංගිරිසි පරිවර්තනය.

       Flower

Pluck this little flower and take it, delay not!
I fear lest it droop and drop into the dust.
I may not find a place in thy garland,
but honour it with a touch of
pain from thy hand and pluck it.
I fear lest the day end before I am aware,
and the time of offering go by.
Though its colour be not deep and its smell be faint,
use this flower in thy service and pluck it while there is time.

පොඩ්ඩක් නෙමේ අදහස ගොඩක්ම වෙනස් නේද?

මෙතන තමයි සුනිල් ආරියරත්න ඇතුළු අපි බොහෝ දෙනෙකුට වැරදුණු තැන.

මගේත් ඇදුරෙක් වෙන මොරගොඩ මලියසේන කවියා පොඩ්ඩක් මේ ගැන අන්තර්ජාල රිසර්ච් එකක් කරලා තියෙනවා. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන ප්‍රසිද්ධ ඉන්දියානු කවි කොනක ඉඳන් කියවලා තියෙනවා.

අන්න ඒ සමීක්‍ෂණයේ ප්‍රතිපලය තමයි මෙන්න මේ කවිය හමුවීම.

       Chah Nahin Mai SurBala Ke Gehnon Mein Guntha Jaaon.
Chah Nahin Premi Mala Mein Bindh, Pyari Ko Lalchaon.
Chah Nahin Samraton Ke Shav Par, He Hari Dala Jaaon.
Chah Nahin Devon Ke Sar Par Chadhon, Bhagya Par Itraoon.

Mujhey Tod Lena Banmali, Us Path Par Tum Dena Phaink,
Matra Bhoomi Per Sheesh Chadhaney, Jis Path Jaayen Veer Anek.

මේ "පුෂ්ප් කි අභිලාෂා" කියන කවිය ලියා ඇත්තේ නොබෙල් සාහිත්‍ය සම්මානය ලබපු තාගෝර් වගේ අපි දන්න කෙනෙක් නොවුනාට ඉන්දියාවේ ප්‍රසිද්ධ මඛන්ලාල් චතුර්වේදී හින්දි කවියායි.

මෙන්න ඒ "පුෂ්ප් කි අභිලාෂා" කවියේ ඉංගිරිසි පරිවර්තනය.

       I don't want to be a part of the necklace of the beautiful girl,
I don't want to woo the lady love,
I don't want to be spread over dead bodies,
I don't want to act snob, after someone offers me to the Gods

Just pluck me Gardner and throw me on the road,
which is taken by the brave soldiers to give away their lives for the Motherland !

පැහැදිලිවම අපිට පේනවා තාගෝර් ගේ කවිය අනුසාරයෙන් නොවෙයි මේ චතුර්වේදී ගේ "පුෂ්ප් කි අභිලාෂා" කවියෙන් තමයි ඩෝල්ටන් අල්විස් "උඬගු ලියන්" සින්දුවට අදහස අරගෙන තියෙන්නේ කියලා.

-කතන්දරකාරයා

(image: http://shamazkhan.wordpress.com/2010/12/19/nuclear-doctrine-of-pakistan-dilemmas-of-small-nuclear-force-in-the-second-atomic-age/)

Tuesday, 8 January 2013

කෙල්ලෙකු ගේ සුසුමක උණුසුමින් කොල්ලෙකු ගේ ඇස්වල කඳුළු වේලා දාන්න පුළුවනිද? - I don't know how!


අත හේදුවායින් පස්සේ වේලාගන්න පහසු කරන උණුසුම් වායුව එන උපකරණ දැකලා තියෙනවාද, ඔය හොඳ තත්වයේ වැසිකිළි ලොබිවල හයි කරළා තියෙන්නේ.

උණුසුම් වායුවෙන් ජල බින්දු වේලිලා යනවා තමයි.

ඒත්,
කෙල්ලෙකු ගේ සුසුමක උණුසුමින් කොල්ලෙකු ගේ ඇස්වල කඳුළු වේලා දාන්න පුළුවනිද?

එහෙම නැත්තම්,
කොල්ලෙකු ගේ සුසුමක උණුසුමින් කෙල්ලෙකු ගේ ඇස්වල කඳුළු වේළලා දාන්න පුළුවනිද?

මෙන්න මේ ගී පදමාලවේ ආරම්බයෙන් කියවෙන්නේ එහෙම සීන් එකක් ගැනයි.

ප්‍රතිඥා

මගේ සුසුමක උණුසුමින් ඔබෙ
නෙතේ කඳුලැළි වියලවන්නම්
ඔබේ දුක් සදහට මැකේ නම්
මගේ කඳුලින් මා හඩන්නම්

යොදුන් ගණනක් ගතින් වෙන්වී
සිතින් සැමදා ලඟින් ඉන්නම්
ඔබේ ගී පදයකට මා හද
සැලෙන රිද්මය මුසු කරන්නම්

බවේ කල පින් මදිව දෙලොවක
මෙදා අප වෙන් වෙලා සිටියට
සදා මේ බැමි අතර සිරවී
මෙලෙස අප දුක් විඳිනු කුමකට

සදා ඉඩ දෙමි ඔබට මා හද
පුදා මා ආදරේ ඔබ හට
අතීතයෙ නටඹුන් විතැත් කර
අනාගතයක් මවමු අප හෙට


සංගීතය: සංජීව පරණමාන
ගායනය: ධම්මිකා දේවසුරේන්ද්‍ර
පද රචනයඃ රසික සූරියආරච්චි

මෙන්න යූ ටියුබ් ක්ලිප් එක.

[There is an error in embedding code]

සින්දුව අහලා බලන්න.
http://www.youtube.com/watch?v=wmI6rlyv7tw

-කතන්දරකාරයා

(image: http://blog.wearebuild.com/2009/03/hand-dryers-from-around-the-world/)

Sunday, 6 January 2013

අමරදේවත් කොප්පේ ගැහුවා එහෙනං, ඈ? - Maestro Amaradeva copies a Hindi movie song!


කොප්පේ ගහපු සින්දු ගැන මං මීට කලින් කීප වතාවක් ම ලියලා තියෙනවා මතකයි නේද?

1. සුද්දෝ අපෙන් කොපි කරපු සින්දු
(http://kathandara.blogspot.com/2011/08/from-english-to-sinhala.html)

2. විට්ටර් අංකල් ගේ කොප්පේ සින්දුව හෙවත් පෙම්බර "මඩූ"
(http://kathandara.blogspot.com/2011/08/can-video-bring-this-much-anomy.html)

මේ සතියේ මූණූ පොතේ සැරිසරන වෙලේ මට මිතුරෙකු ගේ අප්ඩේට් එකක තිබිලා හම්බ වුණා මේ වගේම අමරදේව අංකල් කොප්පේ ගහපු එකකුත්.

මගේ මිතුරා සංගීතය තරමක් දන්නා කියන නැගී එන ගායකයෙක්. උත්තර භාරතීය සංගීතයටයි වැඩියෙන්ම කැමති. මොහමඩ් රාෆී ද, ගසල් ද, අරව ද මේව ද අහනවා උදේ හවා.

මෙන්න පොර බුකියේ දාලා තිබුණු යූ-ටියුබ් කලිප් එකේ ලින්ක් එක.


දර්ශන දෝ ඝණශ්‍යාම් නාත් කියන මේ සින්දුව කියන්නේ හේමන්ත් කුමාර් කියන ගායකයා මේක 1957 දී තිරගත වුණු හින්දි චිත්‍රපටියක තිබුණු සින්දුවක්.

අහලා තියෙනවා නේද මේ ටියුන් එක?

ඔව් ඒක තමයි අමරදේව (සහ සුනිල් එදිරිසිංහ) ගායනා කරන "පටු අදහස් නම් පවුරෙන්" නමැති සින්දුව.

මෙන්න අමරදේව ලා ගේ රෙන්ඩිෂන් එක.



මුලින්ම මට හිතුනේ "අයියෝ! අමරදේව අංකලුත් කොප්පේ ගහලා තියෙනවා නේද? ඉඳලා වැඩක් නෑ!" කියලයි.

නමුත් පස්සේ කල්පනා කළාම ඒකේ වැඩි අවුලක් නෑ.

මොකද ඔය "පටු අදහස් නම් පවුරෙන්" කියන පදවැලේ අදහසත් මහගම සේකර අරගෙන තියෙන්නේ බෙංගාලි ජාතික කවියෙකු වූ රබීන්ද්‍රනාත් තාගෝර් ගේ කවියකිනුයි.

මෙන්න තාගෝර් ගේ මුල් බෙංගලි කවියේ ඉංගිරිසි පරිවර්තනය.

Where the mind is without fear and the head is held high;
Where knowledge is free;
Where the world has not been broken up into fragments by narrow domestic walls;
Where words come out from the depth of truth;
Where tireless striving stretches its arms towards perfection;
Where the clear stream of reason has not lost its way into the dreary desert sand of dead habit;
Where the mind is led forward by thee into ever-widening thought and action-
Into that heaven of freedom, my Father, let my country awake

මෙන්න මහගම සේකර ගේ අනුවර්තන පදමාලාව.

පටු අදහස් නම් පවුරෙන් ලෝකය කැබැලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙළින් තබාගෙන සිටිනට හැකි කොහිදෝ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්යබයට මාගේ දේශය අවදිකරනු මැන පියාණනේ

සත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතෙන් මරුකතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ සිඳි ගීලී නොගියේ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්යගයට මාගේ දේශය අවදිකරනු මැන පියාණනේ

පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා
සදා දියුණුවන සිතිවිලි උදෙසා කම්කටයුතු උදෙසා
ඉදිරියවෙත ඔබ මා සිත යොමවා ඇත්තෙ කොතැනක දෝ
එහෙව් නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදිකරනු මැන පියාණනේ

හුහ්, අමරෙ ලා, මහගම ලා ට විතරද පුළුවන් හින්දි සින්දු කොපි කරන්න? මාත් පටන් ගන්න ඕනෑ ඔය වැඩේ!

http://kathandara.blogspot.com/2012/06/hindi-movies-and-songs.html

-කතන්දරකාරයා

ප/ලි:
ඩෝල්ටන් අල්විස් ලියපු නන්දා මාලනී ගයන "උඩඟු ලියන්" සින්දුවත්, මහගම සේකර ලියපු අමරදේව ගයන "සන්නාලියනේ" සින්දුවත් දෙකමත් මේ ආකාරයටම ඉන්දියානු කවිවල අදහස අරගෙන ලියපු ඒවා.

"සන්නාලියනේ" සින්දුවේ අදහස ආවේ කොහෙන්ද කියලා නම් හුඟ දෙනෙක් දන්නවා. ඒක සරෝජිනි නායිඩූ ගේ "වීවර්ස්" කියන කවියේ අනුවාදයක්. වීවර්ස් කියන්නේ ඇඳුම් මහන සන්නාලියන්ට නොවෙයි රෙදි වියන අයටය කියන එකත් බොහෝ දෙනෙක් දන්නා කරුණක්.

හැබැයි අර "උඩඟු ලියන්" සින්දුවේ මුල් කවිය ගැන නම් අපි වැඩි දෙනෙක් දන්නේ නෑ.

හුඟ දෙනෙක් හිතන්නේ මේකත් තාගෝර් ගේ කවියක් ඇසුරෙන් ඩෝල්ටන් අල්විස් ලිව්වාය කියලයි. කොටින්ම සුනිල් ආරියරත්න පවා (http://www.silumina.lk/punkalasa/20090830/_art.asp?fn=ar09083011) එහෙමයි හිතන්නේ.

නමුත් ඇත්ත ඊට වඩා වෙනස් බව මගේත් ගුරුවරයෙක් වෙන සංගීතයට ලැදි පුද්ගලයෙක් හොයා ගෙන තියෙනවා.

ඒ විස්තරය ලබන සතියේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවෙන්.

(image: http://roflrazzi.cheezburger.com/totallylookslike)

Wednesday, 30 November 2011

සකලදේශවාසී සියළු පුරුෂයිනි එක් වෙයව්! නෑසී යන පුරුෂභාවයේ හඬ : Calling all men - Get up, stand up!


ඇත්තටම කියනවානම්, "කාන්තාවන්ට මේ කතන්දරේ කියවන්න තහනම්!" කියලා දාන්න හිතුනත් පස්සේ හිතුණා කමක් නෑ ඕ.පු. කියවනවානම් කියවපුවාවේ කියලා.

ලංකාවේ ජනප්‍රිය වෙච්ච නාට්‍ය අතරින් දෙකක් තමයි ලුෂන් බුලත්සිංහල ගේ "තාරාවෝ ඉගිළෙති" සහ සෝමරත්න දිසානායක ගේ "මී පුර වැසියෝ".

"තාරාවෝ ඉගිළෙති" එකේ සින්දු ටික ඉතාම ජනප්‍රියයි. ඒ වගේම තමයි "මී පුර වැසියෝ" සින්දුත්. මේ නාට්‍ය දෙකෙන් එකක් වත් මං නරඹලා නෑ. හැබැයි ඉතිං නැරඹුවා වගේ තමයි. ඒකට හේතුව තමයි අයිටීඑන් සහ ජාතික රූපවාහිනී නාලිකා දෙක.

මේ නාට්‍යයන් දෙක මුලින්ම පෙන්නපු කාලේ, ඒවායේ දර්ශන සංවිධානය කරලා තිබුණා මේ රූපවාහිනී නාලිකාවල සේවක සුභ සාධක සංගම්වලට ආධාර පිණිස. මේ ලේබල් එක නිසා ඒ දවස්වල හැම දවසකටම දෙතුන් පාරක් නාට්‍යයේ සින්දු, දෙබස් කෑලි අඩංගු වෙළඳ දැන්වීම් ප්‍රචාරය වුණා.

මං හිතන්නේ සල්ලි ගෙවලා දැම්මා නම් ඒ දැන්වීම්වල වටිනාකම නාට්‍යයේ එක දර්ශනයක ගාස්තුව වගේ දා පාලොස් ගුණයක් විතර වෙන්න තිබුණා.

ඒ තරමට ඇට්ටි හැලෙන පබ්ලිසිටියක් නේ දුන්නේ.

"තාරාවෝ ඉගිලෙති" නාට්‍යයේ සින්දු ටික තමයි වැඩියෙන්ම ප්‍රසිද්ධ වුනේ.

ඒවායිනුත් නැගලාම ගියේ "සෝබාව දේ" කියන සින්දුවයි. මට මතක හැටියට මුලින්ම ඔය සින්දුව කිව්වේ යූ ආරියවිමල් සහ ගාමිණී සමරනායක සමරකෝන් කියන නළුවෝ දෙන්නා. මුලින් හිටිය නළුවෝ සමහර දෙනා අස්වුණාට පස්සේ තමයි ඔය ජැක්සන් ලා ට චාන්ස් එක ආවේ. දැන් නම් හුඟ දෙනෙකුට මතක තියෙනවා ඇත්තේ සෝබාව දේ එකේ ජැකායි, රොඩ්නි වර්ණකුලයි කියන වර්ෂන් එකයි.

ඊට අමතරව "තාරාවෝ ඉගිළෙති" එකේ සින්දුවලින් අපි අහලා තියෙන සින්දු මෙන්න.

1. මඩේ ලගින තාරාවන් නාවන්නද මං? - ගායනය මර්සි එදිරිසිංහ
2. කඩේට පලයං චෑං චූං - ගායනය රොඩ්නි වර්ණකුල
3. තට්ටු කරන්න සෙමින් - අනුලා බුලත්සිංහල
4. ඉගිලී පල කළු තාරාවා - අනුලා සහ ලූෂන් බුලත්සිංහල

ඉතිං ඒ ආකාරය ඔය කඩේ යන තාරාවෙන්ට තට්ටුවෙන අතරේ කවදාවත් රූපවාහිනියේ පෙන්නලා නැති හින්දද කොහෙද අපේ මතකයට එන්නෙම නැති සින්දුවක් ගැන කියන්නයි මේ කතාව ලිව්වේ.

මෙන්න සින්දුවේ පද මාලාව.
රචනය සහ ගායනය ලුෂන් බුලත්සිංහල
සංගීතය ගුණදාස කපුගේ (විය යුතුයි)

සූර විරුවනේ අසව්!
ගෘහ මූලිකයිනේ අසව්!!

පුරුෂ භාවයයි අපේ ආයුදේ
ඔබ නිදා වැටුණොතින් හොරු ගනී ආයුදේ
පිබිදියව් පුරුෂයින් මිහිතලේ

පුරුෂ භාවයයි අපේ ආයුදේ
ඔබ නිදා වැටුණොතින් හොරු ගනී ආයුදේ
පිබිදියව් පුරුෂයින් මිහිතලේ

පුරුෂ ශක්තියෙන් සුගන්ධ
පුෂ්පයෙන් ලොවක් තතන්න
වීදුරු නල වල සිරවී බැරි වෙතේ

පුරුෂ ශක්තියෙන් සුගන්ධ
පුෂ්පයෙන් ලොවක් තතන්න
වීදුරු නල වල සිරවී බැරි වෙතේ

නව ආරක තටු මැවෙන්න
ඉපැරණි තටු හලව් බිමට
කුරුළු වේශයෙන් නැගී යමව් අම්බරේ

නව ආරක තටු මැවෙන්න
ඉපැරණි තටු හලව් බිමට
කුරුළු වේශයෙන් නැගී යමව් අම්බරේ

ජන්මයෙන්ම ස්ත්‍රි චිත්තයේ
පුරුෂ ප්‍රතිබිම්භය පුංචි වී තියේ

ජන්මයෙන්ම ස්ත්‍රි චිත්තයේ
පුරුෂ ප්‍රතිබිම්භය පුංචි වී තියේ

මෙහෙම ඩිංග ඩිංග පුංචි වී ගියොත් අපේ බලේ
පුරුෂ ප්‍රාණියා පොළෝ තලේ නැතේ අනාගතේ

මෙහෙම ඩිංග ඩිංග පුංචි වී ගියොත් අපේ බලේ
පුරුෂ ප්‍රාණියා පොළෝ තලේ නැතේ අනාගතේ

මෙතනින් අහන්න.
http://www.infolanka.com/miyuru_gee/eee/e158.ram

මේ සින්දුව අද දවසේ දෙතුන්පාරක්ම අහපු මට හිතුනේ මේක රූපවාහිනියේ නොගියේ ස්ත්‍රීන් ගේ කුමන්ත්‍රණයක් නිසාදෝ කියලායි!

-කතන්දරකාරයා

ප/ලි:
තාරාවෝ ඉගිළෙති බලපු පින්වතෙක් ඉන්නව නං කියන්නකෝ මේ සින්දුව තියෙන ජවනිකාව ගැන විස්තරයක්. ඒ කන්ටෙස්ට් එක දැන ගත්තනම් මේ වචනවල අදහස හොඳින් තේරුම් ගන්න පුළුවන් වේවි!

නාට්‍යකාරයෙක් වෙන ආනන්දවර්ධන නම් මේ සරල ජනප්‍රිය නාට්‍ය ගැන උනන්දුවක් නැතුව ඇති.

(image: http://www.dailynews.lk/2010/04/28/art22.asp)