ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday 3 July 2011
ජැක්සන් ඇන්තනි කතන්දරකාරයා සමග භාතිය සන්තූෂ් ලා ගැන කියපු සවුදම් - Jackson Antony raps about Bathiya and Santhush with Kathandarakaraya
මේක මගේ සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් සීරීස් එකේ තවත් නේම් ඩ්‍රොපින් කතන්දරයක් කියලා කියන්න පුළුවනි.
ජැක්සන් ඇන්තනි හෙවත් ජැකා හෙවත් පනාපුත්‍ර කුහුඹු පැණියා මා එක්ක මේ සාකච්ඡාවට සහභාගී වුනේ මීට අවුරුදු කීපයකට කලින් 2006 දී යි.
මං අහපු මේ ප්‍රශ්ණ ඒ කාලේ ට ගැලපෙන ඒවා බව කරුණාවෙන් සලකන්න.
කතන්දරකාරයා: වැඩිහිටි පරම්පරාවත් තරුණ පරම්පරාවත් අතර මත ගැටුම, පරම්පරා ඝට්ඨනය, සැලකෙන්නේ සදාතනික ප‍්‍රශ්ණයක් ලෙසටයි. නමුත් සීඝ‍්‍රයෙන් වෙනස් වන අද ලෝකයේ මේ ගැටුම තීව‍්‍ර වෙලා යැයි මට හැගෙනවා. මේ ගැන ඔබේ අදහස් මොනවාද?
ජැක්සන්: දියුණුව කියන්නෙ පැවැත්ම ඒ ලෙසම පවත්වාගෙන යෑමවත්, පැවැත්මට පරිබාහිර, ප‍්‍රතිවිරුද්ධ දේ වෙනත් තැනකින් ගෙනැල්ල පැවැත්ම මත පටවන එකවත් නෙමේ. ද්වන්ධාත්මක භෞතිකවාදයට අනුව, දියුණුව යනු "එකක් මත එකක්" ගොඩ නැගීමයි. මෙයට සිංහල වචනය සමතික‍්‍රමණයයි.
මෙයටම අදාල තවත් සංකල්ප දෙකක් තමා, ප‍්‍රතික්‍ෂේපණය සහ අතික‍්‍රමණය. ප‍්‍රතික්‍ෂේපණය යනු දියුණුව නෙවේ. පැවැත්ම එලවා දමා, ප‍්‍රතික්‍ෂේප කොට, අළුත් දෙයක් කිරීමයි.
අතික‍්‍රමණය කියන්නේ පැවැත්ම පසුකර යෑම. පැවැත්ම හරහා, එහි ගුණ අගුණ සියලක්ල රැගෙන, ඊට වඩා ඉහල තැනකට යෑම. අතික‍්‍රමණය කිරීම.
සරලව කියනවා නම් තාත්තට වඩා පුතා උසස් වීම. තාත්තගෙ මට්ටමටම පුතා හිටිය වුනත් එය දියුණුවක් නොවෙයි.
මෙන්න මේ කාරණාව තමා පරම්පරා ගැටුමට හේතුව. තාත්ත දකින දේ නෙමේ පුතා දකින්නේ. පුතා දකින දේ නෙමේ තාත්ත දකින්නේ. මේක සිංහබාහුලගෙ කාලෙ ඉදල තිබුන දෙයක්.
ඔබ නිවරැදිව කිව්වා වගේ අද තත්වය ඊට වඩා තීව‍්‍රයි. ගෝලීයකරණය වුනු, ජාත්‍යන්තරකරණය වුනු යුගයකයි අපි ඉන්නේ. සන්නිවේදනය දියුණුයි. අන්තර්ජාලය හරහා, චන්ද්‍රිකා තාක්‍ෂණය හරහා මුළු ලෝකයම එකම කොදෙව්වක්, විශ්ව ගම්මානයක් බවට පත්වෙලා තියෙනවා. මෙන්න මේ තත්වය තුල මතුවෙන පරම්පරා ගැටුම තීව‍්‍රයි. ලංකාවේ තත්වයත් මේකයි. බටහිර රටවල මේ ගැටුම ඊටත් වඩා තීව‍්‍ර විය හැකියි.
කතන්දරකාරයා: ලංකාවෙ දැනට දැඩි ලෙස සාකච්චා වෙන කාරණයක් තමයි, රැප් සංගිතය මගින් සිංහල සංගීතයට ඇතිවෙන බලපෑම. මේ ප‍්‍රශ්ණ ඔබ කොහොමද දකින්නෙ?
ජැක්සන්: මේ කරුණු වලට නම් වැරදි කාරයො ලංකාවෙ වැඩිහිටි පරම්පරාවයි, අළුත් පරම්පරාව නෙමේ. ලංකාවෙ අධ්‍යාපනයෙ තියෙන ගැටළුව තමයි. රට දියුණු වුනාට, අපේ පාලකයින් වත්, අපේ ප‍්‍රජාවවත්, ඊළඟ පරම්පාරාව ගැන නිවැරදි වැඩ පිළිවෙලක් කි‍්‍රයාත්මක කළේ නැහැ. ඊළඟ පරම්පරාව අතරමං වුනා. මේකට හේතුව මේකයි. ඉස්සෙල්ලාම අපි අපේ දේ ඉගෙන ගත යුතුයි. අපේ සංස්කෘතිය දැනගත යුතුයි.
මේ රැප් කියන එක අළුත් දෙයක් නෙමේ. රැප් කියන නම අළුත් වුනාට, අපි සවුදම්, බෙර පද, ස්ලෝක, සැහැලි කියන නමින් අහල තියෙන්නෙ රැප්. රැප් කියන්නෙ, වේග රිද්ම වචන එකතුව.
සවුදම අපේ රටේ හැදෙන්නෙ, කි‍්‍රස්තු පුර්ව පලමුවන සියවසේ සිටයි. ඒ කාලේ සිට රැප් තිබුනා. මේ අහන්න සිරිපා සවුදම.
තත් තත් තරිකිට තෙයි,
සිරීපාද පුද සමනල ගිරි හිස තෙයි
සුමන සමන් දෙවි
පූජා හිමි කරතෙයි....
ඔබ සිංහල නිසා මේක සවුදමක් කියල තේරුනාට, බටහිර අයෙකුට මේක හිතෙන්නේ රැප් එකක් කියලයි. අපට රැප් අළුත් දේවල් නෙමේ.
අපි අපේ ස්ලෝකය, සැහැල්ල, සවුදම වර්තමානයට ගෙනාවෙ නැහැ. ගෙනාව නම් අපේ කොල්ලො කෙල්ලො අද ඇමරිකාවෙන් එන රැප් කියන්නෙ නැහැ. අපි අපේ සවුදම හිර කූඩුවෙ දාල, රැප් වලට බනිනව.
අද ඊයෙ විතරක් නෙමේ, තරුණයන්ට වේග රිද්මය අවශ්‍යයයි. එදා, එම් එස් ප‍්‍රනාන්දුටත් බැන්න වේග රිද්මයට. හැබැයි ඒ ගොල්ලො කිව්වෙ, පාර පුරා මල් ඉහිරුණු චීත්තෙ, වගෙ අපේ දේවල්. ඒ ගොල්ලන්ට ඒ දැනුම තිබුන. වර්තමාන පරපුරට, ඒ දැනුම, අපේ දැනුම, ඇතුල් කරල නෑ. තිබුන නම් අද ඔවුන් කියන්නේ සවුදම්. මේ දෙපැත්ත යා කරන පාලම අපි බඳින්න ඕනැ දැන්වත්.
හැම රටකම ජන සංගීතයක් තියෙනව. ලංකාවෙ මේව දියුණු කරල නැහැ. සංස්කෘතික කේන්ද්‍රයක් වත් නැහැ මේ කරුණු ගැන සොයන. නමුත් අපේ රටේ ජන සංස්කෘතිය විනාශ කල නොහැකි එකක්. මුහුදු වෙළඳ මාර්ගයක පිහිටල තියෙන නිසා අනාදිමත් කාලයක ඉඳලම නොයෙකුත් විදේශ බලපෑම් තිබුන. ඒත් අපේ ජන සංස්කෘතිය ඒවයින් පෝෂණය වුනා මිස විනාශ වුනේ නැහැ.
අපිට වර්තමානය ප‍්‍රතික්‍ෂේප කරල නම් දියුණු වෙන්න බැහැ.
කතන්දරකාරයා: සාමාන්‍යයෙන් පිළිගැනීම තමයි, ජාතියක සංස්කෘතිය යනු එක තැන, එක ලෙස නොතියෙන, සදාකාලිකව වෙනස් වෙන දෙයක් බව. නමුත් සමහර විට මේ වෙනස් කම් වලට සමහරු විරුද්ධ වෙනව. භාතිය සහ සන්තූෂ් ගැනත් නොයෙකුත් විරෝධතා තියෙනවා. මේ කාරණය ගැන ඔබේ අදහස් දැන ගන්න මම කැමතියි.
ජැක්සන්: ජාතික සංස්කෘතියක් එක තැන පල් නොවී දියුණු විය යුතුයි. මේකට දැනුම අවශ්‍යයි.
මම මේ භාතිය සහ සන්තූෂ් දෙස බලන මගේ දෘශ්ථි කෝණය පටන් ගන්නේ අද ඊයේ නොවෙයි. උන් දෙන්නාගේ බිහිවීමේ ම සිටයි. ඒ දිනවලම මම දැක්ක දෙයක් තමා, මේ තරුණයින් ඉතාමත් මැනවින් බටහිර සංගීතය ඉගෙන ගෙන තියෙන බව. සරල ජනපි‍්‍රය සංගිතය නොවේ, සම්භාව්‍ය සංගීතය. මේ අපේ ළමයි දෙන්නෙක්. අපි උන්ව ප්‍රතික්‍ෂේප කලොත් වෙන්නෙ, උන් අපේ සංස්කෘතියට, අපේ කමට, සම්බන්ධතාවයක් නැති පාරක ගමන් කරනවා.
මම "සවන" ගුවන් විදුලියෙ හිටියෙ ඒ කාලෙ. මම මේ දෙන්නව කැඳවල අවවාද කලා මෙහෙම. ඔබේ සංගීත දැනුම අතිශයින් ඉහලයි. ගමට යන්න. අපේ ජන සංස්කෘතිය, සංගීතය පිළිබඳව අත්දැකීම් ලබන්න. ඔවුන් එය කළා. එයින් පස්සෙ බෙර පද, රබන් පද, ජන කවි, සැහැලි අරගෙන ඒවා ඇසුරින් ඔවුන්ගෙ සංගීත නිර්මාණයන් කළා.
අපේ රටේ තිබුන ප‍්‍රශ්ණයක් තමයි, ජනපි‍්‍රය සංගීතය ඉදිරිපත් කළ, මුලින්ම ජෝතිපාල, මිල්ටන් පෙරේරා, එම්. එස්., මිල්ටන් මල්ලවආරච්චි, ඊලඟට, ක්ලැරන්ස් සහ රූකාන්ත වැනි අයව බැණ ඇඬුම් වලට ලක් කිරීම. ඔවුන්ව ගනන් ගත්තේ නැහැ. නමුත් රස්තියාදුකාරය කියල බැණුම් අහපු ජෝතිපාලගෙ මළගමින් පස්සෙ, කනත්තය ආ සෙනඟ දැකල, ජනපි‍්‍රය සංස්කෘතිය පලවා හැරිය යුතු දෙයක් නොවේ කියල උගතුන් මත ඉදිරිපත් කරන්න පටන් ගත්ත. අද මිල්ටන්ල ව, ක්ලැරන්ස්ල ව හරි ඉහලින් අගය කෙරෙනව. නමුත් ජීවත්ව සිටින කාලය තුල පරිභව කළා. ක්ලැරන්ස්ට කිව්වෙ කිසිම සංගීත විචාරයක් නැති කෙනෙක් කියල. මිල්ටන් මල්ලවආරච්චි ගසල් එකක්, රාගයක් කියාගන්න බැරි කෙනෙක් කියල.
වර්තමානය තුලදීම, ජනපි‍්‍රය සංගීත කරුවන් අගය කළ යුතුයි.
රූකාන්තට පස්සෙ, මේ ජනපි‍්‍රය සංගීත ගේට්ටුවෙන් ඇතුල් වුන දෙන්න තමයි, භාතිය සහ සන්තූෂ්. අපි උන්ව ආදරයෙන් පිළිගත්ත නම් උන් අපේ කම රකිනව. උන්ව ප‍්‍රතික්‍ෂේප කලාම වෙන්නෙ, උන් ආපු ඒ ගේට්ටුව දුර්වල වෙනවා. අද ඒ ගේට්ටුවෙන් විශාල පිරිසක් ඇතුළු වෙනව. ඒ පිරිස නන්නත්තාර වෙච්ච සංගීතයක් අපේ රටේ ගායනා කරනවා.
රැප් කියල සංගීතය විනාශ කලේ භාතිය සහ සන්තූෂ් නෙමේ. ඉන් පසුව ඒ ගේට්ටුවෙන් ආපු අය.
ජාත්‍යන්තර පාසැල් හරහා ගොඩ නැගිච්ච, අපේ සංස්කෘතිය ගැන අබ ඇටයක දැනුමක් නැති, අපේ භාෂාව කතා කරන්න බැරි, යැංකි පරම්පරාවක් අද රටේ ඉන්නවා. ඒ අය තමා අපේ සංගීතය විනාශ කරන්නේ.
නමුත් අපි අපේ භාතිය සහ සන්තූෂ්ලට මල් මාලාවක් දාල පිළිගත්ත නම්, අපි උන්ට වග කීමක් පිරිනැමුව නම්, ඒ ගේට්ටුව ශක්තිමත් වෙනවා. ඔය තරම් පිරිසකට ඒ ගේට්ටුවෙන් එන්න බැරි වෙනවා. මේ අය භාතිය සහ සන්තූෂ් තරම් සංගීත දැනුමක් නැති අය. වෘත්තීය මට්ටමක් නැහැ.
භාතිය සහ සන්තූෂ් ලාව ප‍්‍රතික්‍ෂේප කිරීම තුලින්, අපි ඊලඟ පරම්පරාවම ප‍්‍රතික්‍ෂේප කලා වෙනව. ප‍්‍රතික්‍ෂේප කරන්න නෙමේ උන්ව අපේ කමට දිනාගන්නයි ඕනැ.
මේකට පිළිගත් සංවේදීතාවටන් කිහිපයක්ම අද දකින්න පුළුවනි. එකක් තමා අද භාතිය සහ සන්තූෂ්ල ඉන්දියාවට සංගීතය ආනයනය කරනව. එදා අමරදේවල, සුනිල් ශාන්තල ඉන්දියාවෙන් සංගීතය ඉගෙන ගෙන ආව, පසුකාලෙක හින්දි චිත‍්‍රපට සංගීතය අපේ අය කොපි කලා. අද මේකෙ අනෙක් පැත්තයි සිද්ධ වෙන්නෙ. ඒක ලොකු දෙයක්.
ඊලඟ කාරණය තමයි, මීට වසර දෙකකට කලින් බක් මහ රංගන සංදර්ශණයේ මෙහේ තරුණ කොටස් නැටුවේ, ඉන්දීයානු නූතන බටහිර පන්නයේ සංගීතයටයි. නමුත් අද ඔවුන් නටන්නේ භාතිය සහ සන්තූෂ් ලගෙ සංගීතයටයි.
අද තරුණ පරපුර ආකර්ෂණය කරගන්න පුළුවන් අය සිටිද්දි, ඔවුන් අපේ දරුවන් බවට පත් කරගෙන, අපේ කිරි පොවන්නෙ නැතුව, අපේ කම හදුන්වල දීල, දීප්තිමත් තරුණයින් හැටියට පිළිගත්තෙ නැතිනම් මොකද වෙන්නෙ? මුළු පරම්පරාවක්ම අපිට නැති වෙනවා.
අප භාතිය සහ සන්තූෂ් ආරක්‍ෂා කර ගත යුතුයි.
මේ සාකච්ඡාව සිදු කෙරුනේ 2006 අප්‍රියෙල් මාසයේ දී බව කරුණාවෙන් සලකන්න. අද හම්බ වුනා නං මං අහන්නේ ඔය ප්‍රශ්ණ නෙමේ!
සඟරාවකට සැකසූ ලිපියකින් කොටසක් නිසා වෙනද මං කතන්දර කියන භාෂා විලාසය අදත් නෑ. අදත් හරියට රෝහණ බැද්දගේ ගැන දාපු ලිපියේ වගේ තමයි භාෂාව.
-කතන්දරකාරයා
ප/ලි:
කාර් මෙගා කතන්ර සීරීස් එකේ අවසන් කොටස් දෙක ලබන සඳුදා සහ බදාදා බලාපොරොත්තු වෙන්න.
Subscribe to:
Post Comments (Atom)
පලි කොටස් දැක්කාම මට මාර සතුටක් ඇති වුනේ :D
ReplyDeleteමමත් ඉතා අගය කළ කාළාකරුවෙක්.. මල්ටි ටැලන්ට් පොරක්.. වන්දිබට්ටයෙක් උනේ. රජතුමගේ දක්ෂතාවයද...? ඇඟ තුල සිටි බලුකුක්කද...? මට නම් හිතා ගන්නත් අමාරුයි.. මනුස්සයෙකුට දෙනෝ දාහක් ඉදිරියේ හෙළුවෙන් යනව විතරක් නෙමෙයි... නට නටා යන එක ගැන.. ඒ වගත් එසේමැයි.......
ReplyDeleteසබ්බ පාපාස්ස අකරණං......
මම නම් ආසම ඩබල තමා බා ඇන්ඩ් ස.... කියල වැඩක් නෑ. කවදාවත් එක වගේ ගීත දෙකක් මං අහලා නෑ.
ReplyDeleteමාතලන් අයියා කිව්වා වගේම පනාපුත්‍ර කුහුඹු පැණියා මල්ටි ටැලන්ටඩ් පොරක්. මේ දවස් වල නැගලා යන ටැලන්ට් එක තමයි "වෛශ්‍යත්වය" .ඒ කියන්නේ ඇති දක්ෂ කලා කරුවෙක් වන තමන්ගේ කලා ජීවිතය පූර්ණකාලීනව හෙළුවෙන් ඉඳගෙනම විකුනං කෑම. කලා හැකියාව විකිණීමයි වගේ නෙවෙයි ඒක දරුණු පාවා දීමක්.මේ වන තෙක්ම කොන්ද කෙලින් තියාගෙන ඉන්න මනෝ වෙග් අය මොන තරම් ග්‍රේට් ද?
ReplyDeleteකටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙන්න පටන් අරන් තියෙන දැන් තමයි මෙයා එක්ක සාකච්ඡාවක් කරන්න වටින්නෙ.
ReplyDeleteමමත් කැමතිම අළුත් පරපුරේ ගායකයෝ දෙන්නා තමා භාතිය සංතුෂ් දෙපල....ඇත්තටම නිර්මාණශීලී දෙන්නෙක්....
ReplyDeleteකොස්පුත්‍ර කුහුඹුපැණියා මමත් කැමතිම වෙලා හිටපු කලා කරුවෙක්. විශේෂයෙන්ම ගවේෂණාත්මක චාරිකා වලට. රෙදි නැතුව කඩේ යන්න පටන් ගත්තට පස්සෙ දැන්නම් නම දකින්නත් අප්පිරියයි වගේ
ReplyDeleteබ සහ ස ගැනනම් පැහැදීම අඩුයි......
ReplyDeleteඒත් මොන වෙඩින් එක කෙරුවත් ජැකා,කමල්,ශ්‍රියන්ත,මහේන්ද්‍ර, පාලිත......සැබෑම නළුවො බොලව්....
හීනියට-හීනියට වගේ කිව්වට හොඳ ඇත්තක්.
ReplyDeleteඔය ජැකා ගැනනම් කතා කරන්න එපා අයියන්ඩි.. ඉස්සර මේ වගේ වැදගත් කතා කිව්වට දැන් මුට ඔය වගේ වැදගත් දෙයක් කරන්න වෙලාවක් නෑ.. මහින්දගේ අමුඩේ හෝදන්නයි, මහින්දහේ ජාතකේ හොයන එකයිනේ දැන් මේ ජොන්ටට තියන ප්‍රධාන රාජකාරි.
ReplyDeleteවිමල්, මර්වින් වගේ මොලේ රහක් නැති උන් කරණං කමක් නෑ.. මේ වගේ ඉගෙන ගත්ත, දැනුමක් තියන උනුත් අච්චර පහත තත්වෙට වැටිලා ඉන්න එකට මට හම්බානකට මළලු.
මිනිස්සු කඩේ යනවා එක වැරද්දක් නෑ. ඒත් මේ කඩේ යෑමක් නෙමේ.. සිංගප්පු ෂොපින් යෑමක්.. ලොල්ය...
කතන්දරේ ගැන මොකද හිතෙන්නේ?............
ReplyDeleteමොනවද මේ කතා...?
ජාතක කතාවක් වත් දාන්න.
ජැකා දීලා තියෙන්නේ කන් අඩි පැලෙන බර සාර උත්තර නෙව . මට සමහර එවුවා තේරුනෙත් නෑ
ReplyDeleteඅද කාලේ හමු වුණා නම් කකා ඔයා මොනවද ජැකාගෙන් අහන්නේ ?
ජැකා උඹ ජොකා ඇඳගෙනද බක්කන්ගේ පුකවල් හෝදන්න යන්නේ කියලා අහන්න වෙයි..
ReplyDelete"එකක් තමා අද භාතිය සහ සන්තූෂ්ල ඉන්දියාවට සංගීතය ආනයනය කරනව."
ReplyDeleteමේක ආනයනයද , අපනයනයද?
ඒ කොහොම උනත් 2006 ට කලින් දී භාතිය සංතුෂ්ල එහෙම දෙයක් කලාද?
Ayubowan [ Namaste ] – 2007 Universal Music -” The very first original Hindi album from Sri Lanka under the label Universal Music India “
මේක බැලුවේ අද නේ.
ReplyDeleteජැකා ගේ රඟපෑමට අදත් එදත් කැමතියි. රඟපෑමට එළියෙන් කරපු ඉතිරි ටැලන්ට් වලින් මං ඕනනං කිහිපයකට කැමති ඇති. චිත්‍ර කතා ඇඳීම [කතන්දරත් චිත්‍රකතා ලෝලියෙක් නේ], සුසීමා එකේ සින්දුව, සලන්හන්තේ වගේ කිහිපයක්.
ජැකා ගේ ඉන්න කට වාචාල වෙළෙන්දා එලියට ආවේ මහින්දගේ වේදිකාවට කලින්. ඔය ස්වර්ණවාහිනියෙන් තමයි මුලින්ම නළු කමට එළියෙන් හුන් ජැකා පෙනුනේ. දැක්ක දවසේ ඉඳං ම චාටර්. සලන්හන්තේ උනත් හොඳ වැඩ සටහනක් උනාට ප්‍රසන්ට් කලේ පොරගේ හොරිකඩ ස්ටයිල් ඒකෙන. ඒ මදිවට යන හැම තැනම ගෑනිවයි ලමයවයි රිංග ගෙන රාජපක්ෂටත් කලින්ම පවුල් සංස්ථාව හදලා පෙන්නුවා. උගේ පට්ටන්දරේ අහන ඉන්න කොට බඩ දඟලනවා.
අනික මේකෙත් කියන හැටියට බා&ස ටත් හරියට සින්දු කියන්න ඉගැන්නුවේ පොර ලු නේ. මට නම් පොරගේ චින්තනයයි, පොරගේ චක් ගෝලයා වන මාද්‍ය දුකා ලියන අපේ කාර්තුවේ ගීතයි සෙට් එකම චොර.
මහා සිංහලේ වංශ කතාව කියන්නේ මහා වංශය හොරකම් කරගෙන ඇවිත් කෑලි කපලා තායි සෝස් අජින මොටෝ එහෙම දාලා උයලා සැශේ පැකට් වල පැක් කල ඉතිහාස ඩේවල් එකක්.
ඉතිහාසය කියන්නේ ගැඹුරින් සාකච්චා කල යුතු අවිනිශ්චිත ශාස්ත්‍රීය ක්ෂේත්‍රයක්. අකමැති අයට නිදි මතයි තමයි. නිදි මත නම් අකමැති නම් ඉතිහාසය අහන්න බලන්න ඕනේ නැහැ. ජැකා කලේ ඉතිහාසය ඌට ඕනේ විදිහට බලෙන් ඔබ්බන එක. ඉතිහාසයේ සුපර් ස්ටාර් වින්දනය තමයි එකේ තිබ්බේ. අනික එකට ගෙන්නුව බාගයක් උගතුන් නෙවෙයි බක පණ්ඩිතයන්. රෝහණධීර වගේ අය ඔය තැනක හිටියේ කොහොමද කියලත් සැකයි.
මට නම් ඔය ජැකා අරහන්. පුද්ගලිකත්වය තුල තියෙන පොදු හොරිකඩ භාවයක් තමයි පෙන්නුම් කලේ.
දැන් රෙදි නැතුව මහා මහින්ද වංශ කතාව ලියන හැටි දැක්කම ඒ අප්පිරියාව සිය ගුණයකින් වැඩි වෙනවා. නිකමටත් නොවේ පොර හොඳට හම්බ කරනවා නේ.
මානව දේවත්වය පුද්ගල වන්දනා පරමාදර්ශි මිනිසුන් [සමාජවාදී රාමුවේ මුලිකාන්ග] වැනි ප්‍රායෝගික නැති ෆැන්ටසි ගැන සිහින මවන මිනිසුන්ට මේ වගේ දේවලින් පාඩම් උගත හැකියි.
ජැක් ඇන් ජිල් කියවන්න පටන් ගත්තම ඉවර කරන්නේ කොතනින්ද කියල දන්නේ නැහැ.. වක්කඩේ ඇරිය වගේ.. තේරමක් නැහැ මෙලෝ රහක් නැහැ..
ReplyDeleteෆොටෝ එකේ ඉන්නේ කතන්දර අයියද ? හැන්සම් බුවෙක් නොවැ ? හික් හික් .
ReplyDeleteජනප්‍රිය චරිත ගෙදර ගෙනියන්නේ නැතුව ඉන්නවා නම් මේ මොකවත් වෙන්නේ නෑ. ජැකා යම් යම් දේ පිලිබඳ ප්‍රාමාණිකයෙක්, ඒ සීමාව ඇතුලේ විතරක් ජැකා ව ඇසුරු කරනවා නම් කතන්දරට අහන්න තියන ප්‍රශ්න වල වෙනසක් කරන්න ඕන නෑ. අපි නළුවො නිලියො ආලින්දයට ගේන්න පටන් ගත්හ දවසෙ ඉඳලා තමා මේ ලෙඩේ පටන්ගත්තේ. ඉස්සර ගුනතුංග කේ ලියනගේ නිව්ස් කිව්වා ගියා. සොඳුරු සැන්දෑවේ කට්ටිය ආලින්දයට ගොඩ වදින්න ගියාම කට්ටිය හිතුවා මූ අපි වගේම පොරක් කියලා.
ReplyDeleteපස්සේ ඒ පොර කඩේ යනකොට අපට අවුල්. හැබැයි අපේ බ්‍රදරින් ලෝ කඩේ යනකොට අවුල් නෑ. මේ කවුරු කවුරුත් මේ කොදෙව්වේ ජීවත් වෙන එවුන්, උන් කරන හොඳ දේවල පිලිඅ රගන නරක දේවල් ගණන් නොගන හිටියාම එච්චරයි, කුහුඹුපැණියා කියපු ගමන් සමහරු දැන් ලමයා එක්කම වතුර ටික විසිකරලා ඌ කරපු හොඳ වැඩත් බලු වැඩ කරගන්නවා.
අනික ඉතින් වයසට යද්දි එක්ක්කෝ විරොදාකල්ප පැත්තක් තියනවා නැත්තම් විරෝදාකල්ප මතම යැපෙන එන් ජී ඕ කාරයෙක් වෙනවා. ඔය කැටගරි දෙකම දෙබිඩ්ඩො. මේවා මොනවා වුනත් එක වචනෙම ඉන්න සුලුතරයට සමාජයෙන් මාර බක් අප් එකක් දෙනවා හැබැයි සතයක් දෙන්නේ නෑ. ඒ හින්දා සුනිල් සාන්තලා වගේ ගෙදර එවුනුත් තමාත් බඩගින්නේ තියලා අකාලයේ මැරෙනවා. මැරුනාට පස්ස්සෙ ඉතින් ඔක්කොමලා කියවනවා. ජැකා ඇතුලු 'සංවේදී සෙට් එකේ' ඔක්කොම කස්ටිය ඉතින් ගෑනිවයි ළමයිවයි බඩගින්නේ තියන්න කැමති නැති වුන්.
http://www.youtube.com/watch?v=ATk8u_PqtfM&feature=player_detailpage
ReplyDeleteඅද 2022 06 29 - සාකච්චාවෙන් අවුරුදු 16කට පස්සෙ , ලිපියෙන් අවුරුදු 11කට පස්සේ, මේ ලිපිය කියවනකම්ම මම හිතුවේ ඇන්තනී මහත්මයා අයි ටී එන් එකේ රියැලටියක සවුදම් අහලා මීම් එකක් වෙන්න තරම් චාටර් වෙච්ච සිද්ධිය ගැන කියනවා ද කියලා, පස්සේ දැක්කේනේ අවුරුද්ද.
ReplyDeleteවෙනසක් නෑ,
ප.ලි. රට බංකොලොත්.