මං පොඩි කාලෙ කියවපු සින්දු හෝඩිය මතකයෙන් ගිලිහිලා යන්න කලින් ලියන්න පටන් ගත්තා. මුලින්ම අ-යන්න, ආ-යන්නේ සහ ඇ-යන්නේ සින්දුවල මතක තියෙන කොටස් ලිව්වා.
ඊ ලඟට ද-යන්නේ සින්දුව සෑහෙන්න සාර්ථකව මතක් කර ගත්තා.
මේ පොතේ පසු කාලීන මුද්‍රණයක් තිබුණත් ඒක බලලා මතකේ තියෙන අය කතන්දර බ්ලොග් එක බලන්නේ නැති හැඩයි.
කොහෙම වුනත් මෙන්න අද ත-යන්නෙ සින්දුවේ මට මතක තියෙන කොටස.
ත-යන්නේ සින්දුව
තඹුත්තෙ තල් ගහ ගාවා
තම්බිගෙ තේ වතුර කඩේ
තල ගුලියක් තුට්ටු තුනයි
තවත් වටිනවා
තම්බි එදා තල කොටලා
තල ටික තසිමක තියලා
තව තසිමක් අරං එන්න
පැත්තකට ගියා
තම්බිගෙ තනියට ඉන්නා
තඩි බල්ලා දුවගෙන විත්
තල තසිමට කිට්ටු කලා
හව් හව් ගාලා
ඊලඟ පද ටිකෙන් කියවෙන්නේ තම්බි, බල්ලව තැඹිලි ගහේ බැඳලා තැළුව හැටියි.
අනේ කාට හරි මේ සින්දුව මතක තියෙනවා නම්!
කතන්දරකාරයා
ම් ම් ම්........... මේ පොත කියවලා නැතෝ මම නම්....
ReplyDeleteතඩි තම්බිගේ තඩි බල්ලා
තල ගුලි සේරම කෑවා
තාව යවමි තල්හේනා
කියා තලපි තටිට තරා
මම මෙ නිකමට කීවේ......
මේ පොත කියවන්නෙ නැතිව අපි කොහොමෙයි ඉතිරි ටික දන්නෙ
පොත කියවපු අය එමට ඇති.
ReplyDeleteඒ ගොල්ලො බ්ලොග් එක බලන්නෙ නෑ.
මේකට තරිඳු කියන වචනෙ රිංගව ගන්න බැරි වෙයිද ?
ReplyDeleteබෑනෙ, තරිදු කියල බල්ලොත් නෑ, තම්බිත් නෑ.
ReplyDeleteකොල්ලො විතරයි!
@තරිඳු: ඇත්තටම මේවගේ කල්පනාවල් කොහෙන් එනවද බං උඹලට.... හෙහ් හෙහ් හෙහ්....
ReplyDeleteතිස්ස කියල බල්ලොත් නෑ, තම්බිත් නෑ. කොල්ලො විතරයි!
ReplyDeleteආ, ඇයි රජවරු?
හප්පට සිරි හැබෑම නේන්නම්.... හෙහ් හෙහ් හෙහ්... හිනාවුනා මිසක් ඒක කම්පනාවට අවේම නෑනේ ඒකත් "ත"යන්නෙන් කියලා.... හෙහ් හෙහ් හෙහ්...එල...
ReplyDeleteතිස්සට තියුබ් ලයිට් ද නැත්තම් ටිස්සට ටියුබ් ලයිට් ද?
ReplyDeleteඅර තමුන්නැහැ දවසක් කිව්වා වාගේ ටිකක් විතර ටියුබ් ලයිට් වේගන එනවා අප්පා... ශිහ්.... රූපං ජීරතී....
ReplyDeleteතක තරිකිට තාන් කියා..තරිකිට තක දොන් කියා...තමයි ඉතින් අපි දන්නෙ
ReplyDeleteමේක ලක්බිමෙවත් ගියොත් වැඩි යමක් දැනගන්න ලැබෙයි කියල හිතෙනව. ඇත්තටම රසයි..
තාත්තට දැන් තේර්නවද..
මම හිතං හිටියේ තම්බි කියන්නේ ඉන්සල්ටිං වචනයක් කියලයි. එත් දැන් බලනකොට එක නිකං පෙට් වර්ඩ් එකක්නේ ඉස්සර ?
ReplyDeleteතම්බි කියන්නේ දෙමළෙන් මල්ලිටනේ.
ReplyDeleteමං දන්න තරමින් පසුකාලීනව ලංකාවට ආපු හුඟක් මුස්ලිම් කට්ටිය ආවෙ දකුණු ඉන්දියාවෙන්.
උඹට මාර මතකයක්නේ බං තියෙන්නේ . . .
ReplyDeleteචූටි කාලේ ජංගිය තෙමා ගත්තු හැටි ඉඳන් මතකයි වගේ හික් හික්
අනේ මංද මේ ටික කියවගෙන යනකොට එක එක අකුරු ගැන අහන්න හිතෙනව. ඒත් ඉතින් ඒවට උත්තර දෙන්න ගිහිල්ල කතන්දර අයියගෙ බ්ලොග් එක සින්ඩියෙන් කපා හරින්න ඉඩ තියෙන හින්ද ඕං මම "හික්ස්" කියල හිනාවක් දාල කට පියාගත්ත.
ReplyDeletemaru aaaaa..............
ReplyDelete