Wednesday 12 May 2010

චමරියක තව කතාවක් - අපි චූ කළ හැටි


මාසෙකට විතර කලින් මං තනියම බ්ලොග් මැරතන් එකක් දුවන කාලෙ මං කිව්ව චමරියේ කතන්දරේ මතකයි කියල හිතනව. නැත්තං මෙතනින් කියවන්න පුළුවන්.

තාත්ත අසනීප වුණාම ගමේ ගිය නිසා බ්ලොග් ලිවීම ටිකක් අඩපණ වුණා. චමරියේ කතාව අගදි තව ගොඩක් චමරියේ කතා ලියන්නම් කියල කිව්වට ඒකට වෙලාවක් හම්බ වුනේ නෑ අද වෙනකං.

එහෙම බලනවනං, අර මං ලියන්න පටන් ගත්තු නපුරු ගුරුවරු සීරිස් එකේත් තව කතන්දර ගණනාවක් තියෙනව ලියන්න. ඒ සීරීස් එක මගදි පටන් ගත්තු පන්ති නායකත්වය ගැන අතුරු කතන්දර ටිකත් තාමත් අතරමග නවත්තපු තැනමයි.

ජූලි 11, උපන් දිනේ ට කලින් කලින් ඔය සේරම කතන්දර ලියල දාන්නයි ඉන්නෙ.

ඒ අව් අස්සෙ, ඊයෙ ලියපු චූ කරන කතන්දරේටත් හොඳ හොඳ ප්‍රතිචාර ලැබුණු නිසා මට හිතුන, චමරියෙ කතන්දරයි, චූ කතන්දරයි කියන දෙවර්ගයටම අහුවෙන එක කතන්දරයක් ලියන්න. මේ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක්.

කවුරු හරි කියනවනං මේ චූ කතන්දර මහ අසික්කිත ඒව කියල මට කියන්නේ තියෙන්නේ කරුණු දෙකයි.

එකඃ චූ කරන එක තරම් නැචුරල් දෙයක් මේ ලෝකේ වෙන නෑ.

දෙකඃ වැඩි කතාවට ආවොත් මං ලියන්න ගන්නව කක්ක කතා, නොකිව්වයි කියන්න එපා.

චූ කිරීම, ඒ කියන්නෙ නම්බර් වන් එක, කක්ක කිරීමෙන් තරමක් වෙනස් දෙයක් නිසා ඒ සඳහා අවශ්‍ය පහසුකම් අඩුයි. චූ කළාම වතුර හෝ ටොයිලට් පේපර් නැතුවට කමක් නෑනෙ. අනික, මයිකල් ඔන්ඩච්චිත් කිව්ව වගේ ගෑනු පිරිමි දෙපක්‍ෂයටම ඕනි නම් හිට ගෙන චූ කරන්න පුළුවන්. මෙන්න මේ කරුණු නිසා, අපේ කාලේ ගමේ ගොඩේ සමහර ගෙවල්වල තිබුණ, චූ කරන්න වෙනම තැනක් හදල. මේකට කිව්වෙ අතු-කොටුව කියලයි.

වැසිකිලිය (ටොයිලට්) සහ කැසිකිලිය (යුරිනල්) කියන වචන දෙකේ තේරුම් වල වෙනස හොයල බැළුවොත් මේක පැහැදිලි වේවි. මේ අතු-කොටුව කියන ගම්බද කැසිකිලිය කියන්නේ පොල් අතු වලින් ආවරණය වෙච්ච චතුරශ්‍රාකාර තැනක්. උඩට වහලක් නෑ. පොළව සාමාන්‍ය පරිදිමයි, හිල්, ගුල්, වලවල් නෑ. ඇයි ඉතිං චූ කළාම ඒක පොලොවට උරා ගන්නවනෙ. ඊට පස්සෙ අර නැචුරල් ෆිල්ටරින් ප්‍රොසෙස් එක හරහා පෙරිල, අපද්‍රව්‍ය අයින් වෙලා ගිහින් නැචූරල් ස්ප්‍රිං වෝටර් බවට පත්වෙලා බෝතල් වල ඇහිරිලා රුපියල් තිහ ගානෙ විකිණෙනව. සොරි හොඳේ?

ඉතිං අද කතන්දරේ මෙන්න මේකයි.

ඔන්න මං කාලෙකට ඉස්සර ඔය මහනුවර පැත්තෙ තිප්පොලක කාලෙ නාස්ති කරන කාලෙ, අවුරුද්දක් විතර නැවතිල ඉන්න වුනා චමරියක. අපේ චමරිය තිබුන පොඩි ගෙදර තිබුනෙ අයිතිකාරයගෙ ගෙදර තිබුණු පොඩි ඉඩම් කෑල්ලෙම පැත්තකින්. කාමර දෙකයි, මැද කෑල්ලයි, කුස්සියයි තමයි මුළු ගෙදරම. මේකෙ නතර වෙලා හිටිය අපි අට දෙනෙක්.

අයිතිකාරයගෙ පරණ ගෙදර මේක. අළුත් ගෙදර එයාගෙ පවුලෙ ලොකු හතර දෙනාට අමතරව, අපේම යාළුවො පස් දෙනෙකුත් බෝඩිං වෙලා හිටිය. චමරියෙ අපි අට දෙනාටයි, බෝඩිං කාරයො පස් දෙනාටයි තිබුනෙ එකම එක වැසිකිලියයි. ඒක තිබුනෙ මේ පොඩි ඉඩමෙ අනිත් කොනේ.

මං මුලින් කිව්ව අර චූ කරන එකෙයි, කක්ක කරන එකෙයි තියෙන වෙනසින් ප්‍රයෝජන ගන්න හිතපු බෝඩිමේ අංකල් කාරය මොකද කලේ, අපේ චමරිය තිබුණු ගෙදර පිටි පස්සෙ අගුවෙ වතුර බහිණ කානුවට අල්ලල එක පැත්තකින් පොල් අතු ගහල හැදුව කැසිකිලියක්. ඒ අපි අට දෙනාට චූ කරන්න.

වැඩේ පහසුයි, කාර්්‍යක්‍ෂමයි, වැඩි දුරක් යන්නත් ඕනැ නෑ. රෑටත් ලේසියි.

නමුත් ඒ ජොලිය තිබ්බෙ දවස් කීපයයි.

ටික දවසකින්ම ඒ පැත්ත පලාතෙ යන්න බැරි විදියට ගඳ ගහන්න පටන් ගත්ත.

මොකද, අංකල් කාරය හිතපු විදියට, අපේ චූ හේදිලා ගිහින් පල්ලෙහා තිබුණු වෙල් යායට යූරියා පෝර හදන්න වැහි වතුර ආවෙ නෑ!!!

කතන්දරකාරයා

ප/ලිඃ
මගේ චූ කිරීම ගැන පෝස්ට් එකට ප්‍රතිචාරක් දෙන චානක මුණසිංහ කියනව මේක ටැබූ සබ්ජෙක්ට් එකක් කියල. ටැබූ සර් ලඟදි ලිව්වනෙ යටිවතට ඇයි මේ සරදම්? කියල ලිපියක්.

මට නං ඊයෙ කතන්දරේ ලියන්න හේතු දෙකක් තිබුණා.

එක: පිටස්තරයා ගේ පණිවිඩයට පොඩි ප්‍රචාරයක් දෙන එක.

දෙක: දන්නෙ නැති අයට මයිකල් ඔන්ඩච්චි කියන ලේඛකයව හඳුන්වා දෙන එක. මේ ක්‍රමය ලේසියි අටවක පුත්තු ගැන ටැබූ ලිව්ව ක්‍රමයට වැඩියෙන්!!!

10 comments:

  1. හික් හික් හික් හිනා කාලා මැරෙනවා නෙවැ !!! ඉතින් අර පහල වෙලට පොහොර ඔනේ නැනෙවැ !!

    අර බෝතල් වතුර කතාව මරු ඈ...!! :D
    අනේ කක්කා කතාවකුත් කියන්නකෝ :P

    ReplyDelete
  2. කතන්දර නම් කොහොමත් පට්ටනේ...
    මේ ඒක ගැන නෙමෙයි.කොහොමද තාත්තට දැන්...?

    ReplyDelete
  3. ඔවු හැබෑට ... තාත්තට කොහොමෙයි....
    චූ කතා එපෝ ෴
    අනේ මේවා කාටත් වෙන නැචුරල් දේවල් කියල කවුරුත් හිතන්න ගත්තොත් එහෙම විනාශයි෴

    ReplyDelete
  4. මයිකල් ඔන්ඩච්චි ඉතින් පිරිමියෙක්නෙ. එයා කොහොමෙයි දන්නෙ? තවත් පිරිමියෙක්, මොරටු විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් අතීතයේ දවසක කිව්වා ගෑනුන්ට සමතැන් දෙන්න බෑ මේ ‍වැඩේ හිටගෙන කරන්න බැරි නිසා කියල. මොන සමතැන් ද? ගෑණු පිරිමින්ට වඩා ඉහළයි. හිටගෙන කරන්න බැරි වැඩ අපි පහසුවෙන් කරගන්න විධි හොයාගන්නවා! මහාචාර්යතුමා තවමත් හිටි තැනම හිටගෙන..!!!

    ReplyDelete
  5. දිනක් බල්ලෙක් ටකරමකට චූ කර..

    "දිලිසෙන සියල්ල රත්‍රන් නොවේ යයි කීය."

    ඔය වගේම චමරියක කොල්ලො සෙට් එකක් හිටියලු ටකරමකට චූ කරපූ. දවසක් ටකරමට කරන්ට් එක අල්ලල තිබුනලු. හිතා ගන්න පුලුවන්නේ වෙච්ච දේ.........

    ReplyDelete
  6. නරකද චූකතා ඩොට් කම් කියල සයිට් එකක් පටන් ගත්තොත්?
    එහෙම නැතිනම්,

    www.කතන්දර.com/චූ ;)

    ReplyDelete
  7. කතංදර වැසිකිලි , කැසිකිලි කියන කොට මට මතක්වූනා මම දැකපූ අපූරු සංකේතයක් . මේක මං දැක්කේ එක්තරා බටහිර රටක ඔෆිස් එකකදී. පිරිමි ගැහැනූ වෙන්කරල අඳූනගන්න දාන සාමාන්‍ය සංකේතය වෙනූවට පිරිමි වැසිකිලියෙ දොරේ එල්ලලා තිබූනේ අපූරු බෙල්එකක් වගේපේන බෝල දෙකක් සහිත දිග ලී කැබැල්ලක්.

    ReplyDelete
  8. අපේ O/L විද්‍යාව ප්‍රශ්න පත්තරේ තිබ්බ ප්‍රශ්නයක් මිනිස් මුත්‍ර මල පහ පොහොරක් හැටියට යොදා ගත හැකි ආකාරය පහදන්න කියල. මම ලිව්ව ඉතින් කුඹුරට ගිහින් මුත්‍රා කිරීම කියල

    ReplyDelete
  9. නියම කතාව කශු. මෙන්න මගෙනුත් චූ කතාවක් http://aagiyakatha.blogspot.com/2010/05/blog-post_15.html

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.