
ඔය පේරා උන්ට විතරයි කියලා දාලා තියෙන්නේ අහිතකින් නෙමේ. දිගටම කිවගෙන ගියොත් තේරෙයි!
මංතුමා පොඩි කාලේ ගියේ කොයි යුනිවසිටි එකටද කියලා මේ කතන්දර බ්ලොග් එක කියවන කවුරු කවුරුත් දන්නවානේ?
බ්ලොග් එක පටන්ගත් මුල් කාලේ ඒ හා අදාල සිද්ධීන් ගැන ලියන කොට මං පාවිච්චි කලේ නුවර පැත්තේ තිප්පොලක් කියන උපහාසාත්මක පදයයි. ඉස්කෝලවලට ඉන්නවා වගේ විශ්ව විද්‍යාලවලට අයිතිකාරයෝ නැති නිසා කවුරුත් මා එක්ක වලියට ආවේ නෑ.
හැබැයි ඊට පස්සේ, විශේෂයෙන්ම මේ ලඟදී මං සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් මං පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ගතකළ අවුරුදු හතරයි මාස දෙකයි දවස් පහේ කාලයේ ලියලා අපේ කලා කවයේ බිත්ති පුවරුවේ පලකරපු කවි වලින් කොටසක් කයි-කතන්දර විදියට දාන්න පටන් ගත්තට පස්සේ නම්, ඒ තිප්පොල කියන වචනේ අත හැරලා කෙලින්ම සෑබෑ නම් භාවිතා කළා.
මං ඒ කයි-කතන්දර පලකරන කාලේ නිතරම කමෙන්ට් දාපු බ්ලොග්කරුවෙක් තමයි චතු කියන්නේ. මගේ කතන්දර ගැන චතු ගේ උනන්දුව වැඩිවෙන්න එක හේතුවක් තමයි පොරත් පේරාදෙනියේ ඉංජිනේරු පීඨයට තේරී තිබීම. (ඕනයා ගේ සහ තවත් ඇනෝ කෙනෙකු ගේ ප්‍රශ්ණයට උත්තර ඔන්න ඒ වාක්‍යයේ තියෙනවා).
කම්මලට ගිය ගමන් චතු අතුරුදහන් වුණා වගේ පෙණුනත් ටික දවසකින්ම ඔන්න ලව් ස්ටෝරියක් ලියන්න පටන් ගත්තා. ඇත්තටම කියනවා නම් බූට් ස්ටෝරියක්. (ඒකත් පොරත්වයේ අනිවා ලක්‍ෂණයක් මගේ හිතේ!)
ඒ නවකතාව කොටස් වශයෙන් කියාගෙන ඇවිත් එක පාරටම නවත්තලා දාපු කෑල්ල බලන කොට මට නෝට් වුණා, මං කලිනුත් නිරීක්‍ෂණය කරලා, කීප දෙනෙකුගෙන් ම අහපු එක්තරා කාරණයක් නැවතත්.
ඒක තමයි දැන් පේරාදෙනිය යුනිවසිටියේ කොල්ලෝ එකිනෙකාට කතාකරන්නේ "අයියා-මල්ලී" කියලයි!
දැන් මං ඔය කම්මලෙන් අවුට්වෙලා කල්පයක් ගතවෙලා. ලෝකේ වෙනස් වෙනවා තමයි.
නමුත් අපේ කාලේ නං ඔය "අයියා-මල්ලී" කෑලි තිබුනේ නෑ. හැමෝම එක්කෝ "මචං" කියලා නැත්තම් දෙමව්පියෝ දුන්නු නමින් නැත්නම් වාසගමින් තමයි එකිනෙකා ආමන්ත්‍රණය කළේ. බැචා ලා - බැචා ලා ට, ජූනියර්ස් ලා - සීනියර්ස් ලා ට, සීනියර්ස් ලා - ජූනියර්ස් ලා ට!
මල්ලී, අයියා කියන වචන දෙක ඔය කම්මලේ තියෙන අග්නිදිග ආසියාවේ දිගම කොරිඩෝරය ඇතුලේදීවත්, අක්බාර්, නෙල්, නිව් වින්ග් ඇතුළු නේවාසිකාගාරවලවත් ඇහුණු වචන දෙකක් නෙමේ, එකම පවුලක දෙන්නෙක් ගැන ඇරුණහම!
මට මේ උදේ පාන්දර ඇතිවුණු බරපතල ප්‍රශ්ණ තමයි මෙන්න මේවා.
1. මේ වෙනස සිදුවුනේ කවදාද?
2. මේක ප්‍රගතියක්ද?
3. ආපස්සට යෑමක්ද?
මේ මුල්ම සැටඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක ලියලා දාන්න හිතුනේ ඒ නිසයි. එහෙම නැතුව මේක මං ඒ දවස්වල ලියපු මෙන්න මේ පෝස්ට් එකේ තියෙන දෙවෙනි කවියට අදාලයි කියලා කියන්න නම් නෙමේ!
-කතන්දරකාරයා
ප/ලි
උඩ මාතෘකාවේ පේරා උන්ට විතරයි කියලා දැම්මේ අහිතකින් නෙමෙයි, මේක පොඩි සමීක්‍ෂණයක් වගේ එකක් නිසයි.
ඒ එක්කම මේක හොඳ අවස්ථාවක් බ්ලොග් ලියන-කියවන, පේරා ඉන්න-හිටපු, ඉගෙන ගන්න-වැඩ කරන කෂ්ටිය අඳුණා ගන්න.
මෙන්න කීප දෙනෙක්. ලයිස්තුව සම්පූර්න කරන්න කරුණාකර උදව් දෙන්න.
Engineering
මකරා
මධුරංග
ගීතක
මරුමුස්
චමිත
චතු
මකුළුදැල
පිටුව සොයාගන්නට නැත
බූඩිගේ තීරුව
බැලීම සහ දැකීම
රූ සිරිනි
බිඟු නද
කස්සා
Science
ප්‍රියන්ත
පිසාචයා
රත්ගමයා
BleedingPencil
ජීවිතේ මල්
Arts/Other
ඩීප්ස්
නිහාල්
අකීකරු හිත
කළු කුමාර ලියමන
බුමුතුරුණු
Medical
ගෝඩොනියා සිලනිකා
Veterinary Medicine and Animal Science
හා පැටික්කි
(image: http://www.mbapdn.lk/mbapera/mbapera.html)