Wednesday 24 August 2011

ටවුමෙ කඩෙන් ජොකෙක් ගන්න ගිහින් වෙච්ච වැඩේ (කාන්තා පක්‍ෂයට මේ කතාව කියවීම තහනම්!)

සඳුදා මං දාපු ඩේසි-වේසි කතන්දරේ කාන්තා පක්‍ෂය මග හැරිය හින්දා මං මේ අද කතන්දරය කාන්තාවන් ට තහනම් කළා!

මේ සිද්ධිය වුනේ පහුගිය දෙසැම්බරයේ. ඒ කාලේ පැල් බැඳගෙන වහිනවා අපේ ගෙවල් පැත්තට. දානේ ගෙදරක් තිබුණු හින්දා ඔන්න මට ඕනැ වුණා සුදු කමිසයක් ගන්න. තිබුණු සුදු කමිසේ හෝදලා දැම්මත් කොහේ වේලාගන්නද ඒ වැස්සේ?

එදා හවස මං වැස්සේම ගියා හොරණ පැත්තේ අපේ නෑදෑ ගෙදරක. ආපහු එන කොටත් මොර සූරණ වැස්ස. හොඳ වෙලාවට අතර මගට කාර් එකකින් ලිෆ්ට් එකක් ලැබුණා. බස්සෙකක් එනකං කඩයක් අයිනේ හිරිකඩෙන් බේරිලා ඉන්න වෙලේ මට මතක් වුණා සුදු කමිසයක් ගත්තොත් හොඳයි නේද කියලා.

මං ගොඩ වැදුණා මේ රෙදි කඩේට. හොඳ වෙලාවට මේ කඩ රෑ හතටත් ඇරලා!

"සෑර්, ජෙන්ට්ස් ලා ගේ ඇඳුම් උඩ තට්ටුවේ!" පල්ලෙහා කෑල්ලේ හිටිය මල් ගවුමක් ඇඳලා හිටිය කෙලි පැටික්කියෙක් මට කීවා.

උඩ තට්ටුවට නැගලා බැලින්නං සුපුරුදු පරිදි පාට පාට ටී ෂර්ට් පුරෝලා දිගට හරහට. ඔන්න ඒ අතරින් මතුවුණා වෙළඳ සේවිකාව. මේ ඇත්තී දිග කලිසමක් ඇඳලා, මැන්චෙස්ටර් වර්ගයේ අත් දිග ෂර්ට් එකක් ඇඳලා යි හිටියේ. මේක කොහොමටත් ජෙන්ට්ස් ලා ගේ සෙක්ෂන් එකනේ.

"සෑර්, වඩ් ඩූ යූ වෝන් ටු බයි?"

"සුදු කමිස තියේද?"

"යර්ස් සෑර්, වට් සයිස් සෑර්?"

"සික්ස්ටීන් ඇන්ඩ් හාෆ්."

"හියර් සෑර්, දිස් වේ සෑර්."

ඔන්න ෂර්ට් කෑලි ගොඩක් මේසේ උඩට ඇදලා දැම්මා. මං ඉතිං එකක් තෝරලා ගත්තා. සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව එකදාස් ගානක එකක්.

"දැට් වන්, වැරි ගුඩ් සර්ට් සෑර්!"

"තෑන්ක් යු!"

"සැර්, යු වොන්ට් ටී ෂර්ට්ස් සෑර්?"

ඔන්න ඉතිං මට ටී ෂර්ට් එකකුත් ගන්න හිතුණා. ඒවායේ සයිස් තියෙන්නේ මීඩියම්, ලාර්ජ් සහ ඇක්ස්ට්‍රා ලාර්ජ්.

මට හරියන්නේ "ඇක්ස්ට්‍රා ලාජ්" බලාගෙන යන කොට. අන්තිමේදී ඒකට ගෙඩි රුපියල් හත්සීයක් ම ගියා!

"ඇනිතිං ඇල්ස් සෑර්?"

"නෑ ඒ ඇති."

"සෑර්, හව් අබවුට් සම් අන්ඩර් වෙයාර් සෑර්?"

අන්ඩර් වෙයා? ඔන්න එතකොට මටත් හිතුණා, ජොක්කු දෙක තුනකුත් ගත්ත නං හොඳයි නේද කියලා.

"හියර් සෑර්, දැට් සයිඩ්."

බැලින්නං එතන එක එක වර්ගයේ බ්‍රෑන්ඩ්වල ජොක්කු පෙට්ටි පුරෝලා. ඇපල්, දෙල්, ඒසර්, ඇච්පී, ලෙනොවෝ, ටොෂිබා, බුදු අම්මෝ තියෙන චොයිසස්.

"වට් සයිස් සෑර්? මීඩියම්, ලාජ්, ඇක්ස්ට්‍රා ලාජ්?"

"දෙන්න බලන්න."

මං ජොක්කු පෙට්ටි දෙක තුනක් අරං බලන කොට ඒවාගේ ඉනේ සයිස් එක දාලා තියෙනවා. මගේ ඉනේ සයිස් එක අඟල් තිස් අට බව මතක නිසා මං පෙට්ටියේ ප්‍රින්ට් කරලා තිබුණු වගුවට අනුව එක්ස්ට්‍රා ලාජ් පෙට්ටියක් තෝරා ගත්තා. එක පෙට්ටියක ජොක්කු තුනක් ම තියෙනවා.

"සෑර්, චැක් ද සයිස්, චැක් ද සයිස්!" සේල්ස් සහකාරිය කියුවා.

"අයි ඩිඩ්, මගේ ඉන තර්ටි එයිට්. ඒකයි මං එක්ස්ට්‍රා ලාජ් ගත්තේ."

"සෑර්, ඕපන් ඇන් සී සෑර්, ඕපන් ඇන් සී සෑර්, ඇරලා බලන්න සෑර්!"

මට ඕනෑ වුනේ නෑ, මේ ජොක්කු පෙට්ටි ඇරලා බලන්න. මගේ සයිස් එක මං දන්නවානේ!

අනික මං ගත්තු සුදු ෂර්ට් ඇඳලා තියා කවරෙන් ගලෝලාවත් බැලුවයැ? ටී ෂර්ට් එක නං හැඟර් එකක දාලයි තිබුනේ ඒ නිසා ඇඟට තියලා බලලයි ගත්තේ.

ඒත් මේ මනුස්සයා ඒකට කැමති නෑ.

මේන් බොලේ මේ මනුස්සයා ජොක්කු පෙට්ටිය ඇරලා, ජොකෙක් අතට අරං, හිමින් සීරුවේ මේසේ උඩ හොඳට දිග ඇරලා අතින් හොඳට හරි ගැස්සුවා ෆ්‍රන්ට් ඉලෙවේෂන් එක.

එතකොට තමයි මට වැඩේ තේරුණේ. මේකට දාන්න නං ඉතිං දෙන්නෙක් ගේ වස්තු කන්දරාවම ඕනෑ වෙයි!

"සෑර් දිස් ටයිප් - සයිස් ඕකේ. දිස් ටයිප් - සයිස් ප්‍රොබ්ලම්. ඇක්ස්ට්‍රා ලාර්ජ්, ටූ බිග්!"

සේල්ස් ඇත්තී කිව්වා. බැලින්නං මේ ජොක්කු වර්ගයේ පෙට්ටියේ තියෙන වගුව වැරදියි.

මොනවා කරන්නද ඉතිං. මං මිනිහෙකුට කරන්න පුළුවන් මෝස්ට් හියුමිලියේටින් පරාජය පිළිගැනීම කළා.

"හොඳයි, එහෙනං මට මේ ඇක්ස්ට්‍රා ලාජ් එක නෙමේ, ලාර්ජ් එකෙන් පෙට්ටියක් දෙන්නකෝ!"

-කතන්දරකාරයා

ප/ලි:
අද කතන්දරේ තියෙන අතුරු කතාවේ අරමුණ මට තෑග්ගකට ෂර්ට් එකක් හරි, ටී ෂර්ට් එකක් හරි දෙන්න කාට හරි හිතුනොත්, ඒකට ඕනෑ කරන සයිසස් ටික දන්වන එකයි.

හැබැයි බුදු අම්මෝ, ජොක්කු නං එපෝ!

ප/ප/ලි:
මැන්චෙස්ටර් කමිස ගැන සඳහන තේරෙනවා නේද? ටියුබ් ලයිට් එකේ ස්ටාටර් එක ගහලා ගිහින් නං, මට ඊ-මේල් එකක් එවන්න.

ප/ප/ප/ලි:
අද නං ඇනෝවා ලා මට නාර්සිසිසම් රෝගය තියේය කියලා කමෙන්ටු දාන එකක් නෑ!

උඩ පින්තුරයේ ඉන්නේ සංචාරක ක්‍රිකට් කණ්ඩායමේ ක්ලාක් ගොයියා බොන්ඩ්ස් නම් වූ අන්ඩවෙයා වර්ගයේ ඇඩ් එකකට ගත් ෆොටෝ එකකි.(image: http://www.heraldsun.com.au/)

105 comments:

  1. වැල වරකා කරනවා, අල ගෝනි කරනවා කියලා ඇ‍ගේ ගහන්න හැදුවත් ඇඳලා බලලාම තමා ගන්ට ඕන.. අහුවෙන්ට එපා.. :D

    ReplyDelete
  2. මන් හිතුවෙම ඒ සේල්ස් ඇත්ති කකාව ඇද ගෙන ගිහින් ජොකාව අන්දවලම සයිස් එක චෙක් කරයි කියලයි..
    මොක්ද මේ සයිස් කිව්වෙ ? හෙලුවැලි දිනේවත් ලඟයිද ?

    ReplyDelete
  3. ්‍තව ටිකක් රෑවෙලා ගියානම් සේල්ස් ඇත්තී අයියට තව මොනාහරි දෙනවා...

    ReplyDelete
  4. ඔන්න කකාට තිතට ගැලපෙන extra small ජොක්කු සෙට් එකක්ම මගේ ගානේ.

    ReplyDelete
  5. මටත් තේරුණා ජොකාගේ සයිස් එක හිට දානකොට කතන්දර අයියට ඇඳුම් ටිකක් ඕන වෙලයි කියලා :D

    ReplyDelete
  6. ඔව් ඔව්... ලංකාවෙ කඩවල්වල තියෙන ඇඳුම් ගන්න ගියාම ඔහොම ප්‍රශ්න වෙනවා තමයි... මොකද එක එක බ්‍රෑන්ඩ් ගත්තම එකම සයිස් එක පෙන්නුවට ප්‍රමාණෙ වෙනස්!!! රට පටවන්න බැරිව රිජෙක්ට් වෙන ඒවා හින්දද මංදා???!!!

    ReplyDelete
  7. හැබෑට ඇයි ඔය ඇදුම වලට ජොක්කු කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඉංගිරිසි වලින් ජොක් ල කියන්නෙ ක්‍රීඩකයන්ට, ඉස්සර උන් තමයි ඒ ජාතියේ ඒවා ඇඳලා තියෙන්නෙ

      Delete
  8. මරේරේර් මරු!ඔව්වද මිනිස්සුන්ට වෙන්නේ ඈ!ඔය නැට්ට නැතිව අලි මැරෙන්නේ! හික්.හික්.

    පෝස්ට් එකනම් මරු කසූ සහෝ!

    ReplyDelete
  9. @Ano,

    ඒක ඉංගිරිසි Jock කියන වචනෙන් කැඩිලා ආපු එකක් නෙවැ.. මේ හැබෑට ඔයා ඇනෝවෙක්ද, ඇනෝවියක්ද..?? :)

    ReplyDelete
  10. ඇඟේ සයිසුයි, ඉනේ සයිසුයි, ජොකාගේ සයිසුයි කියපු එකේ යටි අරුත පැහැදිලියි. ගොඩක් වෙලාවට ජොක්ලස් ඉන්න ප්‍රිය කොලත්, ජනතාව අතර සැරිසරන කොට ගොඳ තදට හිටින්න මීඩීයම් හරි ඔය කිව්ව වගේ සයිස් එක බලල තදට හිටින එකක් ගන්නේ. මොකෝ මම හොඳ උනාට මල්ලි හරි වසයි. ඔය සේල්ස් කෙල්ලො එහෙම දැක්කම කළබල වෙනව..

    දවසක මම ගියා ස්විමින් ට්‍රන්ක් එකක් ගන්න. සේල්ස් ගර්ල් ලස්සන සෙක්සී ලන්සි ගැටිස්සියක්. මට ස්විමින් ට්‍රන්ක් එකක් දෙන්න.. වට්ස්ද සයිස් සර්, ඇවරේජ්, නොට් ඩූ ලාර්ජ්.. කෙල්ල රතු උනා. නෝ නෝ අයි මීන් ද වේස්ට් සයිස්, අයි ෆොගොට් මයි ඩියර්, ඕ කේ ඕ කේ කියල කෙල්ල වේස්ට් එකත් මැන්න. ආ යූ ගොයින්ග් ෆොර කොම්පිටිශන් සර්.. ම්... ඉයස් ඉයස්.. වෙයා සර්.. යූ: කේ:.. ආහ් ග්‍රේට් සර්.. වෙන් සර්.. එවරි සන්ඩේ.. වට් සර්.. ඉයස් ඉයස් කෝස් එවරි සන්ඩේ ආම් ගොයින් ටූ උස්වැටකෙයීයාව විත් මයි ෆ්‍රෙන්ඩ්ස් ෆොර ටොඩි ඩ්‍රින්ක් කොම්පෙටිශන්.

    ReplyDelete
  11. //"හොඳයි, එහෙනං මට මේ ඇක්ස්ට්‍රා ලාජ් එක නෙමේ, ලාර්ජ් එකෙන් පෙට්ටියක් දෙන්නකෝ!" //
    මෙහෙම කිව්වට අන්තිමට හරිගියේ Small size ද දන්නෙත් නැහැ. අපිට කියැයියැ ඒක... හාහාහා...

    ReplyDelete
  12. තව ‍පොඩ්ඩෙන් සේල්ස් ගර්ල් කතන්දරට අන්ඩවෙයා අන්දලම පෙන්නනව.

    ReplyDelete
  13. ඔන්න ඒකනේ අර වෙදනා කියන්නා වගේ අමුඩේ තියෙන පහසුව.තමන්ට ඕන හැටියට එජස් කර ගත්තා.වැඩේ පහසුයි

    ReplyDelete
  14. ජොක්කු ගන්න ගිහින් කතන්දර මාර කතන්දරනේ අහගෙන තියෙන්නෙ..
    ඒක නෙවෙයි වෙලා තියෙන්නෙ...අර සේල්ස් ගර්ල් කතන්දරගෙ සයිස් එක දැනං ඉඳලද කොහෙද?

    ReplyDelete
  15. ඒ සේල්ස් ගර්ල් හොඳ කෙනෙක් පාටයි!

    නැත්තං කතන්දරට ඕක දෙනවා කොලේ වහලා. පාටි ගවුනුයි, අන්ඩවෙයායි ආය මක්කරලවත් මාරු කරන්ඩ පුලුවන් ඇඳුම් නෙමෙයිනේ.

    ReplyDelete
  16. සුදු කමිසෙයි ජොකයි විතරද ... හික් හික් .... ඒකත් මරු පුල් කිට් එක... කොමද ඕක ඇඳන් පාරෙ යනකොට...

    ReplyDelete
  17. උඩ කෙනා කීවත් වගේ කමීසෙයි ජොකයි විතරයි ..හික් ..

    කමීසෙ ඇඳලා , ජොකාට යට කරලා, ටයි එක දාලා ,බැගී දාලා ගියානම් කෝමද ? !!

    අපේ කඩවල් ව්ල ඉන්න ඇන්ටිලාගෙන් නම් ඕකක් ඉල්ලගන්න බැරුව අපි හරියට දුක් විඳිනවා ..කතන්දරට හම්බවෙච්ච සෙල්ස් ගර්ල් හොඳයි නියමයි ..

    //වට් සයිස් සෑර්? මීඩියම්, ලාජ්, ඇක්ස්ට්‍රා ලාජ්?"//
    //දෙන්න බලන්න.//

    කතන්දරගේ ඉංග්‍රීසි සිංහලට හැරුන තැන තමයි ෆනීම ෆනී තැන

    ReplyDelete
  18. [[ඇපල්, දෙල්, ඒසර්, ඇච්පී, ලෙනොවෝ, ටොෂිබා]]

    ළඟදී ලැප් රාජයෙක් වත් වඩම්මා ගෙන ආවාද?

    ReplyDelete
  19. " හැබැයි බුදු අම්මෝ, ජොක්කු නං එපෝ! "
    හික්..! ඇයි කකා ඒවා යූස් කරන එක නවත්තලද දැන්..? :D

    ReplyDelete
  20. අනේ මන්දා කාකා තහනම් කලාට මම කියෙව්වා. ඒ කෙල්ල නම් හොදයි වගේ. හැබැයි අර රට පුරා ශාඛා තියන සුපිරි කියන රෙදි කඩයක් තියේ ඒකේ ඉන්න කෙල්ලො බලන්නෙ පාරිභෝගිකයො කියන්නෙ හොරු කියලා. එහෙම අයත් ඉන්නවා.

    ReplyDelete
  21. වෙලාවට ඇඳලා බලන්න කියන්න නැතුව ඇත්තේ..

    ReplyDelete
  22. කෙල්ල ඉන ගැන හිතල ද ගැජට් එක ගැන හිතල ද "ඇක්ස්ට්‍රා ලාර්ජ්, ටූ බිග්!" කිවුවේ

    ReplyDelete
  23. හික් හික්!! මොකද්ද මේ මැන්චෙස්ටර් කේස් එක?

    ReplyDelete
  24. හික් හික් . . . . කතන්දරගෙ "එකා ජොලියේ" . . . .

    @බුරතීනෝ:
    මම හිතාන හිටියෙ අර සුප්‍රසිද්ධ "ජොකී" බ්‍රෑන්ඩ් එක නිසා ජොකා ජොකා උනැයි කියල . . . . .

    ප.ලි.
    කතන්දරත් ඇතා උඩ යන්න පුරුදු උනා නං . . . ඔය අවුල් මොකුත් නෑ . . . (හැබැයි එහෙනං අද පෝස්ට් එකත් නෑ)

    ReplyDelete
  25. සුප්‍රසිද්ධ "ඕනමෑන්ටල් " aka "ඕනය" aka "සිකුරටඅදිපති" ජොකෙක් ගන්න ගිහින් සිදු වූ දෙය පහත සඳහන් ලින්ක් එකෙන් ගිහින් කියවන්න

    http://tlr.thelastrow.net/2011/05/09/%e0%b6%b8%e0%b7%92%e0%b6%bd-%e0%b6%9a%e0%b6%bd-%e0%b6%b1%e0%b7%9c%e0%b7%84%e0%b7%90%e0%b6%9a/

    ReplyDelete
  26. ශික් කියවගෙන යද්දී මම හිතුවේ කෙල්ල කතන්දරට ජොකා අන්දලම බලයි කියල නෙව.... :D

    ReplyDelete
  27. ක.ශු. ඇඳුන් ගලෝල තියෙන්නෙ ලේසි පොරකගෙ නෙමේනෙ, ඕස්ට්‍රේලියන් ක්‍රිකට් කප්පියගෙනෙ........

    ReplyDelete
  28. මැන්චෙස්ටර් ෂර්ට්! ස්ටාටරේ ගහල ගොහින්වද්ද?

    ඕනම (උඩ ) ඇඳුමක් ගන්නකොට ඇඳල බලන එක හොඳ පුරුද්දක්. මොකද බ්‍රෑන්ඩ් එකෙන් එකට පොඩි පොඩි දිග පළලෙ වෙනස්කම් තීනව.

    ජොකා කියන්නෙ මමත් හිතන්නෙ "ජොකී" බ්‍රෑන්ඩ් එකෙන් හැදුන වචනයක් කියලයි (ජොකී =ජොකිය= ජොකා උනා!! ).

    ජොකාගෙ සයිස් එකෙන් අනික් ඒව ගැන හිතාගන්න එක පොතේ කවරෙන් පොත ගැන හිතා ගන්නව වගේ බොඳ වැඩක්.

    ReplyDelete
  29. වැඩෙ චාටර් උනත් කෙල්ල හොඳ නිසා ඔයින් ගියා නැත්නම් අර එක්ස්ට්‍රා ලාර්ජ් ජොක්කුට ටිකට මක්කෙයි කොරන්නේ නේද ? (පාරට, අල්ලපු ගෙවල් වලට එහෙම පේන්න ගෙදර වැලේ වනල තියන්න පුලුවන් ඔනි නම් නේද , අභිමානවත් නේ )

    ක්ලාක් අය්යට මෙච්චර කොලිටි ඇඟක් තියනව මම දැනගෙන හිටියේ නැනේ

    ReplyDelete
  30. කතන්දර හොඳ වෙලාවට ස්ටාටරේට කොහු මිටෙන් ගැහුවේ... :D පත්තු උන පාර හිනාව නවත්තගත්තේ බෝම අමාරුවෙන්... ඔන්න මගේ වොකැබ් එකට දා ගත්තා..

    ReplyDelete
  31. ඔය ජොකාට සමහර ගමේගොඩේ අය කියන්නේ සස්පෙන්ඩර් එක කියල . ඒක කොහෙම ආව එකද්ද මන්ද ?

    Anasely

    ReplyDelete
  32. @ All
    මැන්චෙස්ටර් ගැන තියෙන සඳහනත් මේ කතාවේම කොටසක් කියලයි මට එදා හිතුනේ.

    ස්ටාටර් ගහල ගිය ටියුබ් ලයිට්කාරයෝ දහ දෙනෙක් විතර මට ඊ-මේල් එවා වැඩේ අහගත්තා!

    අනිත් අයට ඒ කෑල්ල තේරිලා වගේ!

    ReplyDelete
    Replies
    1. මට තේරුනෙත් නෑ නෙව :/

      Delete
  33. මට තෑගි වශයෙන් ලැබුනොත් බොහෝ විට ලැබෙන්නේ මැන්චෙස්ටර් වර්ගයේ අත් දිග කමිස ය. ඒ නිසා, සේල්ස් ගර්ලගේ ඇඳුම ගැන සිතාගන්නට හැකිය. ඒත් මා හිතන තේරුම කතන්දරකාරයා අදහස් කළේද යන්න නොදනිමි.
    ජොකෙක් ගන්නට කඩයකට ගිය මගේ මිත්‍රයෙක්ගෙන් සේල්ස් ගර්ල් කෙනෙක් සයිස් එක අහපුවහම මිනිහ එක අතක් දික් කරල අනිත් අත දික් කරපු අතේ වැලමිට හරියෙන් තියල ‍"මෙන්න මෙච්චර විතර ඇති" කියල කිව්වලු.
    -ට්‍රැෆික් ඇනෝ

    ReplyDelete
  34. සමාවෙන්න. වැළමිට නෙවෙයි මැණික්කටුව

    ReplyDelete
  35. mama nam yanne uncle la inna kadayak balala! dawasak ape kandy porakgen size ahuwama meeka qwa agal 4ia kiyala hemeeta! mata marenna hina! :) sira kathawa! :) welawata kade senaga hitiyee naa! mudalaliyai apie amaruwen pahadili kalee size kiyana widiya! :D

    ReplyDelete
  36. ග්‍රීස් යකා25 August 2011 at 00:17

    ජෝකා කියන වචනය ආවේ jockey brand එකෙන් නම් ලන්කට් කියන වචනය ආවේ කොහෙන්ද ? කාන්තා යට ඇඳුම ලන්කට් යනුවෙන් හදුන්වා ඇත්තේ S .B . ලොක්කා පමණි.කාන්තා යට ඇඳුම ට ජංගිය ඇරෙන්න වෙනත් පාරිභාෂික වචන තිබේද?

    ReplyDelete
  37. බලන්න මෙතන.

    http://en.wikipedia.org/wiki/Jock

    Jocks, male briefs, including "jockey shorts" and (in Australia) most other styles

    ReplyDelete
  38. http://en.wikipedia.org/wiki/Jockstrap

    ReplyDelete
  39. පප් කාරය දැන් ජොක්කු විකුනන්නත් පටන් අරන්ද? ලාරට ඇස්ටන් මාටින් අරන් දීල අතේ සතේ නැතුව ඇති. පව්!

    ReplyDelete
  40. මේක කියවගෙන යනකොට මම කලින් බලපු මෙව්ව් පිලුම් එකක් මතක උනාය කියපල්ලකෝ. ඒක තාමත් මගේ ලග ඇති. දැන් හොයන්න ඕනේ ඒක. ආයෙත් බලන්න ආස හිතුන.

    ReplyDelete
  41. " මං ඉතිං එකක් තෝරලා ගත්තා. සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව එකදාස් ගානක එකක්. "

    "මට හරියන්නේ "ඇක්ස්ට්‍රා ලාජ්" බලාගෙන යන කොට. අන්තිමේදී ඒකට ගෙඩි රුපියල් හත්සීයක් ම ගියා! "

    ".... මැන්චෙස්ටර් වර්ගයේ අත් දිග ෂර්ට් එකක් ඇඳලා යි හිටියේ."

    "අද නං ඇනෝවා ලා මට නාර්සිසිසම් රෝගය තියේය කියලා කමෙන්ටු දාන එකක් නෑ! "

    ReplyDelete
  42. Manchester කිව්වෙ Man + Chest වගේ එකක්ද? ;-)

    ReplyDelete
  43. ඔයින් ගියා මදෑ, මේ ඒක නෙමේ හොරණ කො‍හෙද නෑදෑ ගේ තියෙන්නෙ, මමත් ඒ අහල පහලනේ .......

    ReplyDelete
  44. මේ මැන්චෙස්ටර් කමිස ගැන මං හිතුවේ ඝංටාර මාක් සරම් වගේ ජාතියක් කියලයි. නැත්තං අර ගංවතුර කියල දිග කලිසම් වර්ගයක් තියෙන්නෙ. මොකද ඉස්සර කාලෙ තිබුන මැන්චෙස්ටර් අත් ඔරලෝසුව ‍වටිනා කියන එකක්ලුනෙ. ඉතින් අත් දිග කමිසයක් ඇන්දහම ඔරලෝසුව වැහුනොත් වැඩක් නෑ. ඒ නිසා ෂර්ට් එකේ අත ටිකක් කොටට තියනවනං තමයි ‍හොඳ.
    මගේ ටියුබ් ලයිට් එක ගැන අනුකම්පා කරලා කතන්දරකාරයා මට ඊ මේල් ‍එකක් එවල තිබුනා.
    මේ සිද්ධියෙදි මට මතක් උනේ අර ඉන්දියාවෙ සී ඊ බී එක, නෑ නෑ ඉන්දියන් ඉලෙක්ට්රික් කම්පැනි එක බිල් ගෙවපු නැති පොරකගෙ ලයිට් කපන්න ගිහින් වෙච්ච ඇබැද්දිය.
    (ඒක සිංහලෙන් කියෙව්වට ගතිය එ‍න්නෙ නැති නිසා මෙතන ලියන්නෙ නෑ)

    ට්රැෆික් ඇනෝ

    ReplyDelete
  45. @ Buratheno
    ජොකා ඇඳල බලන්න වෙන්නේ සුපර්මැන් වගේ තමයි!
    කලිසමට උඩින්!

    ReplyDelete
  46. @ Weni
    සයිස් කීවේ කවුරු හරි ෆාදර්ස් ඩේ එකට වත් තෑග්ගක් දෙයිද බලන්නයි!

    ReplyDelete
  47. @ prasanna86k
    බුදු අම්මෝ!

    ReplyDelete
  48. @ Ran
    Thank you, thank you!
    ඔයාට ලොකු වැඩි හින්ද නේද මට දෙන්නේ?

    ReplyDelete
  49. @ පූසා
    පූසෝ ඉන්න තැන බයේ බෑ!

    ReplyDelete
  50. @ ගීතක
    මටත් තේරුනේ ඒක තමයි. පෙට්ටියේ වගුව එකක්. ඇතුලේ එකක්. හොර ලේබල් මේවා!

    ReplyDelete
  51. @ Ano
    ජොක්කු නැතුව කොක්කු කියන්නද?

    ReplyDelete
  52. @ කතන්දර(ge)මාමා
    ආ මාමත් ඇවිත්! ආයිබෝං මාමේ. කෝ දුව?

    ReplyDelete
  53. @ බුරා
    ඇනෝවියක් මයෙ හිතේ. ඔය ලජ්ජාවට. ඇයි එපා කියලත් ආවනේ බලන්න කතන්දරේ!

    ReplyDelete
  54. @ මාතලන්
    රා බොන්න මොකටද බං නාන ඇඳුම්? බොනවද, නානවද?

    ReplyDelete
  55. @ දිනේෂ් දීපාල්
    ෂිහ්, හොර බොරු නෑ, හරිය? නියම රාත්තල!

    ReplyDelete
  56. @ Praසන්ன
    මට හිතුනේ ඔතන වෙන හොරයක් තිබුණා කියලයි!

    ReplyDelete
  57. @ විලම්බීත
    ෆ්‍රී ඇන්ඩ් ඊසි තමයි මෙයා ඊටත් වඩා හොඳ!

    ReplyDelete
  58. @ ඉන්දික
    මට නං හිතුනේම වෙන දෙයක්!

    ReplyDelete
  59. @ බුද්ධි
    හොඳ වෙලාවට මේකට සිත්තරයක් නෑ. තිබුණනං එක්කෝ කොටු, නැත්තං තනිකරම අඳුරුයි!

    ReplyDelete
  60. @ ප්‍රසංග
    නිකං රජතුමා වගේ තමයි. යට කෑල්ල පේන්නේ උගතුන්ට විතරයි!

    ReplyDelete
  61. @ හිස් අහස
    මට හිතාගන්න බැරිවුණු අනිත් දෙය තමයි ඇයි ඒ සේල්ස් ඇත්තී මට ඉංගිරිසියෙන් කතා කලේ කියලා!

    ReplyDelete
  62. @ Sujeewa Kokawala
    ඔය වගේ නම් තමයි තිබුනේ ජොක්කුන්ට දාලා!

    ReplyDelete
  63. @ sudheera
    අනේ නෑ, දුන්නොත් ගන්නවා. හැබැයි සයිස් එක හරියන්න ඕනෑනේ!

    ReplyDelete
  64. @ සංජු
    පාරිබෝගික යාට සැලකීම ගැන නං කවර කතාද?
    මට තව හොඳ කතන්දරයක් තියෙනවා ඒ ගැනත් කියන්න!

    ReplyDelete
  65. @ චතුර
    ඇන්ද නං ඉතිං සුපර් මෑන් ස්ටයිල් එකෙන් තමයි!

    ReplyDelete
  66. @ blog gadol
    මැන්චෙස්ටර් පහතින් විස්තර කර ඇත!

    ReplyDelete
  67. @ ඕනයා
    මං කිව්වනේ ෆ්‍රී ඇන්ඩ් ඊසි තමයි හොඳම ඔප්ෂන් එක කියලා!

    ReplyDelete
  68. @ අහා!
    නිරීක්‍ෂක තෙමේ බස් පෙරලීමෙහි ද සමතෙක් බව පෙනේ!

    ReplyDelete
  69. @ Soda ගුනේ
    අපේ සීය ගැන මේ කතාව කියවල තියෙනවද?
    http://kathandara.blogspot.com/2010/02/blog-post_26.html

    ReplyDelete
  70. @ Observer
    පොර ගැලෙව්වේ ලාරා බිංගල් ගේ.

    ReplyDelete
  71. @ ඉන්දික උපශාන්ත සහ සියළු දෙනාටම

    මෙන්න මැන්චෙස්ටර් ෂර්ට් කතාව.

    Man + Chest + (er) = Manchester = A woman with samll (man like) breasts.

    ඒ කියන්නේ පුරාතන, මධ්‍යතන හෙම නෙමේ නූතන!
    http://kathandara.blogspot.com/2011/06/ancient-medieval-and-modern-hey-wait.html

    මේ සේල්ස් තැනැත්තී ඇඳල හිටියේ නූතන Manchester වර්ගයේ තමිසයක්

    ReplyDelete
  72. @ Buwa
    ක්ලාක් ගැන ඔහේ කොහොමෙයි දැන ගන්නේ. ඒක අහන්න බිංගල්ගෙන්!

    ReplyDelete
  73. @ sudheera
    දාගෙන විතරක් මදි පාවිච්චි කරන්න.

    ReplyDelete
  74. @ Anasely
    සස්පෙන්ඩර් කියන්නේ උඩිනුත් එල්ලිලා තියෙන ජොක්කුන්ටයි.

    ReplyDelete
  75. @ ට්‍රැෆික් ඇනෝ
    ඊ-මේලය බැලුවානේ. ඔය යාළුවාගේ කතාව හරියට අර ෆෝම් එකක sex කියන තැන occassionaly කියල ලියපු පොරගේ කතාව වගේ!

    ReplyDelete
  76. @ ට්‍රැෆික්
    වැලමිට පෙන්නුව නං කෙල්ල කලන්තේ දාන්න ඇති!

    ReplyDelete
  77. @ " මාධව - மாதவ - Madhawa "
    නිදා ගෙන හිටිය වෙලාවක වෙන්නැති නේ!

    ReplyDelete
  78. @ ග්‍රීස් යකා
    මං හිතුවේ ග්‍රීස් යක්කු යන්නේ සේරම ගලවලා ෆුල් සිවිල් පිට කියලනේ!

    ReplyDelete
  79. @ Ano - 25 Aug 1:08am

    Thanks a lot for the link. Please use A tags to get them to work on click.

    ReplyDelete
  80. @ Ano - 25 Aug 1:12am

    Please see above reply.

    ReplyDelete
  81. @ මුහුදු කොල්ලකාරයා
    ඇයි අරවින්දල සොසේජස් විකුණුවේ, මේවා සොසේජස් වහන ඒවා!

    ReplyDelete
  82. @ ADK කොලුවා
    මයිකල්ව දැකලාද මෙව්ව මතක් වුනේ?

    ReplyDelete
  83. @ Ano - 25 Aug 11:22 am

    ඇයි අර ඇක්ස්ට්‍රා ලාජ් එපා කියන එක, ඒක දැක්කේ නැද්ද?
    මැන්චෙස්ටර් පිළිබද උඩින් දමා ඇති පිළිතුර බලන්න.

    ReplyDelete
  84. @ Ano - 25 Aug 12:17pm

    හරියට හරි!

    ReplyDelete
  85. @ පන්සල් හන්දිය
    හොරණ කිව්වාම ඉතිං වීදාගම ඉඳලා ඉංගිරියටත්, මුණගම ඉදලා මතුගමටත් අපි අපිම තමයි.

    ReplyDelete
  86. @ ට්‍රැෆික් ඇනෝ
    ඉතිං දාන්න ඔරිජිනල් එකම!

    ReplyDelete
  87. @ All
    සියළු දෙනාටම

    උත්තර බැඳලාම අත රිදෙනවා.

    මෙතන මට හිතුනු විදියට කතාව තමයි මේ සේල්ස් ඇත්ති , ඇත්තටම ඇත්තියෙක්ද කියන එක.

    පුදුම ආසාවක් තිබුනේ ජොක්කු අතගාලා බලන්න.

    මැන්චෙස්ටර් කමිසෙත් මට ඇල්ලවේ නෑ!

    ReplyDelete
  88. @ All
    සියළුදෙනාටම ස්තුතියි. හෙට නැවත හමුවෙමු.

    ඊයේ මේ කතන්දර බ්ලොග් ඉතිහාසයේ දිනකට වැඩිම හිට්ස් ගාන, එනම් 3097 ක් ලැබුණු බව සතුටින් දැනුම් දෙමි.

    ස්තුතියි.

    ReplyDelete
  89. ඕක තමා රට පිස්සුව ගැහුවාම . නිකාං සල්ලි වියදම් කරනවා. අන්තිමට කෙල්ලත් දැන ගත්ත සයිස් එක. දෙකයි පනහක් දීල කම්බි ලේන්සුවකුයි ගෝනි ලනුවකුයි ගන්නෙ නැතිව.. කම්බි ලේන්සුවෙන් හදිසියකට පිටි ටිකක් තම්බ ගන්නත් පුළුවන්.

    ReplyDelete
  90. digatama liyanna. hari shoak

    ReplyDelete
  91. ජොක්කු ගැන දැකපු වැඩිම කොමෙන්ට් ගාන දැක්කෙ අද. කරුණු ටික ඔක්කොම එකතුකරලා විකිපීඩියා එන්ට්‍රියක් දාන්න පුලුවන්.
    henryblogwalker aka Dude

    ReplyDelete
  92. ඔය වගේ ඒවාට කොල්ලෙක් දැම්ම නම් ඉවරයි නේ කඩ කාරයෝ,මම පටියක් ගන්න ගිහිනුත් දවසක් ඔය වගේ කට්ටක් කෑව :P

    ReplyDelete
  93. This comment has been removed by the author.

    ReplyDelete
  94. මටත් හිතුනා ජොකෙක් ගන්න ‍කොහෙද හැබෑට ‍ෂොප් එක තියෙන්නෙ

    ReplyDelete
  95. mage statareta kosu parak deepallakooooo.....

    ReplyDelete
  96. සේල්ස් ඇත්තී22 March 2012 at 07:53

    ඇත්තටම මම දුන්නේ small එකක්, එත් කතන්දර අයියගේ පෞරුෂය බිදෙයි කියල තමයි large කිව්වේ

    ReplyDelete
  97. This comment has been removed by the author.

    ReplyDelete
  98. ඇඩේ සේල්ස් අත්තිටම කිව්වනම් අන්දවන්න කියල නාකද?

    ReplyDelete
  99. ඔය කඩේ කොහෙද තියෙන්නේ කකා ..? මටත් ජෝක්කු දෙන්නෙක් තුන්දෙනෙක් ගන්න ඕනේ..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.