![]() | ![]() |
අර පොඩි ළමයින්ට මංචී බිස්කට් දෙන්නේ, අන්න එයා ගැන තමයි මේ කියන්නේ.
මෙන්න බැංකී මූන් ගේ නවතම කුමන්ත්‍රණය හෙලිවෙලා!
පොර මේ සෙට් වෙන්නේ අර බටහිර කුමන්ත්‍රණවාදී සමරිසි කෑලි ලංකාව වගේ රටවල්වලත් වැඩි දියුණු කරන්නයි. මෙයා දැනටම මේ වැඩ සටහන පටන් අරං තියෙන්නේ අප්‍රිකාවෙන්.
මෙන්න බලන්න බොරු නම් මේ ප්‍රවෘත්තිය.

කුමන්ත්‍රණයේ වැඩි විස්තර මෙතනින් බලන්න.
http://allafrica.com/stories/201201290023.html
ගේ-ලෙස්බියන් සමරිසි අයගේ අයිතිවාසිකම් අනිවාර්යෙන්ම රකින්න ඕනෑය කියලා බැංකි-මූන් අප්‍රිකානු නායකයින් ට තරවටුවක් කරලා වගේ!
පොර ඊලඟට එයි ලංකාව වගේ අපේ කලාපයේ රටවල්වලටත් උපදෙස් දෙන්න.
හැබැයි අප්‍රිකාවේ නායකයෝ නං ඔය පිටතින් එන විවේචන වලට මෙච්චර කලක් නං බයවෙලා නැති පාටයි. උන්ට නැට්ටටම තදවෙනවා ලු මේ වගේ අප්‍රිකානු සංස්කෘතියට පිටස්තර දෙයක් වෙන ගේ-ලෙස්බියන් සමරිසි අයිතීන් ගැන විවේචන ඇහෙන කොට.
ඕනෑම සමරිසි සම්බන්ධයක එක සහකරුවෙක් ගැහැණිය ගේ භූමිකාවයි, අනෙත් සහකරුවා පිරිමියාගේ භූමිකාවයි කරන බව අහලා ඇතිනේ.
උදාහරණයක් විදියට එලන් ඩිජෙනරස් සහ පෝෂියා ඩීරෝසී විවාහයේ එලන් තමයි මිනිහා. එල්ටන් ජෝන් සහ ඩේවිඩ් ෆර්නිෂ් ගේ විවාහයේ එල්ටන් තමයි ගෑණි.
අපේ ව්‍යවස්ථාවෙන් ගෑණියෙක් මිනිහෙක් කරන්නයි, මිනිහෙක් ගෑණියෙක් කරන්නයි බැරි බව හිටපු ජනාධිපති ජේආරුත් කිව්වනේ.
ඒ කියන්නේ ඔය ගේ-ලෙස්බියන් සමරිසි වැඩ ලංකාවටත් ගැලපෙන්නේ නෑ!
බැංකි මූන්, කරුණාකර ඔහේ ගේ මේ ගේ-ලෙස්බියන් සමරිසි කුමන්ත්‍රණය අකුලාගන්න.
-කතන්දරකාරයා
ප/ලි:
කතන්දකාරයා ගේ සමාජමාමක හෙලිදරව්වකි.
අදාල වෙනත් ලිපි කීපයක් මෙන්න.
1.සමලිංගිකතාව ස්වාභාවික ප්‍රවණතාවයකි – ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන :: Homosexuality is a natural tendency - Dr Granville Dharmawardena
http://kathandara.blogspot.com.au/2011/08/homosexuality-is-natural-tendency-dr.html
2. අපේ අයියලා ගේ ලෙස්බියන් භීතිකාව නොහොත් සිංහල බෞද්ධ ලේබල්කරුවන් ගේ ප්‍රලාප - What's wrong with being Gay or Lesbian?
http://kathandara.blogspot.com.au/2011/11/whats-wrong-with-being-gay-or-lesbian.html
(images: http://www.thesuperficial.com/ellen_portia_de_rossi_getting-05-2008
http://www.profindsearch.com/news/2005/12/21/PFS1351.htm)


