Showing posts with label ඕනැ පුකක්. Show all posts
Showing posts with label ඕනැ පුකක්. Show all posts

Tuesday, 12 April 2011

පුක යනු කුණුහරුපයක් ද - Is PUKA a four letter word?


මේ ප්‍රශ්ණය අද ඊයේ එකක් නෙමේ. කාලෙකට ඉස්සර මං තනිවමත්, තවත් අය එක්කත්, වාද කරලා කරලා පට්ට ගහපු ප්‍රශ්ණයක්.

ඉස්සෙල්ලාම මේ ප්‍රශ්ණයට මගේ උත්තරෙන් පටන් ගන්නං කෝ.

නැත! පුක යනු කුණුහරුපයක් නොවේ.

පුක යන්නට සමාන තේරුම් ගෙන දෙන ආස් සහ බම් යන වචන දෙකත් ඉංගිරිසියේ ෆිල්ති වර්ඩ්ස් විදියට ගනං ගැනෙන්නේ නෑ.

අනිත් අතින් බැළුවත් මං දන්න විදියට කොහොමටත් සාමාන්‍යයෙන් ඉංගිරිසියේ කුණුහරුප වචන විදියට සැලකෙන්නේ අකුරු හතරේ වචන කීපයක් විතරයි. පුක කියන අර්ථය දෙන වචනයක් ඒ ලිස්ට් එකේ නෑ.

නමුත් පුක කියන වචනය සාමාන්‍යයෙන් එලිපිට කියන එකක් නං නෙමේ. පඩය කියන්නෙත් නැතුව අධෝ වාතය කියන අය, පුක වෙනුවට අධෝ භාගය, පශ්චාත් භාගය, පස්ස පැත්ත, කක්ක පැත්ත, කක්කි පැත්ත වගේ වචන පාවිච්චි කරනවා ඇති.

නමුත්, ඒ එක වචනයකවත් පුක කියන වචනයේ තියෙන සරල, සුගම බව නෑ. ඒ වචනවල තියෙන්නේ මහ කෘතිකම ගතියක්. පුක කියල කියන කොට වගේ ස්වාභාවික ගතියක් නෑ.

අනිත් කාරණය තමයි, පුක කියන තනි වචනය විතරක් නෙමේ, ඕනැ පුකක් වගේ යෙදුමක් වෙනුවට වුනත්, ඕනැ පශ්චාත් භාගයක් කියල කියන එක නම් කීයටවත් ගැලපෙන්නේ නෑ.

පුක වචනෙත් එක්ක තවත් යෙදුම් තියෙනවා. ඒව මේ තර්කයට අදාල නෑ!

මුද්‍රිත මාධ්‍යවල දී නම් අපිට පුක කියන වචනය යොදාගන්න සීමාකම් තියෙනවා. කෙටිකතාවක, නවකතාවක වගේ තැනක දෙබසක වගේ ස්වාභාවික යෙදෙන පරිදි දාන්න පුළුවන්. වේදිකා නාට්‍යවල නං පුක කියලා විතරක් නෙමේ ඇත්තම කුණුහරුප වුනත් කියන්න පුළුවන්නේ.

හැබැයි, බ්ලොග් අවකාශයේ නං, ඒ සීමා නෑ. ඒ වගේ සීමා අපි අමුතුවෙන් දාගන්නත් ඕනෑ නෑ.

ඒ කාරණය සනාථ කරන්නයි මේ සේරම ලිව්වේ!

-කතන්දරකාරයා

ප/ලි
මෙන්න අද කතන්දරේ.

ඔන්න පුන්‍යදාස කියල මනුස්සයෙක් හිටියා. එයාගේ බිරිඳ ගේ නම කරුණාවතී.

මේ ජෝඩුවට ශනිදාවක් ඇදිල, ඒ සල්ලි වලින් ගත්ත බස් එකක්. මේ බස් එකට නම දැම්මේ පුන්‍යදාසගෙයි, කරුණාවතීගෙයි නම් දෙකේ මුලකුරු එකතු කරලායි.

මේ කතාව මුළු ලංකාවම දන්න එකක් නේ.

ඒ නිසා -ඉතුරු හරිය ලියන්නේ නෑ!

(image: http://www.backyardmissionary.com/2011/03/random-reflections-on-not-much-in-particular.html)