
බයිලකාරයො බයිල ගහන ශෛලියක් තියෙනව. කතන්දරකාරයොත් එහෙමයි.
මං කතන්දර කියන්නෙ, කතන්දරකාරයා හෙවත් කතන්දරශූරී හෙවත් කතන්දර රජා හෙවත් කතන්දර-වාලා වන මගේ ශෛලියටයි. කතන්දර කියන්න මං පාවිච්චි කරන වචන සෙට් එක, ලැන්ග්වේජ් එක, වාක්‍ය ගැලපීම, පද බෙදීම ආදී මෙකී නොකී සේරම දේවල් මං හදාගත්තු සම්මුතියකට අනුවයි කරන්නෙ.
වෙනත් නම් වලින් (ඒවා දන්නෝ දනිති!) මං ලියන දේවල්වල ගතිගුණ මේ කතන්දර බ්ලොග් එකට වඩා වෙනස්. සමහර තැන්වල අම්බානකට වෙනස්.
කතන්දරකාරයගෙ භාෂාවෙ එන ප්‍රියතම වචනයක් තමා "පොර" කියන සර්වනාමය. "තමුසෙ" කියන්නෙ, "තමුන්නාන්සෙ" කියන එකේ ෂෝට්න් ෆෝම් එක කියනව වගේ "පොර" කියන්නෙත් හොඳ නමක කෙටි යෙදුම වෙන්න ඕනැ.
කතන්දර බ්ලොග් එකේ මුළ ඉඳලම මං ඔය "පොර" කියන සර්වනාමය පාවිච්චි කළා. කාලෝ ෆොන්සේකා ට, ස්කෝඩා එක එලවපු ප්‍රින්සිපල් ට, බන්දුල ගුණවර්ධන ට, අරූට, මූට වගේ බොහෝ දෙනෙකුව හඳුන්වන්න.
හැබැයි කතන්දර කොට්ටෝරුවට වැරදුනේ දුටුගැමුණුට පොර කියපු දවසෙයි. ඒක ටැබූ මාතෘකාවක් ලංකාවෙ. ඉතිං ටැබූ විෂයය භාර ගුරුතුමා තමන්ගෙ ලිපි අකුල ගත්ත වගේ, මාත් දුටුගැමුණු පොරක් නෙමේ කියල ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරල මගේ ලිපිය සංස්කරණය කළා.
ඉතිං මේකයි අද කතන්දරේ. කෙටි කතාවක්. මාත් අහල තියෙන එකක් මිස මගේම අත්දැකීමක් නම් නෙමේ. හැබැයි ඇත්ත වෙන්න ඕනැ.
ඔන්න එක්තරා කැම්පස් එකක කොල්ලෙක් නිවාඩු දවසක ගෙදර යනකොට බෝඩිමේ හිටපු බැචෙකුත් සෙට් වුණා ගමනට.
දෙන්න ගෙදර ගියා. ගෙදර හිටිය අම්මට යාළුවව අඳුන්වල දුන්න.
"අම්මෙ මේ අපේ කැම්පස් එකේ පොරක්. අපි දෙන්න එකම බෝඩිමෙයි ඉන්නෙ".
ඉතිං යාළුවො දෙන්න කාමරේට සෙට් වෙලා තෙලක් බෙද බෙද හිටිය. ටික වෙලාවකට පස්සෙ අම්ම කතා කරනව ඇහුණ සාලෙ පැත්තෙ ඉඳන්.
"පුතේ ඔය පොර ළමයත් එක්ක එන්න බත් කන්න".
-කතන්දරකාරයා
ප/ලිඃ
දැන් මෙන්න මේ ලියන මොහොතේ මගේ හිතට ආපු ප්‍රශ්ණයක්.
තමුසෙ කියන්ණෙ තමුන්ණාන්සෙ කියන එකේ කෙටි යෙදුම නම්, අයිසේ (I say) කියන්නෙ මොන වචනේ කෙටි යෙදුමටද?
තවත් ප්‍රශ්ණ දෙකක් මෙන්න. මේව ඇත්තටම තේරවිලි. දවසක් රෑක රේඩියෝ එකකින් මට ඇහුන ඒව.
1. මාළුවගෙ girl friend ට කියන්නෙ මොකක්ද?
2. කුළු හරක ගෙ girl friend ට කියන්නෙ මොකක්ද?
(ඉඟිය- මේ ලිපියට සම්බන්ධයි.)
1. මාලු කෑල්ල
ReplyDelete2. කුලු ගෙඩිය
මාළුවගෙ girl friend ට කියන්නෙ මොකක්ද? = මාලු කැල්ල
ReplyDeleteකුළු හරක ගෙ girl friend ට කියන්නෙ මොකක්ද? = කුලු බඩුව :P
මාළුවගෙ girl friend ට කියන්නෙ මොකක්ද?=මාලු කැල්ල
ReplyDeleteකුළු හරක ගෙ girl friend ට කියන්නෙ මොකක්ද?=කුලු බඩුව
කතෙ මම හිතනවා i say කියන සිංහල යෙදුම ඉස්සර සුද්දා ගෙ කාලෙ සුද්දො සිංහල මිනිස්සුන්ට(ඉංග්‍රිසි හැකියාව අඩු) යම් අණක් දිමෙදි එය කිපවරක්ම කියන්න වෙද්දි යොදා ගත්තු දෙයක් වෙන්නැති , එක අහන් හිටපු පොරක් එක සිංහල මිනිස්සු අතරට ගෙනියන්නැති.
ReplyDeleteකුලු හරකගෙ ගෑනි - කුලු ගෙඩිය
ReplyDeleteමාලුවගෙ ගෑනි - මාලු කෑල්ල
හාවගෙ - හා හා ලදේ
අයිසෙ කියන්නෙ I said කියන එකෙන් බිදුනු ( හැදුනු ) වචනයක්. I said get out හරි I said go හරි I said come here හරි කියල සුද්ද කියපුව ඇහුන අපේ අයියල හිතුවෙ අයිසෙ get out, අයිසෙ go වගේ අයිසෙ කියල ආමන්තරනය කරල go, out කියල කියනව කියල. ඉන් පස්සෙ අපේ මුලදෑනි උත්තමයො මේක ආදර්ශයට අරන් උන්ගෙ යට ඉන්න උන්ටත් අයිසෙ වරෙන් අයිසෙ පලයන් කියපු එක තමා අද් වෙනකල් යන්නෙ කියල මට හිතෙන්නෙ.
මාලුවගෙ girl friend ට නං කියන්නෙ "මාලු කෑල්ල" කියලා. ඒත් මම බැලුවෙ කුළුහරකගෙ කෑල්ලට මොකක්ද කියන්න කියලා! :S
ReplyDeleteඋත්තරේනම් හරි ලේසි... මාලු කෑල්ලයි කුලු ගෙඩියයිනේ
ReplyDeleteඔය අන්තිම ප්‍රශ්ණ දෙකටම උත්තර මම දන්නවා.ඒත් ඒකට උත්තර කනට ගැහැවිව වගේ ඉස්සසෙල්ලාම මම කියන එක එරිනෑ නේ. මම ආයෙත් ඈවිල්ල බලන්නංකො. මොකද වෙලා තියෙන්නෙ කියලා
ReplyDeleteඔය දෙකටම උත්තර නමි මම දන්නවා. උදේ නැගිටිද්දිම කණට ගහනවා වගේ මුලින්ම මම උත්තරෙ කියන එක හරි නැති හින්දා පස්සෙ ආයෙ ඈවිල්ලා බලන්නයි හිතුවෙ.
ReplyDeleteමාළුවගෙ gfට කියන්නෙ මාළු කෑල්ල..
ReplyDeleteකුළුහරකාගෙ gfට කියන්නෙ කුළුබඩුව..
කතන්දර, දැං ඉතිං ස්ත්‍රී පාර්ශවය මට එරෙහිව එයිද දන්නෙ නෑ අපහාස කලා කියලා.. :)
එතකොට " ඒක තමයි අයිසෙ මම කිව්වෙ " කියන එකේ තේරුම මොකද්ද :P
ReplyDeleteමාළු කෑල්ල, කුළු බඩුව තමා හරි උත්තර. ඕක මං ඇහැව්වෙ රේඩියෝ එකකින්.
ReplyDelete"අයි සේ" කියන්න කතාවට කියන යෙදුමක්. පරණ කාලෙ එකක්. සිහලෙනුත් තියෙන්නෙ අර "මං කිව්ව", "මං කියන්නෙ" වගෙ කතා.
පොර ළමයා කතාව අහල ඉන්දික මට තව කතාවක් එවල තියෙනව. ඊලඟට ඒක දාන්නං.
කතන්දරකාරයා
හ්ම්ම් ... ආවුසො -> ඇවැත්නි -> අයිසේ ??
ReplyDelete