Showing posts with label කක්කා කතන්දර. Show all posts
Showing posts with label කක්කා කතන්දර. Show all posts

Monday, 19 March 2012

පුක පිහදාන කක්කි කොල සහ සුද්දෝ - Toilet papers and cleanliness


ගලක් උඩ කක්කි කරපු පූසෙක් ඒ ගූ ගොඩ වහගන්න විදියක් නැතුව චාටර් වෙන විදිය ගැන කියවෙන "ගල-උඩ පැහැරූ බළලා වගේ!" කියන ආත්තෝපදේශ වැකිය දන්නවා නේද?

ඉස්සර වගේ නෙමේ මේ අන්තර්ජාල ඩිජිටල් කැමරා යුගයේදී ඒ කළ වැරදි සඟවාලා, සාක්‍ෂි පුච්චලා දැම්මත් වැඩක් නැති බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ?

ඔය විදියට පූසෙක් කක්කා දානවා දැකපු හිම වලහෙක් ඒකට වලියක් ඇදලා.

ඔන්න එතකොට පූසාට සංකේතාත්මකව මල පැනලා මෙන්න මෙහෙම කීවලු.

"අනේ බොල හිම වලහෝ! කක්කා දාලා හෝදන්නේ නැතුව පස්ස පැත්ත කොලවලින් පිහදාන උඹද එන්නේ මේ මට උපදෙස් දෙන්න?"

ඔය කක්කි කළාට පස්සේ පස්ස පැත්ත පිහදාන කොල වර්ගයට කියන්නේ ටොයිලට් පේපර් කියලයි. සිංහලෙන් කියන්න පුළුවනි එක්කෝ "පුක්-කොල" නැත්තම් "කක්කි කොල" කියලා.

බැංකුවක වැඩකරන මගේ ඇන්ටි කෙනෙක් ඔෆීසියේ තියෙන ඇඩින් මැසිමකට දාන කොල රෝලක අන්තිමට ඉතුරුවෙන කොට කීපයක් මං පොඩි කාලේ මට ගෙනත් දුන්නා කටුවැඩ කරන්න. මං පස්සේ දැනගත්තු විදියට මේවා නිව්ස් ප්‍රින්ට් කොල. හරිම අඳුරු පාටයි.

සුදුපාට හාෆ්ෂීට් දැකලා තිබුණු මං මේ කොල රෝල දැක්ක ගමන් කීවේ "මේවා නිකං පුක පිහදාන කොල වගේ නේ!" කියලායි. එහෙම කිව්වට මං ඒ වෙන කොට කක්කි කොල ප්‍රැක්ටිකලි පාවිච්චි කරලා තිබුණේ නෑ.

ඒ වාසනාව මට උදාවුනේ පේරාදෙනියෙන් අවුට්වෙලා මැවිසුරු සේවය කරන අතරතුර තායිලන්තයේ පස්තාච්චි වැඩේට සෙට් වුණාට පස්සේයි.

තායිලන්තේ බෙහොමයක් වැසිකිලිවල කක්ක දාලා පස්ස පැත්ත හෝදන්න අර බිඩේ ෂවර් කියන වතුර ජෙට් හයි කරල තිබුණට මං හිටපු ශිෂ්‍ය නේවාසිකාරවල නං ඒ උපකරණය තිබුණේ නෑ.

ඒ වෙනුවට අපේ පිහිටට තිබුණේ කක්කි කොල තමයි.

කක්ක කරලා පස්ස පැත්ත කක්කි කොලවලින් පිහදානවාය කියලා හිම වලසුන්ට හිනාවෙන පූසෝ අමතක කරන දෙයක් තමයි ටොයිලට් ලඟම බාත්රූම් තියෙන බව.

හිම වලසුන් ඉන්න උත්තරධ්‍රැවය ගැන නං මං දන්නේ නෑ. තායිලන්තයේ දී මං නං කෙරුවේ කක්ක දාලා පස්ස පැත්ත කක්කි කොල වලින් පිහදාලා අත ලඟම තියෙන ෂවර් එකට යන එකයි.

එක්කෝ නාලා නැත්තං ඇඟපත හෝදාගෙන ෂවර් එකෙන් එලියට එනකොට කොයි පූසත් අපිට පරාදයි!

-කතන්දරකාරයා

ප/ලි
අනුන් ගේ පස්ස හෝදන විදිය ගැන කතා කරන වෙලේ අර ගල උඩ පැහැරූ එකෙන් ඉගෙන ගත්ත පාඩම් ගැන යමක් කළොත් නරකද කියලයි මට හිතෙන්නේ.

(image: http://www.coolchaser.com/graphics/568604)

Tuesday, 8 November 2011

කක්ක පාට මොන පාටද? - If its brown, flush it down!


මං පොඩිම පොඩි කාලේ, ඒ කියන්නේ ඉස්කෝලේ හෝඩියේ, දෙකේ පන්තිවල ඉන්න කාලේ, මූදු වෙරලක දර්ශනයක්, චීත්ත මෝස්තරයක් වගේ චිත්‍ර ඇන්දට, ඒවා කළු-සුදු ඒවා විතරයි මට මතක විදියට. වෛවර්ණ චිත්‍ර අඳින්න පටන් ගත්තේ තුනේ පන්තියේ දී යි.

ඇත්තටම, තුනේ පන්තියේ දී සතියට එක පීරියඩ් එකක් තිබුණා චිත්‍රවලට. වාර විභාගවලට විභාගයකුත් තියලා ලකුණුත් දුන්නා.

අපිට චිත්‍ර අඳින්න කියලා තිබුනේ සුදුපාට කොළ තියෙන චිත්‍ර පොතේ පැන්සලෙනුයි. ඊට පස්සේ තමයි පාට කරන්න ඕනෑ.

මේ චිත්‍ර පාට කරන්න ක්‍රම කීපයක් තිබුණා.

අපිට අමාරුම ක්‍රමය තමයි දිය සායම් වලින් පාට කරන එක. මේ දිය සායම් පොඩිත්තං ටියුබ්වලයි එන්නේ. පොඩ්ඩක් වතුරේ දිය කරගෙන පින්සලෙනුයි පාට කරන්න ඕනෑ. මේක මහා වාතයක්. වතුර හැලෙනවා, හැම තැනම පාට ගෑවෙනවා, මල ජරාවක්.

ඊට වැඩිය ලේසිම ක්‍රමය තමයි පාට පැන්සල්. පාට හයේ, දොලහේ පාට පැන්සල් පෙට්ටි තිබුණා. උල් කරලා අරගෙන සාමාන්‍ය ලියන පැන්සල් වගේ පාවිච්චි කරන්න පුළුවනි. හැබැයි පාට පැන්සල් වැඩේ එච්චර කලර්ෆුල් නෑ!

අපි හුඟ දෙනෙක් ගේ ප්‍රියතම ක්‍රමය වුනේ ඉටි වගේ ජාතියකින් හදල තිබුණ පැස්ටල් කූරු වලින් චිත්‍ර පාට කරන එකයි.

පැස්ටල් කූරු කියන්නේ හුණු කූරු වගේ, හැබැයි ඊට වඩා පොඩි පාට පාට සිලින්ඩිකා-කාර කූරු ජාතියක්. කූරට කවරයක් අන්දෝලා, එක පැත්තක් විතරක් උල් කරලා තිබුණා. ඒ පැත්තෙන් තමයි පාට කරන්නේ.

මං හිතන විදියට ඒ දවස්වල ලංකාවේ තිබුණු එකම පැස්ටල් කූරු ජාතිය හොම්රන් පැස්! ඒ ෆැක්ටරිය තිබුනේ දළුගම කැම්පස් එක පැත්තේ.

අපි දන්නවා නේ මූලික වර්ණ තුනයි තියෙන්නේ කියලා. ඒවා එකිනෙක අඩුවැඩි ප්‍රමාණයෙන් කවලම් කරගෙන තව විවිධ වර්ණ මිලියන් ගාණක් හදාගන්න පුළුවන්.

මිලියන් ගාණක් පාට කෙසේ වෙතත්, ඒ දවස්වල අපේ ප්‍රශ්ණය වුනේ හොම්රන් පැස් පාට විසිහතරේ පෙට්ටියේ තියෙන පැස්ටල් පාට විසි හතරෙන් සුදු, කළු, රතු, නිල්, කොල වගේ කීපය හැරුණ්ම ඉතුරු ඒවා, වචනයෙන් අඳුණාගන්න එකයි.

අපි බොහෝ විට මූලික වර්ණවල විවිධ ප්‍රබේධ අඳුණාගන්නේ අපි දන්නා වෙනත් ස්වභාවික දේවල්වල පාටවලට සාපේක්‍ෂවයි. කෙහෙල් දලු කොල පාට, ස්කයි බ්ලූ ඒ කියන්නේ අහසේ නිල් පාට, ලේ රතු පාට, මඩ පාට වගේ නම්වලින් පාට තියෙන්නේ ඒ අනුවයි.

මේ ලඟදී කිරිකෝපි ගේ බුකියේ දාලා තිබුණා මේකට අදාල මරු කෑල්ලක්.

ඒකේ අහලා තිබුනේ දොඩම්වලට ඔරේන්ජ් කියනවා නම්, ඔරේන්ජ් පාටට තැඹිලි පාට කියනවා නම්, තැඹිලිවලට කිං කොකන්ට් කියනවා නම්, එහෙනං දොඩම් කියන්නේ කිං-කොකනට් ද වගේ කතාවක්.

අපිත් ඉතිං ඔය වගේ තැඹිලි කුරුම්බා නම් වලින් එක එක හොම්රන් පැස් පාට නම් කරලයි තිබුනේ.

හැබැයි හොම්රන් පැස් විසි හතරේ පැක් එකේ කිසිම මලක, පලතුරක අහලින්වත් තියන්න බැරි පාටක් තිබුණා.

මේක දුඹුරු පාටට වඩා රතු පාටයි, හැබැයි රතු පාටට වඩා කහ පාටයි. කහ පාටට වඩා කළු පාටයි. ඔය පාට තුන හතර මැද්දේ තිබුණු මහා විජ්ජුම්බර, අළුගුත්තේරු, මස්තබාල්දු පාටක් මේක.

පලතුරු, මල්, අහස, මුහුද, පොළොව වගේ නොවුණත් වෙනත් ස්වාභාවික දෙයක් හරියටම මේ පාට වගේ නේද කියලා අපි කොයි කාටත් හිතුනේ ස්වභාවිකවමයි.

ඇත්තම කියනවා නම් මේ පාට අපි හොඳ ශරීර සෞඛයෙන් ඉන්නවා නම් අඩු ගානේ දවසට එක පාරක් විතර දකින පාටක්.

අමුතුවෙන් කියන්න ඕනි නෑනේ, මේක තමයි කක්ක පාට!

-කතන්දරකාරයා

ප/ලි:
යුනිවසිටියෙන් අවුට් වෙලා රෙදි මහන පැක්ටේරියක වැඩට ගියවෙලේ ඔන්න ඉගෙන ගත්තා මේ පාටේ ඉංගිරිසි නම බේජ් ය කියලා.

හැබැයි එහෙම නම් ඇයි,
    If it's yellow,
        Let it mellow
            If it's brown,
                Flush it down
කියන කවියේ බේජ් කියලා නැත්තේ?

මං චාට් එකක බලද්දී නං ඒකේ හැටියට බේජ් කියන්නේ වෙනිං ලා පාටක් (RBG=#f5f5dc). මට හිතෙන්නේ ඩාක් ඔරේන්ජ් තමයි හොඳම නම. ඒ කියන්නේ තද King Coconut!

ඒ කොහොම වුනත්, ඉංගිරිසි කාරයින් ගේ කක්කා, කක්ක පාට නෙමේ!

(image: http://www.shawwallace.lk/fmcg/index.php)