
ඔන්න එක මනුස්සයෙක් මගුල් ගෙදරක ගිහින් උස්මුරුත්තාව වෙන්න කාල, බඩ පුරෝල දාල අසනීප වුනාම දොස්තර කෙනෙක් ලඟට එක්කගෙන ගිහින් තියෙනව.
"ඔය වගෙ වෙලාවට කරන්න තියෙන හොඳම දේ තමයි කටේ ඇඟිල්ලක් දාල වමනේ කරන එක!" කියල කිව්වලු දොස්තර.
අපේ පොර මොකක්ද දන්නවද කියල තියෙන්නෙ?
"අනේ ඩොක්ට, කටේ ඇඟිල්ලක් දාන්න ඉඩ තිබුණ නං, මං තව කිරි-පැණි කෝප්යක් කනවනේ" කිව්වලු!
මී කිරි කන්න කවුද අකමැති? යෝගට් වලට වඩා හොඳයි නේද?
ඔතන වෙනස මේකයි. යෝගට් හදන්නෙ එළදෙනුන්ගෙන් දොවන කිරි වලින්. මී කිරි කියල කියන අර මැටි වලං වල අසුරල තියෙන යෝගට් ජාතිය හදන්නෙ මී දෙනුන් ගේ කිරිවලින්.
මෙතන මී දෙනුන් කියන්නේ මී හරක් ගෙ ගෑනු සත්තු, නැතුව මීයන් ගෙ ගෑනු සත්තු නෙවෙයි. මීයන් ගෙ ගෑනු සත්තුන් ගෙන් කිරි දොවන හැටි ගැන කතාවක් තියෙනවා, "මීට් ද පේරන්ට්ස්" කියන චිත්‍රපටියේ නං.
මුදවපු කිරි වලින් වැඩියෙන් රහ මී කිරි වුනාට, සාමාන්‍ය කිරිවලින් නං හොඳ එළකිරි බව අවිවාදාත්මකයි. ඒ හින්ද තමයි ඔය "එළකිරි", "එළ" කියන වචන දැන් අවුරුදු පහක හයක ඉඳල ජනප්‍රිය වෙලා තියෙන්නේ.
එළකිරිවලින් හදන විවිධ නිෂ්පාදන පස් වර්ගයකටයි පස්-ගෝ-රස කියල කියන්නේ. ඒ පස් පංගුව තමයි, කිරි, මුදවපු කිරි හෙවත් යෝගට්, වෙඬරු හෙවත් බටර්, කේජු හෙවත් චීස් සහ ගිතෙල් හෙවත් ගී.
මං දන්න තරමින් ඔය පස් පංගුවම මේදය හෙවත් ෆැට් කන්ටෙන්ට් එක වැඩි කෑම ජාති. අඩු කරන තරමට හොඳයි.
ඉතිං අද කතාව මේකයි.
ඔන්න අපේ පොඩි පාටියක දී, මුදවපු කිරි ගැන කතාවක් ඇදිල ආවා. මොනවද මී කිරි වලට ලඟින්ම යන හොඳම යෝගට් ජාතිය කියන එක ගැනයි වාදය. ඒ කියන්නෙ" හයිලන්ඩ් යෝගට්" ද, "නිව් ඩේල් යෝගට්" ද, අරව ද, මේව ද වඩා හොඳ කියන එකයි.
මගේ හොඳ යාළුවෙක් ඔතන සෑහෙන්න හයියෙන් කතාව.
මිනිහ රුහුණෙ පොරක්, ඒ හින්ද ගමේ දි නිතරම මී කිරි කාල තියෙනව, ඒ වගේම ඇත්තටම හොඳට මී කිරි ගැන දන්නව.
හැබැයි "මද පමණින් දෂ්ඨ කරල" හිටිය හින්දද කොහෙද කතාව මහ හයියෙන්.
මිනිහගෙ කට වහන්න මං කිව්වෙ මෙච්චරයි.
"මචං, ඔන්න මව් කිරි ගැන නං ඉතිං මට කතා කරන්න පුළුවන්, හැබැයි ඉතිං මී කිරි ගැන නං ඉතිං උඹ කියන දේ මට අනිවාර්යයෙන්ම පිළිගන්න වෙනව".
ටියුබ් ලයිට් අයට තව ටිකකින් තේරෙයි.
කතන්දරකාරයා
ප/ලිඃ
ඔය පාටියෙදිම තමයි අර තිස්ස ගෙ ආගම් මාරුව ගැන කතන්දරේ කියන්න ගිහින් මයුරි ගේ වඩේ පාර නොකා මං බේරුනේ!
මරු කතාව..
ReplyDeleteහොද කිරියි පැණියි කන්න නම් ඉතින් පලාතට එන්න ඕනි.... ඔය යෝගට් වල තියනවලු නේද අර මොනාද... ආහාර ජීරණ පද්ධතියෙ ඉන්න ඕනිම ක්ෂුද්‍ර ජීවින් සම්බන්ධ මොනාහරි...
ReplyDeleteදැන් මේක සෞඛ්‍ය පාඩමක් දක්වා දුර දිග ගිහින් වගේ නේද.... හොඳයි හොඳියි ...
කිරි රස දන්නෝ මවු හදුනන්නෝ..
ReplyDeleteඅර දොස්තර කතාව මම අහල තියෙන්නෙ මෙහෙමයි.
ReplyDelete"ඇඟිල්ල දාන්න ඉඩ තිබ්බනම් කෙහෙල් ගෙඩියක් නොකා ඉන්නවද ?"
එළහරකාගෙ හරි මී හරකගෙ හරි කිරි කියන්නෙ හරකගේ කිරි නොවැ .එතින් ඔය හරක්කිරි බීල වැඩිවියට පැමිනි අපි හැමෝම නිතරම උන් වගේ හැසිරෙන එක පූදූම වෙන්න දෙයක් නෙවේ ආයූබොවං.
ReplyDeleteඅපේ මාරයියත් ටියුබ් ලයිට් වගේ මට නම් හිතෙන්නේ නේද කතාන්දරකාරයෝ....හික්ස් පේන්නෙ නැද්ද දීලා තියෙන උත්තරය :)
ReplyDeleteමොනා උනත් නියම කතාව
හෙහෙහෙ.. මරු කතාව.
ReplyDelete:D
niyama kathaawa .......
ReplyDeleteඑල කතාව කසු. මමත් තරිඳු අයියා කියපු විදිහට කෙහෙල් ගෙඩියක් ගැන කතාවක් තමා අහලා තියෙන්නේ
ReplyDeleteහෙහ් හෙහ්. එළ කතාව බොලං
ReplyDeleteඅපිට නෙමේ ඔය් කතාව ඌට තේරූනාද...?
කිරි කන්න හොඳම පැනි තියෙන්නෙ කොහෙද දන්නවද..?
"කටුවන"
@තරිඳු, හසිත
ReplyDeleteඕගොල්ලො අහල තියෙන්නේ අර කෙහෙල් ගෙඩිවලට කැමති ලෙඩා ගෙ කතාවනේ.
මේ වෙන ලෙඩෙක්, වෙන දොස්තර කෙනෙක් ගාවට ගිය කතාවක්.
@දිල්
ReplyDeleteමට නං පේන්නේ මාරයාට කතාව හොඳින් තේරිලා තියෙනවා වගේ!
@ මාතලං
කටුවන පැණි ගැන නං දන්නේ නෑ. තෙලිජ්ජවිල කොහොමද?
@වැම්පයර්, වත්, ගාමිණී, ඈන්ෂ්, ඉලංදාරියා, මාරයා
ස්තුතියි කතාව බලා කොමෙන්ටු දැම්ම එක ගැන.
මෙයින් පස්සෙ කතන්දරෙත් කියවලයි මෙක කියෙව්වෙ. ඹය රුහුණෙ මී කිරි මිත්‍රයගෙන් එයාගෙ කතන්දර යාළුව මොන වර්ගයේද ඇහුවොත් මොනව කියයිද හිතුණ.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletematath hitune dilta terila naha kiyalai . . maarayata nam hodinma terila . . ..
ReplyDeletearoota terunaada machan . . ?
දිල් දන්න ඔළු ගෙඩිය..
ReplyDeleteමරු උත්තරේ
ReplyDeleteonna dewani seretatath kiyeuwa
ReplyDeleteමම කියන්න ලැහැත්ති වුණේ අපේ පලාත තමා මීකිරි වලට සුප්‍රසිද්ද කියලා .. ඒත් මම ඒක නොකියා යනවා ..
ReplyDeleteමාතලන් දන්න ඉටිගෙඩිය.. අපිනම් පොඩිකාලෙ අහල තියෙන්නෙ කිරි කනවනම් කන්න ඕන ''කොම්පැණි'' එක්ක කියලා...
ReplyDelete