දැන් ඔය උඩින් තියෙන මාතෘකාවේ තියෙන තන කියන වචනය දැකපු ගමන් චකිතයක් ඇතිවෙන අයත් ඉන්න පුළුවන්. සමහරු හිතන්න පුළුවන් තන කියන වචනේ පුක කියන එක වගේ කුණුහරුපයක් ය කියලා.
පුක කියන එක කුණුහරුපයක් නෙමේ කියලා මං කලින් දවසක ලියලා තියෙනවා නේ. ඇත්තම කියනවා නම් පුකයි, තනයි අතර නම් ලොකු සම්බන්ධයක් නෑ.
හැබැයි
නේකඩ් ඒප් (නිරුවත් වානරයා) පොතේ ඩෙස්මන් මොරිස් කියලා තියෙනවා ගෑණුන් ගේ තන් සහ තට්ටම අතර සමානත්වයක් තියෙනවා කියලා. ඒ එක්කම තොල් සහ භගමණිය අතරත් සමානත්වයක් තියෙනවාලු.
මොරිස් කියනවා, කාන්තා පක්‍ෂයේ හොඳින් කැපී පේන්න පරිනාමයෙන් නිර්මාණය වෙලා තියෙන තොල් සහ තන් වලින් කෙරෙන්නේ නිරුවත් වානරයින් ට තට්ටමට සහ භගමණිය ට කෙරෙන ආරාධනාවක් ලු.
තොල් රතු කරන්න, තන් ඉලිප්පෙන්න, කෝර්සට්, බොස්තරුක්ක වගේ ඇඳුම් අඳින්න ගෑණු පෙළඹෙන්නේ ඒ නිසා වෙන්නැති!
දැන් අර තන් කියන වචනය නරක එකක්ය කියල සලකන අයට ඒ වගේ තහනම් වචනයක් බ්ලොග් එකේ මාතෘකාවේ ම දිලිසි දිලිසී පේන්න දාපු එක වැරදිය කියලත් හිතන්න පුළුවන්. එගොල්ලෝ හිතන්න ඉඩ තියෙනවා තන වෙනුවට පියයුරු වගේ වචනයක් නොදැම්මේ කතන්දරයා කියලාත්.
නමුත් මේ කවිය බලන්න.
සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුලුකුල රිය සකයුරු තිසර තන
දිසි රණ ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
ඇසි පිය හෙලන පමණින් නොවෙති දෙවඟන
ගෑණුන් ගේ සිරුරේ කොටස් හොඳ හොඳ උපමා යොදමින් විස්තර කරලා තියෙන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල කියන හාමුදුරුවෝයි.
ඔය කවිය එන "සැළලිහිණි සංදේශය" කියන්නේ කවි සීයක විතර පොඩි පොතක් වුණාට සිංහල සාහිත්‍යයේ එන උසස්ම කෘතියක් විදියට සැලකෙන එකක්.
ඒ කවි පොත ගැන තව පොත් සීයක් විතර ලියවිලා ඇති මේ වෙනකොට. ඔය කියන
තිසර තන කවියත් දස දහස් වාරයක් උපුටා දැක්විලා ඇති විවිධ ලේඛනවල එදා සිට අද දක්වා.
හාමුදුරුවෙකුට හොඳ නං තන කියලා ලියන්න අපි ලිව්වම අපිව පාරාජිකා වෙන්න විදියක් නෑනේ!
මං මේ කෙටි ලිපිය ලිව්වේ දැන් අපි ඉන්නා 2011 සාහිත්‍ය මාසය වෙනුවෙනුයි.
ගෑණුන් ගේ තනයි, තොලු යි, උකුළයි, භගමණියයි සාහිත්‍ය මාසෙට සම්බන්ධ වෙන්නේ මං සඳහන් කරල තියෙන ඩෙස්මන් මොරිස් ගේ නිරුවත් වානරයා (පරිවර්තනය එස් එම් බන්දුසීල) සහ තොටගමුවේ ශ්‍රී රාහුල ගේ සැළලිහිණි සංදේශය (විවරණ සහිත පොතක් ගන්න) කියන ග්‍රන්ථ දෙක හරහායි.
සාහිත්‍ය මාසයේ පොත් ගන්නා විට, මේ වෙනකොටත් කියවලා නැතිනම්, ඔය පොත් දෙකත් අමතක කරන්න එපා.
මං කැමති තවත් පොත් තුනක් මෙන්න.
1.
සිව් සිත් කව් - විදර්ශණ ප්‍රකාශකයෝ
2.
තිරස තරණ - දයාවංශ ජයකොඩි ප්‍රකාශකයෝ
3.
දකුණු කුරු දිව් කව් - දයාවංශ ජයකොඩි ප්‍රකාශකයෝ
-කතන්දරකාරයා
ප/ලි:
මේ පහත තියෙන කවි දෙපදය නම් එහෙම සාහිතමය වශයෙන් වැදගත් පොතකින් ගත්තු එකක් නෙමේ. මං හිතන්නේ කවි මඩුවක දී කවුදෝ කියපු එකක්.
නොම දැන ඇතුලතින් සවි වී ඇති මුක්කූ
රණ හංසයින් යයි රැවටෙති කණ කොක්කූ