Monday 17 May 2010

වැසිකිලිය, කැසිකිලිය සහ ගඳකිලිය


අද කතන්දරේ මං ලියපු චූ කතා (එක, දෙක, තුන) සීරීස් එකේ අතුරු කතාවක්.

චූ කතාවලට අකමැති අයත් හිටියට, කැමති අය ඊට වැඩියි මට තේරුණු විදියට. කොටින්ම මං ලියපු චූ කතා බලල නදී ගේ සිතුවිලි සහ ආගිය කතා බ්ලොග්කරුවන් දෙන්නාත් කතා ලිව්වනේ.

චමරියේ දී අපි චූ කල හැටි කියන කතන්දරේ කියද්දී මං වැසිකිලිය සහ කැසිකිලිය අතර වෙනස පැහැදිලි කළා මතකයිනේ මට තේරෙන විදියට.

අපේ චමරිය තිබුණු ගෙදර අයිතිකාර අංකල් හදල දුන්නු කැසිකිලිය, වැස්ස නැති නිසා, ටික කාලෙකින්ම ගඳ ගහන්න පටන්ගත්ත. මං නෙමේ ඉන් පස්සෙ ඒ පැත්ත පලාතෙ ගියේ, රෑ ජාමෙට වුනත්.

කැසිකිලිය ගඳ ගහන්න පටන්ගත්තට, ඒකට "ගඳකිලිය" කියල නං කියන්න එපා රජෝ.

මොකද පරණ සිංහල පොත්වල "ගඳකිලිය" කියල කියන්නෙ බුදුහාමුදුරුවන් වැඩ වාසය කරපු කුටියටයි.

සිංහල ව්‍යාකරණය ගැන පරණම පොතක් වෙන, සිදත් සඟරාවෙ තියෙනවලු මෙහෙම. (තියෙනව ලු කියල කිව්වෙ, අමුතුවෙන් නොකිව්වට, ඒක මං බලපු පොතක් නොවේ නිසා.)

"මහද ගඳකිලි කර
සවුනේ ගෙවා දත් හට
දුහුණන් දැණුම් සඳහා
කරනෙමි සිදත් සඟරා"

ගඳ කියන සිංහල වචනේ ඇත්තටම ජෙනරික් එකක් නේ. හොඳ ගඳක් නම් සුගඳ, නරක ගඳක් නම් දුගඳ. ගඳ කියන වචනෙ ඇහුණාව සාමාන්‍යයෙන් එන්නේ දුගඳ කියන තේරුම වුනාට ඒ තර්කයෙන් ම සුගඳ කියන තේරුම ගන්නත් පුළුවනි මගෙ හිතේ.

සමහර විට ගඳකිලිය කියන වචනේ වෙනස්ම තේරුමක් තියෙන්නත් ඉඩ තියෙනවා.


ඇත්තටම මේ පරණ සිංහල පොත්කාරයො මහ අප්‍රභංශ වචනනේ පාවිච්චි කරල තියෙන්නෙ.

ඔන්න මීට අවුරුදු බර ගාණකට කලින් අපි ඉස්කෝලෙ ඉන්න කාලෙ, ඔය සුපුන් සුදාරක ගෙ විතර වයසෙදි, මගෙ පන්තියෙ යාළුවෙක් ගියා ගුවන් විදුලි ප්‍රශ්ණ විචාරක වැඩ සටහනකට සහභාගීවෙන්න. (සුපුන් ල නං ඉතිං යන්නේ මුහුරත් උත්සව වලට නේ!)

මගේ යාළු පොරට ලැබුණු දෙවෙනි ප්‍රශ්ණෙ මෙන්න මේකයි.

"බුදු හිමියන් ගේ අසාධාරණ බුදු ගුණ යන යෙදුමේ, අසාධාරණ යන වචනයෙන් අදහස් වෙන්නේ කුමක්ද?"

දීපල්ලකො පුළුවන් නං උත්තර!

අර ගඳකිලිය වගේම අපිව කරකෝල අතහරින වචනයක් නේද? (ඇයි මුහුරත් උළෙල, නේද සුදාරක?)

කතන්දරකාරයා

ප/ලිඃ
මාත් ගියා ඒ වගේ radio show එකකට ඉස්කොලෙ යන කාලෙ. ඊලඟට ලියන්නං ඒක.

10 comments:

  1. ඇත්තටම මොකක්ද? ඈ.......

    සලමන් මහත්තයගේ පින්තූරයක් දැම්මේ ඇයි....

    ඔයත් නිකන් දේශ්පලනේට එන්න වගේ නේද යන්නේ...

    ReplyDelete
  2. මගෙ සින්හල දැනුමේ හැටියට මෙතන අසාධාරන කියන්නේ, අනිත් අයට නැති කියන අර්තයෙන්. ෂට් අසාධාරණ ඤාණ වගේ දෙයක් උදාහරනයට දෙන්න පුලුවන.

    ReplyDelete
  3. හ්ම් ..... පින්තූරය සහ කතන්දරය ගලපා ගන්න බැරිව තැවෙමි... උදවු ඕන..
    ෴Shame෴

    ReplyDelete
  4. ඇයි ළමයෝ සලමන් රෂ්ඩ්කියන්නේ තමන්ගේආගමට විරුද්දව පොතක් ලියපූ කෙනානෙ !

    ReplyDelete
  5. හහා, මාර සීන් එකක්නෙ. මට නං පොඩි කාලෙ ඉඳලම ඔය ගඳකිලිය වචනෙ ඇල්ලුවේ නෑ ඕං.

    ඒකත් නිකන් හරියට මුහුරත් උළෙල වගේම තමා! :D

    ReplyDelete
  6. සාධාරණ කියන්නෙ "පොදු" කියන වචනයට සමාන වචනයකි. (උදා: සාධාරණ සමීකරණය - පොදු සමීකරණය, නීතියේ සාධාරණය- නීතියේ පොදුබව) මේ අනූව අසාධාරණ යනු අනෙක් අයට පොදු නොවූ යන්නයි.

    ReplyDelete
  7. ඉතින් අයියා අර ළමයා ප්‍රශ්නෙට දීපු උත්තරේ මොකක්ද ?

    ReplyDelete
  8. සියළුම ප්‍රතිචාර වලට මගේ ස්තුතිය.

    සලමන් ගොයියගේ පින්තූරක් දැම්මේ ඔය කිලි වරද්ද ගත්තොත් වෙන දේ මතක් කරන්නයි. කතන්දරයක් ඇතුලේ කතන්දරයක්.

    මගේ යාළුවා පිලිතුර දැණගෙන හිටියේ නෑ. ඒ දවස් වල අපි පොඩි උං.

    ReplyDelete
  9. මටත් පොඩි කාලෙ ඔහොම එකක් උණානෙ. 5 වසරෙ බුද්ධාගම පාඩමේදි ගදකිළිය කියන්නෙ මොකද්ද කියල ටීචර් ඈහුවම දෙය්යනේ කියල මං කියල තියෙන්නෙ බුදු හාමුදුරුවන්ගෙ toilet එක කියලයි

    ReplyDelete
  10. මම දන්නා තරමින් ගඳකිළිය කියන්නේ ගන්ධ කුටිය කියන එක. ඔතන අසාධාරණ කියන්නේ බුදු වරුන්ට පමණක් තියෙන අනෙක් සාමාන්‍ය අයට නැති නුවන ගැන.
    මේ බ්ලොග් එක දෙකකේ ලගදී. මරු. මම හෙට අනිද්දා register වෙන්නම්. - Dalambuwa

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.