Showing posts with label සිංහල සින්දු. Show all posts
Showing posts with label සිංහල සින්දු. Show all posts

Saturday, 12 January 2013

සුනිල් ආරියරත්නටත් වැරදුණු තැනක් : නන්දා මාලනී ගේ අහවල් සින්දුවේ මූලාශ්‍රය කොතැනද? - Pushp ki abhilash


අමරදේව හින්දි චිත්‍රපටියක සින්දුවක් කොපි කරලා හදපු සිංහල ගීතය ගැන මං ලියපු කතන්දරේටම සම්බන්ධ වෙනත් කතන්දරයක් තමයි අද ලියන්න යන්නේ.

ඒ කියපු "පටු අදහස් නම් පවුරෙන්" ගීතයේ පදවැලට අදහස මහගම සේකර අරගෙන තියෙන්නේ බෙංගාලි ජාතික තාගෝර් ගේ කවියකින්. ඒ කියන්නේ මුලු සින්දුවම කොප්පෙනුත් කොප්පක්!

ඉන්දියන් කවිවල අදහස් අරගෙන අපේ ගේය පද රචකයෝ ලියපු එකම සින්දුව ඒක නොවේ.

අමරදේව ම ගයන, මහගම සේකර ම ලියපු අර සන්නාලියනේ කියන සින්දුවේ පදමාලාවට සම්පූර්ණ අදහස ම අරගෙන තියෙන්නේ ඉන්දියන් ජාතික සරෝජිනී නායිඩූ ගේ කවි පන්තියකින් බව අපි බොහෝ දෙනෙක් දන්නවා.

මෙන්න සරෝජිනී ගේ කවිය:

       Indian Weavers

Weavers, weaving at break of day,
Why do you weave a garment so gay? . . .
Blue as the wing of a halcyon wild,
We weave the robes of a new-born child.

Weavers, weaving at fall of night,
Why do you weave a garment so bright? . . .
Like the plumes of a peacock, purple and green,
We weave the marriage-veils of a queen.

Weavers, weaving solemn and still,
What do you weave in the moonlight chill? . . .
White as a feather and white as a cloud,
We weave a dead man's funeral shroud.

මෙන්න මහගම සේකර ගේ ගී පද:

       සන්නාලියනේ, සන්නාලිනේ මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී කාටද ඇඳුම වියන්නේ
මාල ගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

මාල ගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ
ඊයේ ඉපදුනු කුළුදුල් දූටයි මේ පොඩි ඇඳුම වියන්නේ

සන්නාලියනේ, සන්නාලිනේ මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා කාටද ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ
සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ
ඒ කුළුඳුල් දූ දීගෙක දෙන්නයි මංගල ඇඳුම වියන්නේ

සන්නාලියනේ, සන්නාලිනේ සීතල හඳ එලියේ
මැලවුණු මුහුණින් වෙව්ලන ඈතින් කාටද සළුව වියන්නේ
සීතල සලුව වියන්නේ
කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ
කාටද සළුව වියන්නේ

කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ
මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සළුව වියන්නේ

මෙන්න අමරදේව කියන සින්දුවේ යූ ටියුබ් ක්ලිප් එක.



මං එදා "අමරදේවත් කොප්පේ ගැහුවා එහෙනං, ඈ?" කතන්දරේ ප/ලි කොටසේ සඳහන් කරපු දෙවෙනි සින්දුව තමයි නන්දා මාලනී ගයන "උඩඟු ලියන්" කියන ගීතය.

මේ ගීතයේ පද මාලාව ලියලා තියෙන්නේ අර සීගිරි ගලෙත් කවි ලියපු ඩෝල්ටන් අල්විස්.

මෙන්න ඒ පදමාලාව.

       උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ
උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ
උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ

හිස් මිනිසුන් කුස් පුරවන සිත් පිනවන බස් දොඩවන
හිස් මිනිසුන් කුස් පුරවන සිත් පිනවන බස් දොඩවන
බොජුන් මේස මත සුවඳ හලන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ

උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ

රට වෙනුවෙන් සටනට වැද දිවි දුන් රණ විරුවෙකු ගේ අවසන් ගමනට
රට වෙනුවෙන් සටනට වැද දිවි දුන් රණ විරුවෙකු ගේ අවසන් ගමනට
යන මහ ජනතා පා දෑවිල්ලෙන්
යන මහ ජනතා පා දූවිල්ලෙන්
තැලී වෙලී සැනහී මිය යන්නෙම්
මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි

එමගට මා විසි කරන්න



දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඩෝල්ටන් අල්විස් ඒ පදමාලාවට අදහස ගත්තේ කොහෙන්ද කියන එකයි. (පොර ම ලියුවා ය කියන සීගිරි ගලේ සින්දුවට අදහස ගත්තේ කොහෙන්ද කියන එක නම් අපි අහලා තියෙනවානේ.)

සමහරු, කොටින්ම සුනිල් ආරියරත්න පවා, කියනවා මේ සින්දුවේ අදහස තාගෝර් ගේ ම කවියක් ය කියලා. මේ ගැන හොයා බලපු අය කියන්නේ ඒ කරුණ හරි නම්, ඒ කියන්නේ තාගෝර් ලියපු ගීතාංජලි කියන කවි පොතේ එන Flower කියන කවිය වෙන්න ඕනෑ.

මෙන්න ඒකේ ඉංගිරිසි පරිවර්තනය.

       Flower

Pluck this little flower and take it, delay not!
I fear lest it droop and drop into the dust.
I may not find a place in thy garland,
but honour it with a touch of
pain from thy hand and pluck it.
I fear lest the day end before I am aware,
and the time of offering go by.
Though its colour be not deep and its smell be faint,
use this flower in thy service and pluck it while there is time.

පොඩ්ඩක් නෙමේ අදහස ගොඩක්ම වෙනස් නේද?

මෙතන තමයි සුනිල් ආරියරත්න ඇතුළු අපි බොහෝ දෙනෙකුට වැරදුණු තැන.

මගේත් ඇදුරෙක් වෙන මොරගොඩ මලියසේන කවියා පොඩ්ඩක් මේ ගැන අන්තර්ජාල රිසර්ච් එකක් කරලා තියෙනවා. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන ප්‍රසිද්ධ ඉන්දියානු කවි කොනක ඉඳන් කියවලා තියෙනවා.

අන්න ඒ සමීක්‍ෂණයේ ප්‍රතිපලය තමයි මෙන්න මේ කවිය හමුවීම.

       Chah Nahin Mai SurBala Ke Gehnon Mein Guntha Jaaon.
Chah Nahin Premi Mala Mein Bindh, Pyari Ko Lalchaon.
Chah Nahin Samraton Ke Shav Par, He Hari Dala Jaaon.
Chah Nahin Devon Ke Sar Par Chadhon, Bhagya Par Itraoon.

Mujhey Tod Lena Banmali, Us Path Par Tum Dena Phaink,
Matra Bhoomi Per Sheesh Chadhaney, Jis Path Jaayen Veer Anek.

මේ "පුෂ්ප් කි අභිලාෂා" කියන කවිය ලියා ඇත්තේ නොබෙල් සාහිත්‍ය සම්මානය ලබපු තාගෝර් වගේ අපි දන්න කෙනෙක් නොවුනාට ඉන්දියාවේ ප්‍රසිද්ධ මඛන්ලාල් චතුර්වේදී හින්දි කවියායි.

මෙන්න ඒ "පුෂ්ප් කි අභිලාෂා" කවියේ ඉංගිරිසි පරිවර්තනය.

       I don't want to be a part of the necklace of the beautiful girl,
I don't want to woo the lady love,
I don't want to be spread over dead bodies,
I don't want to act snob, after someone offers me to the Gods

Just pluck me Gardner and throw me on the road,
which is taken by the brave soldiers to give away their lives for the Motherland !

පැහැදිලිවම අපිට පේනවා තාගෝර් ගේ කවිය අනුසාරයෙන් නොවෙයි මේ චතුර්වේදී ගේ "පුෂ්ප් කි අභිලාෂා" කවියෙන් තමයි ඩෝල්ටන් අල්විස් "උඬගු ලියන්" සින්දුවට අදහස අරගෙන තියෙන්නේ කියලා.

-කතන්දරකාරයා

(image: http://shamazkhan.wordpress.com/2010/12/19/nuclear-doctrine-of-pakistan-dilemmas-of-small-nuclear-force-in-the-second-atomic-age/)

Tuesday, 8 January 2013

කෙල්ලෙකු ගේ සුසුමක උණුසුමින් කොල්ලෙකු ගේ ඇස්වල කඳුළු වේලා දාන්න පුළුවනිද? - I don't know how!


අත හේදුවායින් පස්සේ වේලාගන්න පහසු කරන උණුසුම් වායුව එන උපකරණ දැකලා තියෙනවාද, ඔය හොඳ තත්වයේ වැසිකිළි ලොබිවල හයි කරළා තියෙන්නේ.

උණුසුම් වායුවෙන් ජල බින්දු වේලිලා යනවා තමයි.

ඒත්,
කෙල්ලෙකු ගේ සුසුමක උණුසුමින් කොල්ලෙකු ගේ ඇස්වල කඳුළු වේලා දාන්න පුළුවනිද?

එහෙම නැත්තම්,
කොල්ලෙකු ගේ සුසුමක උණුසුමින් කෙල්ලෙකු ගේ ඇස්වල කඳුළු වේළලා දාන්න පුළුවනිද?

මෙන්න මේ ගී පදමාලවේ ආරම්බයෙන් කියවෙන්නේ එහෙම සීන් එකක් ගැනයි.

ප්‍රතිඥා

මගේ සුසුමක උණුසුමින් ඔබෙ
නෙතේ කඳුලැළි වියලවන්නම්
ඔබේ දුක් සදහට මැකේ නම්
මගේ කඳුලින් මා හඩන්නම්

යොදුන් ගණනක් ගතින් වෙන්වී
සිතින් සැමදා ලඟින් ඉන්නම්
ඔබේ ගී පදයකට මා හද
සැලෙන රිද්මය මුසු කරන්නම්

බවේ කල පින් මදිව දෙලොවක
මෙදා අප වෙන් වෙලා සිටියට
සදා මේ බැමි අතර සිරවී
මෙලෙස අප දුක් විඳිනු කුමකට

සදා ඉඩ දෙමි ඔබට මා හද
පුදා මා ආදරේ ඔබ හට
අතීතයෙ නටඹුන් විතැත් කර
අනාගතයක් මවමු අප හෙට


සංගීතය: සංජීව පරණමාන
ගායනය: ධම්මිකා දේවසුරේන්ද්‍ර
පද රචනයඃ රසික සූරියආරච්චි

මෙන්න යූ ටියුබ් ක්ලිප් එක.

[There is an error in embedding code]

සින්දුව අහලා බලන්න.
http://www.youtube.com/watch?v=wmI6rlyv7tw

-කතන්දරකාරයා

(image: http://blog.wearebuild.com/2009/03/hand-dryers-from-around-the-world/)

Sunday, 6 January 2013

අමරදේවත් කොප්පේ ගැහුවා එහෙනං, ඈ? - Maestro Amaradeva copies a Hindi movie song!


කොප්පේ ගහපු සින්දු ගැන මං මීට කලින් කීප වතාවක් ම ලියලා තියෙනවා මතකයි නේද?

1. සුද්දෝ අපෙන් කොපි කරපු සින්දු
(http://kathandara.blogspot.com/2011/08/from-english-to-sinhala.html)

2. විට්ටර් අංකල් ගේ කොප්පේ සින්දුව හෙවත් පෙම්බර "මඩූ"
(http://kathandara.blogspot.com/2011/08/can-video-bring-this-much-anomy.html)

මේ සතියේ මූණූ පොතේ සැරිසරන වෙලේ මට මිතුරෙකු ගේ අප්ඩේට් එකක තිබිලා හම්බ වුණා මේ වගේම අමරදේව අංකල් කොප්පේ ගහපු එකකුත්.

මගේ මිතුරා සංගීතය තරමක් දන්නා කියන නැගී එන ගායකයෙක්. උත්තර භාරතීය සංගීතයටයි වැඩියෙන්ම කැමති. මොහමඩ් රාෆී ද, ගසල් ද, අරව ද මේව ද අහනවා උදේ හවා.

මෙන්න පොර බුකියේ දාලා තිබුණු යූ-ටියුබ් කලිප් එකේ ලින්ක් එක.


දර්ශන දෝ ඝණශ්‍යාම් නාත් කියන මේ සින්දුව කියන්නේ හේමන්ත් කුමාර් කියන ගායකයා මේක 1957 දී තිරගත වුණු හින්දි චිත්‍රපටියක තිබුණු සින්දුවක්.

අහලා තියෙනවා නේද මේ ටියුන් එක?

ඔව් ඒක තමයි අමරදේව (සහ සුනිල් එදිරිසිංහ) ගායනා කරන "පටු අදහස් නම් පවුරෙන්" නමැති සින්දුව.

මෙන්න අමරදේව ලා ගේ රෙන්ඩිෂන් එක.



මුලින්ම මට හිතුනේ "අයියෝ! අමරදේව අංකලුත් කොප්පේ ගහලා තියෙනවා නේද? ඉඳලා වැඩක් නෑ!" කියලයි.

නමුත් පස්සේ කල්පනා කළාම ඒකේ වැඩි අවුලක් නෑ.

මොකද ඔය "පටු අදහස් නම් පවුරෙන්" කියන පදවැලේ අදහසත් මහගම සේකර අරගෙන තියෙන්නේ බෙංගාලි ජාතික කවියෙකු වූ රබීන්ද්‍රනාත් තාගෝර් ගේ කවියකිනුයි.

මෙන්න තාගෝර් ගේ මුල් බෙංගලි කවියේ ඉංගිරිසි පරිවර්තනය.

Where the mind is without fear and the head is held high;
Where knowledge is free;
Where the world has not been broken up into fragments by narrow domestic walls;
Where words come out from the depth of truth;
Where tireless striving stretches its arms towards perfection;
Where the clear stream of reason has not lost its way into the dreary desert sand of dead habit;
Where the mind is led forward by thee into ever-widening thought and action-
Into that heaven of freedom, my Father, let my country awake

මෙන්න මහගම සේකර ගේ අනුවර්තන පදමාලාව.

පටු අදහස් නම් පවුරෙන් ලෝකය කැබැලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙළින් තබාගෙන සිටිනට හැකි කොහිදෝ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්යබයට මාගේ දේශය අවදිකරනු මැන පියාණනේ

සත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතෙන් මරුකතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ සිඳි ගීලී නොගියේ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්යගයට මාගේ දේශය අවදිකරනු මැන පියාණනේ

පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා
සදා දියුණුවන සිතිවිලි උදෙසා කම්කටයුතු උදෙසා
ඉදිරියවෙත ඔබ මා සිත යොමවා ඇත්තෙ කොතැනක දෝ
එහෙව් නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදිකරනු මැන පියාණනේ

හුහ්, අමරෙ ලා, මහගම ලා ට විතරද පුළුවන් හින්දි සින්දු කොපි කරන්න? මාත් පටන් ගන්න ඕනෑ ඔය වැඩේ!

http://kathandara.blogspot.com/2012/06/hindi-movies-and-songs.html

-කතන්දරකාරයා

ප/ලි:
ඩෝල්ටන් අල්විස් ලියපු නන්දා මාලනී ගයන "උඩඟු ලියන්" සින්දුවත්, මහගම සේකර ලියපු අමරදේව ගයන "සන්නාලියනේ" සින්දුවත් දෙකමත් මේ ආකාරයටම ඉන්දියානු කවිවල අදහස අරගෙන ලියපු ඒවා.

"සන්නාලියනේ" සින්දුවේ අදහස ආවේ කොහෙන්ද කියලා නම් හුඟ දෙනෙක් දන්නවා. ඒක සරෝජිනි නායිඩූ ගේ "වීවර්ස්" කියන කවියේ අනුවාදයක්. වීවර්ස් කියන්නේ ඇඳුම් මහන සන්නාලියන්ට නොවෙයි රෙදි වියන අයටය කියන එකත් බොහෝ දෙනෙක් දන්නා කරුණක්.

හැබැයි අර "උඩඟු ලියන්" සින්දුවේ මුල් කවිය ගැන නම් අපි වැඩි දෙනෙක් දන්නේ නෑ.

හුඟ දෙනෙක් හිතන්නේ මේකත් තාගෝර් ගේ කවියක් ඇසුරෙන් ඩෝල්ටන් අල්විස් ලිව්වාය කියලයි. කොටින්ම සුනිල් ආරියරත්න පවා (http://www.silumina.lk/punkalasa/20090830/_art.asp?fn=ar09083011) එහෙමයි හිතන්නේ.

නමුත් ඇත්ත ඊට වඩා වෙනස් බව මගේත් ගුරුවරයෙක් වෙන සංගීතයට ලැදි පුද්ගලයෙක් හොයා ගෙන තියෙනවා.

ඒ විස්තරය ලබන සතියේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවෙන්.

(image: http://roflrazzi.cheezburger.com/totallylookslike)

Sunday, 16 December 2012

පේරාදෙනිය ඉංජිනේරු පීඨයෙන් ආ ගායකයෙක් - A singer from Peradeniya Engineering Faculty


මං 1992 දී විතර එක දවසක් කොළඹ ඉඳලා බස් එකක නැගිලා පේරාදෙනියේ ගියා.

ඒ දවස්වල බස්වල දාන්නේ එස්එල්බීසී එකේ වෙළඳ සේවයයි. හරියටම බස් එක කඩුගන්නාව නැගලා ඉවර වුනා විතරයි කැසට් කඩේකින් දාපු සින්දු ගැන වෙළඳ වැඩසටහනක් පටන් ගත්තා. ඒකේ ගිය සින්දු දෙකක් මගේ හිත ගත්තා.

මේ සින්දු කිව්වේ "සමන් ජයනාත් ජිනදාස" කියන මුල් නම් තුනක් තියෙන ගායකයා. පොර පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත්තු එකෙක්.

එදා රේඩියෝ එකෙන් මං අහපු සින්දු දෙකෙන් එකක් ආපහු අහන්න ලැබුනේ 1997 දී විතර රූපවාහිනියෙන් නැටුම් සහිත ක්ලිප් එකකුත් එක්ක.

ඉතිං මං හොයලා හොයලා සල්ලි, සල්ලි කියලා බලන්නේ නැතුව ඒ කැසට් එකක් ගත්තා. කැසට් එකේ නම "අනුත්තරා". මං කැමති වුණු සින්දු දෙකට අමතරව තව සින්දු දහයක් විතර තිබුණා මං හිතන්නේ ඒ කැසට් එකේ.

පස්සේ සමන් ජයනාත් ජිනදාස ගේ "සඳ පහන් රැයෙක" කියලා සීඩී එකකුත් මාකට් එකට ආවා. ඒකේ අර මං කැමති සින්දු දෙකත් නැවත අඩංගු කරලා තිබුණා.

මෙන්න එයින් එකක්.

ගී පද - සුදත් ගාමිණී බංඩාර
ගී තනුව - ආනන්ද පෙරේරා

තුමුල නමුණුකුල ගිරි හිස
උදුල සඳ මඩල දුටු නෙත රැවටුණා තමයි
කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා?
මුහුණ රතුවෙලා දෙනෙතින් කඳුළු පණින තුරු එළියට
ඔහොම හිනාවෙන කොට උඹ ලස්සනයි උමා

නුඹේ වත මඩළ සඟවා මුවාවෙන ලෙසින් අතුරණ
සීත පිණි නිසා තිලකය පාළුවෙයි උමා
සීත මීදුමේ තිරපට වළලු ලු අතින් ඉවතට
ඈත් කර හොරෙන් හෙමිහිට බලාපන් උමා

තුමුල නමුණුකුල ගිරි හිස
උදුල සඳ මඩල දුටු නෙත රැවටුණා තමයි
කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා?
මුහුණ රතුවෙලා දෙනෙතින් කඳුළු පණින තුරු එළියට
ඔහොම හිනාවෙන කොට උඹ ලස්සනයි උමා

කන්ද උඩ රුවින් දිදුලන කන්ද කදිර දේවාලය
අපට පිහිට වෙයි කියලා හිතෙනවද උමා
අප වචා නැගෙන උවදුරු ඈත් වී නොබෝ කලකින්
පිච්ච මල් සුවඳ විතරක් ඉතිරිවෙයි උමා

තුමුල නමුණුකුල ගිරි හිස
උදුල සඳ මඩල දුටු නෙත රැවටුණා තමයි
කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා?
මුහුණ රතුවෙලා දෙනෙතින් කඳුළු පණින තුරු එළියට
ඔහොම හිනාවෙන කොට උඹ ලස්සනයි උමා


මෙන්න යූ ටියුබ් ක්ලිප් එක.



මං කැමති වුණු සමන් ජයනාත් ජිනදාස ගේ අනිත් සින්දුව තමයි මෙන්න මේක.

පද රචනය - නිලාර් කාසිම්
තනුව - (සීඩී එකේ කේස් එක සොයගත් විගස දාන්නම්)

සලාම් කියා ගෙන ගෙට එන
යසෝ ගී මැදින් සුජනන
ස්නේහයෙන් හදට වඩින තාරකාවියේ
පර්දාවක සැඟව සිටින තාරකාවියේ

සලාම් කියා ගෙන ගෙට එන
යසෝ ගී මැදින් සුජනන
ස්නේහයෙන් හදට වඩින තාරකාවියේ
පර්දාවක සැඟව සිටින තාරකාවියේ

වලාකුලුවලින් සළු ඇඳ සදා තනි රකී අඩ සඳ
ස්වර්ග ද්වාරයේ පැතු මිණ තාරකාවියේ
වලාකුලු වලින් සළු ඇඳ සදා තනි රකී අඩ සඳ
හිනාවෙන්න මතක නැතිද තාරකාවියේ

සලාම් කියා ගෙන ගෙට එන
යසෝ ගී මැදින් සුජනන
ස්නේහයෙන් හදට වඩින තාරකාවියේ
පර්දාවක සැඟව සිටින තාරකාවියේ

කුරාණයේ අක්‍ෂර පද ඔබේ නෙතට හමු නොවීද
දුක්ඛතාපයේ සරණා තාරකාවියේ
කුරාණයේ අක්‍ෂර පද ඔබේ නෙතට හමු නොවීද
දුක්ඛතාපයේ සරණා තාරකාවියේ
පහන් තරුව සොයා යමුද තාරකාවියේ

සලාම් කියාගෙන ගෙට එන
යසෝ ගී මැදින් සුජනන
ස්නේහයෙන් හදට වඩින තාරකාවියේ
පර්දාවක සැඟව සිටින තාරකාවියේ


මෙන්න යු ටියුබ් ක්ලිප් එක.



සමන් ජයනාත් ජිනදාසට අමතරව පේරාදෙනියේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත්තු ගායිකාවකුත් ඉන්නවා.

ඒ තමයි "ධම්මිකා දේවසුරේන්ද්‍ර".

මෙන්න ධම්මිකා ගේ "ඉස්සර දවසක" සීඩී එකේ එකේ ටයිටල් සෝන්ග් එක ගැන කතන්දර පෝස්ට් එක.

http://kathandara.blogspot.com/2010/09/blog-post_13.html

-කතන්දරකාරයා

ප/ලි:
පේරාදෙනිය ඉංජිනේරු පීඨයේ උගත් මේ ගායකයා සහ ගායිකාව කියන යුග ගීතයකුත් තියෙනවා.

මං ඒ ගැන ලබන ඉරිදා සන්ඩේ ඉස්පැෂල් ඇක්ස්ට්‍රා එකෙන් ලියන්නම්.

(image: http://www.rivira.lk/sunday/rivi-sarasi/item/1233-%C3%B9%C3%BDy%E2%80%B9-r%E2%80%B9f%C2%A7-10.html)

Sunday, 9 December 2012

සිංහල බ්ලොග් ලෝකය ගැන ලියවුණු පැරණි ගීතය - A song from yesteryear about Sinhala Blogsphere


මේ ලඟදී දවසක අපි පොඩි ට්‍රිපක් ගියා.

අපි හැම පඩියෙන්ම සල්ලි දීලා බලා කියා ගන්න පවුල් කීපයක් ඉන්නවා ඔය මහ පාර්ලිමේන්තුව තියෙන හරියේ. එයින් කීප දෙනෙක්ව හමුවෙලා කතා බහ කරලා එන්නයි මේ ගමන සූදානම් වුනේ.

පොඩි ට්‍රිපක් කිව්වේ මායි, අපේ අම්මයි, පුතු පැටියයි විතරයි ගමනට සෙට් වුනේ. හාමිනේටයි, දූ කුමාරිටයි වෙන වැඩ යෙදිලා තිබුණා.

නැග්ග ගමන්ම මං දා ගත්තා සින්දුවක් අහන්න සීඩි එකක්. මේකේ තිබුණේ හොඳ පැරණි ගී කලෙක්ෂොන් එකක්.

ඔන්න බොලේ දෙවෙනි සින්දුව බාගෙට අහගෙන ඉන්න කොට මට එක පාරටම කල්පනා වුණා, මේක නං අපේ සිංහල බ්ලොග් අවකාශය ගැනම කියපු සින්දුවක් නේද කියලා. ඉතිං අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවක් විදියට ඒ ගැන කෙටියෙන් ලියන්න හිතුණා.

මෙන්න සින්දුවේ පද.

සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා මහ උයනක සිරි ඉතිරේ
මුව රැළ අතරේ වග වලසුන් ගේ රඟ මඩලකි මේ උයනේ

නීල කොබෝ, රෑන ගිරා, පිල් විහිදා රඟනා මොනරා
නීල කොබෝ, රෑන ගිරා, පිල් විහිදා රඟනා මොනරා
කට ඇඳ කිරලා සහ වලිකුකුළා, හොට දිග පිළිහුඩුවා
කට ඇඳ කිරලා සහ වලිකුකුළා, හොට දිග පිළිහුඩුවා
අප දැකලා, බිය වැදිලා, තරගෙට හඬ නැගුවා

සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා මහ උයනක සිරි ඉතිරේ
මුව රැළ අතරේ වග වලසුන් ගේ රඟ මඩලකි මේ උයනේ

කොළ දිවියා, රළු කොටියා, කපටි රජා නම් ලද හිවලා
කොළ දිවියා, රළු කොටියා, කපටි රජා නම් ලද හිවලා
විසකුරු පොළඟා, මිනිකන කිඹුලා, පොතුහැර කබරගොයා
විසකුරු පොළඟා, මිනිකන කිඹුලා, පොතුහැර කබරගොයා
රට පිඹුරා ළඟම නයා දරණ ගසා සිටියා

සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා මහ උයනක සිරි ඉතිරේ
මුව රැළ අතරේ වග වලසුන්ගේ රඟ මඩලකි මේ උයනේ

මෙතනින් අහන්න.

(http://youtu.be/jrzIXUElpyU)

බලන්න දශක ගණනාවකට කලින් හිටි සීටි ප්‍රනාන්දු ට (සහය ගායිකාව ලතා වල්පොල) මේ සින්දුව ලියපු සිරිසේන විමලවීර සිංහල බ්ලොග් අවකාශය ගැන අපූරුවට දැනගෙන ඉඳලා තියෙන හැටි.

මට තේරෙන විදියට මුල හරියේ තියෙන්නේ [සැළලිහිණි, කොවුල්, මුව රැළ, නීල කොබෝ, රෑන ගිරා, මොනරා, කිරලා, වලිකුකුළා, පිළිහුඩුවා] අපි දන්න කියන අය ගැනයි. හොඳ ඇනෝනිමස් ලා ත් එතන ඉන්නවා වගේ!

අන්තිම හරියේ කියවෙන්නේ [දිවියා, කොටියා, හිවලා, පොළඟා, කිඹුලා, කබරගොයා, පිඹුරා, නයා] නෝටි ඇනෝනිමස් කමෙන්ට්කරුවන් ගැනයි!

-කතන්දරකාරයා

ප/ලි:
තුන්වන පාර්ශවයන්ට අපහාස වෙන ආකාරයේ කමෙන්ට්ස් බාර නොගන්නා කරුණාවෙන් බව සලකන්න.


(image: http://depositphotos.com/7945063/stock-illustration-Seamless-pattern-with-cute-animals.html)

Monday, 3 December 2012

මේක විට්ටර් අංකල් ගේ අන්තිම ලාස්ට් සීඩී එකද? - Victor Ratnayake's Nil Kandu Yaye


විට්ටර් අංකල් කියන්නේ එසේ මෙසේ පොරක් නොවෙයි. අපි පොඩි කාලේ ඉඳලාම සින්දු කියපු පොරක් නේ. මන්ද්‍ර සා එකේ ඉඳලා උච්ඡ සා එක එනකම්ම විතරක් නොවෙයි කෝමල ගා වුනත් හොම්බෙන් යන්න කියන්න පුළුවනි අංකල්ට.

මෙන්න විට්ටර් අංකල් ගේ මං කැමතිම "ලෝකෙට පරකාසේ" ටොප් ෆයිව් සින්දු ටික.

1. දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ
2. ආදරයේ උල්පත වූ අම්මා
3. බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
4. අපි ඔක්කොම රජවරු
5. මෝහෙන් මුලා වෙලා

මෙන්න විට්ටර් අංකල් ගේ මං ඇත්තටම කැමති "ගෙදරට මරගාතේ" ටොප් ෆයිව් සින්දු ටික.

1. හිත මිතුරු සුලඟ
2. සිසිල් සුලං රැල්ලේ
3. මුදු පරම සුපිරිසිදු ආදරයේ
4. පොඩි කුමාරිහාමියේ
5. පෙම්බර මධූ මගේ

විට්ටර් අංකල් පහුගිය දා අන්තිම සා එකත් කරළා පෙන්ෂන් ගිය බව දන්නවනේ කෂ්ටිය. නාවින්නෙන් කඩුවෙල පැත්තට යනවා කියලාත් පත්තරේකට කියලා තිබුණා.

ඔය සේරම ලිව්වේ මේක කියන්නයි.

මේ ලඟදී මට ලැබුණා විට්ටර් අංකල් ගේ අළුත්ම අළුත් සීඩී එක.

මේකේ නම නිල් කඳු යාය

මෙන්න සීඩී එකේ කවරේ.



සින්දු පරණ ඒවා. නමුත් ඒ සේරම අළුතින් රෙකෝර්ඩ් කරලා මුල්වරට තමයි සීඩී එකකට ගහලා තියෙන්නේ.



සීඩී එකක් රුපියල් 500 යි.

පේරාදෙනියේ ඉංජිනේරු පීඨ විද්‍යාර්ථීන් ගේ සංගමයේ සුබසාධක වැඩවලට මුදල් හොයන්න තමයි මේ සීඩී එක නිෂ්පාදනය කරළා තියෙන්නේ.

-කතන්දරකාරයා

ප/ලි:
විට්ටර් අංකල් ගේ මේ සීඩී එක පේරාදෙනිය ඉංජිනේරු පීඨයේ විද්‍යාර්ථීන් ගේ සංගමයේ කාර්යාලයෙන් ලබා ගත හැකි බව දන්වමි.

Saturday, 4 August 2012

ලයික් සහ ලොල්-කතන්දර කීපයක් ඉතා කෙටියෙන් - From LIKE to LoL


අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාව විදියට පරණ කතන්දර කීපයක්ම ඉතාමත් සංක්‍ෂිප්තව කෙටියෙන් දාන්නයි යන්නේ. වැඩි විස්තර නෑ.

මෙන්න බඩුව.



ඉස්සර නං ඕකට මං පස්ට ලයික්. ජීවිතේ එක පාරක් නොවෙයි දෙතුන් පාරක්ම.

දැන් නං ඉතිං ඇහෙනකොටත් ලොලේ ලොල්.

ඒ මොනවා වුනත් මෙන්න ගී පද.

ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැඟුම් නෑ එදා මෙන් නැගෙන්නේ
සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ නිල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ
ඔබේ පෙම් වදන් නෑ

මෙමා මුණ ගැහීමත් විඩාවක් වගේ දෝ
මෙමා හා දෙඩීමත් විඩාවක් වුනේ දෝ
දිනක් නුදුටුවොත් මා එදා ඔබ හැඬූයේ
අදයි ඔබව කලකින් පසු මා දුටූවේ
දිනක් නුදුටුවොත් මා එදා ඔබ හැඬූවේ
අදයි ඔබව කලකින් පසු මා දුටූයේ
ඔබේ පෙම් වදන් නෑ

හිතේ නැද්ද ඔබ ගේ මෙමා ගැන කතාවක්
ඔබේ මුළු හදින් පෙම් කළා මට වතාවක්
දිනක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්
දිනක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්

ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැඟුම් නෑ එදා මෙන් නැගෙන්නේ
සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ නිල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ
ඔබේ පෙම් වදන් නෑ

දැන් ඒ සින්දුව ඇහෙනකොටත් ලොලේ ලොල් මොකද දන්නවාද?

ඒ සින්දුව කියපු ජෝතිපාලමනේ මෙන්න මේ සින්දුවත් කියන්නේ.



මෙන්න ඒකේ සම්පූර්ණ පදමාලාව

බඹර වගේ ඇත තවම විසේ
බඹර වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්කි නැතේ
සල්ලි නැතේ මට විස්කි නැතේ
බඹර වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්කි නැතේ
සල්ලි නැතේ මට විස්කි නැතේ

යහළු වෙලා හිටි අය නැතේ
වැටී ගියත් අප එකා වගේ
යහළු වෙලා හිටි අය නැතේ
වැටී ගියත් අප එකා වගේ
ගල් මුල් ආවත් බය නෑ බය නෑ
ගල් මුල් ආවත් බය නෑ බය නෑ
අපට හිතට දුක නෑ

බඹර වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්කි නැතේ
සල්ලි නැතේ මට විස්කි නැතේ

පැතුම් සැබෑවන ජීවිතේ
අළුත් දසුන් නව ලොවෙන් මැවේ
පැතුම් සැබෑවන ජීවිතේ
අළුත් දසුන් නව ලොවෙන් මැවේ
මා යන ගමනේ බැමි නෑ බැඳුනේ
මා යන ගමනේ බැමි නෑ බැඳුනේ
ගිමන් පවස නොදැනේ

බඹර වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්කි නැතේ
සල්ලි නැතේ මට විස්කි නැතේ

-කතන්දරකාරයා

ප/ලි:
ආහ්, අමතක වුනා, ලයික්, ලොල් විතරක් නෙමෙයි ඇයි බිපෙසි?

මේ ලයික්, ලොල්, බිපෙසි කතා අර සාමා ළමයා නං දන්නේම නෑ.

Saturday, 28 July 2012

ඉරිදා බඩු මෙන්න සෙනසුරාදාම - Sunday come early!


මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක සින්දුවක් ගැනයි.

මං ගිය ඉරිදා ලියපු "පැරණි රසාංගයක්, නව රිද්ම වෙලා අවුල්වෙලා යනවා" වගේ කේස් එකක් තමයි මේකෙනුත් කියවෙන්නේ.

මෙන්න පද මාලාව.

       මලක් සේ සුමුදු ඔබ හද
ගලක් සේ රළුව ඇයි අද
කඳුළු විල මැද තනිවෙලා මා තනිවෙලා

පෙර භවේ පවෙන් මිදෙනට
මට වරම් ලැබේවිද හෙට
කඳුළු විල මැද තනිවෙලා මා තනිවෙලා

මේ ලෙසින් දුකෙන් තැවෙනට //
සිතුවෙ නෑ සිතුවෙ නෑ
ඔබ මෙසේ වෙනස් වේ යැයි
සිතුවෙ නෑ සිතුවෙ නෑ

මලක් සේ සුමුදු ඔබ හද
ගලක් සේ රළුව ඇයි අද
කඳුළු විල මැද තනිවෙලා මා තනිවෙලා

පෙර එදා සතුටු සුව යලි //
එන්නෙ නෑ එන්නෙ නෑ
අප සදා යලිත් හමුවෙද
දන්නෙ නෑ දන්නෙ නෑ

මලක් සේ සුමුදු ඔබ හද
ගලක් සේ රළුව ඇයි අද
කඳුළු විල මැද තනිවෙලා මා තනිවෙලා

පෙර භවේ පවෙන් මිදෙනට
මට වරම් ලැබේවිද හෙට
කඳුළු විල මැද තනිවෙලා මා තනිවෙලා

මෙන්න සින්දුවේ යූ ටියුබ් ක්ලිප් එක. තනුව, සංගීත නිරමාණය සහ ගායනය හේමාල් ජයවික්‍රම.



මේ වීඩියෝ ක්ලිප් එකේ තියෙන්නේ නං එක එක තැන්වලින් අහුලා ගත්තු කෑලි, හැබැයි නියමෙට ගලපලා තියෙනවා කියලයි මට හිතෙන්නේ.


ඊයේ මේ බ්ලොග් එක බලපු අය දන්න විදියට මං සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක හෙනහුරාදාම දැම්මා. ඒ ගැන ලියපු ඉන්ට්‍රොඩක්ටරි පට්ටන්දරය තමයි මේ පහලින් දාලා තියෙන්නේ.


ඉරිදා පත්තරේ කියන්නේ සිංහල පත්තරවල හොඳම එකනේ.

අපි පොඩි කාලේ සිළුමිණ සහ සූත්තර පුංචා, ඊලඟට දිවයින සහ ජනක රත්නායක ගේ චිත්‍රකතාව, පස්සේ ඉරිදා ලංකාදීප, ලක්බිම ඉරිදා සංග්‍රහය හෙමත් නැගලා ගියා.

ඒ එක්කම තිබුණු රාවය සහ යුක්තිය කියන ටැබ්ලොයිඩ් ප්‍රමාණයෙ විකල්ප පත්තරත් ආවේ ඉරිදාටයි.

හැබැයි ටික කාලයකින්ම ඒවා සෙනසුරාදා එන්න පටන් ගත්තා. කොළඹ හෙම නං ඉතිං සිකුරාදාත් තිබුණා. ඉරිදා පත්තර සේරමත් සෙනසුරාදා වෙන කොට බොරැල්ලේ විකුණනවා.

ඕකෙන් මේකෙන් වුනේ "ඉරිදා පත්තරේ" කියන නමේ තේරුම නැතුව ගියා.

"අදවෙයි ඉරු දින, ඇය හමුවේවිද?" කියන සින්දුව අහලා තියෙනවා නේද, අනිල් බාරතී කියන. ඒකේ තියෙන්නේත් ඉරිදා ට වෙන සොඳුරු හමුවක් ගැනයි. සින්දුව අවසාන වෙන්නේත් ලබන ඉරිදා ගැන සිතමිණුයි.

ඔය සේරම ලිව්වේ මේක කියන්නයි.

මං හිතුවා මං දැන් සාර්ථක දෙවන වසරේ කරගෙන යන සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක අද සෙනසුරාදාම පල කරන්න.


-කතන්දරකාරයා

ප/ලි:
සින්දුව ගැන මොකද හිතෙන්නේ?

(image: http://weblogg-ed.com/2007/the-so-unexpected-present/)

Sunday, 29 April 2012

එක අදහසක්, කවි දෙකක් සහ සින්දු දෙකක් - One seed and two fruits


දැන් අවුරුදු දහයකටත් එහා කාලෙක මං දවසක් කවි කීපයක් කුරුටු ගෑවා. ටිකක් පද ගැලපිලා එනකොට මේක නිකං සින්දුවක පදවැලක් වගේ සෙට් වෙලා ආවා.

ඔහොම තවත් කාලයක් ගියාට පස්සේ මං අතින් ඔයවගේ සින්දු අච්චුවේ කවි දහයක් දෙලහක් විතර ලියවුණාය කියමුකෝ. ඒ දවස්වල ඊ-කොමර්ස් වගේ කතා නැගලා යන හින්දා මට හිතුණා මේ රචනා ටික වෙබ් එකේ දැම්මොත් නවක ගායක ගායිකා කෂ්ටියගෙන් පොඩි පහේ ඉල්ලුමක් එන්න ඉඩ තියෙනවා නේද කියලා.

මගේ පලමු බ්ලොග් එක බිහිවුනේ ඒ විදියටයි.

ඒ මුල්ම ගීතයේ පදවැල මෙන්න මෙහෙමයි ලියවුනේ.

ඉස්සර දවසක
ලස්සන සවසක
අත්වැල් බැඳ ගෙන අප දෙන්නා
මහවැලි ඉවුරේ
නන්දන උයනේ
මතකයි හෙමිහිට පිය මැන්නා

හන්තානේ කඳු
පිසගෙන සුසිනිඳු
සීතල පිණි පොද හමාගියා
සිත සන්සුන් කල
හද කුල්මත් කල
සුන්දර ගී හඬ ගලා ගියා

නාදළු පහසක
මල් පෙති රහසක
රස පිරි සමයයි ගෙවී ගියේ
කොළොම් පුරවරේ
ගිනිදැල් අතරේ
තාමත් ඒ සුව මතක තියේ


ඔය පදමාලාව මගේ අහවල් බ්ලොග් එකේ තියෙනවා දැකලා ඒකට හිත ගිය පේරාදෙනියේ ඊ-ෆැක් එකේ හිටපු ශිෂ්‍යාවක් වන ධම්මිකා දේවසුරේන්ද්‍ර දැන් අවුරුද්දකට විතර කලින් ඒක ගායනා කළ බව මං කලින් කියලා තියෙනවානේ.

ඔය සින්දුව හැදෙන අතරේ ඉතාලියේ ඉඳලා ලාංකිකයෙක් මගෙන් ඔය සින්දුව කියන්න අවසර ඉල්ලලා ඊ-මේල් එකක් එව්වා.

පොර කාලෙකට කලින් පේරාදෙනිය, කටුගස්තොට පලාත්වල වැඩ කරලා තියෙන හින්දා තමයි මේ පදමාලාවට කැමතිවෙලා තිබුනේ.

එකම පදමාලාවක් සින්දු දෙකකට දෙන සිරිතක් නෑනේ. ඉතිං මං කළේ, ඒ අදහසම මෙන්න මේ විදියට වෙනස් වචනවලින් ලියලා ඉතාලියේ හිටපු ලෝලිත විජේසිංහට යවපු එකයි.

මතකයි මට තව ඉස්සර දවසක
මහවැලි ඉවුරේ අපි දෙන්නා
ආසිරි මල් සිරිපොද වැසි මැද්දේ
අත්වැල් බැඳගෙන පියමැන්නා

හන්තානේ සෙවනැලි සිපගෙන ආ
සීතල මදනල හමන වෙලේ
මතකයි තුරුලුව උණුසුම් වූ හැටි
මැයි ගස් සෙවනේ හවස් කලේ

දුරු රට සීතල හිම කැටි අතරේ
ගත උණුසුම අද ඇතිය සිඳී
සොඳුරු මතකයේ පාළුව විතරයි
හදවත උණුසුම නැතිය රැඳී


මෙන්න ලෝලිත තමන්ම සංගීත නිර්මාණය කරලා ගයපු ගීතයේ ඇම් පී ත්‍රී එකක්. මෙතනින් අහන්න.


මෙතනින් බාගන්න.
http://www.divshare.com/download/17533084-238

අද මේ සින්දු දෙකම අහපු මට හිතුනේ එකම සිතක ඉපදුණු එකම අදහසකින් කොච්චර වෙනස් ප්‍රථිපල දෙකක් ලැබෙන්න පුළුවන්ද කියන එකයි.

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට මේ ගැන ලියන්නේ ඒ ඇතිවුණු හැඟීම ඔහේලාත් එක්ක බෙදාගන්නයි.

-කතන්දරකාරයා

ප/ලි:
ධම්මිකා නෝනා නං බටහිර බලවේග රටක සුවෙන් ඉන්නවා. ඉතාලියේ හිටිය ලෝලිත මහතාගෙන් නම් දැන් සෑහෙන කාලෙකින් ආරංචියක් නෑ.

(image: http://www.illustrationsource.com/)

Monday, 5 March 2012

ආදරේ අද නෙමෙයි හෙට...! - Tomorrow never comes


සාමාන්‍යයෙන් නොකෙරෙන වැඩක් ගැන කියන්නේ "බාලගිරි අද නොවේ හෙට!" කියලානේ. ඕක ඉස්සර ලංකාවේ පොඩි ළමයි ඉන්න සිංහල ගෙවල්වල ලියලා තිබුණාලු! 'බාලගිරි දෝශය' කියන ළමා රෝගය වලක්වා ගන්න කෙමක් විදියටයි එහෙම කරලා තියෙන්නේ.

"ආදරේ අද නෙමෙයි හෙට!" කියන්නේ එහෙම කේස් එකක් නොවෙයි. මෙතන කියවෙන්නේ ඕනෑකමින්ම ලව් එක කල්දාන ට්‍රික් එකක් ගැන නෙමේ.

මේ බලන්නකෝ මේ කයිය කියෝලා!

දිනෙක මතුදා ලොවට හඬගා කියන්නම්
ඔබට මා, ආදරෙයි ඉඳුරා කියන්නම්
එතෙක් අපි ඉමු සැඟවිලා
ලොවේ දෙනෙතින් සැඟවිලා
මගේ කුමරියනේ

ඔබ ඔබේ ලොව, මා මගේ ලොව හිරවුණා
ආදරේ අප කියාගන්නට බැරිවුණා
මේ පවින් ගැලවී, මිදෙන දින ලංවී
හෙට පහන් තරු දිලිසෙනා
මගේ කුමරියනේ

සීත සිසිරය මැද වසන්තය එලැඹිලා
දෙහද පෙම් මල් දෙවන වරටත් පිබිදිලා
ඔබ මගේ වේ නම්, මා ඔබේ වේ නම්
අද දුරින් ඉමු සැඟවිලා
මගේ කුමරියනේ

ඕක නිකංම නිකං කයියක් නෙමේ, ගී පදමාලාවක්. ඇත්තටම කියනවා නං යුග ගීතයක්.

තනුව-හේමාල් ජයවික්‍රම
සංගීතය-විශාරද තුෂාරි එදිරිසිංහ
ගායනය-හේමාල් සහ තුෂාරි

මෙන්න බලන්න යූ ටියුබ් ක්ලිප් එක.



-කතන්දරකාරයා

ප/ලි:
යූ ටියුබ් වීඩියෝව ගායකයා විසින් සකසන ලද්දකි. ඔහුගේ අනෙකුත් ගී ගායනා දුසිමක් පමණ ඔබට ඔහුගේ චැනලය ඔස්සේ නැරඹිය හැක.

(image: http://www.flickr.com/photos/dappers/2242173865/)

Sunday, 21 August 2011

සුද්දො අපෙන් කොපි කරපු සින්දු මෙන්න අහන්න - From English to Sinhala or Sinhala to English?


මේ පෝස්ට් එකට මුල් වුනේ මං සිකුරාදා දාපු "පෙම්බර මධු කාගේද?" කියන කතන්දරේ නං නෙමේ. හින්දි උර්දු හෝ ඉන්දියානු චිත්‍රපට ගීතවල තනුවලට සිංහල සින්දු කියපු එක අද ඊයේ වෙච්ච දෙයක් නෙමේනේ.

පහුගිය දවස්වල පිණිපලසේ සහා මාළු ටැංකියේ ගිය සින්දු දෙකක් ගැන පෝස්ට් දෙක තමයි අද දාන මේ පෝස්ට් එකට මුල් වුනේ. ඒ දෙකේම තිබුනේ බටහිර ගීත තනු කොපි කරලා කියපු සිංහල සින්දු ගැනයි.

ඉංගිරිසි ටියුන්ස්වලට සිංහල පද දාලා ගායනා කරපු එකත්, අනාදිමත් කාලෙක ඉඳලා තිබුණු දෙයක් මේ කල්හාර ලා අළුතින් කරපු දෙයක් නෙමේ.

දැන් මෙන්න බටහිර තනුවලට අනුව හදපු පැරණි සින්දු කීපයක්. සමහර ඒවා යූ ටියුබ් එකේ තාම නෑ. (කවුරු හරි දාන්න එපායැ!).

ඉරිදා දවසේ විවේකීව බලන්න.

1. කඳුකරයේ සීතලේ - ක්ලැරන්ස් විජේවර්ධන සහ ඉන්ද්‍රාණි පෙරේරා
(මේ ඔරිජිනල් සින්දුව. වීඩියෝ එක්ක තියෙන ඒවා කියන්නේ ඉන්ද්‍රාණි එක්ක වෙනත් ගායකයෝ.)


English original - "By the rivers of Babylon" - The Melodians


English popular version - "By the rivers of Babylon" - Bonny M




2. ඔබ දකින්නට කාලෙකට මම මුහුදු වෙරළට එන්නේ නෑ (මුල් ගායනය එම්.එස්. ප්‍රනාන්දු? මොරිස් දහනායක)

(ස්තුතියි හද ගී පොත)

English original by Harry Belafonte




3. අද අපි ඉන්නේ විනෝදෙන්ම මත්වී - මීනෝන් රත්නම්
(සිංහල සින්දුවේ යූටියුබ් වීඩියෝව සඳහා යෙදිය හැක්කේ සබැඳියක් පමණි.)
http://www.youtube.com/watch?v=F8qmy9EwMWY

English original by Diana Coupland in James Bond movie Dr No.




4. හැඩට වැඩට හරි සූරයෝ - එම්. එස්. ප්‍රනාන්දු වෝල්ටර් ප්‍රනාන්දු සහ ජෝතිපාල
මේ කියන්නේ නං වෝල්ටර් ප්‍රනාන්දු


English original - Obladi Oblada - The Beatles




5. ලුණු දෙහි - ජිප්සීස්


English version - Tiny Winey - Byron Lee



6. පෙම් ලෝකේ පුරා - ක්‍රිස්ටෝපර් පෝල්


English Original - Wooden Heart by Elvis Presley




මේවත් බලන්න.
ජිප්සීස් ල ගේ කුරුමිට්ටෝ :: Smurf song - Father Abraham



රෑට කමු අපි වම්බොටු - You can kiss me by Billy Towne



-කතන්දරකාරයා

ප/ලි:
මේ සින්දු හොයා ගැනීමට මට උදව් කළ මැක්ස් බූවා, අසංක බූවා සහ ලාල් බූවා කියන පොරවල් ත්‍රිත්වයට මගේ ස්තුතිය.

(image: http://rohantruth.blogspot.com/2011/06/kandyan-convention-by-rohan.html)

Friday, 19 August 2011

"පෙම්බර මධු කාගෙද?" හෙවත් ඉච්ඡාභංගත්වය - Can a video bring this much anomy?


මඩු කියන්නේ මූදූ මාළුවෙක්. නිකං කුල්ලක් වගෙයි සයිස් එක. මුගේ දිග වලිගයක් තියෙනවා. මේකට තමයි මඩු වලිගේ කියන්නේ. අර වේවැලෙන් ගහනවා වගේ මඩු වලිගෙන් ගහනවා කියලා කියනවා අහලා ඇතිනේ.

මඩුවාගේ වලිගය තමයි උගේ ආරක්‍ෂක අවිය. ඒකේ තුඩ තියුණුයි. මඩුවෙක් වලිගෙන් ඇනලා තමයි බින්ඩි ගේ තාත්තාත් මැරුණේ දැනට අවුරුදු පහකට කලින්.

සමහර විට මාළු දැල්වලට මඩු මාළුවෙක් දෙන්නෙක් අහුවෙනවා. මං දැකලා තියෙනවා ගනේමුල්ලේ මාළු ලෑලිවල මඩු මාළු තියෙනවා විකුණන්න.

අපේ සීයා නං මඩු මාළුන්ට ඒ දවස්වල කිව්වේ "පෙම්බර මඩු" කියලයි!

ඒකට හේතුව තමයි "පෙම්බර මධු" කියන චිත්‍රපටිය. සිංහල සිනමාවේ සංධිස්ථානයක් විදියට සැලකෙන මූවි එකක් තමයි ඒක. ඒකට නං හේතුව බිරිඳක් සැමියාට ද්‍රෝහී වෙනවා තියෙන නිසාද කොහෙද මයෙ හිතේ. මං මේ මූවි එක නං දැකලා නෑ.
         ප/ලි:
මට මෙතනදී වැඩේ ටැපලිලා. මං මුලින් ලියලා තියෙන්නේ දුහුළු මලක් චිත්‍රපටිය ගැනයි.
පල්ලෙහායින් ඇනෝ කෙනෙක් දාලා තියෙනවා කතාව.
ඇනෝ මට ඒක ලියලා ඊමේල් කල හින්දා මං නං ඇනෝ ගේ නම දන්නවා හරිය?
වෙනත් කෙනෙක් කියපු විදියට මේ චිත්‍රපටිය අවසානයන් දෙකක් එක්කයි හදලා තියෙන්නේ.
එදා අයිටී එන් එකේ දාලා තියෙන්නේ සුඛාන්තයයි.
හෝල් එකේ පෙන්නන කාලේ දවසක් ඇර දවසක් සුඛාන්තය සහ දුඛාන්තය පෙන්නලා තියෙන්නේ.


හැබැයි ඔය චිත්‍රපටියේ තිබුණු "පෙම්බර මධු මගේ" කියන සින්දුව නම් කවදාකවත් අමතක වෙන එකක් නෙමේ!

"පෙම්බර මධු මගේ" සින්දුව කියන්නේ වික්ටර් රත්නායක. මා ගාව තියෙන ස ප්‍රසංගයේ ලයිව් රෙකෝඩින් තියෙන ද්විත්ව සංඝත තැටි වල දෙවෙනි එකේ තමයි මේ සින්දුව තියෙන්නේ. මං ඒ සින්දුව සියපාරක් විතර අහලා ඇති.

ඒක එච්චර මගේ හිත ගත්තු සින්දුවක්. ගායනය විතරක් නෙමේ, මියුසික් සහ තනුවත් අසමසමයි. උපරිමයි. මැක්සා. එළ!

මෙන්න සින්දුවේ පදමාලාව. රචනය කරුණාරත්න අබේසේකර ගේ. (දිලීප ගේ තාත්තා).

පෙම්බර මධු මගේ මා නැතේ ඔබෙන් මිදුනේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ පෙම්බර මධු මගේ

ලොවේ හි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී
ඇතත් හොරෙන් හැංගීලා මගේ දුකත් නොදැනී
අරං එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණී
සුරූපි දේව විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ පෙම්බර මධු මගේ

වඩාලා දෝත පුරාලා පරෙවි කුමාරිය සේ
සුගන්ධ මල් යහනාවේ හොවා පෙමින් සිතු සේ
පවන් සලා ඔබ සනසම් ළදල්ලකින් සුවසේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ පෙම්බර මධු මගේ

අපේ ම පාළු විමානේ නිසංසලේ සහනේ
අමා පැණින් මත් මත්වීලා ඔබේ දෙතොල් බඳුනේ
විඳින්නෙමී රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ පෙම්බර මධු මගේ

සංගීතය-පී.එල්.ඒ.සෝමපාල (චිත්‍රාල් ගේ තාත්තා)
ගායනය වික්ටර් රත්නායක (ලෙලුම් ගේ තාත්තා)

මෙතනින් අහන්න.
http://www.sinhalajukebox.org/cgi-bin/smi.cgi?s=A0250011C01

ඉතිං මේ සින්දුවට මගේ තිබුණු ආශාව කොච්චරද කියලා කියනවා නං මේන්න මේ පහත තියෙන යූ-ටියුබ් වීඩියෝ එක ඊයේ රෑ ෆේස් බුකියේ තිබිලා දැක්ක වෙලේ මට ඇති වුණු ඉච්ඡාභංගත්වය වචනවලින් විස්තර කරන්න බෑ.


(Masood rana- Meri dua hai ke- film CHIRAGH KAHAN ROSHNI KAHAN)

මෙච්චර කාලයක් අග්‍ර ගනයේ නිර්මාණයක් කියලා මං හිතාගෙන ඉඳලා තියෙන්නේ උර්දු මූවි එකක කොපියකට නේ!

අනේ අපොයි!

-කතන්දරකාරයා

ප/ලි:
මට අර අහවල් වීඩියෝ එක දැකපු වෙලාවේ වත් මෙච්චර ඉච්ඡාභංගත්වයක් දැනුනේ නෑ.

අපේ කෂ්ටිය බැෂ්ටිය දුන්නු හැටි හිතාගන්න නං අපිට අමුතුවෙන් වීඩියෝ ඕනැද? නෑ, නේ?

(image: www.caglecartoons.com)