ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Thursday 25 February 2010
පොර ළමයා කතන්දරේ බලා ඉන්දික උපශාන්ත ලියා එවූ කතාව - සීය බූවා
මං ඊයෙ පල කරපු පොර ළමයා කතන්දරේ කියවපු ඉන්දික උපශාන්ත මට කතාවක් ලියල එවල තියෙනව.
මට මතක් වුනේ කාළෙකට ඉස්සර මේ වගෙම මට මං එදා මී මැස්සිය කියල හැඳින්නුව අක්කණ්ඩි කතාවක් ලියල එවපු හැටි. පස්සෙ අක්කණ්ඩි වෙනම බ්ලොග් එකක් පටන් ගත්ත.
ඊට සති දෙක තුනකට පස්සෙ - මෙන්න බොලේ තුන්වැන්නී ත් මට කතා ලියල එවන්න පටන් ගත්ත. එයත් ටික දවසකින්ම තමන්ගෙම බ්ලොග් එකක් පටන් ගත්ත.
ඉනදිකටත් තමන්ගෙම බ්ලොග් එකක් (දැනට නැත්නං) ලැබේවා කියා පතමින් දැන් ඉන්දික ලියා එවූ කතාව බලමු.
================= ඉන්දික ගේ කතාව ඇරඹුම ==================
ඔය කතාව මාත් අහල තියෙනවා. ඒත් මන් මේ කියන්න යන්නෙ ඇත්තම සීන් එකක්ල මගේ යාලුවෙකුගෙ ගෙදරදි අත් දැකපු.
මගේ යාලුවෙකුගෙ තාත්ත, එයාගෙ තාත්තව ගමේ බලාගන්න කෙනෙක් නෑ කියල ඒ ගොල්ලන්ගෙ ගෙදර ගෙනාව. සීය රියල් අහින්සක ගමේ මිනිහ. හැබැයි වයස නිසා ඇස් පේනව, කන් ඇහෙනව ටිකක් අඩුයි. දැන් ඔන්න සීය ඉස්සරහ කාමරේ නැවතිල ඉන්නව.
අපේ පොරටයි, උගෙ අයියටයි මේ කාලෙ Michael Jackson ඔලුවට ගහල තිබුනෙ. ඉතින් උන්ගෙ T-shirt වල school bags වල හැම එකේම ලියල තියෙන්නෙ BAD, Thriller වගේ කතා. ඉන්නෙ යකඩ එල්ලන් කොර ( අසනීපෙන් නොවේ) වෙලා.
දැන් මුන්ගෙ මදන විසෙට අර අහින්සක සීයගෙ shirt වලත් අනන්-මනන් ටිකක් ලියල, කොර කරල. දැන් සීයත් ඉන්නෙ Michael Jackson ගෙ fan කෙනෙක් වගේ.
සීයට පේන්නෙ නැති හින්දත්, හවසට අම්මල එන්න කලින් මුන් සීයව හොදල shirt මාරු කරන හින්දත් වැඩේ කාටවත් නොන්ඩි නෑ. දන්නෙ දවල්ට ගේ ඉස්සරහ වල බහින උන් ටිකයි පාරෙ යන එන උන් ටික දෙනෙකුයි විතරයි.
අපිත් හුඟක් දවසට වලට පාඩම් කරන්න set වෙන්නෙ මුන්ගෙ ගෙදර. පාඩමට වැඩියෙ වල තමයිල මොකද බරේ දාන්න ගෙදර වැඩිහිටියො කවුරුත් නැති හින්ද.
ඉතින් මුලදි මුලදි අපි ගිහින් කතා බහ කරනකොට සීය ඉස්සරහ ඉන්දන් අහනනව "කව්ද පුතේ කතා කරනව ඇහෙන්නෙ?" කියල.
එතකොට අරුන් දෙන්නගෙන් එකෙක් කියනව, "ආ සීයෙ ඒ අපේ බුවෙක් ඇවිත් හරි හරි" කියල.
එතකොට සීයත් "ආ බුවෙක්ද? එහෙනම් කමක් නෑ" කියල සද්දෙ වහල ඉන්නව.
ඉතින් ඔහොම යනකොට දවසක් මුන්ගෙ තාත්තගෙ අයිය කෙනෙක් දවල් අවේලාවෙ ගමේ ඉන්දන් ඇවිත්. දැන් මූ ඉඳගන්න එහෙම කියල කතා කර කර ඉන්නවලු අම්මල එනකල්.
මේක මුන්ගෙ සීයට ඇහිලල සීය පුරුදු විදියටම "කවුද පුතේ බුවෙක්ද" කියල ඇහුවලු. අපේ එකා මුකූත් උත්තරයක් නොදී හිටියලු ලොකු තාත්තට වැඩේ මාට්ටු වෙයි කියල හිතල. සීය ආයිත් මහ හයියෙන් ඇහුවලු "බුවෙක්ද පුතේ ඇවිත් ඉන්නෙ?" කියල. තව කට වහන් හිටියොත් බුවා බලන්න Jackson සීය room එකෙන් එලියටම එයි කියල බයටම අපේ බුවා හෙමීට room එකට ගිහින් volume අඩු කරල සීයට කිව්වලු, "ඔව්, ඔව්, බුවෙක් තමා!" කියල.
සීයට මේක හරියට ඇහිල නැතුව ආයි ටිකක් සද්දෙ දාලම මුගෙන් ඇහුවලු "ඇයි පුතේ බුවෙක් නෙමේද ඒ?" කියල.
දැන්නම් සීය මට කෙලන්න තමා හදන්නෙ කියල අපේ බුවත් සීයගෙ කනට වදින ගානට එහා ගෙදර kitchen එකට යන්තන් විතර අහෙන සද්දෙට කිවුවලු "ඔව්, ඔව්, බුවෙක් තමා!" කියල.
මේ කතා බහ ඇහිල කොර වෙච්චි ලොකු තාත්ත විදගෙන කාමරේට ගියාලු මොකද්ද මේ තාත්ත කියන්නෙ කියල බලන්න.
ඊට පස්සෙ නාකි Jackson නුයි පැටිය Jackson නුයි කතා කරේ මොකද්ද කියල හරියට දැනගෙන, තමන්ගෙ තාත්තාට සලකන උජාරුව ගැන මලයට ස්තූති කරල එහෙම ලොකු තාත්ත ගියාට පස්සේ අපේ උන් දෙන්නාට උන දේයි අපි දැක්කම උන්ගෙ දෙමාපියො කරපු ස්තූති ගායනාවයි (හැම දෙමාපියෙක්ම හිතන්නෙ යාලුවො තමා තමන්ගෙ දරුවො නරක් කරන්නෙ කියලනෙ, ඒත් ඇත්ත දන්නෙ අපිමනෙ!) නම්....හ්ම්.....එල ම තමයි.
================ ඉන්දික ගේ කතාව අවසානය ==================
වයසක අසරණ මිනිස්සුන් ට මේ විදියට සලකන එක අන්තිම නරක වැඩක් බව අමුතුවෙන් කියන්ණ ඕනැ නෑනේ.
කතන්දරකාරයා
Subscribe to:
Post Comments (Atom)
LOL. ROTFWL
ReplyDeletehafoi . . mage ara mahammaa saha dath kuttama katawa wage . . . hik hik . .. .
ReplyDeleteමාතෘකාවට අදාළ මීට වඩා සීරියස් කතාවක් මේ. (Taboo Subject එකක්, කමක් නෑනේ මෙතන ලිව්වට.)
ReplyDeleteඔය වගේම අයියල මල්ලිල දෙන්නෙක් මටත් සෙට් උනා A/L කාලෙදි. මගෙ යාළුව මල්ලි. මුන්ගෙ ගෙදර තමා අපේ ඒ දවස් වල වල බහින ස්පොට් එක. මොකද ඒ ගොල්ලන්ගේ රස්සා හැටියට අම්මයි තාත්තයි දෙන්නම දවල්ට ගෙදර නෑ. ඕනැ අටමඟුලක් කරගත්තෑකි.
ගෙදර හිටියෙ අම්මගෙ තාත්ත (සීයා) විතරයි. පොරට වයස නිසා යම් මානසික ආබාධයක් තිබුන. කවුරුත් එක්ක කතාවක් නෑ. කතා කළත් බයිල කියවන්නෙ. ඇවිදින්න හෙම පුළුවන්. මේ සීය නැති වෙනව මාසයකට සැරයක් විතර. එළියට ඇවිදින්න ගිහින් ගෙදර එන පාර හොයා ගන්න බැරුව. ඉතින් අපි යන්න ඕනැ හොයන්න. මේ හන්ද මුන්ගෙ පවුලෙනුත් අපි ඒ ගෙදර සෙට් වෙන එකට විරුද්ධත්වයක් තිබුනෙ නෑ.
දවසක් මුන් දෙන්න යාළුවො ටිකක් එක්ක (මම එදා සෙට් වෙන්න වුනේ නෑ, මොකක් හෝ හේතුවක් නිසා) සාලෙ දාගෙන බලනවලු බ්ලූ ෆිල්ම් එකක්. සාමාන්‍යයෙන් සීයගෙන් මේවට බාධාවක් නෑ. තේරෙන්නෙ නෑනෙ. ඒත් එදා මේ යෝදය ඇවිල්ල ඉඳගත්තලු ඉස්සරහින්ම. දැන් ඇණතියාගෙන බලාගෙන ඉන්නවලු TV එක දිහා ඇස් ලොකු කරගෙන. කොල්ලො ටිකට මැරෙන්න හිනාළු.
මේක නෙවෙයි ලස්සනම කතාව.
මල්ලි ඇහුවළු අයියගෙන් "TV එක වහමුද?" කියල.
අයිය කියනවලු "ඔන්න ඔහේ බලපුදෙන් බං. දැන් නොබල මිනිහ කවද ඕව බලන්නද" කියල!
කතන්දර,
ReplyDeleteමගේ කතාවට බ්ලොග් එකේ ඉඩ දීපු එකට මුලින්ම ස්තූතියි.
මගේම බ්ලොග් එකක් පටන්ගන්න ලැබේවායි විවරන දීම ගැන බොහොමත්ම ස්තූතියි.
කොහොම උනත් හැමෝම වෙන වෙනම බ්ලොග් ලියනවට වඩා එකවගේ අදහස් තීන අය එක එකකට ලියන එක කියවන අයටත් පහසුයි, බ්ලොග් එකේ රසවත් බවත් විවිදත්වයත් වැඩි කරයිත් කියලයි මට හිතෙන්නෙ. කරන්නන් වාලෙ අනුන් කරන දේ කරනවට වඩා පුලුවන්නම් හොන්ද, අලුත් යමක් කල යුතු හැමවිටම මා අදහන නිසා මගේම බ්ලොග් එකක් නම් පටන් ගැනේවි කියල හිතන්න අමාරුයි.
අනික සින්හබාහුයි, සුප්පා දේවියයි පොඩි නිවඩුවකට ලන්කාවට ගිහින් ඉන්න එකෙන් මේ දවස්වල වෙලා තිබුනට තව දින කීපයකින් කට්ටිය ආවම PC එකට මූන ඔබන් ඉන්න ..............( හිස්තැන් පුරවගන්න ) කැමති නෑ.
ඒත් අනිත් අයගෙ මහන්සිය අගය කරන එකයි, දන්න දේ බෙදා ගන්න එකයි පුලුවන් විදියට දිගටම කරගෙන යන්නයි බලාපොරොත්තුව..
කතාව දාපු ඔබටත් බලපු හැමටත් comments දාපු කීප දෙනාටත් තුති.
ela ela
Deleteඉන්දික
ReplyDeleteආපු ගමං ගල් ලෙන වහගන්න!