
මා කුඩා කාලයේ කුමක් හෝ හේතුවක් නිසා අපේ එක් ආච්චී කෙනෙකුගේ ගෙදර ගොස් රාත්‍රියක් ගතකරන්නට සිදුවිය.
අර එංගලන්තෙන් ආ අංකල් හමුවූයේ එදා යැයි අනුමාන කරමි.
ආච්චී ගේ නිවසේ තිබූ පොත් අල්මාරියක තිබී මට කාලයකට කලින් මුද්‍රණ්‍ර කරන ලද "උදය" නම් වූ ළමා සඟරා එකතුවක් හමුවිය. මේවා අපේ එංගලන්තේ අංකල් ලා පොඩි කාලේ කියවපුවා විය යුතුයි.
ඒ එක් සඟරා කලාපයක පලවු තිබූ එක්තරා ලිපියක් මගේ සිත ගත්තේය. ඒ ලිපියෙන් කියවුනේ කුඩා ළමුන්ට කවි ලිවීමට උපදෙස් ය.
මේ සඟරා පලවූ කාලයට අදාලව මේ උපදෙස් දී තිබුණේ එලිසම සහිත සඳැස් කවි ලිවීමටයි. ඒ ලිපියේ උදාහරණ ලෙසට සැන්දෑ වරුවක නිවසේ ඉදිරිපසට වී බැස යන හිරු සහ පොල් ගස් දෙස බලමින් සිටි ළමයෙකු විසින් ලියවෙන්න ඉඩ ඇති කවි පන්තියක් ද එකතු කර තිබුණි.
එදා ආච්චිලා ගේ නිවසෙන් ආපසු අපේ ගෙදරට පැමිණි විගසම මා කළේ පොතක් සහ පැන්සලක් රැගෙන ඉස්තෝප්පුවට වී මිදුලේ තිබූ ලොවි ගස්, තැඹිලි ගස්, පොල් ගත් දෙසත් බලමින් කවියක් ලියන්ට උත්සාහ කිරීමයි.
ගස් තිබුණු පලියට කවි පල හට නොගන්නා බව මට එදා වැටහුණි.
කවි ලිවීමට හොඳ කෝෂ්ඨාගාරයක් මෙන්ම කවි සිතුවිලි ද උවමනා වේ.
මට ඔය දෙකම තිබුණේ නැත.
පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ යන ප්‍රසිද්ධ කියමන ආශ්‍රයෙන් මා වයස දාසයයි මාස දෙකේදී කවියක් ලියූ බව මා පෙර දිනයක කීවෙමි.
ඒ කාලයේ මා කවි සටහන් කර තිබූ පරණ දින සටහන් පොත දිගටම පිරික්සීමේ දී මට තවත් එවැනි ප්‍රසිද්ධ අදහසක් අනුසාරයෙන් මා ලියූ කවියක් හමුවිය.
මෙන්න ඒ කවිය.
නෙලන්න බැරි මල්
කිසිවෙකු හට නෙලා ගන්න
බැරි ලෙස අතු අග්ගිස්සේ
ලඟවෙන්න බැරි ලෙසිනේ
දණක් එරෙන වගුරු බිමේ
වනලැහැබෙන් එයා ඉමේ
විසපිරි කටු ඇති පඳුරේ
සුවඳ හමන ලස්සන මල්
නෙලන්න බැරි පියකරු මල්
ඇයිද පිපෙන්නේ?
අඳුරුව තිබූ මගේ දිවිය
එළිය කරපු නිල්මිණ වෙත
මගෙ හදවත තිබු පාළුව
මකා දැමූ මිහිරිය වෙත
කිසි දිනයක හිමි නොවෙනා
මට අහිමිවූ වස්තුවකට
මටත් හොරෙන් ඇයි මගෙ සිත
ඇදිලා යන්නේ?
මේ නෙලන්න බැරි මල් කවිය මා ලියා ඇත්තේ පෙර කී තණ අග පිණි බිදු කවිය ලියා විනාඩි පාළහකට පසුව බව සටහන් පොත කියයි.
මා මේ අදහස සොරා ගත්තේ කරුණ්රත්න අබේසේකර රචනා කර, මිල්ටන් පෙරේරා ගැයූ ගීයක මුල් දෙපදයෙනි.
නෙලන්න බැරි මල් අතු අග මොටද පිපෙන්නේ
ලැබෙන්නේ නැති වස්තුවකට කිම සිත යන්නේ
දැන් මෙන්න අද ඉරිදා ඔබේ රස වින්දනයට ඒ මිල්ටන් පෙරේරා ගැයූ ගීතයේ යූ ටියුබ් වීඩියෝව.
තාත්තා ගේ සින්දු පුතා කන හැටි අහන්න ඕනෑ නං මෙතනින් පුළුවනි.
-කතන්දරකාරයා
ප/ලි:
මා ලියූ මේ කවි සටහන් පොතෙන් මුල්වරට එළියට එන්නේ අද බවත් අදාල මූලාශ්‍ර සපයා ඇති බවත් කරුණාවෙන් සළකන්න.
(image: http://archives.dailynews.lk/2010/10/20/art02.asp)















