
කාර් කට්ටක් ගන්න තිබුණු මගේ සුළු ධනේශ්වර සිහිනය සැබෑ කරගත්තත් ඒක අන්තිමේ දී නතර වුනේ හිර කූඩුවෙන්...!!!
මේ කියාගෙන යන්නේ ඒ මෙගා සීරීස් එකයි.
මැටනිටි ලීව් හිටි කතන්දර හාමිනේව පඩි ගන්න එක්කගෙන යන වෙලේ ස්පීඩ් කරල වැදුණු දඩ කොලේ උසාවිය දක්වාම ගියා. උසාවියේ දී හම්බ වුණු ලෝයර් කාක්කන්ගෙන් මුලින් පාර බේරිලා ඇතුලට ගිහින් නඩු අහනව බලන් හිටියත්, දෙවෙනි පාරටත් මෙන්න බොලේ මුං දෙන්නෙක් මාව වටකර ගත්තා.
"සෝ, ආ යූ ගොයින් ටු ඇපියර් විතවුට් අ ලෝයර්?" (උඹ නඩුවට ඉන්නේ ලෝයර් කෙනෙක් නැතුවද)
"යර්ස්, අයෑම් ගොයින් ටු ප්ලීඩ් ගිල්ටි ෆෝ ද චාජස් එනි වේ. අයි තින්ක් අයි කැන් ඩූ ඉට් මයි සෙල්ෆ්!" (මං කොහොමටත් වරද පිළිගන්න නේ යන්නේ, ඕක මටම කරගන්න පුළුවන්)
"යූ නෝ, දිස් ජජ් ඉස් අ වෙරි ටෆ් ජජ්. හී මයිට් ෆයින් යූ ඊවන් තවුසන්ඩ් ෆයිව් හන්ඩ්රඩ්. යූ ආ ඉන් සේෆ් හෑන්ඩ්ස් විත් වන් ඔෆ් අස් ඇපියරින් ෆෝ යූ." (දන්නවද, මේ නඩුකාරයා හරිම තදින් ඉන්න කෙනෙක්. උඹට රුපියල් එක්දාස් පන්සීයක් වුණත් දඩ ගහන්න ඉඩ තියෙනවා. අපි එක්කෙනෙක් පෙනී හිටියොත් කෝකටත් හොඳයි)
මුං දෙන්නා කියන්නේ ඇත්ත. ඔය නීති කියන ඒවා මහා අවුල් වියවුල් සහිතව, ලූප් හෝල් හෙම දාලා, හංගලා හදලා තියෙන්නේ, මේ ලෝයර්ස් ට ජොබ් හදල දෙන්නනේ. සාමාන්‍ය පුද්ගලයින්ට තියෙන හොඳම වැඩේ තමයි, නීතීඥයෙක් මගින් උසාවියේ දී තමන්ව නියෝජනය කරන එක!
සාමාන්‍ය පුද්ගලයින් ට එහෙම තමයි. හික්ස්...!!!
මං කලේ මුං දෙන්නව බ්‍රෂ් ඕෆ් කරල ආයෙත් උසාවිය ඇතුලට යන එකයි.
ඔන්න ඔය වෙලාවේ තමයි මං දැක්කේ අපේ ට්‍රැෆික් බ්‍රාන්ච් ඕ.අයී.සී මහත්තයා ඉන්නවා උසාවියේ ඉස්සරහ. තාම නඩුකාරය ආපහු ඇවිත් නෑ. වෙලාව දොළහටත් ලඟයි. ඉතිං මං ගියා ඕ.අයි.සී. ට පොඩි චැටක් දාන්න.
"කීයටද මගේ කේස් එක?"
"මහත්තයා ගේ එක තියෙන්නේ අපේ ලයිස්තුවේ උඩින්මයි. හැබැයි තව පැයක්වත් යාවි."
පොර මට පෙන්නුවා ලොකු කොළයක් චාජස් ලියල තියෙන.
නම: කතන්දර කාරයා
චෝදනාව: අංක XX ශ්‍රී 4954 දරණ මෝටර් රථය අධික වේගයෙන් පැදවීම
මට ටක්ගාල නෝට් වුණා අප්සෙට් එක.
"මේ මගේ කාරෙකේ නම්බර් එක නෙමේ නේ! මගේ එක 4945 නේ!"
"ආ, ඇත්තද? එහෙනං අපිට වැරදිලා!"
"ඉතිං?"
"දැන් කරන්න දෙයක් නෑ. මේක උසාවියේ ලයිස්තුවට දාලත් ඉවරයි. මං කියන්නං, මහත්තයා සද්ද නැතුව වරද පිළිගන්න. ඕක දැන් මෙතන ඇදලා වැඩක් නෑනේ?"
"හොඳයි, හොඳයි!"
මං ආපහු බංකුවෙන් ගිහින් වාඩි වුණා. නඩු අහන්නත් පටන් ගත්තා. හැබැයි දැන් මගේ කල්පනාව වෙන අතක.
මට ඔන්නං පුළුවන් මේ දාල තියෙන චෝදනාවට නිවරදකරු කියල කියන්න. ඒ එක්කම නිවරදකරු කියල ඔප්පු කරන්න. මොකද ඔය කියන 4954 වාහනේ මං එළවනව තියා ඇස් දෙකටවත් දැකල නැති හින්දා!
නඩුව ෆයිල් කරල තියෙනවා වැරදි හින්දා නඩුව විසි කරල මාව නිදහස් කරන්න වෙනවා!
කොහොමද මගේ ටිකිරි මොළේ?
නමුත් මේ කේස් එක මට තනියම හැන්ඩල් කරන්න පුළුවන් වෙයිද? අර ලෝයර් කොල්ලෙක්ව ගත්තනං හොඳ වගේද?
-කතන්දරකාරයා
ප/ලි:
ටිකිරි මොළේ කෙසේ වෙතත් මං අන්තිමට කූඩුවේ වැටිලයි නතර වුනේ.
ඒ උද්වේගකර, දුක්බර, ශෝකජනක කතන්දර කෑල්ල මේ මෙගා එකේ ඊලඟ එපිසෝඩ් එකෙන් (උසාවියේ දී බොරු කියූ කතන්දරකාරයා කූඩුවේ වැටේ!) බලාපොරොත්තු වෙන්න.
(image: http://www.simpsonstrivia.com.ar/)
