Monday 24 May 2010

සාම්පූර් වලට පස්සේ - ඉරාකෙට බෝම්බ ගහපු හැටි


අපේ චූටි ටීචර් ලියා එවපු සාම්පූර්වලට බෝම්බ දාපු හැටි ගැන තිබුණු කතන්දරේ කියවපු ඉන්දික උපශාන්ත සහෘදයා ලියල එව්ව කතාවක් මේක.

සාම්පූර් බෝම්බත් බෝම්බද මේ ඉරාකෙට දාපු බෝම්බ එක්ක බලන කොට? කියවල බලන්නකෝ!

================================================
මේ සිද්දිය උනේ අපි අටේ පන්තියෙදි. අපිට බුද්ධ ධර්මය උගන්නන්න හිටියෙ අත්තුඩාවට අයිති විචිත්‍ර ධර්මකතික පට්ටමක් එහෙම තියෙන හාමුදුරු නමක්.

උන්නාන්සෙ හැමදාම කරේ පොඩි බණක් කියන්නැහෙ එක පාඩමක් විනාඩි 20ක් විතර තනියමම කියවල, අපිට ඒකට අදාල ප්‍රශ්න 10ක් දෙනව ඉතුරු වෙලාවෙ උත්තර ලියන්න. අපි උත්තර ලියනකන් හාමුදුරුවො අර ගුරු පුටුවෙ හේත්තුවෙලා නින්දත් නොනින්දත් අතරෙ සුව විඳින ගමන් කවුරුහරි කොල්ලෙකුට කියනව ඇවිත් එයාගෙ තට්ටෙ අත ගාන්න කියල.

ඔය අතගාන කෙනා උත්තර ලියන්න ඕනි නැති නිසා, එදා පාඩම නොතෙරුන උන් පොරකාල යන්නෙ වැඩේට.

ඉතින් දවසක් අපේ හිටපු හොඳම ඇම්ඩන් කෙනෙක් තට්ටෙ අතගාන වැඩේට සෙට්. ටික වෙලාවක් යනකොට මිනිහ එක අතකින් තට්ටෙ අත ගාන ගමන් අනික් අතින් කලුලෑල්ල අත ගාන්න ගත්ත. තව ටික වෙලාවක් යනකොට අර කලුලෑල්ල අත ගාල හුණු පිරිච්ච අත ඔලුව අත ගාන්නත්, ඔලුවෙ තිබුන අත කලු ලෑල්ලටත් මාරු කරා. දැන් සැරෙන් සැරේ මෙහෙම මාරු වෙවී වැඩෙ යනව.

අපේ හාමුදුරුවොත් තට්ටෙ සුදු කරන් හොඳට නිදි.

කොහොමහරි ඔන්න පීරියඩ් එක ඉවර වෙන්න විනාඩි 5ක් විතර තියෙද්දි උන්නාන්සෙ නැගිටල අපි ඉවරකරල මේසෙ උඩ තිබ්බ පොත් ටිකත් දඩ බඩ ගාල බලල, යන්න නැගිට්ට. එතකොට තමයි දැක්කෙ තමන් කලුලෑලෙ ලියපුව මොකෙක් හරි එහෙන් මෙහෙන් කාල බව.

"කවුද මේක කරපු පාහරය?....." අරක මේක කියල දැන් අපේ හාමුදුරුවොත් ආටානාටිය දෙසනව. ඔය අතරෙ අපි දන්නෙත් නෑ බෙල් එක ගහල, ඊලඟ පීරියඩ් එක අයිති ගුරුතුමීත් මෙතනට කඩන් පහත් උනා.

හුණු නාපු අපේ හාමුදුරුවන්ගෙ යක්ෂාවේසය දැකපු චූටි ටීචර්ගෙන හිනාව දැකල අපි හැමොම මෙච්චර වෙලා ඉතාම අමාරුවෙන් හිරකරන් හිටපු හිනා කටවල් මහ සද්දෙන් ඔන්න එලියට පැනපි.

මේක දැකල උන්නන්සෙගෙ මල උපරිම්යෙන් පිපෙන්න ගත්ත. වැඩෙ තවත් බලන් ඉන්න එක හොඳ නැති හින්ද හරි බලන් ඉන්න තියෙනන අමාරුව හින්ද හරි අපේ චූටි ටීචර් හාමුදුරුවො ලඟට ගිහින් හෙමීට "ඔබ වහ්න්සෙගෙ ඔලුවෙ හුණු!" කිව්ව විතරයි, වෙච්චි දේ පූර්වාපර සන්දි ගලපගන්න අපේ හාමුදුරුවන්ට මයික්‍රෝ තප්පරයක්වත් ගියේ නෑ.

ඩෙස් බංකු පීරගෙන (ඇත්තටම පෙරලගෙන) අපේ මිත්‍රය ගාවට පැනපු හාමුදුරුවො ගෝලයගෙ බෙල්ලෙන් අල්ලල මිනිහව පසග පිහිටුවෝල දෑතින්ම තඩිබාන ගමන් කියනව "තොට වෙලා තීන්නෙ නම වස් වැදිල.. තෝ කෝසල නෙමේ බොල දේවදත්ත!"

මේ පොල්කඩන සද්දෙ කොයි තරම් දරුණුද කියනවනම්, පහල තට්ටුවෙ හිටපු ළමයිනුයි ගුරුවරුයි කඩාගෙන උඩට දුවන් ඇවිත්, තව අපේ උප විදුහල්පතිතුමත් මැදිහත් වෙලා තමයි මේ බෝම්බ දැමිල්ල නවත්තුවෙ.

ඒ එක්කම අපේ යාලුවට first aid room එක හරහ ඉහල උසාවියටම ගිහින් විදුහල්පතිතුමා එක්ක වචනයක් දෙකක් කතා කිරීමෙ විරල අවස්ථාවත්, පහුවෙනිද ඒ අවසථාවම මිනිහගෙ දෙමව්පියන්ටත් ලැබුන.

සැනසිලි තෑග්ගක් හැටියට සති දෙකක නිවාඩුවකුත්, වෙන පන්තියකට මාරුවකුත් තිබුන (ප්‍රින්සිපල් හිතන්න ඇති ඒකෙ උන් ටිකත් නරක් කරන්න ඕනි කියල.)

ඒ කේස් එකන් පස්සෙ අපේ හාමුදුරුවන්ට පහල පන්තිවල උන් නම දාල තිබුනෙ "ජොර්ජ් බුෂ්" කියල. මොකද ඒ දවස්වල තමයි බුෂ් (තාත්ත) කුවේට් අල්ලපු ඉරාක කාරයො එලවන්න බෝම්බ දමමින් හිටියෙ සහ අපි ඉස්සෙල්ලම උඩින් ගිහින් බෝම්බ දානව TV එකේ හැබහින් දැක්කෙ.
================================================

මේ කතන්දරේ කියෝපු වෙලේ මට මතක්වුනා මං ගිය ඉස්කොලෙක හිටිය හාමුදුරුකෙනෙක් ගැන කතන්දරයක්. ලඟදිඟ ලියන්න ඕනෑ ඒ කතාව.

කතන්දරකාරයා

ප/ලිඃ
බොහෝ දෙන ප/ලිඃ ලියන නිසා නොලියමි.

14 comments:

  1. මරුනෙ

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. පට්ට කතාව..නියමයි...මැවිලා පෙනවා......කතාව කියවනකොට.....

    ReplyDelete
  4. සඟ රස බස් :) :) :)

    හාමුදුරුවන්ගේ විචිත්‍ර ධර්මකතික පට්ටමට ජෝර්ජ් බුෂ් කෑල්ලත් එකතු වුණාද දන්නේ නැහැ. ඉස්කෝලෙක ළමයි දුන්න ගරු නම්බු නාමයක්නේ සෙල්ලම්ද ? :)

    ReplyDelete
  5. katha wada karanna epa .tho hithagena inne apata athal dennada.prashnayak thiyenawanam e hamuduru namath ekka beraganin.meken wenne buddhagamata pahara denna balagena inna eunta udau karana eka.peramune rala wage weyan minihi.gon athal denna epa.

    ReplyDelete
  6. නියම කතාව :D

    ReplyDelete
  7. දැන් සමහරුන් 'බෞද්ධ විරෝධී' කියල හංවඩු ගැහුවට ටැබූ බුද්ධ ධර්මය ඉගෙන ගත්තෙත් විචිත්‍ර ධර්ම කථික හාමුදුරුවරුන්ගෙන් තමයි, පොඩි කාලයක් නෙවෙයි, වසර තුනක්ම.

    කතන්දර නම් ගොඩක් තියෙනව ඒ ගැන කියන්න. ඒත් කතන්දරට ටැබූ සබ්ජෙක්ට්ස් ලියන්න තියෙන උනන්දුව ටැබූට කතන්දර කියන්න නැහැ. :-)

    - Taboo Subjects

    ReplyDelete
  8. @කතන්දර,
    ස්තුතියි පාඨකයාටත් ඉඩක් දීම ගැන ආයි පාරක්. වදයක් නෙමෙයිනම් තව එකක් දෙකක් කන්තොරුවෙ වැඩ වැඩි වෙලාවක් බලල ලියල එවන්නං...

    @ gatz,
    මිත්‍රයා, බුද්ධාගම ආරක්ෂා කරන්න ඕනි කමක් තීනවනම් නිකන් ඔය වගෙ සබේ මැදට පැනල අං සහ වලිගය පෙන්න දඟලන එක නෙමෙයි කරන්න ඕනි, ඇත්තටම සාසනෙයි ධර්මයයි විනාස කරන කුමන්ත්‍රන මහා විසාල ගොඩක් තීනව අන්න ඒවට විරුද්ව වැඩක් ( බොරු හඞක් නෙමේ )කරන්න උදව් වෙන එකයි ( පෙරමුනේ රාළ කරන වැඩේ ම ඉතාම අගය කරනව..).
    අවංකවම යමක් ආගම වෙනුවෙන යමක්් කරන්න කැක්කුමක් තීනවනං මෙන්න මේකට (joliyata@yahoo.com) mail ඒකක් දාන්න වැඩි විස්තර කියන්න.
    අනික තලේබාන් සහ ඕල්කට් බෞදධ්යො නොවී අර අනගාරික ධර්මපාල තුමා කීව වගේ නියම සිංහල බෞද්ධයෙක් වෙන්න උත්සාහ ගන්න.

    ReplyDelete
  9. පට්ට කතාව, අර ගැට්ස් මහත්තයට කියන්න තියෙන්නෙ මේවට තමයි මහත්තයො කියන්නේ බාල අපචාර කියල. වැදගත් ළමයෙක් නිසා හුනු වලින් බේරුනා. අපේ පංති වලට ආවා නම් අපි දනී උන්වහන්සෙට කරණ දේ....

    ReplyDelete
  10. මම "ගැට්ස්ටා" ට අනුකම්පා කරමි!

    සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. මාත් මේ දවස්වල trend එකේ හැටියට හාමුදුරු කෙනෙක් ගැන කතාවක් ලිව්වා

    http://aagiyakatha.blogspot.com/2010/05/blog-post_25.html

    ReplyDelete
  13. මේකත් කියවලා බලන්න.

    http://annanmannan.blogspot.com/2010/06/blog-post_12.html

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.