
මං කියාගෙන ඇවිත් කොනක් ඉතුරු කරපු කතන්දරේ මෙන්න මෙහෙමයි.
මීට අවුරුදු බර ගාණකට කලින් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව අනුග්‍රහය දක්වපු "ටේක් ඉට් ඕ ලීව් ඉට්" කියන ප්‍රශ්ණ විචාරාත්මක රේඩියෝ ෂෝ එක රෙකෝඩ් කරනව බලන්න මං අපේ අංකල් කෙනෙක් එක්ක ගියා. එවෙලේ, සර්ජි අයිසන්ස්ටයින් කියන්නෙ කවුද කියල දන්නෙ නැතුව එක තරගකරුවෙක් අවුට් වුනාම ඒ ප්‍රශ්ණෙට උත්තර දීල මට ලැබුන තෑග්ගක්. පස්සෙ බැලින්නම්, තරගෙට හිටිය අපේ අංකල් දිනපු තෑග්ගයි, මං දිනපු තෑග්ගයි දෙකම එකම එක දේ. මට ඒ තෑග්ගෙන් වැඩක් නෑ. ඒකත් දුන්න අංකල්ටම.
දැන් මේ හදන්නේ මං එවෙලෙ අහපු ප්‍රශ්ණ තුනට උත්තර දෙන්නයි.
මෙන්න ප්‍රශ්ණ තුන.
1. මොකක්ද ඒ ප්‍රශ්ණෙට හරි උත්තරේ දන්නවද?
2. මොකක්ද මට ලැබුණු තෑග්ග කියල හිතාගන්න පුළුවන්ද?
3. මං ඒ තෑග්ගත් අංකල්ට ම දුන්නේ ඇයි?
හුඟ දෙනෙක් දැනගෙන හිටිය පලමුවෙනි ප්‍රශ්ණෙට උත්තරේ නම්.
නිවැරදි පිලිතුර තමයි අයිසන්ස්ටයින් කියන්නෙ රුසියානු ජාතික සිනමාකරුවෙක්ය කියන එක. එදා මං උත්තර දුන්නේ, "හී ඉස් එ සෝවියට් ෆිල්ම් ඩිරෙක්ටර්!" කියලයි.
මොකද මං අයිසන්ස්ටයින් ගැන දැනගත්තෙ "සෝවියට් දේශය" සඟරාවලින් නේ.
දෙවෙනි ප්‍රශ්ණෙනට උත්තරේ තමයි මටයි අංකල්ටයි ලැබිල තිබුණෙ වොට් පහේ පොඩි සයිස් එකේ පාට පාට බල්බ් තුනක පැක් එකක් බැගින් කියන එක.
ඉතිං, ඇයි මං ඒක අපේ අංකල්ට ම දුන්නෙ?
ඇයි හලෝ, මං ඒ බල්බ් අපේ ගෙදර අරං ගිහිං මක් කොරන්නද? අපේ රෑට ගෙදර වැඩ කලේ භූමිතෙල් ලාම්පුවල එළියෙන් නේ.
කතන්දරකාරයා
ප/ලිඃ
ඔය තුන්වෙනි ප්‍රශ්ණෙට හරි උත්තරෙන් මට තව කතන්දර තොගයක්ම ලියන්න පුළුවන් වගේය කියල එදා කිව්වනෙ.
දැං ඉතිං ලියපංකො ඒවත්!!!
හැබැයි, ඊට කලින් දාන්න මං දැනටම ලියපු කඳුළු කතා තියෙනව.
ඊ ලඟට අසංකයි එවපු කතාවක් තියෙනව චූ කතා සීරීස් එකට දාන්න.
ඊලඟට, ඉන්දික එවපු කතාවක් තියෙනව ඉස්කෝලෙ කතා -නපුරු ගුරුවරු සීරිස් එකට මැච් චෙන.
ඒ සේරමත් එක්ක, අපේ චූටි චීචර් එවල තියෙනව තව පොඩි පොඩි කතන්දර දෙක තුනක්ම.
අනේ මන්ද, මටත් ලැබෙන කොන්ත්‍රාත්තු!
kandulu katha nam epa
ReplyDeleteනියම තෑග්ග. ඉතුරු කතා ටිකත් ලියමු.
ReplyDeleteඔක්කොම එකපාර ලිවුවත් කමක් නෑ...
ReplyDeleteඔයා ආතල් නැවක්....
මේ ඒක නෙමේ අළුත් ජොබක් සෙට් උනාද....?
බලගෙන ඉන්නව කියන්න ලියන......
ReplyDeleteඒක නෙමෙයි අර ටීචර් නෝනත් blog ගියන කෙනෙක් ද? මොකද ඒ කතාව තව තැනක පල වෙලා තියෙනව දැක්ක...
ReplyDeleteහැබෑට ග්‍රහ මාරුව කොහොමද? අලුත් රස්සාව එහෙම ලැබුනයි...