Friday 21 May 2010

ඔන්න බබා තෙමාගෙන


චූ කතන්දර නැගලා යනවා, ඔන්න මාතලං ගොයියත් දාලා එකක් ඊයෙ පෙරේදා. මේක බෝවෙන ලෙඩක් වගේ වෙලා!

ඔය අස්සෙ නම කියන්න අකමැති කතන්දර පාඨකයෙකුත් චූ කතාවක් එවා තියෙනවා මගේ බ්ලොග් එකේ දාන්න කියලා. මෙන්න ඒක.

=======================================================
අපි ඕ ලෙවල් කරපු කාලේ දවල් වරුවේ ගමේ ඇවිදිනවා සයිකල් වලින්.

අපේ යාළුවෙක් හිටියා පාලිත කියලා. දවසක් අපි ඉස්කෝලෙ ලඟින් යන කොට පොරට චූ බරක් ආවා.

අපි මිනිහට කිව්වා, "උඹ ඉස්සරහ වංගුව ගාවදි චූ කරපං, අපි බලන්නං කවුරුහරි එනවද කියලා".

ඔන්න අපි දැක්කා අපේ පන්තියේ කෙල්ලෝ ටිකක් එනවා, ඒත් අපි පාලිතට කිව්වේ නෑ.

කෙල්ලෝ ටික වංගුවෙන් මතුවෙන කොටම පාලිත දැක්කා උන්ව. පොරට වෙන මොකවත් කරගන්න බැරුව සරම පහලට දාලා අපි ගාවට ආවා. එතකොට කෙල්ලෝ ටිකත් අපි ගාවටම ඇවිත්.

දැන් අර කෙල්ලෝ අපිත් එක්ක කතා කරනවා. පාලිතත් මුකුත් වුනේ නෑ වගේ ඉන්නවා.

මං මිනිහ ගේ සරම දිහා බලනකොට සරම පහලට තෙත් වේගෙන යනවා. බැලින්නම් එතකොටත් මිනිහට කොන්ට්‍රෝල් නැතුව චූ යනවා.

ඊට පස්සේ වුනු දේවල් කියන්න ඕනැ නැහැනේ?
=======================================================

මට නං ඒ කරපු වැඩේ අනුමත කරන්න බෑ කොහෙත්ම. ඒත් ඉතිං ඕ ලෙවල්කාර කොල්ලන් ගෙ අඳ බාල වැඩනේ.

ඔය කතන්දරේ කියවපුවාම මට මතක් වුනේ මේකයි.

දැන් සති දෙක තුනකට විතර කලින් අරුණි ෂැපිරෝ ගේ බ්ලොග් එකේ මං දාපු කමෙන්ට් එකකට අරුණි කියල තිබුණු දේ නිසා මට තේරුණා, බුදුහාමුදුරුවෝ කියල දුන්නු "පාප මිත්‍රයෝ" හතර වර්ගය ගැන සමහරු දන්නේ නෑ කියලා.

නොදන්න අයට මෙන්න ඒ විස්තරඃ

අන්නදත්තුහර: අපේ තියෙන දෙයක් කඩා වඩා ගන්නම බලන, කවදාකවත් උදව්වක් නොකරන උං.

වචීපරම: කයිය නං දෙනව උදව්කරන්නං කියල, ඒත් කතාව විතරයි, වැඩ නෑ.

අනුපියභානී: මේ ගොල්ලො අපි මොකක් හරි වැරදි වැඩක් කරන්න ගියත් ඒක අනුමත කරනව. අපිට කවදාකවත් හොඳ ඇඩ්වයිස් එකක් දෙන්නෙ නෑ.

අපායසහාය: අපිව අමාරුවේ දාන්නමයි මේ කෂ්ටිය බලන්නෙ.

වැඩි විස්තර මෙතනින්:
http://www.dailynews.lk/2009/11/02/fea26.asp

කතන්දරකාරයා

ප/ලිඃ පුළුවන් නම් උත්දර දෙන්න!
අද කතාවේ ප්‍රධාන චරිතය වන උපාලි ට හිටියේ කවර වර්ගයේ මිතුරන්ද?

21 comments:

  1. හික් හික්...සිරා කතාව!!!! තෙමාගත්තු යාලුවට නං එච්චරටම සිරා නැතුව ඇති..:)

    ReplyDelete
  2. පාලිතට හිටියේ මට හිතෙන විදිහට වචී පරම ම්ත්‍රයෝ

    ReplyDelete
  3. උත්තරේ අපාය සහාය... මාවත් ඒ ගොඩටම දාගන්න.....

    ReplyDelete
  4. උපාලි කියල චරිතයක් නෑනෙ .....
    පාලිතට නං මං හිතන්න‍‍ෙන අපාය සහය

    ReplyDelete
  5. මේකත් හරියට ගුවන්විදුලියේ මාලානාටක වගේ.. කතාව අවසානයේ සතියේ ප්‍රශ්නය අහනවා.. සැනසිලි තෑගි දෙන්නැද්ද.. :)

    ReplyDelete
  6. උපාලිටත් හැම වරිගයේම මිතුරන් ඇති..... මේ කතාවෙ කියන ප්‍රධාන චරිතෙට මේ කතාවෙදි හිටිය මිතුරන් වචීපරම.....

    ReplyDelete
  7. ඒක තමා අක්කේ මාත් කල්පනා කලේ. කීප දෙනෙක්ම උත්තරේට දීල තිබ්බේ අපාය සහය කියලා. අක්කයි මායි විතරයි වචී පරම කියලා කියන්නේ.

    අපාය සහය මිතුරන් කියන්නේ අපායගාමී වෙන වැඩවලට කරන අය. මෙතැන අපාය ගතවන වැඩකට එකක් දුන්නේ නැහැනේ. මෙතැන වුණේ උදව් දෙන්නම් කියලා වැඩේ මඟ ඇරිය එකනේ නේද ?

    ReplyDelete
  8. ඩේලි නිව්ස් ලිපියේ ඇති සම්පුර්ණ definitions බලන්න.

    ReplyDelete
  9. මහ චූ වැඩක් නෙවැ කොරලා තියෙන්නෙ :D

    ReplyDelete
  10. Please read the full description of four types bad friends :

    1. Annadttuhara - he who visits the friend empty handed and takes away everything possible from the friend’s house, or brings something cheap and takes away something valuable. He will work like a slave in distress with the idea of profiting from his labour.

    2. Vacheeparama - whose help when needed will be mere lip service with no material assistance. Avoids when help is sought with a lame excuse like that the request had come too late or if in an unavoidable situation gives something worthless with plenty of pacifying words.

    3. Anuppiyabhani - aids and abets the friend in committing all sins while assisting in doing good deeds as well. Praises the fiend high in his presence and speaks disparagingly in his absence.

    4. Apayasahaya - he who guides the friend up the garden path encouraging him to indulge in evil deeds like drinking, gambling, loitering at night, and visiting places of ill fame.

    ReplyDelete
  11. මේ කතන්දරය නිසා මට නිකංම බණ පදයක් කියවන්න සිදූවූනා (I read the whole article ). ඒකුසල කර්මයෙන් කතන්දරගේ පියාට ඉක්මන් සූවය ලැබේවා කියා පතමි. සාදූ !.

    ReplyDelete
  12. කතන්දර සූරීන්ගෙන් තවත් චූ කතාවක්, එකෙත් ගතියක් තියෙනවා

    ReplyDelete
  13. choo kataawe awasaanaya bana . . niyamai ., . . menan mehemai practicle vidihata bana kiyanne .. ela

    ReplyDelete
  14. සියළු දෙනාටම ස්තුතියි.

    මගේ විශ්ලේෂණය අද හවසට බලාපොරොත්තු වෙන්න.

    ReplyDelete
  15. බොහොම කාලෙකින් කතන්දර අහන්න ආවෙ. මෙහේ හතර අතින් චූ බේරෙනව නෙවැ :D

    ඒක නෙවෙයි අර මුලින් ම තියෙන මිත්‍ර වර්ගයේ නම ලියන්නෙ අඤ්ඤදත්ථුහර කියලයි.

    ReplyDelete
  16. මම නං හිතන්නෙ අනුපියභානී කියල.

    ReplyDelete
  17. අනේ මන්ද. මේ දවස් වල හැමෝම ලියන්නෙ චූ කතානෙ.
    අපරාදෙ කියන්න බෑ කතාව නම් කුණු කරවල වගේ.
    ගඳයි... ඒ උනාට රහ... කියල වැඩක් නෑ.

    ReplyDelete
  18. තෑන්ක්ස් ආනන්දවර්ධන.
    (ඔන්න ඔයාගෙ නම මහප්‍රාණ වරද්දන්නේ නැතුව ලිව්වා!)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.