Followers

Saturday, May 22, 2010

සරමේ චූ ගිය කතන්දරේ හෙවත් පාප මිත්‍රයෝ - මෙන්න මගේ විශ්ලේෂණය


මේ කතන්දර බ්ලොග් එකේ නම කියන්න අකමැති පාඨක සහෘදයෙක් ලියල එවපු සරමේ චූ ගිය කතන්දරේට සෑහෙන්න ප්‍රතිචාර ලැබුණා.

ඒ කතාව මං අවසාන කලේ, පාප මිත්‍රයින් හතර වර්ගය ගැන විස්තර ලියල, ඒ කතන්දරේ සරමේ චූ ගිය පාලිත ට හිටියෙ මොන වර්ගයේ යාළුවො ද කියල අහලයි.

මෙන්න ඒ ගැන මගේ විශ්ලේෂණය.

පාප මිත්‍රයෝ හතර වර්ගයෙන් විස්තර කරන්නේ පුද්ගලයින්ගේ එක එක ලක්‍ෂණයි. මේ ලක්‍ෂණ සියල්ලම පාහේ අඩුවැඩි වශයෙන් මිශ්‍රවුණු පුද්ගලයින් අපි සමාජයේ දැකල තියෙනවානේ.

පාලිත ට ඉඳලා තියෙන්නේ මේ සිව් වර්ගයේම පාප මිත්‍ර ගතිගුණ එකට මිශ්‍රවුනු යාළුවෝ නඩයක්.

මුලින්ම වචීපරම - උදව් කරන්නං කියල කිව්වට යාළුවො කලේ පාලිතව අමාරුවේ දැමීමයි. ඒක තමයි දරුණුම වරද.

ඊලඟට අපායසහාය - අපායෙ යන වරදක් නොවුනට, කොච්චර චූ බර තිබුණත් පාරේ අයිනේ පොදු තැන්වල චූ කරන එක හරි වැඩක් නෙමේ නේ. ඒකට පාලිතව පෙළඹවීම වරදක්. අහල පහල ගෙදරක වැසිකිලියට යන්න තිබුණ නේද? ඇයි ඉස්කොලෙ තියෙන්නෙත් අත ලඟනේ?

අනුපියභානී - වැරදි වැඩක් කිරීම අනුමත කිරීම වැරදියි. ඒ මදිවට අනුපියභානී ලා තමයි පස්සේ නැති තැන කළ වැරදි කියන්නෙත්.

අන්තිමට අඤ්ඤදත්ථුහර - එක පාරමට තේරුණේ නැති වුනාට, මෙතෙන්දි යාළුවෝ ටික පාලිතගෙන් යමක් කොල්ලකාල තියෙනව. ඒක තමයි පාලිතව කෙල්ලෝ ඉස්සරහ අමාරුවේ දැමීම නිසා, ඉදිරියේ දී, මල් කඩන්න ඌට තියෙන අවස්ථාවලට මග අහුරා දැමීම. එක කම්පෙටිටර් කෙනෙක් අඩුවුණ එකේ වාසිය යාළුවන්ටයි.

ඔන්න ඔහොමයි මගේ ඇනලිසිස් එක.

කතන්දරකාරයා

ප/ලිඃ
මගේ මේ පසුව ලියමි හෙවත් ප/ලි කෑල්ල නැගලා යනවා වගේ.

ලඟදී ආගිය කතා වලත් මේ ගැන ලියා තිබුණා.

අද මං දැක්කා අර මුලින් තුන්වැන්නී ගේ කතන්දර ලියපු දැන් ගමන් වග තුග ලියන මනෝ ගේ අහස්ගව්ව බ්ලොග් එකෙත් ප/ලි කෑල්ලක් දාලා තියෙනවා. මං මනෝ ගේ ගුරුන්ණාන්සේ කියල කියන්නේ.

6 අදහස්:

  1. කොහොමින් කොහොමින් හරි චූ කතාවකින් පටන් ගෙන බණ කතාවකින් ඉවර උනා...
    අපේ කසූ ඉතින් කවදත් මේ වගේ දෙවල් ගලප්පල ලියන්න දස්සය නොවැ.

    ReplyDelete
  2. හැමදාම නෑ, හැම තැනම නෑ!!!

    ReplyDelete
  3. අපාය සහාය නම් නෑ මගෙ හිතේ. මොකද මඟතොටේ චූ කළාට අපායෙ යන පවක් සිද්ධවෙන්නෙ නෑනෙ. අනිත් ඒවා නම් හරි!
    මමත් ප.ලි. කෑල්ලක් දැම්මා මෙන්න මෙතන.

    ReplyDelete
  4. නදී - ඒකම මාත් කිව්ව. ඒත් වැරදි වැඩේ කිරීමට අනුබල දීම සහ පෙළඹවීම නිසා අපායසහාය වෙනවා.

    ReplyDelete
  5. නියම විග්‍රහය කසූ. කොහොම වෙතත් ඔබතුමාගේ ප.ලි. කෑල්ල නැගලා යනවා වගේ :)

    ReplyDelete
  6. විග්‍රහය නම් නියමයි..

    ReplyDelete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).