Tuesday 10 June 2014

නිරුවත් රූමතියෝ - Naked Beauties


ඉංගිරිසියෙන් ටීනේජ් (teenage) යැයි පොදුවේ හැඳින්වෙන ගැටවරවිය යනු අප ළමාවියෙන් තරුණ වැඩිහිටි වියට යන ගමනේ දී ගතකරන එක්තරා ආකාරයක සංක්‍රාන්ති සමයක් ලෙසින් හැඳින්විය හැකිය.

ගැටවර වියේ මුල් අඩවියේ දී අපේ හැසිරීම් ළමා කාලයට වඩාත් සමීපවද, ගැටවර වියේ අවසාන අඩවියේ දී අපේ හැසිරීම් තරුණ වැඩිහිටි කාලයට වඩාත් සමීපවද ක්‍රියාත්මක වෙන බව අපි අත්දැකීමෙන් ම දනිමු.

උසස් පෙළ හදාරන කාලයේදී මේ ගැටවර හෝමෝන උතුරා යන්නට පටන් ගත් විට, සිරුරේ ඇතිවන වෙනස්කම් සමගම සිතේ ද අමුතු සිතුවිලි හට ගන්නට පටන් ගනී. සාමාන්‍ය පෙළ සෞඛ්‍ය පාඩමේදී කියා දුන් පොඩි පොඩි ලිංගික කරුණු වලට අමතරව වෙනත් ක්‍රමවත් අධ්‍යාපනික පැහැදිලි කිරීමක් අපට කිසි විටක පාසලෙන් හෝ නිවසෙන් හෝ නොලැබුණු නිසා ඒ බෝට්ටුවේම සිටින සම වයසේ මිතුරන්ගෙන් ලැබෙන අනිසි අදහස් සහ උපදෙස් මත අපේ සිත් තරමක් දුරට හෝ හැඩ ගැසීම වැලැක්විය නොහැකිය. අප හැදුණු වැඩුණු සමාජය මේ සම්බන්ධයෙන් අපේක්ෂා කළේ ද එය විය හැකිය.

කෙල්ලන් පිළිබඳ ආදර සිතුවිලි මෙන්ම සෘංගාරාත්මක සහ රාගාධික සිතුවිලි ද අපේ සිත්වලට මේ ගැටවරවියේ අග කාලයේදී කෙමෙන් කෙමෙන් කාන්දු වේ. "වැඩිහිටියන්ට පමණයි" යනුවෙන් වර්ගීකරණය කරන ලද සිනමාපටවල අඩංගු විවිධ දේ ගැන පන්ති කාමර වල නිරතුරු කතා බහ කෙරේ. එදා අප "වැඩිහිටියන්ට පමණයි" ලේබලය ලද චිත්‍රපටයක ප්‍රචාරක පුවරුවක ඇඳ තිබූ චිත්‍රයක් බලා වින්දනයක් ලැබුවෙමු. අපේ පන්තියේ සිටි උස්-මහත් සිරුරෙන් වැඩී සිටි සමහර ළමෝ කෙසේ හෝ චිත්‍රපට ශාලාවලට රිංගා මේ සිනමා සිත්තම් සමහරක් නරඹා තිබුණහ. මේ චිත්‍රපට වනාහී නීතියෙන් තහනම් අශ්ලීල නිල් වර්ගයේ ඒවා නොව, නිරුවත් දර්ශන නිසා පෙරකී "වැඩිහිටියන්ට පමණයි" ලේබලය ලද ඒවා විය.

තාක්ෂණයේ දියුණුවත් සමගම අද වන විට මේ සම්බන්ධ තත්වය එදාට වඩා වඩා අති මහත් දියුණු තත්වයට පත් වී අන්තර්ජාලය, ඩී.වී.ඩී, ජංගම දුරකතන යනාදිය හරහා තහනම් අශ්ලීල දේ දක්වා විහිදී යමින් ඇති බව ද මෙහිදී කිව යුතුය.

එවැනි චිත්‍රපට වලට අමතරව නිරුවත් රූමතියන් ගේ ඡයාරූප අඩංගු පොත්-පත් තිබෙන බව අප අසා තිබුණෙමු. නමුත් එවැන්නක් අහම්බයකින් මෙන් මා නෙත ගැටුණේ මිතුරන් ගේ මාර්ගයකින් නොව මා හොඳින් දන්නා හඳුනන නිවසක පැරණි පුවත්පත් ගොඩක් අතර තිබී ය.

කුඩා කළ සිටම පුවත්පත්, පොත් කියවීමට ඇබ්බැහි වී සිටි මා, කොතැනක වුවද පොත් අල්මාරියක් හෝ පරණ පත්තර ගොන්නක් තිබෙනු දුටුව හොත් එතැනට ඇදී යන්නේ වන "මලකට ඇදෙන බඹරෙකු" ලෙසිනි. මේ කියන දිනයේ දී මා එකී පරණ පත්තර ගොන්න අවුස්සන්නට ඇදී යාම විස්තර කිරීමට නම්, වඩාත් නිවරදි උපහැරණක් වන්නේ, "ගිනි සිළුවකට ඇදී යන පළගැටියෙක්" ලෙසින් යන්න හෝ එසේ නැතිනම්, "පැණි හැලියකට ඇදී යන ඇඹලයෙක්" ලෙසින් යන්න හෝ වඩාත් නිවරද බව අද මට අපරදෘෂ්ටියෙන් යුතුව පැවසිය හැක.

එදා මගේ හිත ඇදී ගිය පරණ පත්තර ගොන්න "දවස" ප්‍රකාශනයක් වූ "රසකතා" ද, "ලේක්හවුස්" ප්‍රකාශනයක් වූ "යොවුන් ජනතා" ද එසේ නොමැති නම්, "විජය" ප්‍රකාශනයක් වූ "තරුණයා" ද යන්න මට මතක නැත. එසේ වුවද, ඒ පත්තර ගොන්න අතරේ සැඟවී මුත් දිදුලමින් තිබී මා නෙත ගැටුණු මනරම් වරණයෙන් ඔප කඩදාසියේ මුද්‍රිත සඟරාව නම් මගේ මතකයේ සදා රැඳී ඇත.

මේ සඟරාවේ බැලූ විටම කැපී පෙනෙන වෙනස් කම් රාශියක් තිබුණි. එහි මුද්‍රණය කෙතරම් හොඳින් කර තිබුණේද යත්, මා එවැනි නිමාවකින් යුතු සඟරාවක් ඉන් පෙර දැක තිබුණේ නැත. සඟරාවේ නම ඉංගිරිසි නමක් නොවිණි. එය ජර්මන් භාෂාව යැයි පසුව මට සිතුණි. පිට කවරයේ මුද්‍රිත ඡායාරූපයේ සිටි රූමතිය සිටියේ ද මා පෙර දැක නොතිබුණු අමුතුම ආකාරයේ විලාසයක් මවමිණි.

මම සඟරාවේ මුල් පිටු කිහිපය පෙරලූවෙමි. තේරුම් ගත නොහැකි භාෂාවකින් කතුවැකියක් වැනි යමක්, වෙළඳ දැන්වීම් වැනි පිටු කිහිපයක් එහි විය. මා ඒ නීරස සඟරාව පසෙකට ලා පත්තර ගොන්නේ තිබූ ඊළඟ පුවත්පත කියවිය යුතු යැයි සිතන අසුරු සැණින් මා අතින් පෙරලූනේ සඟරාවේ අපූරු පින්තූර කිහිපයකින් යුතු පිටුවකි.

එහි සිටියේ මා ජීවිතයේ මුලින්ම දුටු "නිරුවත් රූමතියන්" ය.

ඒ මොහොතේ සිට ඇසි පිය නොහෙලා සඟරාවේ එතැන් සිට මුද්‍රණය කර තිබූ "නිරුවත් රූමතියන්" ගේ ඡායාරූප "කියවන්නට" පටන්ගත් මා එය නිම කළේ වරක් දෙවරක් නොව කිහිප වරක්ම ඒවා කියවීමෙන් පසුවයි.

කොටින්ම, ඒ ඡායාරූප සමග මුද්‍රණය කර තිබූ ජර්මන් අකුරු පවා තේරෙන තරමට පරිචයක් අවසානයේ මට ලැබී තිබුණි.

අපේ කැමැත්ත ඇතිවෙන ඕනැම දෙයක් පිළිබඳව අපේ හිත තුළ පැන නගින ආසාවත් සමගම අපට ඇතිවෙන්නේ ඒ දෙය අයිති කර ගැනීමේ අවශ්‍යතාවයකි. මෙය සිත දමනය නොකළ වැඩිහිටියෙකුට පවා බොහෝ විට සත්‍යයක් වෙන සඳ, වයස දාහතක ගැටවරයෙකු ගැන කුමන කතාද?

මා ඊළඟට කළේ අද පවා මා කණගාටුවට පත්වන ආකාරයේ ක්‍ර්‍රියාවකි.

හිමින් සීරුවේ සඟරාව අමුණා තිබූ ස්ටේපල්ස් කටු ඇතුළතින් බුරුල් කළ මම, සඟරාව මධ්‍යයේ හරස් අතට මුද්‍රණය කර තිබූ ඡුායාරූපය මග හැර ඉන් ඇතුළු පිටුවල තිබූ නිරුවත් රූමතියන් ගේ ඡුායාරූප පොදියක් ම අහුවන සේ පිටු කිහිපයක් ගලවා ගතිමි. ඉන්පසු නැවත මැද පිටුව එකතු කර, ස්ටේපල්ස් කටු වසා හොඳින් වසා දැමුවෙමි. දැන් පිටු අංක පිරිසන්නෙකුට මිස මා ගැලවූ කොළවල අඩුව නොතේරේ.

ඒ මහානාර්ඝ වස්තුව නිවසට ගෙන ආ මා, "නිරුවත් රූමතියන්" මගේ පොත් ගොඩක් අතරේ සඟවා තබා ගෙන විටින් විට බලා රස වින්දෙමි.

එහෙත් එසේ ගතවූයේ දින දෙක තුනක් පමණි. පොත හිමි ඈයෝ පිටුවල අඩුව සොයාගත්හ.

"පුහුල් හොරා කරෙන් දැනේ"!

පරණ පත්තර අවුස්සන්නේ මා හැර වෙන කවරෙක්ද? මම කර මුලටම සැකකරුවා වීමි.

නමුත් මගේ වාසියට සිටියේ වෙනත් උපහැරණයකි. එය නම් ”කුඩු කෑ කතාවයි”.

මා කළ වරද ප්‍රසිද්ධියේ පැවසිය හැක්කක් නොවේ. එවිට සොර බඩු ද හෙළිවේ. මේ නිසා, මගේ දෙමව්පියන් මේ හොරකම පිළිබඳව තව දුරටත් අඳුරේම තබා ගනිමින්, හොර බඩු බාර දී අත් හිටවූ සිර දඬුවමක් පමණක් ලබා ගැලවෙන්නට මට ඉඩකඩ ලැබුණි.

"නිරුවත් රූමතියෝ" මා අතහැර යළි තම නිවසට ම ගියහ.

(image: )

55 comments:

  1. හිහි...
    මට ඔය ජාතියෙ පොතක් හම්බෙලා තිබ්බ.. ඒත් ඔය කියන විදියෙ ඔප කරදාසියෙ නං නෙවී... බාල වර්ගයේ සිංහල පොතක්... ඒකෙත් කනිං කොනං ඔය වගේ ව දෙකක් තුනක් තිබ්බ..
    ආයෙ ප්ලේ බෝයි මැගසින් එකක් හම්බෙල කං දැක්කෙම නෑ ඒ ජාතියෙ එකක්...
    ඒ ප්ලේ බෝයි එකත් අපේ උසස් නිළධාරි තැනකගෙ එකක්. උස්සන්න විදියක් කොම වත් තිබ්බෙ නෑ

    ReplyDelete
  2. //"පැණි හැලියකට ඇදී යන ඇඹලයෙක්"// වගේ තමා ඉස්සල්ලාම.

    ඊට පස්සේ තමා //"ගිනි සිළුවකට ඇදී යන පළගැටියෙක්" // වෙන්නේ...:D

    ReplyDelete
  3. කකා,
    ජිමි පේජ් නමැති මහතෙකු විසින් සිදුකරනා ලද සමීක්ෂණයක විස්තර වගයක් මම දැක්කා.
    එකේ තිබුනා බොහෝ කසාද පිරිමින් නමුන්ගේ බිරිඳගේ ස්ත්‍රි නිමිත්ත ආඩම්බරවීමට නිමිත්තක් වනවාට වඩා ලැජ්ජාවට නිමිත්තක් කියල ඔවුන් හිතනවා බැව්. ඒකට හේතුව එහි පිහිටීම. බොහෝ පිරිමින් නමුන්ගේ බිරිඳගේ යෝනියෙ පිහිටීම ගැන ඉන්නෙ බලවත් කනස්සල්ලකින්. විශේෂයෙන් බාහිර යෝනි තොල්වල පිහිටීම ගැන. මේ සමබන්ධව කකාගේ අදහස මොකක්ද?
    අපි හිතනවා මේ සමීක්ෂණය විදේශීය පිරිමින් සම්බන්ධ කරගෙන සිදුකරන ලද එකක් වුවත්,එය ලංකිකයන්ටද අදාල ඇතියි කියලා. ඇත්තටම කකා,කකාගේ හාමිනේගේ ඉහත කි කාරණාව සම්බන්ධයෙන් කනස්සල්ලට පත්වද සිටින්නේ?

    ReplyDelete
    Replies
    1. ඔබ පවසන යෝනිය තව දුරටත් පරීක්ෂා නොකර පැහැදිලි පිලිතුරක් ලබා දීමට නොහැකියි. කරුණාකර එම යෝනිය මාවෙත ඉදිරිපත් කරන්න. චායාරූප බලා ප්‍රතිකාර කරනු නොලැබේ.
      - මීට කකා

      Delete
    2. මෙයාල ස්ත්‍රී නිමිත්තක් කතා කරනව!

      Delete
    3. හලෝ රාජ්, මම මේ සතියකින් විතර කොමෙන්ට් එකක් දාන්නේ. රාජ්ගේ අලුත් පොස්ට් එකටත් කොමෙන්ට් එකක් දාලා ආවේ.
      ඉතිං කොහොමද රාජ්?

      Delete
    4. රාජ් අර ටැබූගෙ වලිය ඉවරද දැන්?

      Delete
  4. Replies
    1. අභීත එදිරිසිංහගේ මීමුරේ හෙළුව.

      ඔබ අප කවුරුත් ඉතා හොදින් දන්නා, උපසාන්ත ගේ කලන මිතුරු මීමුරේ මාමා හෙවත් අභීතගේ මීමුරේ කඳවුර අකුලන් ඒමට වැඩ කටයුතු යෙදී ඇති බව වාර්තා වේ. එයට හේතුව නම් දඩමස්‌, මත්පැන්, ගංජා, කුඩු, ගණිකා වෘත්තිය රජයන එම ස්ථානයට මීමුරේ පාරම්පරික ජනයා දක්වන විරෝධයයි.

      අභිතගේ මීමුරේ කඳවුර ගැන අභිතම සදහන් කලේ මෙහෙමයි.
      නිසංසල තැනක්.. වෙනස් අත්දැකීමක්.. එන්න විඳලා බලන්න

      ඒත් ඉතිං කොතන ගියත්,රීලා අපවිත්‍ර කරනා මීමුරේ මාමා මෙතනත් කලේ ඒකම තමයි. කඳවුරේ නතර වෙන්න එන අයට ගංජා, අරක්කු,දඩමස් සපයා තවත් ගානක් හෙව්වා. එතන ගණිකා වෘත්තීයත් කෙරෙනවාලු.

      ඉතිං අභිතගේ නමත් එකක්ම දිවයින පත්තරේ දාලා තියෙන විස්තරේ මෙතනින් බලන්න
      මීමුරේ වනසන හොර කඳවුරුබිම කාගෙද?

      අභීත ගිහිල්ලා මීමුරේ රීලා තියෙන හැටි දැක්වෙන මව්බිම ලිපිය මෙතනින් බලන්න.
      කඳවුරු බැඳගෙන මීමුරේ වනසන පිසාචයෝ

      Delete
    2. අපි ඉතින් ඕවා කාලයක ඉඳන් කියන කොටත් අභීතව සුද්ද කරන්න පිරිසක් හිටියනෙ. බස් රේඩියෝ එකෙන් නොමිළේ ප්‍රචාරයකුත් දුන්නනේ මේ හොරාට. දැන් ඉතින් තේරෙයි.

      Delete
    3. එකම දවසෙ පත්තර දෙහෙක අභීතට විරුද්ද ලිපි දෙකක්. මාරයි. ෂුවර් එකට ඕක අභියගෙ තරහකාරයෙක්ගෙ ගේමක්.

      Delete
    4. දැන් ඉතින් ඔය මීමුරේ කඳවුරේ අභීතගෙ ගෝලයා "බනියා" සහ අළෙවි ප්‍රවර්ධන නිළදාරී "පොඩිමෑන්" මහතුරුන්ටත් පඩිය දෙයිද නැත්තන් "සෝරෝ" ට වගේ පොල්ල තියයිද

      Delete
    5. *** for your information
      menna mara seen akak

      අපට වාර්තාවන හැටියට මෙහි හිමිකරුවා කොට්‌ටාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අභීත නම් අන්වර්ථ නාමයෙන් ඔහු පෙනී සිටී. අප මීමුරෙන් එන ගමනේදී එවන් එක්‌ කඳවුරුකරුවකු කැමරාවට ග්‍රහණය කරගන්නටද අපට හැකිවිය. ඕනෑනම් උඩදුම්බර ප්‍රාදේශීය ලේකම්වරයාට, උඩදුම්බර පොලිසියට, පරිසර පොලිසියට හෝ වෙනත් කුමන හෝ බලවතකුට ඔහුගෙන් ප්‍රශ්න කළ හැකිය.

      http://www.divaina.com/2014/06/10/feature02.html

      Delete
    6. ඉන්දික උපශාන්ත පත්තරකාරයින්ට කීයක් දීලද දෙන්නෙ නෑ මේ ටික දාගත්තෙ?

      Delete
    7. Great Job Nalin ..

      Delete
  5. මේ ලිපිය ලියා තිබෙන්නේ කතන්දරකාරයා නොවේ. ඒ නිසා ඇනෝ කොමෙන්ට් දැමීමෙන් වලකින්න.

    වැඩ බලන ලේකම්,
    කතන්දර බ්ලොගය සුරැකීමේ අන්තර්ජාතික සංවිධානය.

    ඉහත පණිවිඩය සදහා අනුග්‍රහය ඕස්ට්‍රේලියානු රජය වෙතිනි.
    ...
    ඔස්ට්‍රේලියාවේ රස්සා නෑ. ඔස්ට්‍රේලියාවේ එන්ට එපා. අවොත් තලනවා ඇට. ඇට කිව්වේ මී ඇට. බෙහෙතට ගන්නවනේ.

    ReplyDelete
    Replies
    1. අම්මෝ ක සු ජා ස කොමන්ට් එකක් දැක්ක කල් !!!

      Delete
    2. මේ කසුජාස නෙමේ බන් කබ්සුඅජාස මගේ හිතේ. මේ බ්ලොග් එක වෙනුවෙන් තරම් සංවිධාන කොහෙවත් නැතුව ඇති.

      Delete
  6. මමත් අහුවෙලා තියනවා ඔය වගේ නිරැවත් රැප ටිකක් ගලාවගෙන ගිහින්

    ReplyDelete
  7. නිරුවත් වුනත් රූමතියෝනේ ,ඉතිං ගෙනියන්න ආස හිතෙනවා තමා

    ReplyDelete
    Replies
    1. ඇස් ආදරෙන් පුරෝනා
      හිත පාලුවෙන් ගලෝනා
      ඔබ මගෙම වෙන්න ඕනා
      මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ
      මා හදවතින්ම උමතු වී තියේ..

      Delete
    2. PM , අර බස් එකේ මාලිගා ප්ලෑන් හදනකොටද?

      Delete
    3. @ පත්තරේ - උඹේම වෙන්න ? මට මාන්දම කියලා හිතුවද?

      Delete
    4. ප්‍රා මචෝ
      ආ බස් මාලිගා වර්ෂන් එක මේක :D

      සතය සතය එකතු කරලා
      රහසේ කැටයකට දමලා
      නුවර එලියේ ටජ්මහලක් හදමු රත්තරන්
      සාරි ඉරලා ජනෙල් වලට දමමු රත්තරන් …

      Delete
    5. ඉවානයො
      ඔයා මගෙ නම් - ජීවිතේ මල් .. හැක්

      Delete
  8. ඉස්සර මෙහෙම, ඒත් තාක්ෂණයේ දියුණුව අනුව හෙට අනිද්දම සජීවී කරණය වූ නිරුවතියන් ත්‍රිමාණ ලෙසින් කාමරය තුලටම ගෙන්වා ගත් හැකිවනු ඇත.

    ReplyDelete
    Replies
    1. අනාගතය අදයි !!!! :D

      Delete
    2. පත්තරේගෙම භාශාවෙන් නම්,

      ඕ යේස්!!

      Delete
  9. / ”කුඩු කෑ කතාවයි”.// /හොර බඩු බාර දී අත් හිටවූ සිර දඬුවමක් පමණක්/
    මරු උපමා දෙක. කකා බොහොම තර්කානුකූලව වැඩේ ගොඩදාගෙන

    ReplyDelete
    Replies
    1. රාජ්, කකාගේ පොස්ට් එක බැලුවට නං කමක් නෑ, හැබැයි කකා වගේ නිරුවත් ජයාරූප,වීඩියෝ එහෙම බලන්න එපා.

      Delete
    2. එතකොට ඌ ඇස් වහගෙනද ****** ඕනැ?

      Delete
  10. අපෙත් එක සැරයක් කොල්ලෙක් ඉක්කොලේට play boy පත්තරයක් ගෙනත් මාට්ටු. හිටියේ අලුත් ඉටිකිරිස්‌ teacher කෙනෙක්. එයාට ලජ්ජානිසා වටින් ගොඩින් බැනලා case එක ඉවර උනා.

    මම"ජිවිතයට science" Blog එකෙන්

    ReplyDelete
  11. මොනාද කකා මේ දාන ජරා කතා? හෙට අනිද්දා දීග දෙන වයසේ ඉන්න ගෑනු දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් නේද මේ හෙළුවැලි,අසභ්‍ය පින්තුර ගැන කියවන්නේ? වනචර කම නිසා කකාගේ මනස විකෘති වීගෙන එනවා වගේ පේන්නේ.

    ReplyDelete
    Replies
    1. උඩින් පෙනෙන දෙයට වඩා දෙයක් මෙතන කියවෙනවා.ඒ දෙය තේරුම් ගන්න උත්සාහ කරන්න..කතන්දර කාරය දෙයක් ලියන්නෙ තේරුමක් ඇතුව.මෙතන කියවෙන කුඩු කෑම ගැන හිතන්න.බ්ලොග් ලෝකයටත් අදාලයි.

      Delete
  12. අයියෝ කාකාටත් වෙන වැඩ ......... දැන් ඒ පොත එතන තියෙනවද දන්නේ නෑ නේද

    ReplyDelete
  13. අපි නං කකා කලෙක්ෂන් එකක් දාල ඕව ගෙනල්ල කට්ටිය කියවල පිටු ටික බෙදාගත්ත..
    ගේන එකාට මැද පිටුව !!

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඌට මැද පිටුවම දෙන්නේ

      Delete
    2. හා උඹ දන්නෙම නෑ :D

      Delete
  14. මේ කතාව කකාගේ පොතේ තිබුණ නේද?

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ.. මං මේ මෙච්චර වෙලා ෂුවර් නැතුව හිටියෙ මේක කලින් කියෙව්වෙ මේ බ්ලොග්ද නැත්තං කකා වෙන තැනක මේ කතාව කලින් කිව්වද කියල... හරි හරි.. පොතේ තමයි තිබ්බෙ...

      Delete
  15. අපි ඉස්සුවනම් පොතම උස්සලා, උස්සපු දාම මාට්ටු වෙනවා. වෙලා ගමම වනස ගන්නවා.

    කකා මොලේ කල්පනා කරලා පිටු කිහිපයක් ඉස්සුවට ඒකත් මාට්ටු උනානෙ. ඒ හන්දා හොදම දේ බැලුවට කමක් නෑ අයිති කර ගන්න හදන්න නරකයි.

    ReplyDelete
  16. අම්මෝ.................... පට්ට කතාව. ඔය කාලයේ හැමෝගෙම ජීවිතේ ඔය සුන්දර කතාව එක එක විදිහට ලියැවිලා තියෙනවා. ඒත් ගොඩක් අය ඕක මේ විදිහට කියන්න ලැජ්ජයි.. නමුත් ඔය නියමයි කකා...

    හැබැයි ඔය අත්දැකීම නොලැබූ කෙනෙක් ඉන්නවානම් ඔහුට එය පසුකාලීන ව මානසික ගැටළුවක් වශයෙන් පැණනගිනවා. ඒ විතරක් නෙමෙයි ඔය අත්දැකීම විකෘති විදිහකට කෙනෙක්ට ලැබුණත් එහෙමමයි.. අනික කකා අපේ රටේ තාමත් ලිංගික අධ්‍යාපනය ලබන්න තියෙන්නේ අන්තිම හොරෙන්. පත්තර සහ සී.ඩී වලින් දැන්නම් පරිඝණක සහ පෙන් වලින් හෝ ගාලා එහෙ මෙහෙ යන ඒවාගෙන්. ඒවා කිසිම තත්වයක් නෑ. සමහර විට විකෘති ලිංගික උත්තේජනයන් වුණත් මේකෙන් ඇති වෙන්න පුළුවන්. ඒත් අපි රටක් විිදිහට තාම මේක ළමයින්ට සුදුසු වයසේදී කතා කරන්නෑ.

    හිතන්නකෝ දරුවෙක් ලොකු වෙලා ජීවිතේ ගෙනියන්න පදනම වෙන ලිංගික අධ්‍යපනය අපි කොහොමද ළමයින්ට දෙන්නේ කියලා.. ඒක ඛේදවාචකයක් මචං... සම සෞඛ්‍යය උපාධිය අවුරුදු හතරක් කරන්න බෑ කියලා මැරෙන්න හදන ඇමතිලා මේවා ගැන හිතන්න තරම්වත් මොළයක් තියෙන උන්යෑ... මේ ගැන රට තුළ මහා සංවාදයක් ඇති විය යුතුයි කකා......

    ReplyDelete
    Replies
    1. කුරු‍ටුගෙ කොමෙන්‍ටුවේ අන්තිම ඡේදයට මගේ හදවතින්ම උත්තමාචාරය!!!

      මේ රටේ මේ යන ‍රැල්ල නීති රීති වලින් වත් වෙනත් අලුත් (හෝ පරණ) ක්‍රම වේදයක් හඳුන්වා දීමෙන්වත්, නවත්තන්න අමාරුයි කියලා උං කියාවි. ඒක ඇත්ත කියලා මුලින් අපිට පෙනේවි.

      හරි!! අමාරුයි කියන්නේ බෑ කියන එක නෙවෙයිනේ!! අමාරුවෙං හරි ඒ දේ කරන්න ඕනේ!!

      Delete
    2. හුටා ! හිකී* ජිවිතයක පදනම කියල මං දැනන් හිටියේ නෑ නේ
      අපිට කියල දුන්නේ ගුණධර්ම සහ ප්‍රතිපත්ති ජිවිතයක පදනම කියල
      ඕං බලාපල්ලකෝ ඒකෙත් හැටි !

      Delete
  17. හොද වෙලාවට අපේ කාලේ සි.ඩි තිබුනා. නැත්තම් අපිටත් ඔය ටික තමා....
    මාට්ටු වුනාම නම් පට්ට සීන් එකක් තියෙන්ඩ ඇති!!! හි..හි..

    ReplyDelete
  18. මට පොඩි කාලේ ඉදලම නිරුවත් පින්තුර බලන එක අරහං ..... අප්පා......

    ReplyDelete
  19. මමනම් දැන් වුණත් නිරුවත් පිංතූර බලනවා.ගෑනු ඇගවල් වල කොතන හරි තැනෙක ලස්සනක් තියෙනවා.සම්පූර්නයෙන්ම කැත නැහැ.

    ReplyDelete
  20. ඕවා ජීවිතේ ඒ ඒ කාලෙට ලැබිය යුතුයි අත්දැකීම් සඳහා ..

    ReplyDelete
  21. එදත් අදත් කොල්ලෝ මේවා කොහෙන් හරි හොයාගෙන හංගගෙන බලනවා. අනික කකා මේක අවංකව ලියලා තියෙනවා

    ReplyDelete
  22. නිරුවත් රූමතියෝ කොට්ට යට, රීප්ප අස්සේ ඔය හැම තැනකම හිටියා. ඔය පොත් ඒ කාලේ වැඩිපුරම ජර්මන් භාෂාවෙන් ආවේ. කියෝගන්න බැරි නිසා..ජර්මන් ඉගෙනගන්න හිතුනා. ඒතරමට ආසයිනේ.

    කකා විසින්ම කොහෙද ලියලා තිබ්බා වගේ......නොස්ටැල්ජියාවක් නැතිවීම කියන්නේ නම් රෝගයක්.

    ReplyDelete
    Replies
    1. දේශකයගේ බුදු කුටියෙත් හිටියා...

      Delete
  23. වයස දාහතරේදී පමණ බෝඩිංගතවූ නිසා, නිරුවත් රූමතියන් වැඩි කරදරයකින් තොරව නිතර අප අසල ගැවසුණි. උසස් පෙළ කරද්දී වෙනමම ඉහල මාලයක නවාතැන් ලැබුණු බැවින්, නිරුවත් රූමතියෝ අප සමගම පදිංචියට ආවෝය.

    ReplyDelete
    Replies
    1. ඉන්දිකත් කරලා තියෙන දේවල් ඒ කාලෙ...!

      Delete
  24. matath e kathawa mathakaya.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.