Showing posts with label පොලිසිය. Show all posts
Showing posts with label පොලිසිය. Show all posts

Wednesday, 8 June 2011

කාර් එකේ පැජරොයියෙක් හැප්පෙයි! - Pajero Vs Corolla


අද මං කියන්න යන්නේ කතන්දර පවුලේ කාර් එක ගැන මෙගා සීරිස් එකේ දෙවෙනි කොටස හෙවත් පැජරොයියෙක් කතන්දරකාරයා ගේ කාර් එකට කෙලවපු හැටි ගැනයි.

ඔන්න ඉතිං සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව, කෙල්ල හම්බවෙන්න කලින් ගත්තු කාර් කට්ට ගෙදර සති දෙකක් ම වේලුණාට පස්සේ මංතුමාට ඩ්‍රයිවින් ලයිසොන් එක ලැබුණාය කියමුකෝ.

හා, හා, පුරා කියල අපි යන්න පිටත්වුනේ හුණුපිටියේ රක්‍ෂණ සංස්ථා කාර්යාලයටයි. ඒ කාර් එක ඉන්ෂුවර් කරන්න. එතන ගිහිල්ලා, ෆෝම් පුරෝලා, කාර් එක පෙන්නලා, සල්ලි ගෙවලා, ඒ වැඩේ කර ගත්තා.

බඩ දරු අම්මාත් කාර් එකේ අරගෙන ගිය නිසා, ටිකක් විතර බයක් ආවත්, ගට්ස් හොඳ හින්දා ඒ ගමන ගිහින් ආවා කරදරයක් නැතුව.

මේ කොරොල්ලා කාර් එකට අමුතුවෙන් හයි කරලා තිබුණා පවර් ෂටර්ස් ඉස්සරහ දෙපැත්තේ ජනෙල් වීදුරු වලට. කාර් එක ගන්න මට හෙල්ප් කරපු මිත්‍රයා කිව්වා මචං මේකේ වයරින් හරි නෑ වගේ අපි මේක පෙන්නමු මගේ කාර් එකේ වැඩ කරව ගන්න ඉලෙක්ට්‍රිකල් බාස් ට කියලා.

ඔන්න අපි කතාවුණා, ඒ සති අන්තයේ ඉරිදා කිරුලපනේ දී හම්බ වෙන්න.

මං ඉතිං උදේම ඇඳ පැළඳ ගෙන කාර් එකේ නැගිලා රජෙක් සේ ආවා නුගේගොඩ හන්දිය පැත්තට කෝට්ටේ ඉඳලා. හන්දියට ඔන්න මෙන්න තියෙද්දී මෙන්න බොලේ එකපාරටම දැම්මෙ නැතෑ, පෙජරෝ එකක් ඔය සුපර් මාකට් එකට කලින් තියෙන හරස් පාරේ ඉඳලා මහ පාරට.

දඩාස්!
ක්රීරීරීරීස්!

බැහැලා බැලින්නං පෙජරොයියා ගේ බුල් බාර් එක මගේ කොරොල්ලා එකේ ඉස්සරහ පැසෙන්ජර් පැත්තේ දොර ඉරලා නිකං යකෙක් ගැහැව්වා වගේ!

මට මාර දුකයි. ඇඬෙන කෙසේ වෙතත් හිනා යන සයිස් එකෙන්.

පැජරොයියා එලවං ආවේ ඩ්‍රැයිවර් කොලුවෙක්. තවත් හාදයෙකුත් හිටියා. ජීප් එක අයිතිකාර මහත්තයා සිංගප්පූරු ගිහින් ලු.

දැන් ඉතිං අපි ඩැමේජ් එක බල බල ඉන්නවා. පැජරොයියා නං යහතිං. ඩ්‍රැයිවර් කොල්ලා බයෙන්. මොකද මහත්තයාත් රට ගිය වෙලේ නේ. ඒ මදිවට, මූ කියන විදියට පැජරොයියා ට ෆුල් ඉන්ෂුවරන්ස් කවර් එකකුත් නැතිලු!

ඔය වෙලේ කොහේද මන්දා ඉඳලා එතනට ආපු පොලිස්කාරයෙක් අපිට කිව්වා වහාම ගිහින් පොලිසියට ඇන්ට්‍රියක් දාන්න කියලා.

හොඳ වෙලාවට මගේ රතු කොරොල්ලා එකේ එන්ජිම තැලිලා තිබුනේ නෑ. ඉතිං අර වයරිං බාස් හම්බවෙන්න යන ගමන පැත්තක තියලා ආපහු හරවං ගියා මිරිහාන පොලිසියට.

පැජරොයියාත් ආවා මං පස්සෙන්.

ඔන්න ඉතිං මං පැමිණිල්ල කට වචනෙන් කියවනවා, පොලිස්කාරයා ලියාගන්නවා. ඔය අතරේ ආවා කෝල් එකක් එතනට.

ඒකට උත්තර දෙන පොලිස්කාරයා ඔව් සර්, ඔව් සර්, කිය කිය ෆුල් ඇටෙන්ෂන් එකේ කියලා මෙන්න බොලේ මට දුන්නා රිසීවර් එක.

බැලින්නං මේ කතා කරන්නේ වෙන පොලිස් වසමක ඒ.එස්.පී. කාරයෙක්. ඒ දවස්වලත් මිනිහ ගේ නම කිව්වොත් හැමෝම දන්නවා. පොර දැන් ඩී.අයි.ජී. කෙනෙක් ද කොහෙද මගෙ හිතේ. මිනිහ ගේ සින්දු නං දැන් අහපු කාලයක් මතක නෑ.

මේ ඒ.එස්.පී කාරයා මගේ කොරොල්ලාවට කෙලෝපු පෙජරොයියා ගේ අයිතිකාර මහත්තයා ගේ හිතවතෙක්. මහත්තයා සිංගප්පුර් ගිහින් බවත්, දවස් දෙක තුනකින් එන බවත්, ආපු ගමන් කටයුතු නිරවුල් කරන බවත් කියන්න ලු මිනිහා මේ මට කෝල් කරන්නේ.

-කතන්දරකාරයා

ප/ලි:
ඒ මොනව වුනත්, මට ඇල්ලුවේ නෑ ඒ පොලිස් ලොක්කා ගේ කතාව.

මං මේ පොලීසියේ පැමිණිල්ලක් දාන වෙලාවේ මේ ඒ.එස්.පී. කාරයෙක් මට කෝල් කරන්නේ ඇයි?

කාර් කතන්දර මෙගා සීරීස් එකේ තුන්වෙනි කොටසත් සමග සිකුරාදා හමුවෙමු.

(image: http://www.caraccidentslawyers.com.au/)