Monday 17 May 2010

චූටි ටීචර් කෙනෙක් එවූ චූටි කතන්දර කීපයක්- I


මං මාස දෙකකට විතර කලින් චූටි ටීචර් කෙනෙක් ගැන කතන්දරයක් ලිව්ව මතකයි නේද? ඒ කතන්දරේ හුඟ දෙනෙකුගේ කුතුහලයට ලක්වුණු එකක්.

අපේ සීයත් පරණ ටීචර් කෙනෙක් නේ. සීය ජෝන් මහත්තය ට කියපු කතන්දරෙයි , සීයගෙ කෝට් එක නැතිවුණු වෙලේ ලොකු ටීචර් කෙනෙක් මුණ ගැහෙන්න ගිය කතන්දරෙයිත් මං ලිව්ව පහුගිය දවස්වල.

ඊට පස්සෙ මං නපුරු ගුරුවරු ගැන කතන්දර සීරිස් එකක් ලියන් පටන් ගත්ත. ඒක ඉවර කරන්නත් තියෙනව.

ඒ අව් අස්සෙ මට ටීචර් කෙනෙක් ගෙන් ඊ මේල් එකක් ඇවිත්. මං ඉස්සර දැනං හිටපු චූටි ටීචර් ගෙන් නං නෙමේ. මෙයා ලොකු ටීචර් කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනව.

මං පොරොන්දු වුනු නිසා මේ ටීචර් ගෙ නම ලියන්න බෑ මෙතන.

මෙන්න එයාගෙ පලමු කතාව. (ටීචර් ලියපු කතාවෙ අක්‍ෂර වින්‍යාසය මං දන්න තරමින් හැදුවා.)

========================================================
ප්‍රින්සිපල්ට ගලකින් ගහලා

මේ සිද්ධිය උනේ නිමලව ස්කෝලෙ teacher traning කරන කාලෙ, පත්වීමකුත් නෙමෙයි, ඒත් පත්වීමක් වගෙත් තමයි.

නිමලව කියන්නෙ කණිශ්ඨ පාසලක්, තියෙන්නෙ හැම ශ්‍රේණියකින් ම එක පන්තිය ගානෙ. අපිට අලුත් උනාට මෙහෙම training යවන එක නිමලව ළමයින්ටයි, ගුරුවරුන්ට යි හොදට පුරුදුයි.

අපිත් ඉතින් ගිහින් වැඩ බාර ගත්තා.

එහෙට යන්න කලින් නිමලව ඉස්කෝලෙ ගැන දන්න කීප දෙනෙක් ම කියල තිබුනා එහෙ ඉන්න ඇට්ටර ළමයි එක්ක ටිකක් අමාරුයිත් කියලා. ඒත් බෝඩින් වෙන්නෙ නැතුව, වෙද සීයලගෙ ගෙදර ඉදන් යන්න පුලුවන් විදිහට අමාරුවෙන් හද ගත්තු ඉස්කෝලෙ නෙ.

ටික වෙලවකින් දැක්කා, ලොකු සර් ඒ කියන්නෙ principal පොඩි ළමයෙකුට වේවැලෙන්ම හොඳට බෙදනවා.

අපි ලඟ හිටිය ළමයෙක් ගෙන් ඇහැව්ව ඒ මොකද කියල.

ලැබුනු උත්තරේ තමයි මේ. "තුෂාර ප්‍රින්සිපල්ට ගලකින් ගහලා !"

අම්මෝ මේ ළමයි ප්‍රින්සිපල්ට ගල් වලින් ගහනවා නම් අපිට මොනව නොකරයි ද? අපිට හීන් දඩිය දැම්මා.

ඒත් එතන හිටපු අනිත් ළමයි මහ හයියෙන් හිනාවෙලා අපේ ප්‍රශ්නෙ විසදුවා.

බලනකොට ප්‍රින්සිපල් කියන්නෙ පහේ විභාගෙ ෆේල් වෙලා , ඒ පන්තියෙනුත් ෆේල් වෙලා, අවුරුදු තුනක් තිස්සෙ පහේ පන්තියෙ ඉන්න ළමයෙකුට !

පන්තියෙන් ම ඉන්න ලොකුම ළමය නිසා එයාට ප්‍රින්සිපල් කියල නම දාල අනිත් ළමයි.

කොහොමද වැඩේ?
========================================================

දෙවෙනි කතාව තව ටිකකින් දාන්නං.

කතන්දරකාරයා

ප/ලිඃ මේ කතාව ඇත්තටම එයා බ්ලොග් එකක් හදලා දාලයි තියෙන්නේ. හැබැයි ඒක මට ලින්ක් කරන්න එපාලු. අනේ මන්දා!!!

10 comments:

  1. නියම් සින් එක ....තව ලියමු........

    පියානන් ගේ සුවදුක් කෙසෙද?

    ReplyDelete
  2. "තිසාර ප්‍රින්සිපල්ට ගලකින් ගහලා" කියල ගූගල් සර්ච් එකක් දැම්මනම් හරි :)

    ReplyDelete
  3. කතන්දරසූරීනි ඔබගේ පියතුමාගේ සුවදුක් කෙසේද?


    @මට පෙනෙන ලෝකය,
    හෙ හේ සිරාවට :) මටනම් ඔන්න හම්බුනාලු. කෙමෙන්ට් එකකුත් දැම්මලු. :)

    ReplyDelete
  4. මට ගහන්න ඕනි උන කොල්ලෙක් ගිහින් ටීචර් ලග හැඣ්ගුනා..ඒත් මම ගැහුව,,,පැය 4ක් දන ගහන් උන්න..අපේ සෙට් 1ම.........

    ReplyDelete
  5. මුල්ම දවසේ මෙහෙම නම් තව කතා ගොඩක් ඇති නේද ?

    ReplyDelete
  6. නියම කතාව..
    මට කෝ තව නැද්ද?

    ReplyDelete
  7. ඔය කියන හාදයා ඇත්තටම පසූකාලෙක ප්‍රිංසිබොල් කෙනෙක් වූනත් පූදූම වෙන්න දෙයක් නැහැ ආයූබොවං !

    ReplyDelete
  8. මටත් හිතෙනව BlOG එකක් ලියන්න දෙන්

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.