
ලව් ස්ටෝරීස් ප්‍රධාන වර්ග දෙකක් තිබේ. එක වර්ගයක කොල්ලා පෝසත්ය කෙල්ල දුප්පත්ය. අනිත් වර්ගයේ කෙල්ල පෝසත්ය, කොල්ලා දුප්පත්ය.
මේ ගැන මං ලියූ පොඩි හැඳින්වීමක් මෙතනින් කියවන්නට පුළුවන්.
මේ දෙවර්ගයෙන් ජනතාව වැඩියෙන් කැමති කොයි වර්ගයටද කියා සොයා බලන්න සිංහල බ්ලොග් පාඨක පිරිස අතර මේ ගැන සමීක්ෂණයක් තියන්න මට හිතුණා.
ඉතිං හොඳ ළමයි වගේ ඔය දකුණු අත පැත්තේ කොලම් එකේ උඩින්ම තියෙන ප්‍රශ්නෙට උත්තර දීල යන්නකෝ.
අවංකවම උත්තර දෙන්න. තමන් කොල්ලෙක් ද කෙල්ලෙක් ද කියල කියන එකත් මේ සමීක්ෂණයේ වැදගත් අංගයක්.
තෑන්ක් යූ එකක් නොව දෙකක් ම වේවා!
කතන්දරකාරයා
ප/ලිඃ
ඔන්න මං ඉස්සිස්සෙල්ලාම වෝට් කළා! මේ වෙනකොට "සූ ගාල බර ගානක්" ඡන්දය දමා තියෙනවා.
මාත් දැම්මා ......මගේ පක්ෂය දිනුම් වගේ ....
ReplyDelete[ හැබැයි මං දුප්පත් ....... ]
මාත් දැම්මා.........
ReplyDeleteඉතින් කසූ මේ සමීක්ෂණයේ අරමුණ මොකක්ද ? ඔයා කට්ටිය වැඩියෙන කැමති විදිහට කතාවක් ලියන්නවත්ද යන්නේ ?
ReplyDeleteඔය මල් කතා වලට මම නම් කැමතිම නැහැ, ඉල්ලීම හින්දාමයි ඡන්දය දැම්මෙ,,, අනික තෝර ගන්න තියෙන වරණ මදි,,
ReplyDeleteමම ආස කොල්ල පෝසත් ටයිප් 1ට....ඕකට කොල්ල බොක්කෙන් ලව් කෙල්ල සයිඩ් ලව් තිබ්බනම් හොඳයි....
ReplyDeleteහප්පා..මාත් ඉඳලා ඉඳලා ලියන්න පටං ගත්තා ලව් ස්ටෝරියක්,දැන් බොලේ කකා ත් ලියන්න පටං ගත්තොත් අපි වගේ පොඩි නිර්මාණ කරුවෝ විනාසයි නොවැ :(
ReplyDeleteමොනා උණත් කකා ලියන ඕනි මගුලක් කියවන්න මෙන්න අපි පෝලිමේ :))))
ඔන්න අපිත් දැම්මා ඡන්දේ.....අර " වැප් " කීව වගේ මගේ පක්ෂෙත් දිනුම් වගේ....හැබැයි ඉතිං මං දුප්පත්......
ReplyDeleteඔතනට කෙල්ලයි කොල්ලයි දෙන්නම සාමාන්‍ය ලව් ස්ටෝරි වලටත් මනාප ඉල්ලන්න. මොකද ඔය දෙකම නැතුව මේකට කැමති අයත් ඉන්නව.
ReplyDeleteඔන්න 100 වෙනියං මං. සැනසිලි තෑගි නැද්ද?
ReplyDelete