
අමරදේව හින්දි චිත්‍රපටියක සින්දුවක් කොපි කරලා හදපු සිංහල ගීතය ගැන මං ලියපු කතන්දරේටම සම්බන්ධ වෙනත් කතන්දරයක් තමයි අද ලියන්න යන්නේ.
ඒ කියපු "පටු අදහස් නම් පවුරෙන්" ගීතයේ පදවැලට අදහස මහගම සේකර අරගෙන තියෙන්නේ බෙංගාලි ජාතික තාගෝර් ගේ කවියකින්. ඒ කියන්නේ මුලු සින්දුවම කොප්පෙනුත් කොප්පක්!
ඉන්දියන් කවිවල අදහස් අරගෙන අපේ ගේය පද රචකයෝ ලියපු එකම සින්දුව ඒක නොවේ.
අමරදේව ම ගයන, මහගම සේකර ම ලියපු අර සන්නාලියනේ කියන සින්දුවේ පදමාලාවට සම්පූර්ණ අදහස ම අරගෙන තියෙන්නේ ඉන්දියන් ජාතික සරෝජිනී නායිඩූ ගේ කවි පන්තියකින් බව අපි බොහෝ දෙනෙක් දන්නවා.
මෙන්න සරෝජිනී ගේ කවිය:
| Indian Weavers Weavers, weaving at break of day, Why do you weave a garment so gay? . . . Blue as the wing of a halcyon wild, We weave the robes of a new-born child. Weavers, weaving at fall of night, Why do you weave a garment so bright? . . . Like the plumes of a peacock, purple and green, We weave the marriage-veils of a queen. Weavers, weaving solemn and still, What do you weave in the moonlight chill? . . . White as a feather and white as a cloud, We weave a dead man's funeral shroud. |
මෙන්න මහගම සේකර ගේ ගී පද:
| සන්නාලියනේ, සන්නාලිනේ මේ හිමිදිරි උදයේ සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී කාටද ඇඳුම වියන්නේ මාල ගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ මාල ගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ ඊයේ ඉපදුනු කුළුදුල් දූටයි මේ පොඩි ඇඳුම වියන්නේ සන්නාලියනේ, සන්නාලිනේ මේ හැන්දෑ යාමේ හැඩ වැඩ දමලා ලස්සන කරලා කාටද ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ ඒ කුළුඳුල් දූ දීගෙක දෙන්නයි මංගල ඇඳුම වියන්නේ සන්නාලියනේ, සන්නාලිනේ සීතල හඳ එලියේ මැලවුණු මුහුණින් වෙව්ලන ඈතින් කාටද සළුව වියන්නේ සීතල සලුව වියන්නේ කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ කාටද සළුව වියන්නේ කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සළුව වියන්නේ |
මෙන්න අමරදේව කියන සින්දුවේ යූ ටියුබ් ක්ලිප් එක.
මං එදා "අමරදේවත් කොප්පේ ගැහුවා එහෙනං, ඈ?" කතන්දරේ ප/ලි කොටසේ සඳහන් කරපු දෙවෙනි සින්දුව තමයි නන්දා මාලනී ගයන "උඩඟු ලියන්" කියන ගීතය.
මේ ගීතයේ පද මාලාව ලියලා තියෙන්නේ අර සීගිරි ගලෙත් කවි ලියපු ඩෝල්ටන් අල්විස්.
මෙන්න ඒ පදමාලාව.
| උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරණේ උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරණේ උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරණේ හිස් මිනිසුන් කුස් පුරවන සිත් පිනවන බස් දොඩවන හිස් මිනිසුන් කුස් පුරවන සිත් පිනවන බස් දොඩවන බොජුන් මේස මත සුවඳ හලන්නට මා පිපුනේ නැත මේ දෙරණේ උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරණේ රට වෙනුවෙන් සටනට වැද දිවි දුන් රණ විරුවෙකු ගේ අවසන් ගමනට රට වෙනුවෙන් සටනට වැද දිවි දුන් රණ විරුවෙකු ගේ අවසන් ගමනට යන මහ ජනතා පා දෑවිල්ලෙන් යන මහ ජනතා පා දූවිල්ලෙන් තැලී වෙලී සැනහී මිය යන්නෙම් මගේ පරම පැතුම එයයි මගේ පරම පැතුම එයයි මගේ පරම පැතුම එයයි එමගට මා විසි කරන්න |
දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඩෝල්ටන් අල්විස් ඒ පදමාලාවට අදහස ගත්තේ කොහෙන්ද කියන එකයි. (පොර ම ලියුවා ය කියන සීගිරි ගලේ සින්දුවට අදහස ගත්තේ කොහෙන්ද කියන එක නම් අපි අහලා තියෙනවානේ.)
සමහරු, කොටින්ම සුනිල් ආරියරත්න පවා, කියනවා මේ සින්දුවේ අදහස තාගෝර් ගේ ම කවියක් ය කියලා. මේ ගැන හොයා බලපු අය කියන්නේ ඒ කරුණ හරි නම්, ඒ කියන්නේ තාගෝර් ලියපු ගීතාංජලි කියන කවි පොතේ එන Flower කියන කවිය වෙන්න ඕනෑ.
මෙන්න ඒකේ ඉංගිරිසි පරිවර්තනය.
| Flower Pluck this little flower and take it, delay not! I fear lest it droop and drop into the dust. I may not find a place in thy garland, but honour it with a touch of pain from thy hand and pluck it. I fear lest the day end before I am aware, and the time of offering go by. Though its colour be not deep and its smell be faint, use this flower in thy service and pluck it while there is time. |
පොඩ්ඩක් නෙමේ අදහස ගොඩක්ම වෙනස් නේද?
මෙතන තමයි සුනිල් ආරියරත්න ඇතුළු අපි බොහෝ දෙනෙකුට වැරදුණු තැන.
මගේත් ඇදුරෙක් වෙන මොරගොඩ මලියසේන කවියා පොඩ්ඩක් මේ ගැන අන්තර්ජාල රිසර්ච් එකක් කරලා තියෙනවා. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන ප්‍රසිද්ධ ඉන්දියානු කවි කොනක ඉඳන් කියවලා තියෙනවා.
අන්න ඒ සමීක්‍ෂණයේ ප්‍රතිපලය තමයි මෙන්න මේ කවිය හමුවීම.
| Chah Nahin Mai SurBala Ke Gehnon Mein Guntha Jaaon. Chah Nahin Premi Mala Mein Bindh, Pyari Ko Lalchaon. Chah Nahin Samraton Ke Shav Par, He Hari Dala Jaaon. Chah Nahin Devon Ke Sar Par Chadhon, Bhagya Par Itraoon. Mujhey Tod Lena Banmali, Us Path Par Tum Dena Phaink, Matra Bhoomi Per Sheesh Chadhaney, Jis Path Jaayen Veer Anek. |
මේ "පුෂ්ප් කි අභිලාෂා" කියන කවිය ලියා ඇත්තේ නොබෙල් සාහිත්‍ය සම්මානය ලබපු තාගෝර් වගේ අපි දන්න කෙනෙක් නොවුනාට ඉන්දියාවේ ප්‍රසිද්ධ මඛන්ලාල් චතුර්වේදී හින්දි කවියායි.
මෙන්න ඒ "පුෂ්ප් කි අභිලාෂා" කවියේ ඉංගිරිසි පරිවර්තනය.
| I don't want to be a part of the necklace of the beautiful girl, I don't want to woo the lady love, I don't want to be spread over dead bodies, I don't want to act snob, after someone offers me to the Gods Just pluck me Gardner and throw me on the road, which is taken by the brave soldiers to give away their lives for the Motherland ! |
පැහැදිලිවම අපිට පේනවා තාගෝර් ගේ කවිය අනුසාරයෙන් නොවෙයි මේ චතුර්වේදී ගේ "පුෂ්ප් කි අභිලාෂා" කවියෙන් තමයි ඩෝල්ටන් අල්විස් "උඬගු ලියන්" සින්දුවට අදහස අරගෙන තියෙන්නේ කියලා.
-කතන්දරකාරයා
(image: http://shamazkhan.wordpress.com/2010/12/19/nuclear-doctrine-of-pakistan-dilemmas-of-small-nuclear-force-in-the-second-atomic-age/)


