Followers

Tuesday, March 16, 2010

කයි කතන්දර - කවි පොතක කතන්දරයක්


කතන්දරකාරය ඒ ලෙවල්ස් කරන කාලෙ ලියපු කවියක් ඊයෙ පෙරේද පොස්ට් එකක දැම්ම. තාම ඒක දැක්කෙ නැති අයට මෙතනින් කියවන්න පුළුවනි.

ඉස්සර කවි ලිව්වට කතන්දරකාරය දැන් නම් ඒ නරක වැඩ කරන්නෙ නෑ. ලියන්නේ කතන්දර විතරමයි.

නමුත් කතන්දරකාරයා, කතන්දර ශූරීන්, කතන්දර රජා වගේ ම කයි-කතන්දරකාරයා කියන නමත් මං හොඳට කැමති එකක්. කොහොමටත් බයිල වලට වඩා කවි හොඳයි නේ!

ඉතිං, අද මට හිතුනා (මුහුදු වෙරළ ගැන කවිය, පෙම් කවිය, දුටුගැමුණු ගැන කවිය, අවකලනය-අවනීතිය කවිය වගේ) එක කවි පන්තියක් ගැන නෙමේ කවි පොතක් ම ගැන ලියන්න.

මේ පොත මං ඉස්සෙල්ලාම දැක්කෙ දැන් අවුරුද්දකට විතර කලින්. පොතේ නම, "සිව් සිත් කව්". රචකයා රසික සූරියආරච්චි. මං වඩාත්ම කැමති කවියෙක් කියල කියන්න පුළුවන් කිසි පැකිලීමක් නැතුව!

"සිව් සිත් කව්" ප්‍රකාශනය කරල තියෙන්නේ, විදර්ශන ප්‍රකාශකයෝ. මේ පොත විදර්ශන ල ගෙ කළුබෝවිල පොත් කඩේ, නුගේගොඩ සරසවි පොත්හල වගෙ තැන්වල තියෙනවා.

ඔය තැනකට වැරදිලාවත් ගියහම දැක්කොත් පොඩ්ඩක් පෙරළලා බලන්න.

මාත් විටින් විට ඔය පොත පෙරලනවා.

ඒකෙ තියෙන කවි වලට මං කැමතියි. හැබැයි මං වැඩියෙන් ම කැමති නං, මේ පොතේ පිට කවරයේ චිත්‍රයටයි. පොතේ නමටම ගැලපෙන එකක්.

රසික සූරියආච්චි ලියපු ගී පදමාලා බලන්න පුළුවනි මෙන්න මේ බ්ලොග් එකෙන්. http://pemgee.blogspot.com/. මේ සයිට් එකේ යුනිකෝඩ් නෑ. තියෙන්නෙ රූප විදතරයි. ඒ හින්ද මේ බ්ලොග් එක සින්ඩිකේටර් එකේ නැති එකක්. හැබැයි පොර අවුරුදු ගණනකින් අප්ඩේට් කරල නෑ වගේ!

එහෙනං ඔන්න අදට ආයිබෝං කිව්වා. පස්සෙ ආයෙ කතා කරමුකෝ.

-කතන්දරකාරයා

8 අදහස්:

  1. "රචකයා රසික සූරියආරච්චි. මං වඩාත්ම කැමති කවියෙක් කියල කියන්න පුළුවන් කිසි පැකිලීමක් නැතුව!"

    ha ha ha . . ela ela . . oya mamath kamati kaviyek . . .. bohoma watina kaviyek . . . dan mama hithanne pora oya kavi liyana wade atahala . . kathandara liyanawa kiyala aaranchiyak tiyenawa . .. . ane manda attada kiyala . . .. hik hik . ..

    ReplyDelete
  2. මම නම් "රසික සූරියආරච්චි" කියන කයි-කතන්දරකාරයාට වගේම පත්තරකාරයටත් ගොඩක් කැමතියි.

    එක දවසක් හම්බ වෙලා කථා කරන්නත් ලැබුනනෙ.ඒ වගේම "රසික සූරියආරච්චිට" දීපු කවි පොතකුත් බිම තිබිල මට හම්බ වුනානෙ...:)

    ReplyDelete
  3. කතන්දරකාරයා, ඔයා ව​ගේම රසික සුරිආරච්චිත් හොද කවියෙක් වගේ නේද? රසික සූරිආරච්චිට කියන්න කවද හරි ආයේ පොතක් එහෙම කරනවනං මං ගානේ පිටකවරෙ හදලා දෙන්ඥං කියලා එයා කැමතිනං!

    ReplyDelete
  4. මාත් විටින් විට ඔය පොත පෙරළලා බලනවා. :P

    ReplyDelete
  5. මගෙ ලඟත් තියෙනවා ඔය පොත. ලස්සන කවි. අපේ රූපිකා නෑනා ඔය කවියෝ හතර දෙනා ගැන විස්තර දන්නවා. එයා තමා අපිට රසික ගේ කවි ඊ-මේල් කළේ. පස්සෙ රසික අපිට කවි ගොඩක් එව්වා. දැන් නම් ටික දවසකින් ආරංචියක් නෑ. හැබැයි සුවෙන් ඉන්න බවට හොඳටම විස්වාසයි. අපිට බූන්දියෙ වෙබ් අඩවි ලිපිනය එව්වෙත් රසික. ඒ නිසා ගොඩ දෙනෙක් අඳුන ගත්තා. ප්‍රියමිතුරන් හඳුන්වා දීමට රසික සමතෙක්. රසික පැටළුනු කවි වාද ගණනක් තියෙනවා කියලා රූපිකා නෑනා කිව්වා. එව්වා අපිටත් කියවන්න ලැබේවිද මන්දා..?

    ReplyDelete
  6. මමත් විදර්ශන ප්‍රකාශකයින්ගෙ හුඟක් පොත් කියවන (කියවපූ) කෙනෙක්...හොඳ තෝරාගැනීමක් ඇතිව පොත් පල කරන ප්‍රකාශන ආයතනයක් එතන...
    කතන්දරකාරයට ස්තූතීයි මේ කවි පොත ගැන කිව්වට..දවසක ඒක කියවන්නම ඕනෙ කියල හිතුනා..

    ReplyDelete
  7. අනේ කසූ ගහ දන්න අපට කොල කඩා පානව නේද ? අපි අහුවෙයි ඕවට.

    ReplyDelete
  8. රසික සූරියආරච්චි වගේම ක.කා. ත් නියමෙට පොත දාන්න දන්නව නේද?

    අපි නොදන්න ර.සු.

    :D

    ප.ලි.

    ඔය පොත කොහෙද ගන්න තියෙන්නෙ. පෝස්ට් එක පරක්කු වෙලා දැක්ක නිසා අහන්නෙ.

    ReplyDelete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).