Tuesday 11 May 2010

අපේ අයියලා ගේ (සහ අක්කලා ගේ) චූ කිරීම


ආතල් ගන්න යාපනේ යන අපේ කාණ්ඩෙට වැදගත් කරුණු කිහිපයක් අඩංගු ලිපියක් ලියල තිබුන අපේ පිටස්තරයා කියන බ්ලොග්කරුවා.

ඔය යන සිය ගනං ජනතාවට හරියන්න ආහාර පාන, නවාතැන් පොලවල් විතරක් නෙමේ චූ කරන්නවත් පහසුකම් අඩු බවයි ඒ ලිපියෙ තිබුනෙ. ආතල් ගන්න කෂ්ටියයි, එහෙ වෙළඳාමට යන කෂ්ටියයි සේරම කෝවිල් ඉඩමක ශරීර කෘතයන් කරන බවයි ආරංචිය.

ලිපිය බලන වෙලේ තමයි මේ කතන්දරේ සිහියට ආවෙ.

අද කියන්න යන්නෙ එක විදියක ජරා කතන්දරයක් කියල සමහරුන්ට හිතෙන්න පුළුවන්. හැබැයි ඉතිං මේ සේරම කතන්දර අපේ ජීවිතවල කතන්දර. මවපු ගොතපු ඒව නෙමේ.

දැං අපි වැසිකිලියකට ගියාම කරන වැඩ දෙකක් තියෙනවනේ. නම්බර් වන් කියන්නෙ චූ දාන එක. නම්බර් ටූ කියන්නෙ කක්ක කරන එක.

අළුත් කොමොඩ් වැසිකිලිවල ඔය කර්තව්‍යයන් දෙක කරල ෆ්ලෂ් කරන්න දෙවිදියකුත් තියෙනව වතුර ඉතුරු කරගන්න. නම්බර් වන් කලොත් හාෆ් ෆ්ලෂ්. ෆුල් ෆ්ලෂ් කරන්න ඕනැ නම්බර් ටූ එකක් කළොත් විතරයි.

පිරිමි අයට නං ඔය නම්බර් වන් කරන එක මහ දෙයක් නෙමේ. ගමේ ගොඩේ නං ඔය ගහකට ගලකට මුවා වුනාම ඇති.

හැබැයි ඉතිං කාන්තා පක්‍ෂයට නං ඕක නම්බර් වන්, ටූ කියල වෙනසක් නෑ. මහා බැරෑරුම් සංසිද්ධියක්. ඇත්තම කියනව නං ලංකාවෙ හරි හමං වැසිකිලි පහසුකම් නැති නිසා කාන්තාවො හරියට දුක් විඳිනව.

සමහර අපේ කාන්තාවො උදේ ගමනක් පිටත්වෙලා හවස ගෙදරට එනකම්ම, අඳුනන ගෙදරකට ගොඩ වැදුනෙ නැත්තං, ඉවසං ඉන්නව වැසිකිලි යාම.

නමුත් මං දන්න තරමින් කාන්තාවන්ටත් පුළුවන් සාරියක් හරි දිග ගවුමක් හරි ඇඳල ඉන්නව නං හිටගෙනම පරිස්සමින් ඔය නම්බර් වන් කර්තව්‍යය කරන්න කාටවත් නොපෙනෙන්න.

පුදුමයි නේද? අද කාලෙ කෙල්ලො නං මේක විශ්වාස කරන එකක් නෑ. ඇත්තටම කතන්දර බ්ලොග් එකේ කාන්තා පාඨකයින්ව ටර්න් ඕෆ් කරන දෙයක් වෙන්න පුළුවන් ඒ කතාව.

නමුත් පොඩ්ඩක් ඉන්න.

මේ මං හිතල ගොතපු කතාවක් නෙමේ. මයිකල් ඔන්ඩච්චි ගේ (michael ondaatje) රනින් ඉන් ද ෆැමිලි (running in the family) කියන පොතේ එයාගෙ ආච්චි කෙනෙක් ගැන කියපු කතාවක් ඒ. මට මතක හැටියට මේ ආච්චි කොළඹ කොන්වන්ට් එකක කානිවල් එක දවසෙ දෙනෝදාහක් ඉන්දැද්දිත් මේ වැඩේ සාර්ථකව කරල තියෙනව.

සාර්ථකව කියන්නෙ කකුල් දෙකේ ගෑවෙන්නෙ නැතිවෙන්න වෙන්න ඕනෑ.

මට බනින්න එපා, ලංකාවෙ ඉපදිලා, අවුරුදු දොලහෙදී එංගලන්තයට ගිහිං, දැන් කැනඩාවෙ ඉංග්‍රිසි සාහිත්‍යය පිළිබඳ මහාචාර්ය කෙනෙක් වෙන, තමන් ලියපු ඉංග්ලිෂ් පේෂන්ට් කියන පොතට සම්මානනීය බුකර් ත්‍යාගය දිනාගත්තු මයිකල් ඔන්ඩච්චිට බනින්න.

කතන්දරකාරයා
ප/ලිඃ තවත් චූ කතන්දරයක් දාන්නංකො හෙටම. මොකද කියන්නෙ?

27 comments:

  1. අපෝ මෙන්න මෙයා ඉදල ඉදල ඈවිත් කියන කතා. අපි හිටියෙ මක්ක වෙලාද කියල හිතා ගන්න බැරිවයි. මෙයා චූ කතා ලියනව.
    නාකි ආච්චිලා සම්බන්ධයෙන් නම් සම්පූරිණ ඈත්ත. මම දැක්ක දවසක් ටොර්න්ටන් යන කොට රාජ්‍ය පරිපාලනයට යන පාර අද්දර ආච්චි කෙනෙකේ. ආච්චිලාට වෙන අසනීප තියනව. අපිත් කවද හරි ආච්චිල වෙයි....
    කතන්දර ආපු එක හොදයි හැබැයි චූ කතා එපා ආයේ .... ගර් ර්ර්ර්ර්ර්....

    ReplyDelete
  2. ඒක ඇත්ත .....ඇත්ත කියන්න හේතුවක් තියෙනවා.හේතුවනම් අහන්න එපා.

    ReplyDelete
  3. මරු කතන්දරේ...එල කිරි

    ReplyDelete
  4. හිහ්....මේවා එළිපිට කියන්න ගිහින් කාන්තා පක්ෂෙන් ගුටි කන්න වෙයි වගේ....

    ReplyDelete
  5. මොන හුලිජ්ජ කතාවක්ද මන්ද....

    ReplyDelete
  6. මේවත් කතංදර එහෙනං ඈ !

    ReplyDelete
  7. manda guti noka berunoth athi (Mama kiyanne ganu aya ) Habai pirimingen nowe ganungen thama guti kanna wenne

    ReplyDelete
  8. ගුටි කන්න වෙයි, මේවා කියන්න ගිහින්..
    :D

    ReplyDelete
  9. චීඊඊඊඊඊඊඊ......යා...... :D

    ReplyDelete
  10. මොනාද ලොක්කා.. ටැබූ ඉන්නවනේ මේ සබ්ජෙක්ට් එකට.. හුජ්ජ කතා අපිට එපා.. :)

    ReplyDelete
  11. ඉකේයියා...කක්කා කතාව.. :P ඔන්න කතාන්දර අයියා බ්ලොග් චූ කොර ගන්නනෙ හදන්නෙ :D

    මේ මේ මෙවා මොනා උනත් මෙවා අපි හැමෝටම පොදු ප්‍රශ්න !! නිකන් චූ, කක්කා කරන්නෑ වගේනේ කතාව !!!

    ReplyDelete
  12. ඕක ඉතින් හොරෙන් කෙරුවට කවුරුත් එහෙම කරන බව දන්න දෙයක්නෙ. ඉතින් කරන්න හොඳනම් කිව්වම මොකැයි වෙන්නෙ..

    ReplyDelete
  13. කකුල් දෙක ලං උනත් කරන්න දෙයක් නෑ, මොකෝ නවත්තනද පටන් ගත්ත්ට පස්සෙ, කකුල පොඩ්ඩක් ගසල දැම්මම හරි

    ReplyDelete
  14. /අළුත් කොමොඩ් වැසිකිලිවල ඔය කර්තව්‍යයන් දෙක කරල ෆ්ලෂ් කරන්න දෙවිදියකුත් තියෙනව වතුර ඉතුරු කරගන්න. නම්බර් වන් කලොත් හාෆ් ෆ්ලෂ්./

    හාෆ් ෆ්ලෂ් හැමවිටම අවශ්‍ය නෑ. වතුර අර පරිස්සමින් පාවිච්චි කරන්න අළුත් කැක්කුමක් ඇති වී තියෙන නිසා ඒ ගැන සම්මතය මෙහෙමයි.

    If it is yellow,
    Let it mellow.
    If it is brown,
    Flush it down.

    ReplyDelete
  15. නියමායි.... සමහර අය කක්කා චූ කරන්නෙ නෑ වගෙනේ අනේ..
    චීයා........
    කොමඩ් එකක් නැති ටොයිලට් එකේ කක්ක කරපූ කතාව දන්නවද?

    ReplyDelete
  16. @ All
    මේ කතන්දරේ දාන්න හේතු දෙකක් තිබුණා.

    එක, පිටස්තරයා ගේ පණිවිඩයට පොඩි ප්‍රචාරයක් දෙන එක.

    දෙක, දන්නෙ නැති අයට මයිකල් ඔන්ඩච්චි කියන ලේඛකයව හඳුන්වා දෙන එක.

    හැබෑ චූ කතන්දරයක් දෙකක් පස්සෙන් පහු දාන්නංකෝ

    ReplyDelete
  17. කකුල් දෙක දිගේ බේරෙන එක නවත්ත ගන්න එක තමයි කෙළිය. කාන්තාවන්ට ඒක පුලුවන්නම් mission is 50% accomplished.

    හැබැයි මට තියෙන ප්‍ර‍ශ්නේ ඉස්කෝල වල ලිංගික අධ්‍යාපනය දෙන එක ගැන හෙන සිරා ටෝක් දෙන අපේ මිනිස්සුම තමයි නියමාකාරයෙන් වැසිකිලියක් භාවිතා කරන එක ගැන මේ ලෝකේ දෙයක් කියලා දෙන්නේ නැත්තේ.

    ඒකෙ ප්‍රතිඵලය දකින්න පුලුවන් වෙන්නේ අන්තිමට පොදු වැසිකිලියකට ගිය දවසකටයි.

    ReplyDelete
  18. නියම කතාව කශු. මෙන්න මගෙනුත් චූ කතාවක් http://aagiyakatha.blogspot.com/2010/05/blog-post_15.html

    ReplyDelete
  19. කොහොමද අප්පා එහෙම හිටන් චූ කරන්නේ ?? අපිටත් කියලා දෙන්නකෝ.. දවසක් අපේ නෑදෑ වෙන නංගි කෙනෙක්ටත් ඔහොම සීන් එකක් උනා. එයා දන්නෙම නතුව පාරේ චූ ගියා.. හොඳ වෙලාවට කව්`රුත් පාරේ හිටියේ නෑ... මේ ඒක නෙමේ.. මට තාම හරි හමං අයිඩී එකක් නෑ. පස්සේ හිමීට හදා ගන්නම් කෝ.....

    ReplyDelete
  20. ජපන් රටේ නම් කාන්තා පක්ෂයට ඔය වැඩේ කරන්න ලේසි වෙන්න පුනීලයක් හදල තියෙනවා, මෙන්න මේ වගේ.....

    http://www.backpackingjournalist.com/wp-content/uploads/she-wee-gal-festival-431.jpg

    ReplyDelete
  21. එල එල මචෝ... මෙවුවට ඊය කියන කස්ටියත් ඉන්නවනෙ.. :D

    ReplyDelete
  22. මම පුංචි කාලේ (හැට ගණන් වල) අපේ ගම් වල (මීගමු පලාතේ මූදුකරේ) රෙදි කම්බා අඳින තලතුනා ගෑණු හිටගෙන මුත්‍රා කිරීම ඒ තරම් අමුතු දෙයක් විදිහට නොහිතූ වග මතකයි. විශේෂයෙන් ධීවර කර්මාන්තයට සම්බන්ධ අය.

    -ලොකු

    ReplyDelete
  23. http://www.wikihow.com/Pee-Standing-up-Without-a-Device

    ReplyDelete
  24. I'm really impressed along with your writing skills as neatly as with the layout
    in your weblog. Is that this a paid subject matter or did
    you modify it your self? Either way stay up the excellent high quality writing, it is rare to see a great weblog like this
    one nowadays..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.