Showing posts with label තොටගමුවේ රාහුල. Show all posts
Showing posts with label තොටගමුවේ රාහුල. Show all posts

Wednesday, 7 September 2011

ගෑණුන් ගේ තන සහ සාහිත්‍ය මාසය - Boobs and Literature, what a nice mix!



දැන් ඔය උඩින් තියෙන මාතෘකාවේ තියෙන තන කියන වචනය දැකපු ගමන් චකිතයක් ඇතිවෙන අයත් ඉන්න පුළුවන්. සමහරු හිතන්න පුළුවන් තන කියන වචනේ පුක කියන එක වගේ කුණුහරුපයක් ය කියලා.

පුක කියන එක කුණුහරුපයක් නෙමේ කියලා මං කලින් දවසක ලියලා තියෙනවා නේ. ඇත්තම කියනවා නම් පුකයි, තනයි අතර නම් ලොකු සම්බන්ධයක් නෑ.

හැබැයි නේකඩ් ඒප් (නිරුවත් වානරයා) පොතේ ඩෙස්මන් මොරිස් කියලා තියෙනවා ගෑණුන් ගේ තන් සහ තට්ටම අතර සමානත්වයක් තියෙනවා කියලා. ඒ එක්කම තොල් සහ භගමණිය අතරත් සමානත්වයක් තියෙනවාලු.

මොරිස් කියනවා, කාන්තා පක්‍ෂයේ හොඳින් කැපී පේන්න පරිනාමයෙන් නිර්මාණය වෙලා තියෙන තොල් සහ තන් වලින් කෙරෙන්නේ නිරුවත් වානරයින් ට තට්ටමට සහ භගමණිය ට කෙරෙන ආරාධනාවක් ලු.

තොල් රතු කරන්න, තන් ඉලිප්පෙන්න, කෝර්සට්, බොස්තරුක්ක වගේ ඇඳුම් අඳින්න ගෑණු පෙළඹෙන්නේ ඒ නිසා වෙන්නැති!

දැන් අර තන් කියන වචනය නරක එකක්ය කියල සලකන අයට ඒ වගේ තහනම් වචනයක් බ්ලොග් එකේ මාතෘකාවේ ම දිලිසි දිලිසී පේන්න දාපු එක වැරදිය කියලත් හිතන්න පුළුවන්. එගොල්ලෝ හිතන්න ඉඩ තියෙනවා තන වෙනුවට පියයුරු වගේ වචනයක් නොදැම්මේ කතන්දරයා කියලාත්.

නමුත් මේ කවිය බලන්න.

සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුලුකුල රිය සකයුරු තිසර තන
දිසි රණ ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
ඇසි පිය හෙලන පමණින් නොවෙති දෙවඟන

ගෑණුන් ගේ සිරුරේ කොටස් හොඳ හොඳ උපමා යොදමින් විස්තර කරලා තියෙන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල කියන හාමුදුරුවෝයි.

ඔය කවිය එන "සැළලිහිණි සංදේශය" කියන්නේ කවි සීයක විතර පොඩි පොතක් වුණාට සිංහල සාහිත්‍යයේ එන උසස්ම කෘතියක් විදියට සැලකෙන එකක්.

ඒ කවි පොත ගැන තව පොත් සීයක් විතර ලියවිලා ඇති මේ වෙනකොට. ඔය කියන තිසර තන කවියත් දස දහස් වාරයක් උපුටා දැක්විලා ඇති විවිධ ලේඛනවල එදා සිට අද දක්වා.

හාමුදුරුවෙකුට හොඳ නං තන කියලා ලියන්න අපි ලිව්වම අපිව පාරාජිකා වෙන්න විදියක් නෑනේ!

මං මේ කෙටි ලිපිය ලිව්වේ දැන් අපි ඉන්නා 2011 සාහිත්‍ය මාසය වෙනුවෙනුයි.

ගෑණුන් ගේ තනයි, තොලු යි, උකුළයි, භගමණියයි සාහිත්‍ය මාසෙට සම්බන්ධ වෙන්නේ මං සඳහන් කරල තියෙන ඩෙස්මන් මොරිස් ගේ නිරුවත් වානරයා (පරිවර්තනය එස් එම් බන්දුසීල) සහ තොටගමුවේ ශ්‍රී රාහුල ගේ සැළලිහිණි සංදේශය (විවරණ සහිත පොතක් ගන්න) කියන ග්‍රන්ථ දෙක හරහායි.

සාහිත්‍ය මාසයේ පොත් ගන්නා විට, මේ වෙනකොටත් කියවලා නැතිනම්, ඔය පොත් දෙකත් අමතක කරන්න එපා.

මං කැමති තවත් පොත් තුනක් මෙන්න.
1. සිව් සිත් කව් - විදර්ශණ ප්‍රකාශකයෝ
2. තිරස තරණ - දයාවංශ ජයකොඩි ප්‍රකාශකයෝ
3. දකුණු කුරු දිව් කව් - දයාවංශ ජයකොඩි ප්‍රකාශකයෝ

-කතන්දරකාරයා

ප/ලි:
මේ පහත තියෙන කවි දෙපදය නම් එහෙම සාහිතමය වශයෙන් වැදගත් පොතකින් ගත්තු එකක් නෙමේ. මං හිතන්නේ කවි මඩුවක දී කවුදෝ කියපු එකක්.

නොම දැන ඇතුලතින් සවි වී ඇති මුක්කූ
රණ හංසයින් යයි රැවටෙති කණ කොක්කූ

Saturday, 2 April 2011

නුවර පැත්තේ අලි ගැට පේර හරීම ලාබයි අනේ - Kandy side Avocado very very cheap, anae...!!!


අලි ගැට පේර හෙවත් ඇවකාඩෝ ගැන ඉතිං අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනෑ නෑනේ. නුවර පැත්තේ හැදෙන පලතුරු වලින් මං කැමතිම ජාතියක් තමයි මේවා.

පේරාදෙනිය-නුවර පැත්තේ යන එන කොට පාර දෙපැත්තේ කඩවල පුරෝලා තිබුණත් හොඳට පැහිච්ච, ගෙදර ගිහින් හෙට විතර කන්න පුළුවන් ගෙඩියක් තෝරා ගන්න එක තමයි අපිට නොතේරෙන දේ.

හැබැයි කොළඹ අවට කඩවල නම් සමහර වෙලාවට උදේ බලන කොට කඩේ තියෙන අමු ගෙඩි හවස් වෙන කොට හොඳ ගානට මෙලෙකට ඉදිලා.

ඒ වෙන හේතුවක් හින්දා නෙමේ, දවස තිස්සේම කඩේ ලඟින් යන එන නෝනලා අලි ගැට පේර ගෙඩි ටික චුට්ට චුට්ට වගේ මිරිකලා බලනවානේ ඒවා ඉදිලා ද කියලා. අන්න ඒකයි ඒ.

සමහරු ඉඳුණු අලිගැට පේර, හුරලා අරගෙන ඩෙසරට් එකක් වගේ කෝප්පෙකට දාලා සීනි දාලා කනවා.

ඇත්තටම කියනව නං, කෝප්ප වල ගාන්න ඕනෑ නෑ. තැඹිලි කුරුම්බා බීලා, ලොඳ කනවා වගේ ආණ්ඩුවෙන් දීල තියෙන කෝප්පෙම කන්නත් පුළුවනි.

තවත් සමහරු කැමති, කිරි, අයිස් ක්‍රීම් හෙමත් දාලා, අලිගැට පේර බීමක් වගේ හදාගෙන බොන්න, නිකං අයිස් කෝපි බොනවා වගේ.

සැන්විචස් වල ගාන්නත් හොඳයි ලු. මං නං ට්‍රයි කරලා නෑ.

අද කතන්දරේ, මීට අවුරුදු ගණනාවකට කලින් මං කතන්දර කුමාර කාලේ වෙච්ච එකක්.

ඔන්න මායි, මගේ ඇන්ටි කෙනෙකුයි, තවත් ඇන්ටි කෙනෙකු ගේ ගෙදර ගියා. පහුවදා මගුල් ගෙදරක යන්න සෙට් වෙන්නද කොහෙද වගෙයි මතක.

අපි එහේ ඉන්න අතරේ, තවත් අපේම ඇන්ටි කෙනෙක්, එයා බැඳපු අංකල් කාරයාත් එක්ක ඒ ගෙදරට නෑගම් ආවා.

ඔන්න ඉතිං ගෙට ගොඩ වෙලා කතා බහ පටන් ගෙන ටික වෙලාවක් යන කොට මේ ඇන්ටි තමන් ගේ බෑග් එකෙන් ගත්තා පොඩි පහේ බ්‍රව්න් පේපර් බෑග් එකක්.

"මෙන්න මං ඔයාට ගෙනාවා නංගී හොඳ ගුණදායක බඩුවක්" එයා කිව්වේ ඒ බෑග් එක මේ ගෙදර ඇන්ටි ට දෙන ගමන්.

"මොනවද අක්කී?"

"බලන්නකෝ, ඔය අලි ගැට පේර වගයක්. මං කැමතිම පලතුරු ජාතිය."

"කොහෙන්ද අක්කී මේවා?"

"අපි ඊයේ නුවර ගියා නේ නංගී. එහෙන් ගෙනාවේ. අනේ නුවර පැත්තේ අලි ගැට පේර හරීම ලාබයි නංගී. මට හිතුණා ගෝනියක් ම ගේන්න. ඒ තරමට ලාබයි කොළඹ එක්ක බලන කොට."

ඔය කතාව අහගෙන හිටපු මට හිතුනේ මගුල් ගෙදර ඉවරවෙලා ආපහු යන ගමන් අපිටත් ගෙදර ගෙනියන්න තරමට ඇන්ටි අලි ගැට පේර ගෙනත් ඇති කියලයි.

හැබැයි බ්‍රව්න් පේපර් බෑග් එක නං එච්චර ලොකුවට පෙනුනේ නෑ.

මං කියන්නං කෝ මේව හදන හැටි. ඇන්ටි බෑග් එකත් අරගෙන ගෙදර ඇන්ටිත් එක්ක ගියා කුස්සියට.

පැය කාලකට විතර පස්සේ ඔන්න ඇන්ටිලා දෙන්නා කුස්සියෙන් එලියට ආවා වීදුරු වගයක් අරගෙන. ඒවායේ තිබුනේ අලිගැට පේර බීම!

අලිගැට පේර මදය අරගෙන ක්‍රෂ් කරලා, කිරිපිටි දිය කරලා දාලා, ඊට උඩින් වැනිලා අයිස් ක්‍රීම් දාලා.

හරියට අර පිටකොටුව බස් ස්ටේෂන් එක හරියේ කඩවල්වල තියෙන පලතුරු බීම වගේ. එකම වෙනස ගස් ලබු නෑ!

මං රහ කර කර බිව්වා. හරිම රහයි, වැනිලා අයිස් ක්‍රීම් නේ වැඩි හරිය තිබුනේ. එකම ප්‍රශ්ණය වුනේ මට හම්බ වුනේ එක පොඩි වීදුරුවක් විතරක් වීමයි.

එදා හවස ඇන්ටියි, අංකලුයි ආපහු ගියාම තමයි මං දැන ගත්තේ, හරිම ලාබයි, හරිම ලාබයි කියලා කයිය ගැහැව්වට එයා නුවර ඉඳලා ගෙනත් තියෙන්නේම අලිගැට පේර ගෙඩි දෙකක් විතරයි කියලා.

ඒ ගෙඩි දෙකයි මේ නෑගම් එනකොට අරං ඇවිත් තියෙන්නේ. ඇන්ටිලා තුන් දෙනායි, අංකලුයි, සීයයි, ආච්චියි, ඒ මදිවාට මායි, අපි සේරම වැලඳුවේ ඒ අලිගැට පේර ගෙඩි දෙක තමයි.

වෙරලු ගෙඩියකුත් හත් දෙනෙක් බෙදා ගෙන කෑවයි කියනවනේ. ඉතිං, ඕක මොකක්ද නේද?

ඒත් මට හිතාගන්න බැරිවුනේ, අලි ගැට පේර නුවර හරිම ලාබයි කියලා දහ පාරක් විතර කියපු ඇන්ටි ඇයි එහෙම නං, ගෙඩි දෙකක් විතරක් ගෙනාවේ කියලයි!

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතන්දරේ වැඩි ගතියක් නැති හින්දා -කියවන සමහර අයට හිතෙයි මෙලෝ රහක් නෑ කියලා.

අලි ගැට පේර ගැන කතන්දරේ මෙහෙම වුණාට හැබැයි අලි ගැට පේර නං මට හැමදාම මාර රහයි!

කෝකටත් ඉතිං මෙන්න උඩින් දාගන්න වැනිලා අයිස් ක්‍රීම් ටිකක්.

තොටගමුවේ රාහුල ලියපු සැලළිහිණි සන්දේශයේ ද කොහෙද ඒ කාලේ ලංකාවේ උන්නු ගෑනුන් ගේ රූපය විස්තර කරන්නේ "සිසි වන වුවන, ඉඟ සුඟ ගත හැකි මිටින, නිසි පුළුලුකුල රිය සක'යුරු, තිසර තන" කියලයි.

ඒ කියන්නේ ඉඟෙන් පහල කොටස කරත්ත රෝදයක් වගේ!

අද කාලේ නං ගෑනු කෙනෙක් ගේ ඉඟෙන් පහල ටයර් එකක් වගේ කිව්වොත් ගුටි කන්නයි වෙන්නේ. මොකද එදා ටයර් එක තිරසට, අද සිරසට නේ අපේ හිතේ මැවෙන්නේ.

සාමාන්‍යයෙන් කාන්තා රූපය ගැන ඉංගිරිසියෙන් කතා කරන කොට උපයෝගී කර ගන්නා උපමාවක් තමයි -පෙයාර්ස් ගෙඩිය. ඒ පෙයාර්ස් ගෙඩියේ හැඩය නිසායි. ඒ කියන්නේ "ඉඟ සුඟ ගත හැකි මිටින, රිය සක'යුරු නිසි පුළුලුකුල" වගේ කේස් එකක් ම තමයි!

හැත්තෑ ගනං වල ආපු සුළි සුලඟින් පස්සේ ලංකාවේ කාලයක් තිස්සේ පොයාර්ස් හැදුණු නුවර-එලියේ තව දුරටත් පොයාර්ස් හැදෙන්නේ නෑ. හැදෙන ඒවයෙත් මේ කියන නාරී දේහ විලාශය නෑ. නිකං රවුං ඒවා -නාසි පෙයාර්ස්!

මට මේ නිකමට හිතුනේ ඇයි අපි නාරී දේහය අලි ගැට පේර වලට සමාන නොකරන්නේ කියලයි.