
පුංචි කාලෙ කියවපු සින්දු හෝඩිය පොත ගැන කියල ඒකේ තිබුණු අ-යන්නෙ සින්දුවයි, ආ-යන්නෙ එකෙන් පේලි දෙකකකුයි, ඇ-යන්නෙ සින්දුවෙන් කොටසකුයි මං කලින් පොස්ට් එකේ දැම්ම.
ඒ පොතෙන් තවත් සින්දුවක් මෙන්න. මේ ලියන්නේ මගේ මතකයෙන්. මේ පොත මා ලඟ නෑ.
ද-යන්නේ සින්දුව
දවස ගානෙ දිද්දෙණියේ
දර්මදාස හති දම දම
ගෙදර වලට ඇවිද බෙදයි
දවස පත්තරේ
දර්මදාස මුලදි මුලදි
දඟ දල පොඩි දරු පැටයෙකි
ලද්දුව මද්දුම සීයයි
හොඳ හැටි හැදුවේ
දකුණු කකුලේ දදේ තියන්
දහදුක් විඳ විඳ ඉඳිනා
දම්බැද්දේ දයානන්ද
දර්මගෙ මිතුරා
දවසක් දා දයානන්ද
දුක් විඳ විඳ කොර ඇද ඇද
වෙද ගෙදරට ඇදෙන විදිය
දුටු දර්මේ තදින් දුක්වුනා
----
----
දොලෙන් එහා වෙද ගෙදරට
ගිහින් ඉන්දුවා
සමහර කොටස් මතක නෑ. දන්න අය සම්පූර්ණ කරන්න.
තව සින්දු කීපයක් කෑලි කෑලි මතකයි. සෙස්ස පස්සට.
කතන්දරකාරයා
කොහොමද අප්පේ ඔච්චර පරණ සින්දු පවා මතක තියෙන්නෙ?
ReplyDeleteමට මතක තියෙන අතීතයක් ඔබට මතක නෑ!
ReplyDelete