Showing posts with label සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා. Show all posts
Showing posts with label සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා. Show all posts

Sunday, 26 January 2014

බෝල්ස් ඇජස්ට් කිරීම - Secret balls adjustment


මගේ බැචෙක් වෙන සහම්පති විසින් මුලින්ම සොයා ගෙන අත්හදා බලා ප්‍රකාශයට පත්කරණ ලදුව මවිසින් ෆයින් ටියුනින් කර කතන්දරයකින් ඉදිරිපත් කරන ලද තියොඩලයිට්ටුව ආධාරයෙන් ජොකා නිවරදිව ඇඳීමේ ක්‍රමය මතකද?

අමතක අයට සහ නොකියවූ අයට මෙන්න ඒ 2011 දෙසැම්බරයේ ලියන ලද කතන්දරයට පාර.
http://kathandara.blogspot.com/2011/12/theodolite-assisted-method-to-correctly.html

ඔය කොයි විදියට ජොකා ඇන්දත්, පැය කීපයක් යනවිට පරම්පරා කුට්ටම එහේ මෙහේ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවට පිරිමි අපි කොයි කවුරුත් කරන දෙයක් තමයි පොඩ්ඩක් එහෙට මෙහෙට ඇජස්ට්මන්ට් එකක් කරගන්න එක.

ප්‍රසිද්ධ ස්ධාවවල ඉන්නවා නම් මේක කරන්න ඕනෑ හොර රහසේ වැඩිපුර කාටවත් නොතේරෙන්න නේ.

මේ "සීක්‍රට් බෝල් ඇජස්ට්මන්ට්" එක ගැන කියවෙන අපූරු වීඩියෝවක් මං මේ ලඟදී යූ ටියුබයේ තිබිලා බැලුවා.

මේ වීඩියෝව ඉදිරිපත් කරලා තියෙන්නේ යු ටියුබයේ ජනප්‍රිය චැනල් එකක් කරන ශ්‍රී ලාංකික තරුණයෙක් වෙන ජෙහාන්. ජෙහාන් යූටියුබ් රිවයින්ඩ් 2012 වීඩියෝවේත් හිටිය පොරක්.

මේ වීඩියෝවේ තියෙන්නේ පිරිමි අයට වැදගත්වෙන "සීක්‍රට් බෝල් ඇජස්ට්මන්ට්" හෙවත් සීබීඒ එක ගැන විතරක් නොවෙයි.

කාන්තා පක්‍ෂයේ රහසක් වෙන "සීක්‍රට් බූබ්ස් ඇජස්ට්මන්ට්" හෙවත් සීබීඒ ගැනත් මෙතන තියෙනවා.

අද ඉරිදා දවසේ මේ සින්දුව නරඹලා සිත් පහන් කර ගනිමු.



-කතන්දරකාරයා

ප/ලි:
මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවක් දාන්නේ බොහොම කාලෙකට පස්සේයි.

Saturday, 12 October 2013

මෙන්න දවස පුරා පවතින අසරණ කාලකණ්ණිකමක් ඔබේ සිතටත් - How pathetic are we?


ඊයේ පුවත්පතක පළවුණු ප්‍රවෘත්තියක් මූණු පොත හරහා දැක මගේ සිතේ මුලින්ම ඇතිවුණේ මහා අසරණ හැඟීමකි. ඒ සමගම ආවේ මහා කාලකණ්ණි සිතුවිළි ගොඩකි.

ඒ අසරණ කාලකණ්ණිකම මෙය කියවන ඔබේ සිතටත් ගෙන එන්නයි මේ ලියන්නේ.

ප්‍රවෘත්තිය මේකයි.

ගිය අවුරුදදේ මුල් මාස දහය ඇතුළත පමණක් මැද පෙරදිග සිට මිනී පෙට්ටිවල ලංකාවට ආ ගෘහ සේවිකාවන් ගේ ගණන 463 දෙනෙක් ලු!

මෙයින් 75% පමණම වයස අවුරුදු 30 ට අඩු කාන්තාවන්. ඒ කියන්නේ හොඳ තරුණ වයසේ අය.

නමුත් මරණ සහතිකවලට අනුව මේ අයගෙන් අති බහුතරයක් මැරිලා තියෙන්නේ කොහොමද දන්නවාද? හාට් ෆේලියර් එහෙමත් නැත්තං හෘදවස්තුව ක්‍රියා විරහිත වීමෙන්.

ඒ සමගම මේ මල සිරුරුවල අභ්‍යන්තර අවයව ඉවත්කර ඇති බවට මේ ප්‍රවෘත්තිය ගැන ඩිලාන්ගෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්ණ කරපු රන්ජන් කියලා තියෙනවා.

එක්කෝ තරුණ කාන්තාවන්ට මැද පෙරදිගදී හෘද රෝග හැදෙනවා වැඩියි. නැතිනම්, වකුගඩු දෙක හෝ වෙනත් අභ්‍යත්තර අවයවයක් අයින් කළාම මැරෙන්නේ හාට් ෆේලියර් එකකින්.

දුප්පත්කම, අසරණකම නිසා කීයක් හරි හොයාගන්න, ගෙයක් දොරක් හදාගන්න තමයි මේ හැම දෙනාම මැද පෙරදිග යන්න ඇත්තේ.

ඒ වගේම මොන අනතුරු, අතුරු ආන්තරා තිබුණත් ඒවා ගැන නොතකා තමන්ගේ රටේ කාන්තාවෝ මේ ආකාරයට ගෘහ සේවයේ යොදවමින් රටේ එදා වේල පිරිමහගන්න විදේශ විණිමය හොයාගන්න වීමත් ලංකාවේ දුප්පත්කම සහ අසරණකම තමයි.

ඒ සල්ලිවලින් ලැම්බෝගිනී සහ මොන්ටෙරෝ ගෙන්වීම වෙනනම කාරණයක්.

ලංකාව වගේ ජනගහණය වැඩි නමුත් දුප්පත් රටක එක් ප්‍රධාන ලක්‍ෂණයක් තමයි එක් මිනිසෙකුගේ ජීවිතයට ඇති වටිනාකම ඉතාම අඩුවීම.

හාරසීයක් නෙමෙයි කී දෙනෙක් මැරුණත් රටට ගාණක්වත් නෑ. ජීවිත අයිතිකාරයින්ටත් ඒ වගේ වෙන්න ඇති.

ගිලෙන බව දැන දැනත් අබලන් බෝට්ටුවලින් රට පණින්න හදන්නේ, මරණ සහතිකය අත්සන් කරලා හරි මැද පෙරදිග ජොබ් එකකට යන්නේ ඒ නිසාද?

විපක්‍ෂයේ අයියා කොච්චර දුක්වුණත්, ආණ්ඩුවේ අයියාට නං මේක ලොකු කේස් එකක් නොවෙයි වගේ.

හැබැයි ඉතිං මර අර බරක් ඔබාමාට ලියලා ඇරියා වගේ, විපක්‍ෂයේ ඉන්න කොට නං රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කජු කනවා වාගේ.

මේ ප්‍රවෘත්තිය කියවපු මට මතක් වුනේ ආරියරත්න කුරුවිට බණ්ඩාර අංකල් ලියපු මන්දා නාලනී නැන්දා කියපු මෙන්න මේ සින්දුව.



අංකල්ටයි, ඇන්ටිටයි මේ සින්දුව මතකද මන්දා?

-කතන්දරකාරයා

ප/ලි:
මේ සන්ඩේ-ස්පැෂල් ඇක්ස්ට්‍රාවක් පලකරන්නේ සෑහෙන කාලයකට පසුවයි.

(image: http://forum.srilankaequity.com/t25378p25-sri-lankan-maid-rizana-nafeek-beheaded-in-saudi-arabia)

Sunday, 2 June 2013

ලෙඩ්ඩු මළත් අපිට මොටද? Soap-opera or Patient in need?


ඩී.බී.එස්. ජෙයරාජ් ගේ වෙබ් අඩවියට සෙලිනා ඩී පිරිස් විසින් එවන ලද ලිපියක් පසුගිය දා එහි "Doctors, Nurses and Attendants at Hospital Accident Ward Watch TV Instead of Treating Emergency Patient in Urgent Need" නමින් යුතුව පල වී තිබේ. එය දුටු වෛද්‍ය ක්‍ෂේත්‍රයේ නියුතු මා හිතමිතුරෙක් එහි පිටපතක් මට ද එවා තිබුණි.

මෙන්න ජෙයරාජ් ගේ වෙබ් අඩවියේ පළවුණු ලිපියට සබැඳියක්.
http://dbsjeyaraj.com/dbsj/archives/21683


මෙහි පහත දැක්වෙන්නේ ඒ ලිපියේ සිංහලානුවාදයකි. අද උදේ මා ඉංගිරිසි ලිපිය පළ කර කළ ඉල්ලීම අනුව මේ සිංහල අනුවාදය සකසා එවීම ගැන සිංහල බ්ලොග්කරුවෙකු වන සයිලන්ට් සහන් ට මගේ ස්තුතියි පිරිනමමි.


නිසි ප්‍රතිකාර අවශ්‍ය ලෙඩෙකුට ප්‍රතිකාර නොකර රෝහල් හදිසි අනතුරු වාට්ටුවේ දොස්තර ලා, නරස් ලා සහ ඇටෙන්ඩන්ට් ලා ටීවී නරඹති

ප්‍රිය මහත්වරුණි/නෝනාවරුණි,

පළමුවෙන්ම මෙවන් ලිපියක් එවීම ගැන සමාව අයදිමි. ඔබේ අවදානය පහත සඳහන් කරුණ සම්බන්දව යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.

පසුගිය 28 වන දින (28.05.2013)රාත්‍රියේ දී නාවලපිටියේ පදිංචි පුහුණුවන හෙදියක දරුණු රිය අනතුරකට මුහුණ පා තිබුණා. අතිශය ජනාකීර්ණ කිරුළපණ මාර්ගයේ ධාවනය වෙමින් පැවති බස් රථයක ගමන් ගනිමින් සිටියදී , හදිසියේම ඇයව ඉන් ඉවතට විසි වී ඇද වැටුණේ ධාවනය වෙමින් පැවති මගේ මෝටර් රථය ඉදිරියටයි.

වැල්ලවත්ත පොලිසියේ නිලධාරියෙකු, බස් රථයේ රියදුරාගෙන් ප්‍රශ්න කරන අතරතුර දී මා මගේ මිතුරෙකුගේද සහය ඇතිව ඇයව ඉතා ඉක්මණින් රෝහල් ගත කිරීමට කටයුතු කලෙමි. ඒ සමස්ථ ශ්‍රී ලංකාවෙහිම ප්‍විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහල වෙතටයි.

කොළඹ ජාතික රෝහල් හදිසි පිවිසුම් දොරටුව වෙත ළඟා වූ පසු එහි සිටි හෙද නිලධාරිනියක අපට රෝගියාව නංවා ලීමට ට්‍රොලියක් රැගෙන ඒමටත්, එය ගෙන ආ පසු රෝගියාව එහි නංවා ලීමටත්, රෝගියා සමග ට්‍රොලිය හදිසි අනතුරු ඒකකය වෙත තල්ලු කරගෙන යෑමටත් නියෝග කළාය. එය රෝහලේ කාර්ය බහුල වේලාවක් නොවිණි. මහත් පරිශ්‍රමයකින් පසු හදිසි අනතුරු වාට්ටුව වෙත අපි ලඟා වීමු. මෙම අවස්ථාව වන විට අනතුරට මුහුණ පෑ තරුණිය ලේ වමනය කරමින් සිටියද සාත්තු සේවකයින්ට හෙදියන්ට සහ වෛද්‍යවරුන් ට නම් වඩාත් වැදගත් වී තිබුණේ ඒ මොහොතේ රූපවාහිනී යේ ප්‍රදර්ශනය වෙමින් තිබුණු ටෙලි නාටකය නැරඹීමයි.

එම සිදුවීම තතවුරු කිරීම පිණිස මා ඔබ වෙත එම අවස්ථාවේදී ගනු ලැබූ චායාරූපයක්ද මේ සමග එවමි.

ඉතා අසීරුවෙන් රෝගියා ගේ එක්ස්-රේ පරීක්‍ෂණය නිම කර ගත් පසු අපට වාට්ටුව පුරා යමින් මේ රෝගියා පරීක්‍ෂා කිරීමට දොස්තරව කැමති කරවා ගැනීමට සිදුවිය.

කෙසේ හෝ පැය දෙකකට අධික කාලයක් තිස්සේ පොර බැදීමෙන් අනතුරුව ඇයව රෝහල් වාට්ටුව වෙත ඇතුළත් කිරීමට හැකි විය. අපේ එකම ප්‍රාර්ථනය වූයේ ඇයට කිසිදු බරපතල (අභ්‍යන්තර) තුවාල නොතිබේවා යන්නයි.

මේ කාලය තුල ඇතිවූ කෝපය සහ පිළිකුල මට ඇති කලේ දැඩි බලපෑමකි. මෙවැනි තත්වයකට පත්වෙන සාමාන්‍ය මහජනතාව ඔවුන්ට පිළිසරණ අත්‍යවශ්‍ය මොහොතේ දී ලබන සැලකිල්ල අතිශය අශෝබන බව මට පෙනුණි. මා මෙවැනි තත්වයකට මින් පෙර මුහුණ පා නොසිටීම නිසා ඒ ගැණ නොදැන සිටීම ගැනද මට ඇති වුනේ කණගාටුවකි.

ඇත්තෙන්ම මේ "පින් බිමේ" කණගාටුදායක සැබෑ තත්වය මෙයයි.

මනුෂ්‍ය ජීවිතයක වටිනාකම නොසලකන මෙවන් රටක ජීවත් ෙවන්නට වීම ගැන අද මට ඇත්තේ ලැජ්ජාවකි. අපේ සංස්ක්‍යතියේ අන්තර්ගත හරයන් යැයි කියනු ලබන කරුණාව සහ මෛත්‍රිය දැන් හුදෙක් ජනප්‍රාවදයක් පමණි.

රටේ සංවර්ධනයට අවම හානියක් වන පරිදි මේ තත්වය වෙනස් කිරීම සඳහා ඉදිරිපත් වීමට කැමති විශාල තරුණ පිරිසක් සිටිති. මේ පණිවිඩය එවැනි වෙනසක් කිරීමට හැකියාවක් ඇති පරිස අතරේ බෙදාහැර ඒ සඳහා උදව්වෙන්න.

ස්තුතියි

මෙයට

Selyna. D. Peiris
LLB (Hull) LLM (London) MAIS (Vienna)


මගේ මිතුරා ඔහු ජෙයරාජ් ගේ වෙබ් අඩවියෙන් කියවූ පණිවිඩය මට (සහ ඔහුගේ අන් මිතුරන්ට) එව්වේද, මා මෙය මගේ බ්ලොයේ පල කරන්නේද, ඉහත ඉල්ලීමේ ඇති වැදගත්කම නිසාය.

-කතන්දරකාරයා

ප/ලි:
නර්ස් ලා ගැන කෙසේ වෙතත් මං දොස්තරලා සම්බන්ධ කතන්දර කිහිපයක් කලින් ලියා තියෙනවා. මෙන්න ඒවා.

1. පවුලේ දොස්තර
2. දොස්තර හේවා ගැන හෙළිදරව්වක් - Dr Hewa's real identity revealed...!!!
3. මාස හයකට වරක් ඔබේ ජොකා මාරු කරන්න - වෛද්‍ය ප්‍රේමකුමාර ගෙන් උපදෙසක් :: Serious medical advice from Dr Premakumara
4. කේක් ගෙඩි අප්පු ට ටෙටනස් ඉන්ජෙක්ෂන් එකක්!


(image: http://dbsjeyaraj.com/dbsj/archives/21683)

Saturday, 4 May 2013

යුධ අපරාධකාරයා ගේ රඟපෑම අවසාන වෙයි? - War criminals' good guy acting will end one day!


ජර්මනියේ දී මං දැක්ක දුම් බොන තැන් ගැනයි, ජර්මානුකාරයින්ව පරද්දපු හැටි ගැනයි, තන්ඩූරි චිකන් එක්ක බාස්මතී බත් කාපු හැටි ගැනයි කතන්දර ලියන අතරේ එක්තරා ජර්මානු ප්‍රවෘත්තියක් මගේ ඇස ගැටුණා.

කාටද මතක අනූවේ දශකයේ විතර මං හිතන්නේ අයිටීඑන් එකේ ගියා ඩෙරික් (Derrik) කියලා ජර්මානු රහස් පරීක්‍ෂක කතා මාලාවක්.

මං මේ සීරීස් එක ඒ දවස්වල හරිම ආශාවෙන් බැලුවේ ඒ කතාවල තිබුණු අපූරුබව නිසයි. මේ ඩෙරික් කියන පොලිස් රහස් පරීක්‍ෂකයා අපරාධ (බොහෝ විට මේවා මිනීමැරුම්) විසඳුවේ සම්මත ක්‍රමවලින් පරීක්‍ෂණ කරලා නොවෙයි.

කතාව බලන අපිට කිසි සේත්ම සැක නොසිතෙන පුද්ගලයින් එක්ක සාමාන්‍ය සාකච්ඡා කරලා එක පාරටම මිනීමරුවා එළිදරව් කරගන්නවා නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් වෙන්න.

වසර 1974 සිට 1998 දක්වා කාලය තුල ඩෙරික් එපිසෝඩ්ස් 280 ක් හැදුවාලු. ඒ තරම් ජනප්‍රිය සීරීස් එකක්.

මේ සීරීස් එකේ ඩෙරික් ගේ චරිතය රඟපාපු නළුවා ගැන අද මං කියෝපු මේ නිවුස් අයිටම් පත්තර කෑල්ල තමයි මේ.


වැඩි විස්තර මෙන්න.
http://www.bbc.co.uk/news/world-europe-22384143

පොර 2008 දී මිය ගිහින්. ඊට පස්සේ ටීවී කම්පැනිය කරලා තියෙන්නේ අර පරණ ඩෙරික් සීරීස් එකේ රිපීට් ටෙලිකාස්ට් දාන එකයි.

නමුත් මේ ගිය මාසේ හෙළිදරව් වෙලා මේ නළුවා, හොස්ට් ටැපර්ට් හිට්ලර් ගේ නාසි සහාය හමුදාවක සේවය කරපු එකෙක් ය කියලා.

නාසි හමුදාවලට විරුද්ධව තියෙන ලොකුම චෝදනාව තමයි යුධ අපරාධ.

යුධ අපරාධ කියන්නේ යුද්ධ කරන එක හෝ යුද්ධයේදී හතුරන් මරණ එක නොවෙයි. යුද්ධ කරන අතරේ දී සිවිල් වැසියන්, යටත් වුණු අය, යටත් වෙන්න එන අය, යුධ සිරකරුවන් යනාදී අයව මැරීමයි.
ඩෙරික් නළුවා තමන් ගේ ඒ අපකීර්තිමත් ඉතිහාසය හංගාගෙන ඉඳලා තියෙන්නේ ඒ නිසයි.

නමුත් කවදා හරි ඇත්ත එලිවෙනවා!

මං අර කලින් කතන්දරේක කිව්වා වගේ මරණ මංචකයකදීවත් කාට හරි ඇත්ත කියන හිතුණොත්?

-කතන්දරකාරයා

ප/ලි:
මෙය සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවකි.


(image: http://www.guardian.co.uk/film/2009/mar/30/horst-tappert-obituary-derrick)

Sunday, 7 April 2013

සෙක්සි තට්ට ගෙඩියක් සාදා ගන්නා අන්දම - Bald and Beutiful


සිංහල බ්ලොග් ලෝකයේ විවිධ කෑම, බැම සාදා ගන්නා අන්දම ගැන විවිධාකාරයේ ලිපි පලවෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. කතන්දර බ්ලොගයේ ද විටින් විට එවැනි කුකිං කතන්දර මා ලියා ප්‍රසිද්ධ කරන්නේ හස්බන්ඩලාට ඒවා උපයෝගී කර ගෙන තමන්ගේ වයිෆර් ලා ගෙන් ලකුණු කීපයක් ලබා ගැනීමට උදව් උපාකර වීමේ පරමාභිලාෂයෙනි. වෙන්ඩ හබීලාටත් ඒ කතන්දර මතු දිනයක ප්‍රයෝජනවත් වෙනවා ඇත.

අද මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරය ඒ ආකරයේ සටහනක් නොවේ. නමුත්, මෙහි පහත සඳහන් ආකාරයට සාදාගන්නා ලද තට්ට ගෙඩිවලට ද කාන්තාවන් හෙඩ් ඕවර් හීල්ස් කැමති වෙනවාට කිසිදු සැකයක් නැත.

මෙන්න සෙක්සි තට්ට ගෙඩියක් සාදා ගන්නා අන්දම.

උවමනා උපකරණ

1. ෂේවින් ක්‍රීම්
2. රේසරය



සාදා ගන්නා ක්‍රමය

1. පළමුව හිස් ගෙඩියේ ෂේවින් ක්‍රීම් හොඳින් ගා ගන්න.


2. ඉන් පසු රේසරය උපයෝගී කොට ගෙන උඩ සිට පහලටත් වම් පැත්තේ සිට දකුණු පැත්තටත් සෙමෙන් සෙමෙන් කපා ගන්න.


මෙන්න වැඩ අවසාන වෙමින් පවතින තට්ට ගෙඩිය.


මෙන්න අවසාන ප්‍රතිපලය. පිටුපස දසුන සහ පැති දසුන.


තට්ටය බූ ගෑමෙන් අනතුරුව ආෆ්ටර් ෂේව් වතුර හෝ ක්‍රීම් වර්ගයක් ගාන්නට අමතක කරන්න එපා.


මේ ආකාරයට සාදා ගන්නා ලද තට්ට ගෙඩි කොපමණ සෙක්සි ද යන්නට වයිෆර් ලා පමණක් නොව උපාසකම්මා ලා ද සාක්‍ෂි දරනු ඇත.

අත්දුටුවයි, ප්‍රත්‍යක්‍ෂයි!

-කතන්දරකාරයා

ප/ලි:
තට්ටෙන් සොමිය දීම පිළිබඳව වැඩි දුරටත් මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2010/07/blog-post.html

උන්මාද චිත්‍රසේනව දැකල තියෙනවද?
http://kathandara.blogspot.com/2010/11/blog-post_26.html


Saturday, 30 March 2013

මුරලිදරනුත් පොරක් ද බං? - Is Muralitharan a hero?


ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් කරනු ලැබුවා යැයි කියවෙන දේශපාලන ප්‍රකාශයක් ගැන මේ දිනවල ලංකාවේ ජනතාව අතර යම් සංවාදයක් පවතී. ඔහු ගේ රුව සහ එම වදන් ඇතුලත් ග්‍රැෆික්ස් නිර්මාණ මුහුණු පොතේ හිටු කියා ෂෙයාර් වේ. ලයික් වේ. ඒ පිළිබඳව කමෙන්ට් කෙරේ.

සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවක් ලෙස පලකරන්නට අද මේ කතන්දර කෑල්ල ලිවීමේ මගේ අරමුණ මුරලිදන්ගේ ඒ ප්‍රකාශය ගැන කිසිවක් කීම නම් නොවේ.

මුරලිදරන් ගේ ප්‍රකාශය ගැන කෙරෙන කතා බහේදී සමහරවිට පැන නැගිය හැකි ප්‍රශ්නයක් නම් මෙයයි.

"මුරලිදරනුත් පොරක්ද බං?"

මගේ අරමුණ අන්න ඒ ප්‍රශ්නයට පොඩි උත්තරයක් දීමයි.

උත්තරය කෙටියෙන් මෙසේය.

ඔව්, මුරලිදරන් පොරකි!
ඒ ඔහු ස්පින් දන්නා නිසාය.
තමන් දන්නා ස්පින් වලින් ටෙස්ට් විකට්ටු 800 ක් ලබා ලෝක වාර්තාවක් පිහිටවූ නිසාය.

දැන් මෙන්න ඒ වාර්තාව පිළිබඳව අපි හැම දෙනාම ඉතා හොඳින් දන්නා වැඩි විස්තර.

මුරලිදරන් ගේ විකට් 800 ලෝක වාර්තාව නුදුරු දිනෙක බිඳ හෙලනු ලැබේ යැයි සිතිය නොහැකි වාර්තාවකි. කිසි දිනෙක එම වාර්තාව බිඳ හෙලනු නොලැබෙතැයි ද ඇතමුන් අනාවැකි ද පවසා ඇත.

මුරලිදරන් තම 800 වෙනි ටෙස්ට් විකට්ටුව ලබා ගත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරග මාලාවක අවසාන තරගයේ අවසන් විකට්ටුව ලෙසය.

කලින් සැලසුම් කර තිබූ අයුරින් එය මුරලිදරන් ගේ අවසාන ටෙස්ට් ඉනිම ද විය. ඉන්දියන් පිලේ අවසන් ක්‍රීඩකයා වෙනත් පන්දු යවන්නෙකු ගේ පන්දුවකට හෝ දුවද්දී හෝ දැවී ගියේ නම් මුරලිදරන්ට මෙම 800 සීමාවට ඒමට නොහැකිවෙන්නට ඉඩ තිබුණි. නමුත් චිත්‍රපට තිර රචනයක ලියා තිබුණාක් මෙන් සියල්ල අපූරුවට සිදුවුණි.

මුරලිදරන් පොරක් යැයි නොපැකිල කිව හැක්කේ එ නිසාය.

-කතන්දරකාරයා

ප/ලි:
අතුරු කතාවක් කියනවා නම්, ඕස්ටේ‍ර්ලියානු හිටපු ටෙස්ට් නායක ස්ටීව් වෝ තම ගමේ ක්‍රීඩා පිටියේ, එනම් එස්සීජී යේ දී ඕස්ට්රේලියානු පිලේ ක්‍රිකට් පිටියේ පරම හතුරා වන එංගලන්ත කණ්ඩායමට එරෙහිව තමන්ගේ අවසාන ටෙස්ට් තරගය ක්‍රීඩා කරමින් එම තරගයේ දෙවන දිනයේ අවසාන පන්දුවට හතරේ පහරක් ගසා ශතකයක් වාර්තා කිරීම ද මේ ආකාරයේ අපූරු සිදුවීමකි. තම ඉනිමේදීම ඔහු තම 10,000 ටෙස්ට් ක්‍රිකට් ලකුණ ද ලබා ගත්තේය.

වසර 2009 ජූලි මස 11 දා සිට පවත්වාගෙන එන මගේ මේ කතන්දර බ්ලොගයේ ලබන සඳුදා පලකෙරෙන 801 වෙනි කතන්දරය ස්ටීව් වෝ පිළිබඳව ලියන්නට මට සිතේ.


(image: http://eu.fotolia.com/id/10692793)

Sunday, 24 March 2013

ගෑල්ළමයින් ට පොඩි කුකිං පාඩමක් : හස්බන්ඩලාටත් ලකුණු ලබා ගත හැකි ක්‍රමයකි - Roti making for dummies : A reference for the rest of us


ඊයේ සවස් යාමයේ අප නිවසේ ඇති වූ දෙබසක් මෙසේය.

ඇය: කතී (ඒ ඇය ආදරයෙන් මා අමතන ආකාරයයි), අද රෑට බත් නැතුව වෙන මොනවා හරි කමුද?

මම: හා! ඔයා මොනවද හදන්න යන්නේ?

ඇය: මට නං අද හරිම කම්මැලියි අනේ. ආප්පවත් ගේමු.

මම: ඔයා කිව්වට මට නේ කඩේ යන්න වෙන්නේ……. වෙන මොනවා හරි කමු.

ඇය: එහෙනං අර ඔයා හරිම රසට හදන රොටී හදන්නකෝ මෙයා, කාලෙකින් හැදුවෙත් නෑනේ?

මම: හ්ම්!

මෙවැනි රාජකාරී මට විටින් විට පැවරේ. එවැනි වේලාවට මා ගයන ප්‍රියතම ගීතය වන මිල්ටන් පෙරේරා ගේ "වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ..." ගයමින් මම කුස්සියේ වැඩ ඇරඹීමි.

මෙන්න මං ඊයේ රොටි හදපු හැටි අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවෙන්.

උවමනා ද්‍රව්‍ය:
තිරිඟු පිටි සහ ගා ගත් පොල් ඇති පමණ
ලුනු ස්වල්පයක්


සාදන ක්‍රමය:
පලමුව පිටි, පොල් සහ ලුනු භාජනයකට දමා වතුර ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. මිශ්‍රණයට වතුර වැඩි වුනොත් පිටි සහ පොල් එකතු කර ගන්න.


දැන් පිඟානක් මත පිටි ස්වල්පයක් ඉස, මිශ්‍රණයෙන් කොටසක් ගෙන එය ඔබ දැක ඇති රොටියක හැඩයට සාදා ගන්න. මෙය රොටිය වැඩිම ලෙස හැඳින්වේ.


රොටි පුච්චන්නේ තාච්චියේය.


එක රොටියක් පිච්චෙන අතර තව එකක් වඩවා රෙඩි කර තබා ගත යුතුයි.


අවශ්‍ය නම් පැරලල් ප්‍රොසෙසින්ද කළ හැක.


මෙන්න බලන්න සාදාගත් රොටි වැජඹෙන අපූරුව.


හාමිනේ කට්ට සම්බලයක් සහ ෆීෂ් කරියක් සාදා සහයෝගය දැක්වූවාය.


රොටි සියල්ල අළෙවි විය.


රොටි සාදන්නාට වේතනය ලෙස උම්බා එකක් නොව දෙකක්ම ලැබුණි.


-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න තවත් විස්තර.
1. රොටි මිශ්‍රණයේ පදම එක්වරම ගන්නට තරමක පුරුද්දක් අවශ්‍ය වේ.
2. ගා ගත් පොල් නැති නම් ඒ වෙනුවට ඩෙසිකේටඩ් කොකනට් ද භාවිතා කළ හැක.
3. රොටිය වඩවා ගැනීමේදී තෙල් ඉතා ස්වල්පයක් එක් කර ගැනීමෙන් රොටි කර වීම වැලකේ. නිමාවද පියකරු වේ.
4. කට්ට සම්බෝලය සෑදීමට ගන්නා ද්‍රව්‍ය රොටි මිශ්‍රණයටම එකතු කර අනා කට්ට සම්බල් රොටි සාදා ගත හැක. එවිට එහි ඇති ලොකු ලූණූ බැදී හොඳ රසක් ලැබේ.
5. වෙනත් වෑංජන් කතන්දර ද ඇත.

(image: http://www.agr.state.il.us/programs/bees/pages/bee_with_flower.htm & http://www.kateathome.com/love-birds/)

Saturday, 16 March 2013

තායි කෑම රස බැලුවෙමි - Delicacies from Thailand


කාලෙකට පස්සේ තායි කෑම ජාති කීපයක රස බලන්න පුළුවන් වුණා.

මේකයි කේස් එක.

අපේ අසල්වැසි අංකල් කෙනෙකුගෙයි ඒ ඇන්ටිගෙයි වෙඩින් ඇනිවසරි එක ගිය සුමානේ තිබිලා තියෙන්නේ. අපි දැන ගෙන හිටියේ නෑ, අංකල්ලා ගේ දුව කියනකම්ම.

ඉතිං ඒ හේතුව පිට දාලා අද සෙනසුරාදා හෝටලයකට ගිහින් කෑම ගනිමු කියලා යෝජනාවක් ආවා.

හාමිනේයි, මායි දෙන්නත් එක පයින් කැමති වුණා වැඩේට. මොකද, උයන්න ඕනැත් නෑනේ!

ඉතිං අපි පිරිසම ගියේ තායි කෑම තියෙන හෝටලේකටයි.

මංතුමා නම් වැඩිපුර මේ තායි කෑම කන්න කැමති නෑ. මොකද අර පස්තාච්චි කුපාඩි කාලේ තායිලන්තේදී ඔරිජිනල් තායි කෑම කාලා තියෙන කෙනෙකුට, මේ හෝටල්වල තියෙන තායි කෑම ටිකක් වෙනස් බවකුයි දැනෙන්නේ.

අද නං හැබැයි කෑම වේල නැගලා ගියා.

මෙන්න අපි කාපු ඒවා.

1. තායි ජැස්මින් බත්


2. තායි ග්‍රීන් කරි (ටෝෆු)


3. චිකන් විත් කැෂු නට්ස් ස්ටර් ෆ්‍රයිඩ්


4. පඩ් තායි (නූඩ්ල්ස්)


5. බීෆ් සැලඩ්


මේ කෑම කන අතරේ හාමිනේ මතක් කළා එයා අර පොඩි චීනේ ගිහින් කාපු කෑම ජාතිවල රස ගුණ ගැන.

මට නම් මතක් වුනේ ඒ වගේ හාමිනේ රට ගිය දවසක දවසක මට රත්නායක මහත්තයාලා ගේ ගෙදරින් ලැබුණු කෑම ජාති ගැනයි.

තායි කැම නං රහයි. ලඟදීම දවසක හදලා බලන්න ඕනෑ. ඊට පස්සේ හදන විදිය ගැන ලියන්නම් කෝ.

එතකං හොඳ ළමයි වගේ කෙල ගිලින්නේ නැතුව මෙන්න මේ කෑම ජාතිවලින් එකක් දෙකක් හදාගෙන කන්න.

1. පරිප්පු
2. බීෆ් කතන්දර ස්ටයිල්
3. බීන්ස් විත් පීනට්ස්
4. බොම්බිලි කරෝල

-කතන්දරකාරයා

ප/ලි:
මෙය සන්ඩේ ඉස්පැෂල් ඇක්ස්ට්‍රාවකි.

(image: http://www.tigerwoods.com/news/article/2010100715480762/news)

Saturday, 9 March 2013

හිසරදයට SEX හොඳ බෙහෙතක් බව සොයා ගැනේ - Sex therapy for migrane


කාන්තා දිනය වෙනුවෙන් ය කියලා පෙරේදා ලියන්නා ලියා තිබූ "දෙයියෝ සාක්කි" කතන්දරේ කියෙව්වද?

ඒ කතන්දරේ කතානායිකාව සිය සැමියා සමග මේ කියන දිනයේ උදේත් සවසත් එක දවසක දෙපාරක්ම sex කරනවා.

මේ කතන්දරයට ප්‍රතිචාරයක් දාපු තිසර මෙන්න මෙහෙම කියලා තිබුණා.

"දවසට දෙපාරක් ඔච්චර කැමැත්තෙන් වැඩේට පැනලා එන්නේ පිරිමියෙක් ගෑනියෙක් වෙච්ච දවසට තමයි ඉතිං... නැත්තං 'අනේ අද ඔලුවේ කැක්කුමයි', 'මහන්සියි', 'අද හොඳ නෑ'... අර ෆේමස් ලිස්ට් එකක් තියෙන්නෙ ඔය ගැන.."

ඔය කියන ජාතියේ ලිස්ට් එකකට මෙන්න පාර.
http://www.realbuzz.com/articles/top-5-excuses-for-not-having-sex-au-en/

මට ඒ තිසරගේ ප්‍රතිචාරය මතක් වුනේ ඊයේ කියෝපු පත්තර කඩමාල්ලක තිබුණු නිවුස් අයිටම් එකක් දැක්කාමයි.

මෙන්න පත්තර කෑල්ල.



මෙන්න වැඩි විස්තර සහිත වෙබ් පිටුවක්.
http://www.livescience.com/27642-sex-relieves-migraine-pain.html

මේ නිවුස් අයිටම් එකේ තියෙන විදියට "මට අද ඔළුවේ කැක්කුමයි අනේ!" කියන එක තවදුරටත් නිදහසට කාරණයක් නොවෙන්න ඉඩ තියෙනවා.

මිග්‍රේන් කියන දරුණු හිසරදය තියෙන අයගෙන් සැලකිය යුතු කොටසකට sex මගින් ඒ වේදනාව නැතිකර ගන්න පුළුවනි ලු.

මේ විස්තරය තියෙනවාය කියන්නේ මේ මාර්තුවේ ජර්නලයක පලවුණු පර්යේෂණ පත්‍රිකාවකයි.

හිසරදයට අළුත්ම ප්‍රතිකාරය sex කරන එක වෙයිද?

මේ පර්යේෂණය කළ ජර්මනියේ මන්ස්ටර් විශ්ව විද්‍යාලයේ ස්ටෙෆාන් එවර්ස්ගෙන් ම අහලා බලන්න ඕනෑ ඒ කතාව ඇත්තක් වේවිද කියලා!

-කතන්දරකාරයා

ප/ලි"
අද සන්ඩේ ස්පෙෂල් ඇක්ස්ට්‍රාවෙන් කාළෙකට පස්සේ මේ ආකාරයට කතන්දර දැනුම් සාගරයෙන් බිඳක් ගෙන ඒමට ලැබීම ඉතා සතුටකි.


(image: http://www.diyhealth.com/sex-headaches.html)

Sunday, 3 March 2013

මේක සුනිල් ආරියරත්න නන්දා මාලනී ට ලියපු සින්දුවක් ද? - Is this a song about Anuradhapura or about an aging woman?


අහලා තියෙනවද අර එක එක වයසේ ගෑල්ළමයින්ව ලෝකයේ මහාද්වීප එක්ක සසඳන කතන්දරේ?

නොදන්න අයට මෙන්න ඒක.
Women Vs the Continents

Between the ages of 16 and 18, she is like Africa, virgin and unexplored.

Between the ages of 19 and 35, she is like Asia, hot and exotic.

Between the ages of 36 and 45, she is like America, fully explored, breathtakingly beautiful, and free with her resources.

Between the ages of 46 and 56 she is like Europe, exhausted but still has points of interest.

After 56, she is like Australia, everybody knows its down there but who gives a damn.

මෙන්න අද කතන්දරේ.

අපේ ළමා සමාජයේ කොන්සර්ට් එකට මොනවාගේ අංගයක් ද ඉදිරිපත් කරන්නේ කියලා තීරණය කරන්න පොඩි සාකච්ඡාවක් තිබුණා. මේ පාර කොන්සර්ට් එකේ තේමාව ඉතිහාසය නිසා එක එක පන්තිවලින් ඉතිහාසයේ විවිධ වකවානු ගැන සඳහන් වෙන අයිටම් කෙරුණොත් හොඳයි කියන එක තමයි පොදු අදහස වුනේ.

අපේ පන්තියට බාරවුනේ අනුරාධපුරය ගැන සම්තින් කරන්නයි.

"අපි අනුරාධපුරේ ගැන හොඳ සින්දුවකට ඩාන්ස් එකක් කරමු!" එක යෝජනාවක් ආවා.

"එහෙම නම් හොඳයි අමරදේව ගේ ස්වර්ණමාලියේ සින්දුව?" මංතුමා කිව්වා. "ඒක රුවන්වැලි සෑය හදන එකට සම්බන්ධයි."

"හැබැයි ඒක ස්ලෝ වැඩියි නේද ඩාන්ස් අයිටම් එකකට?" ඒ තව අදහසක්.

"මං කියන්නම් හොඳ සින්දුවක්. අර අබේවර්ධන බාලසූරිය කියන අනුරාධපුරය ඔබයි නරකද? ඒකේ තාලෙත් නැගලා යන එකක්!" තවත් යාළුවෙක් යෝජනා කළා.

"ඒකේ තාලෙනං හොඳයි, ඒත් මට හිතෙන්නේ නම් ඒ සින්දුවෙන් කියවෙන්නේ අනුරාධපුරය ගැන නෙමෙයි වයසට යන ගෑණු කෙනෙක් ගැනයි!" මං කිව්වා.

පස්සේ මං හොයලා බැලින්නම් මේ සින්දුව ලියලා තියෙන්නේ සුනිල් ආරියරත්න. සංගීතය අපේ විට්ටර් අංකල්.

මේක සුනිල් ආරියරත්න ඒ දවස්වල ලියලා තියෙන්නේ නන්දා මාලනී ගැන ද කියලා මට හිතුනේ සින්දුවේ වචන සැට් එක ස්ටඩි කරලා බලන කොටයි.

අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ
අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ

වල් බිහිවන්නට නාරිනු මැන කෙත්යාය නිල දිලෙනා
සිඳ බිඳලන්නට නාරිනු මැන තුඟුවාපි රැළි නැගෙනා

අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ
අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ

යටගිය ඉසුරයි අහස සිඹින මහ තූප මන බඳනා
පොපියන දෙනෙතයි හෙට දවසට මිණි පාන නෙත ගැටෙනා

අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ
අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ


මෙන්න යු ටියුබ් ක්ලිප් එක.



මේ තවත් සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරයකි.

-කතන්දරකාරයා


(image: http://srilanka.for91days.com/2012/03/12/echoes-of-the-past-anuradhapuras-ruins/)

Saturday, 23 February 2013

නිරුවත හෙලිවීම (මෙය හිකිස් හිකිස් කේස් එකක් ගැන නොවේ) - Nakedness Exposed!


අප සැම උපන්නේ නිරුවතිනි.

එහෙත් දැන් අපි රෙදි ඇඳ පැලඳ සිටිමු.

මොන රෙද්දෙන්, වස්ත්‍රයෙන් ගත වසා ගත්තද ඇතුලේ තිබෙන්නේ නිරුවත ය.

නිරුවත යනු යථාර්තයයි. නිරුවත හෙලිවීම යනුවෙන් අදහස් කෙරෙන්නේ යථාර්තය හෙලිදරව් වීමයි. හක්කේ දල්වා ගෙන ඇති බුදු රැස් නිවී බොක්කේ ඇති දඩමස් පෙනෙන්නට වීමයි.

මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාව ලියන්නේ එවැනි නිරුවත හෙලිවීමක් පාදක කරගෙන ලියවුණු කවියක් ඔබට ඉදිරිපත් කිරීමටයි.

* * *

කලකට ඉහත එක්තරා සමයෙක ජාතිවාදී සංසිද්ධියක් ඇතිවී එදා මා ජීවත් වූ උප සංස්කෘතිය හෙල්ලුම් කෑවේය.

ජාතිවාදීන් ජාතිවාදී කටයුතුවල නිරතවීම පුදුමයක් නොවේ. එය උන් ට පැවරුණු කාර්යයයි. එහෙත් මෙහිදී කැපී පෙණුනු එක් දෙයක් වූයේ වෙනදා සහෝදරත්වය, මානුෂිකත්වය ගැන කයිවාරු ගසමින් සිටි ඇතමුන් ගේ ක්‍රියාකලාපයයි. කතාබහයි. තවත් සමහරුන් ගේ නිහැඬියාවයි.

මේ මා එදා ලියූ කවියයි. ඉතා කෙටි එකකි.

ජාතිවාදයේ බිරුසන් හඬ මැද
සමාජවාදය සැඟවී ගිය සඳ
සහෝදරත්වයෙ සළුපට ගිලිහුණි
අමානුෂිකත්වයෙ නිරුවත හෙළිවුණි!


එදා පමණක් නොව වඳ කෙසෙල් ගස් තර්ක මොටයි දමනා අද ද මගේ කවිය මට එදා අරුතම ගෙන දෙයි.

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න මා ලියූ (2009) තවත් කවි පන්තියකට සබැඳියක්. එහි මාතෘකාව "නූතන ජනකවි".

http://kathandara.blogspot.com/2011/05/modern-folk-poems-to-read-even-if-you.html



(image: http://www.123rf.com/)

Sunday, 17 February 2013

සින්දු ෆැක්ටරියක් දාන්න ක්‍රමයක් - Factory produced songs!!!


මෙන්න මේකයි කේස් එක.

මං ලියපු කවි කෑලි විස්සක් විසි පහක් "එන්ඩෝ, මේ කවි කෑලි සින්දුව වලට ගන්ඩෝ" කියලා බ්ලොග් එකක දැම්මා දැන් අවුරුදු කීපෙකට කලින් 2005 දී. (ඔව් ඒ කියන්නේ ඒක ප්‍රාග් ඓතිහාසික කාලේ බ්ලොග් එකක්, හැබැයි ඒ දවස්වල නෝ යුනිකෝඩ් නිසා රූප විදියටයි පළ කෙරුවේ!)

ඕවා දාලා ටික කාලෙකින් ඉල්ලීම් එන්ණ පටන් ගත්තා ලෝකේ දස දෙසින් සූ ගාලා.

එයින් එක පදමාලාවක් වෙන "ඉස්සර දවසක - ලස්සන හවසක" වචන වලින් ඇරඹෙන හන්තානේ පෙම් ගීතයටත් ආවා "අනේ මේ කවිය මට සින්දුවකට ගන්න දෙන්ඩෝ" කියලා ඉල්ලීමක්. එසේ මෙසේ තැනකින් නොවෙයි ආයිබෝං, ඇමරිකාවෙන්, ඇමරිකාවෙන්.

නමුත් ඉතිං ඒ කවිය සින්දුවක් වෙලා අපිට ඇහෙන්න තවත් සෑහෙන කාලයක් ගියා.

මෙන්න ඒ සින්දුව ගැන කතන්දරේ.

ඇම්.පී.ත්‍රී. සහිත හන්තානේ ලව් සෝන්ග් එක: http://kathandara.blogspot.com/2010/09/blog-post_13.html

ඔය අතරතුරේ ඉතාලියේ ඉන්න වෙන්ඩ ගායකයෙකුගෙනුත් මට මේ කවියම දෙන්න කියලා ඉල්ලීමක් ආවා.

එක සින්දුව දෙන්නෙකුට දෙන්න බෑනේ. මං උන්නැහේට ඒ අදහසම, ඒ තාලෙම තියෙන වෙනම එකක් ලියලා දුන්නා.

මෙන්න ඒ දෙවෙනි සින්දුව ගැන කතන්දරේ.

එක අදහසක්, කවි දෙකක් සහ සින්දු දෙකක්: http://kathandara.blogspot.com/2012/04/one-seed-and-two-fruits.html

ඔය වගේම තවත් කේස් එකක් වුණා මේ ලඟදී.

සමන් ජයනාත් ජිනදාස සහ ධම්මිකා දේවසුරේන්ද්‍ර ගායනා කරන මේ සින්දුව මතකද?

වරම් නැත මට ඇඟිලි තුඩඟින් සුමුදු කම්මුල් පිරිමදින්නට: http://kathandara.blogspot.com/2012/12/saman-jayanath-jinadasas-latest-song.html

තවත් දුරු රටක ඉන්න සංගීතඥ ගායකයෙකුත් අර මුලින් ගී පදමාලාවටම ටියුන් දාලා, මියුසික් දාලා සින්දුවක් හදලා!

ඉතිං මොකද කරන්නේ? එක පදමාලාව දෙන්නෙකුට දෙන්න බෑනේ. හැබැයි දැන් මේ දුරු රට සංගීතඥ ගායකයා හොඳ ටියුන් එකක් දාලා මියුසික් කරළා නිසා ඒවා අහක දාන්නත් බෑ!

මං වහාම ඒ වගේ අදහසක්ම, ඒ තාලෙම තියෙන තවත් පදමාලාවක් ලිව්වා. එතකොට අර හදලා තියෙන මියුසික් එකටම කියන්න පුළුවනිනේ. ඔය විකල්ප පදමාලාව ලියන්න වචන එහෙට මෙහෙට කපන කොටන කොට අන්තිමේදී එක විකල්ප පදමාලාවක් නොවෙයි විකල්ප පදමාලා දෙකක්ම ලියවුණා!

මෙන්න ඒවා.

පලමු විකල්පයදෙවන විකල්පය
1.
වරම් දෙනු මැන ඔබේ තුරුලේ
සදාකල් මා හට රැඳෙන්නට
වරම් දෙනු මැන ඔබේ නාමෙන්
සදාකල් මට ගී ගයන්නට

A.
වරම් දෙනු මැන මගේ දෙතොලින්
සුමුදු ඔබ වත මල සිඹින්නට
වරම් දෙනු මැන මගේ සුරතින්
සුමුදු කෙහෙරැලි පිරි මදින්නට

2.
සිතේ බැඳි සෙනෙහසේ මැදුරේ
ඇතේ නටඹුන් විසිරිලා
අසම්මත පෙම බැඳුනු දෙසිතේ
වසන්තය අද ගොළුවෙලා

B.
සදා මේ ලොව එක්ව ඉන්නට
බැඳුණු පැතුමන් සුන්වෙලා
අසම්මත පෙම හදේ සිරකර
ඉඳිමු දෙලොවක තනිවෙලා


3.
හිරු නැතේ අද සඳු නැතේ අද
මගේ ලොව අඳුරුයි පි‍්‍රයේ
ගිලන් හදවත කොනක සෙනෙහස    
ඔබ නමින් සැමදා තියේ


C.
හිරු නොමැති ලොව සඳු නොමැති ලොව    
අපේ ලොව අඳුරුයි පි‍්‍රයේ
සතුට මදහස මිහිර සිසිලස
සිහිනයකි සැබවක් නොවේ


ඒ පදමාලා දෙක ලියලා ඉවර වුණාම තමයි මට තේරුණේ මේ පදමාලා දෙකෙන් ඕන්නම් සින්දු දෙක ගානේ කියන්න ක්‍රම හතරක් තියෙනවා නේද කියලා. ඒ කියන්නේ ඕනි නම් සින්දු අටක් හදන්න පුළුවනි මේ කවි පන්ති දෙකෙන්.

මැත්ස් ඕනෑවට වඩා දන්න කෙනෙකුට හිතෙන්න පුළුවනි සින්දු අටක් නොවෙයි ඕන්නම් හැට හතරක් වුනත් හදන්න පුළුවනි නේද කියලා.

නමුත් ඒ කොහොම වුනත් කියන්න පුළුවන් සින්දු දෙකයි! එක සින්දුවක එන පදයක් තවත් එකක එහෙමම ආවොත් හරි නෑනේ.

දුරු රට ඉන්න ගායකයා සින්දුව කිව්වට පස්සේ දාන්නම් ඇම්.පී.ත්‍රී. එකක්.

-කතන්දරකාරයා

ප/ලි:
මෙය සන්ඩේ ඉස්පැෂල් ඇක්ට්‍රාවකි.


(image: http://i88.photobucket.com/albums/k178/ulver_2006/2qcfd54.jpg)

Saturday, 9 February 2013

කවියක් සින්දුවක් කරන හැටි - A new song by Hemal Jayawickrama


සින්දු කවි කරන හැටි නම් අපේ කෂ්ටියට අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නෑ නේ! බොහෝ විට දිනපතා ම, සතිපතා ම හෝ මාස්පතා ම කරලා සෑහෙන්න එක්ස්පීරීයන්ස් තියෙනවා මට නම්.

අද මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරය කවියක් සින්දුවක් කරන විදිය ගැනයි. පාඩම් පොතක විදියට පියවරෙන් පියවර නෙමෙයි, එකෝම එක උදාහරණයකින්.

මෙන්න අහවලා ලියපු කවියක්.

දුරු රට පෙම්වතිය

නැගී දිලේවා සඳ අම්බරයේ
පිපී සැලේවා තරු මන්දාකිණියේ
නිමා නොවේවා මේ සුන්දර සිහිනේ
සදා ඔබෙයි මා පින්බර ළඳුනේ

වෙලිලා සීතල සුළඟේ
නැගිලා සුදු වළා රොදේ
පාවී එන්නම් මෙලෙසේ
පෙම් ගීයක පද විලසේ

යොදුන් ගනන් දුර දෙරණේ
තනි කමක් දැනේදෝ
සැබෑ ලොවේ නොව සිහිනේ
ඔබ මගේ නොවේදෝ


ඕක මං හිතන්නේ දැන් අවුරුදු ගණනාවකට කලින් ලියවුණු එකක්.

කවිය ඔහොම තිබුණට සින්දුවක් වෙන්නේ නෑ. ඒකට මුලින්ම තනුවක් ඕනෑ.

ඔන්න තනුව දැම්මා හේමාල් ජයවික්‍රම.

නමුත් තනුවට ගැලපෙන්න නම් කවිය එහෙන් මෙහෙන් කෑලි කපලා, කෑලි අල්ලලා, අළුත් පද දාලා වෑල්ඩිං කරලා ගන්න වුණා.

කෝරස් කෑල්ලේ දෙවෙනි සහ තුන්වන පදවල මාත්‍රාවක් වැඩියි. කපලා දැම්මා කීස් ගාලා.

නැගී දිලේවා සඳ අම්බරයේ
පිපී දිලේ තරු මන්දාකිණියේ
නිමා නොවේවා සුන්දර සිහිනේ
සදා ඔබෙයි මා පින්බර ළඳුනේ


කෝරස් කිව්වාට ඒ කෑල්ලෙන් "සදා ඔබෙයි මා පෙම්බර ලඳුනේ" කොටස විතරයි කෝරස් වෙන්නේ.

මුල් වර්ස් එකේ දෙවෙනි පදේ දිග මදි හේමාල් ගේ තනුවට. ඉතිං හේමාල් වචනයක් වාත්තු කළා එතනට. ඒ මදිවට වර්ස් සෙට් දෙකට තව පදය ගානෙත් දැම්මා.

වෙලීල සීතල සුළඟේ
නැගීල සුදු මුදු වළා රොදේ
වෙලීල සීතල සුළඟේ
නැගීල සුදු මුදු වළා රොදේ
පෙරාල ගී රස සවනේ
පාවී එන්නම් මෙලෙසේ
පෙම් ගීයක පදවැල් විලසේ


සෑහෙන කාලයක් ගියා ඔය ඔපරේෂොන් එක ඉවර වෙන්න.

සංගීතය දැම්මා අශෝක් සිටිනාමලුව.

මෙන්න අවසාන ප්‍රතිපලය. මේ ක්ලිප් එක හැදුවේ ගායකයාමයි. මං නං කැමති ඇස් දෙක වහගෙන මේ සින්දුව රස විඳින්නයි!



මේ ටිකත් ලියන්න ඕනෑ. මං මේ බ්ලොග් එක කරන්නේ විනෝදාංශයක් විදියටයි. එහෙම නැතුව සම්භාව්‍ය නිර්මාණ කරලා කම්මැල්ලවීරට හරි අමරකීර්තිට හරි සටනක් දෙන්න නොවෙයි.

ඒ වගේම මේ සින්දු හදන, කියන, මියුසික් කරන අයත් මේවා කරන්නේ විනෝදාංශයක් විදියට. නැතුව අමරසිරී පීරිස්ට, රෝහණ විරසිංහට සටනක් දෙන්න නොවෙයි.

තවත් එකක් කියන්න ඕනෑ. මං ලියන ඒවායින් මට විනෝදයක් ලැබෙනවා වගේම කියවන අයටත් විනෝදයක් ලැබෙනවා නම් ඒක බෝනස් එකක්. හැබැයි ලියන එකාට ලැබෙන විනෝදය නැති වුණ දවසට ලිවීම නතර වෙනවා ඇති.

-කතන්දරකාරයා

ප/ලි:
කරුණාකර මේ කවිය ගැන හෝ ගීතය ගැන හෝ පොදුවේ ගීත සාහිත්‍යය ගැන පමණක් ප්‍රතිචාර දක්වන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලමි.

(image: from google - exact source unknown)

Sunday, 3 February 2013

සමලිංගික පරබල්ලා! - Homosexual Pariah dog


මේ ලියන්න යන්නේ කාට හෝ කරන බැනුමක් ගැන නම් නොවේ.

හොඳ සුද්ද සිංහලෙන් බණින විදිය ගැන ලියවුණු කතන්දරයක් බලන්න ඕනෑ නම් මෙන්න පාර.
http://kathandara.blogspot.com/2012/04/few-rarely-heard-sinhala-words.html

මේක බල්ලෙක් ගැන කතාවක්!

නිකං බල්ලෙක් ගැන කතාවක් නොවෙයි, ඇමරිකාවේ ඉන්න බල්ලෙක් ගැන කතාවක්!!

නිකං ම නිකං ඇමරිකාවේ ඉන්න බල්ලෙක් ගැන නොවෙයි, ඇමරිකාවේ ඉන්න සමලිංගික බල්ලෙක් ගැන කතාවක්!!!

මූ ඇමරිකාවේ හිටියට හොඳ බුල්ඩෝග් ක්‍රොස් බල්ලෙක්. කාලයක් තමන්ගේ අයිතිකාරයා ලඟ හොඳින් හිටියත් එක දවසක් මූ වෙනත් බල්ලෙක් ලඟ උරහිස් හකුලාගෙන නැට්ට පස්ස පැත්තේ ගහගෙන නිකං බාල්දු වෙච්ච විලාසයක් පෙනිලා තියෙනවා අයිතිකාරයාට.

අයිතිකාරයා හිතලා තියෙන්නේ මේ බල්ලා තවත් බල්ළෙක් ලඟ පීචං විදියට හැසීරීම සමලිංගික ලක්‍ෂණයක් කියලායි. ඉතිං ඊට පස්සේ ඌ මේ බල්ලාව අත දැරලා දාලා.

අන්තිමේදී මරණයට ගොදුරු වෙන්න නියමිතව හිටි මේ බල්ලාට දැන් අළුත් අයිතිකාරියක් ලැබිලා. ඒ විතරක් නොවෙයි, එල්ටන් කියලා අළුත් නමකුත් ලැබිලා.

මෙන්න මේ කේස් එක ගැන මං කියවපු පත්තර කෑල්ල.

වැඩි දුර විස්තර මෙතනින්.
http://www.dailymail.co.uk/news/article-2271192/Dog-sentenced-death-gay-saved-minute--new-owner-calls-Elton.html

එල්ටන් ගේ මුල් අයිතිකාරයාට වැරදුණු තැන තමයි, බල්ලෙක් තව බල්ලෙක් ලඟ අසරණව හැසිරුණා කියන එක සමලිංගික ලක්‍ෂණයක් ය කියලා හිතීම.

ඕනෑ බල්ලෙක් දන්නවා ඒක ඇත්තටම බය පක්‍ෂපාතබව පෙන්නීමේ ලක්‍ෂණයක් බව.

හැබැයි සමලිංගික බල්ලොත් නැතුවම නොවෙයි.

බල්ලෝ විතරක් නොවෙයි ෆ්ලෙමින්ගෝස්ලා, බයිසන්ලා, බීට්ල්ස්ලා වගේ සත්ව වර්ග 450 ක් අතර සමලිංගික හැසිරීම් තියෙන බවයි ජීව විද්‍යාඥයෝ කියන්නේ.

ඇලස්කාවේ ඇල්බට්‍රොස් කියන පක්‍ෂී ජෝඩු අතරින් තුනෙන් එකක්ම ලෙස්බියන් ජෝඩු බව 2010 සමීක්‍ෂණයකින් හොයා ගත්තා ලු. සත්ව උද්‍යානවල ඉන්න පෙන්ගුයින්ලාගෙන් 20% ක් ම සමලිංගිකයි ලු!

හොමෝ-සෙපියන්ස් ලා අතර මේ තත්වය කොහොමද මන්දා?

මේ කතන්දරත් බලන්න.

1. අපේ අයියලා ගේ ලෙස්බියන් භීතිකාව:
http://kathandara.blogspot.com/2011/11/whats-wrong-with-being-gay-or-lesbian.html

2. සමලිංගිකතාව ස්වාභාවික ප්‍රවණතාවයකි – ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන
http://kathandara.blogspot.com/2011/08/homosexuality-is-natural-tendency-dr.html

3. බැන්කි මූන් ගේ බටහිර අධිරාජ්‍යවාදී ගේ-ලෙස්බියන් සමරිසි කුමන්ත්‍රණය - කතන්දකාරයා ගේ සමාජමාමක හෙලිදරව්වකි
http://kathandara.blogspot.com/2012/02/ban-ki-moons-gay-lesbian-conspiracy.html

-කතන්දරකාරයා

ප/ලි:
මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවකි!

(image: by KK)

Saturday, 26 January 2013

ගැලිය, එලියකන්ද සහ සත්ව හිංසනය - A shocking video


පොඩි කාලේ අපේ ගෙවල්වල බල්ලෝ, පූසෝ හිටියා, හැබැයි ඒ එක සතෙක්වත් දම්වැල්, ලණුවලින් බැඳලා, කූඩුවල දාලා හිටියේ නෑ. උන් ඔහේ නිදහසේ හිටියා. බල්ලෝ ගෙයින් පිට. පූසෝනම් ඇතුලෙත් පිටත් දෙකේම.

මං පූසෝ, බල්ලෝ වගේ සත්තුන්ට අකමැත්තක් නෑ. ඒ මොනවා වුනත් ඒ දවස්වල ම මං හිතාගත්තු දෙයක් තමයි කවදාවත් මගේ ගෙදරක සත්තු ඇති කරන්නේ නෑ කියන එක.

තාමත් අපේ ගෙදර සත්තු නෑ. රෝස බබාවත්, පුතු පැටියාවත් බලු පැටව්, පූස් පැටව් ඉල්ලලා කරදර කළෙත් නෑ කවදාවත්.

මං හිතන්නේ සතෙකුව බැඳගෙන, හිරකරගෙන ඉන්න එක මහාම අපරාධයක්.

මේ වීඩියෝ එක බලන්න. හරිම දුකක් මේ අලි පැටියා විඳින්නේ.



එක අතකට, එලියකන්ද, බටලන්ද තිබුණු මේ රටේ මේවත් වැඩද?

ඉස්සර කාලේ කියෝපු පරිවර්තන පොත්වල තිබුණු "ගැලිය" කියන හිර ගෙවල් මට සිහිවුණා. අර හිරකාරයින්ව දම්වැල්වලින් බැඳලා තියෙන්නේ!

මේ වීඩියෝව සහිත ලිපියක් BOONDI "Live" ඊ-මේල් ලයිස්තුවට එවීම ගැන රජිනි ජයසිංහට මගේ ස්තුතිය.

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න රාජිනි ජයසිංහ ගෙන් ලැබුණු ඊ-මේලය.

---------- Forwarded message ----------
From: rajini jayasinghe
Date: 2013/1/26
Subject: [BOONDI " L i v e "] මිනිසුනේ ගංගාරාමයේ ගංගාට පිහිටවෙනු Please share this email
To: boondi-live@googlegroups.com

මිනිසුනේ ගංගාරාමයේ ගංගාට පිහිටවෙනු

අලියා යනු බුද්ධිමත් නිදහස ප්‍රිය කරන සංවේදී සතෙකි. රඳවාගෙන සිටින අලියෙකුට වූවද එහා මෙහා යාමට තරමක විශාල ඉඩකඩක් අවශ්‍ය ය. නමුත් කොළඹ ගංගාරාම විහාරයේ සිටින ගංගා නමැති අලි පැටියාගේ ගේ ඉදිරි සහ පසු පාද යදමින් බැඳ චලනය වීමට අසීරු වන අන්දමට රඳවාගෙන තිබේ. කරුණාකර සිතන්න ඔබව පැය 24 ම යදමින් බැඳ චලනය වීම අඩි දෙක තුනක් පමණක් සිමා කරහොත් ඔබට කොතරම් වේදනාවක් දැනේද? එම වේදනාව ගංගා දිනපතා අත් දකියි. මෙම අලි පැටියා නිදාගන්නේ තමන්ගේම අසුචි මතය. මේ සත්වයාට නිසි පෝෂණයක් ලැබෙන්නේද නැත. තමන්ව මරා දැමීමට පැමිණි නාලාගිරි ඇතාට පවා මෙත පැතිරූ මහා කාරුණික බුදුන්වහන්සේ ගේ නාමයෙන් කැප කොට තිබෙන බොදුනු පන්සලක මෙවැනි සත්ව හිංසාවක් සිදුවීම අපට පිළිගත හැකිද?

කරුණාකර මේ වීඩිඕව බලන්න http://www.youtube.com/watch?v=xdw98qGC6-M ගංගා ගේ වේදනාවට සංවේදී වන හදවතක් ඔබට තිබේ නම් ගංගා නමැති අලි පැටියාට මේ සිදු කරන හිංසනය නවතන ලෙසටත් මෙම සත්වයාට අවම වශයෙන් නිදහස් චලනයටවත් අවකාශයක් ලබා දෙන ලෙස ඉල්ලා ලිපියක් හෝ තැපැල්පතක් මෙම ලිපිනයට යවන්න.

විහාරාධිපති
ගංගාරාම විහාරය
කොළඹ


(image: http://www.rottentomatoes.com/quiz/nightriders-how-well-do-you-know-the-simpsons-quiz-1/)

Sunday, 20 January 2013

නේද? නේද? Questions, questions!


මේ ඊයේ පෙරේදා දවසක ටෙලිවිෂන් නිවුස් අයිටම් එකකට දාපු ක්ලිප් එකක මංතුමා ළාවට ඉඳලා තියෙනවා තත්පර දෙකකට විතර. තනියම නෙමෙයි තවත් පිරිසක් මැද්දේ.

නමුත් ඉතිං කතන්දරකාරයා කියන්නේ කැපිල පෙනෙන හාදයා නේ. ඒ මදිවට මේ නිවුස් අයිටම් එක දෙතුන් පාරක්ම නිවුස්ෆ්ලෑෂ්වලට පෙන්නලා තියෙනවා.

ඉතිං මාව දැක්කා ටිවී එකේ ලියලා මං දන්න අඳුණන අයගෙන් කෝල්ස් එන්න පටන් ගත්තා පට්, පට් ගාලා.

ඔය ගැන කියන කොටම මතක් වුනේ ඔන්න එක දවසක් මං යාළුවෙකු ගේ ගෙදර පාටි එකකට ගිහින් ඉන්න වෙලාවේ, මං තරමක් අඳුණන ගෑල්ළමයෙක් මාව දැකලා "නේද? නේද?" කියන්න පටන් ගත්තා.

මං මුලින්ම හිතුවේ එයා "ඥාව්, ඥාව්" කියනවා කියලයි.

පස්සේ තමයි තේරුනේ සීන් කෝන් එක.

මගේ කවියක් පත්තරේක පලවෙලා.

මෙන්න ඒ කවිය අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාව විදියට!

නේද?

ඔබ සිසිල් සුළඟකිය රුදුරු ගිම්හානයේ
සිසිල් සුව විඳගන්න
මදක් මට ඉඩ දෙන්න
මා නිසා ඔබ සිසිල වියැකේද?
නැහැ නේද?

ඔබ සුනිල් කෙම්බිමය වියලි කාන්තාරයේ
සුවෙන් සැතපී ඉන්න
මදක් මට ඉඩ දෙන්න
මා නිසා ඔබ සෙවන අඩු වේද?
නැහැ නේද?

ඔබ නිමල් සඳ වතය පාළු ආකාසයේ
හද අඳුර දුරලන්න
මදක් මට ඉඩ දෙන්න
මා නිසා සඳ එලිය රළු වේද?
නැහැ නේද?

ඔබේ ලොව මගේ ලොව එකක් නොව දෙලොවක්ය
එපා ඔබ දුක් වෙන්න
එපා මට දුක් දෙන්න
අද මෙන්ම සිනාසෙමු හෙට දිනද
හා! නේද?


-කතන්දරකාරයා

(image: http://venturebeat.com/2012/10/02/why-you-should-never-ever-use-a-question-mark-on-twitter-or-linkedin-infographic/)

Saturday, 12 January 2013

සුනිල් ආරියරත්නටත් වැරදුණු තැනක් : නන්දා මාලනී ගේ අහවල් සින්දුවේ මූලාශ්‍රය කොතැනද? - Pushp ki abhilash


අමරදේව හින්දි චිත්‍රපටියක සින්දුවක් කොපි කරලා හදපු සිංහල ගීතය ගැන මං ලියපු කතන්දරේටම සම්බන්ධ වෙනත් කතන්දරයක් තමයි අද ලියන්න යන්නේ.

ඒ කියපු "පටු අදහස් නම් පවුරෙන්" ගීතයේ පදවැලට අදහස මහගම සේකර අරගෙන තියෙන්නේ බෙංගාලි ජාතික තාගෝර් ගේ කවියකින්. ඒ කියන්නේ මුලු සින්දුවම කොප්පෙනුත් කොප්පක්!

ඉන්දියන් කවිවල අදහස් අරගෙන අපේ ගේය පද රචකයෝ ලියපු එකම සින්දුව ඒක නොවේ.

අමරදේව ම ගයන, මහගම සේකර ම ලියපු අර සන්නාලියනේ කියන සින්දුවේ පදමාලාවට සම්පූර්ණ අදහස ම අරගෙන තියෙන්නේ ඉන්දියන් ජාතික සරෝජිනී නායිඩූ ගේ කවි පන්තියකින් බව අපි බොහෝ දෙනෙක් දන්නවා.

මෙන්න සරෝජිනී ගේ කවිය:

       Indian Weavers

Weavers, weaving at break of day,
Why do you weave a garment so gay? . . .
Blue as the wing of a halcyon wild,
We weave the robes of a new-born child.

Weavers, weaving at fall of night,
Why do you weave a garment so bright? . . .
Like the plumes of a peacock, purple and green,
We weave the marriage-veils of a queen.

Weavers, weaving solemn and still,
What do you weave in the moonlight chill? . . .
White as a feather and white as a cloud,
We weave a dead man's funeral shroud.

මෙන්න මහගම සේකර ගේ ගී පද:

       සන්නාලියනේ, සන්නාලිනේ මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී කාටද ඇඳුම වියන්නේ
මාල ගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

මාල ගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ
ඊයේ ඉපදුනු කුළුදුල් දූටයි මේ පොඩි ඇඳුම වියන්නේ

සන්නාලියනේ, සන්නාලිනේ මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා කාටද ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ
සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ
ඒ කුළුඳුල් දූ දීගෙක දෙන්නයි මංගල ඇඳුම වියන්නේ

සන්නාලියනේ, සන්නාලිනේ සීතල හඳ එලියේ
මැලවුණු මුහුණින් වෙව්ලන ඈතින් කාටද සළුව වියන්නේ
සීතල සලුව වියන්නේ
කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ
කාටද සළුව වියන්නේ

කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ
මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සළුව වියන්නේ

මෙන්න අමරදේව කියන සින්දුවේ යූ ටියුබ් ක්ලිප් එක.



මං එදා "අමරදේවත් කොප්පේ ගැහුවා එහෙනං, ඈ?" කතන්දරේ ප/ලි කොටසේ සඳහන් කරපු දෙවෙනි සින්දුව තමයි නන්දා මාලනී ගයන "උඩඟු ලියන්" කියන ගීතය.

මේ ගීතයේ පද මාලාව ලියලා තියෙන්නේ අර සීගිරි ගලෙත් කවි ලියපු ඩෝල්ටන් අල්විස්.

මෙන්න ඒ පදමාලාව.

       උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ
උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ
උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ

හිස් මිනිසුන් කුස් පුරවන සිත් පිනවන බස් දොඩවන
හිස් මිනිසුන් කුස් පුරවන සිත් පිනවන බස් දොඩවන
බොජුන් මේස මත සුවඳ හලන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ

උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ

රට වෙනුවෙන් සටනට වැද දිවි දුන් රණ විරුවෙකු ගේ අවසන් ගමනට
රට වෙනුවෙන් සටනට වැද දිවි දුන් රණ විරුවෙකු ගේ අවසන් ගමනට
යන මහ ජනතා පා දෑවිල්ලෙන්
යන මහ ජනතා පා දූවිල්ලෙන්
තැලී වෙලී සැනහී මිය යන්නෙම්
මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි

එමගට මා විසි කරන්න



දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඩෝල්ටන් අල්විස් ඒ පදමාලාවට අදහස ගත්තේ කොහෙන්ද කියන එකයි. (පොර ම ලියුවා ය කියන සීගිරි ගලේ සින්දුවට අදහස ගත්තේ කොහෙන්ද කියන එක නම් අපි අහලා තියෙනවානේ.)

සමහරු, කොටින්ම සුනිල් ආරියරත්න පවා, කියනවා මේ සින්දුවේ අදහස තාගෝර් ගේ ම කවියක් ය කියලා. මේ ගැන හොයා බලපු අය කියන්නේ ඒ කරුණ හරි නම්, ඒ කියන්නේ තාගෝර් ලියපු ගීතාංජලි කියන කවි පොතේ එන Flower කියන කවිය වෙන්න ඕනෑ.

මෙන්න ඒකේ ඉංගිරිසි පරිවර්තනය.

       Flower

Pluck this little flower and take it, delay not!
I fear lest it droop and drop into the dust.
I may not find a place in thy garland,
but honour it with a touch of
pain from thy hand and pluck it.
I fear lest the day end before I am aware,
and the time of offering go by.
Though its colour be not deep and its smell be faint,
use this flower in thy service and pluck it while there is time.

පොඩ්ඩක් නෙමේ අදහස ගොඩක්ම වෙනස් නේද?

මෙතන තමයි සුනිල් ආරියරත්න ඇතුළු අපි බොහෝ දෙනෙකුට වැරදුණු තැන.

මගේත් ඇදුරෙක් වෙන මොරගොඩ මලියසේන කවියා පොඩ්ඩක් මේ ගැන අන්තර්ජාල රිසර්ච් එකක් කරලා තියෙනවා. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන ප්‍රසිද්ධ ඉන්දියානු කවි කොනක ඉඳන් කියවලා තියෙනවා.

අන්න ඒ සමීක්‍ෂණයේ ප්‍රතිපලය තමයි මෙන්න මේ කවිය හමුවීම.

       Chah Nahin Mai SurBala Ke Gehnon Mein Guntha Jaaon.
Chah Nahin Premi Mala Mein Bindh, Pyari Ko Lalchaon.
Chah Nahin Samraton Ke Shav Par, He Hari Dala Jaaon.
Chah Nahin Devon Ke Sar Par Chadhon, Bhagya Par Itraoon.

Mujhey Tod Lena Banmali, Us Path Par Tum Dena Phaink,
Matra Bhoomi Per Sheesh Chadhaney, Jis Path Jaayen Veer Anek.

මේ "පුෂ්ප් කි අභිලාෂා" කියන කවිය ලියා ඇත්තේ නොබෙල් සාහිත්‍ය සම්මානය ලබපු තාගෝර් වගේ අපි දන්න කෙනෙක් නොවුනාට ඉන්දියාවේ ප්‍රසිද්ධ මඛන්ලාල් චතුර්වේදී හින්දි කවියායි.

මෙන්න ඒ "පුෂ්ප් කි අභිලාෂා" කවියේ ඉංගිරිසි පරිවර්තනය.

       I don't want to be a part of the necklace of the beautiful girl,
I don't want to woo the lady love,
I don't want to be spread over dead bodies,
I don't want to act snob, after someone offers me to the Gods

Just pluck me Gardner and throw me on the road,
which is taken by the brave soldiers to give away their lives for the Motherland !

පැහැදිලිවම අපිට පේනවා තාගෝර් ගේ කවිය අනුසාරයෙන් නොවෙයි මේ චතුර්වේදී ගේ "පුෂ්ප් කි අභිලාෂා" කවියෙන් තමයි ඩෝල්ටන් අල්විස් "උඬගු ලියන්" සින්දුවට අදහස අරගෙන තියෙන්නේ කියලා.

-කතන්දරකාරයා

(image: http://shamazkhan.wordpress.com/2010/12/19/nuclear-doctrine-of-pakistan-dilemmas-of-small-nuclear-force-in-the-second-atomic-age/)

Sunday, 6 January 2013

අමරදේවත් කොප්පේ ගැහුවා එහෙනං, ඈ? - Maestro Amaradeva copies a Hindi movie song!


කොප්පේ ගහපු සින්දු ගැන මං මීට කලින් කීප වතාවක් ම ලියලා තියෙනවා මතකයි නේද?

1. සුද්දෝ අපෙන් කොපි කරපු සින්දු
(http://kathandara.blogspot.com/2011/08/from-english-to-sinhala.html)

2. විට්ටර් අංකල් ගේ කොප්පේ සින්දුව හෙවත් පෙම්බර "මඩූ"
(http://kathandara.blogspot.com/2011/08/can-video-bring-this-much-anomy.html)

මේ සතියේ මූණූ පොතේ සැරිසරන වෙලේ මට මිතුරෙකු ගේ අප්ඩේට් එකක තිබිලා හම්බ වුණා මේ වගේම අමරදේව අංකල් කොප්පේ ගහපු එකකුත්.

මගේ මිතුරා සංගීතය තරමක් දන්නා කියන නැගී එන ගායකයෙක්. උත්තර භාරතීය සංගීතයටයි වැඩියෙන්ම කැමති. මොහමඩ් රාෆී ද, ගසල් ද, අරව ද මේව ද අහනවා උදේ හවා.

මෙන්න පොර බුකියේ දාලා තිබුණු යූ-ටියුබ් කලිප් එකේ ලින්ක් එක.


දර්ශන දෝ ඝණශ්‍යාම් නාත් කියන මේ සින්දුව කියන්නේ හේමන්ත් කුමාර් කියන ගායකයා මේක 1957 දී තිරගත වුණු හින්දි චිත්‍රපටියක තිබුණු සින්දුවක්.

අහලා තියෙනවා නේද මේ ටියුන් එක?

ඔව් ඒක තමයි අමරදේව (සහ සුනිල් එදිරිසිංහ) ගායනා කරන "පටු අදහස් නම් පවුරෙන්" නමැති සින්දුව.

මෙන්න අමරදේව ලා ගේ රෙන්ඩිෂන් එක.



මුලින්ම මට හිතුනේ "අයියෝ! අමරදේව අංකලුත් කොප්පේ ගහලා තියෙනවා නේද? ඉඳලා වැඩක් නෑ!" කියලයි.

නමුත් පස්සේ කල්පනා කළාම ඒකේ වැඩි අවුලක් නෑ.

මොකද ඔය "පටු අදහස් නම් පවුරෙන්" කියන පදවැලේ අදහසත් මහගම සේකර අරගෙන තියෙන්නේ බෙංගාලි ජාතික කවියෙකු වූ රබීන්ද්‍රනාත් තාගෝර් ගේ කවියකිනුයි.

මෙන්න තාගෝර් ගේ මුල් බෙංගලි කවියේ ඉංගිරිසි පරිවර්තනය.

Where the mind is without fear and the head is held high;
Where knowledge is free;
Where the world has not been broken up into fragments by narrow domestic walls;
Where words come out from the depth of truth;
Where tireless striving stretches its arms towards perfection;
Where the clear stream of reason has not lost its way into the dreary desert sand of dead habit;
Where the mind is led forward by thee into ever-widening thought and action-
Into that heaven of freedom, my Father, let my country awake

මෙන්න මහගම සේකර ගේ අනුවර්තන පදමාලාව.

පටු අදහස් නම් පවුරෙන් ලෝකය කැබැලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙළින් තබාගෙන සිටිනට හැකි කොහිදෝ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්යබයට මාගේ දේශය අවදිකරනු මැන පියාණනේ

සත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතෙන් මරුකතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ සිඳි ගීලී නොගියේ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්යගයට මාගේ දේශය අවදිකරනු මැන පියාණනේ

පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා
සදා දියුණුවන සිතිවිලි උදෙසා කම්කටයුතු උදෙසා
ඉදිරියවෙත ඔබ මා සිත යොමවා ඇත්තෙ කොතැනක දෝ
එහෙව් නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදිකරනු මැන පියාණනේ

හුහ්, අමරෙ ලා, මහගම ලා ට විතරද පුළුවන් හින්දි සින්දු කොපි කරන්න? මාත් පටන් ගන්න ඕනෑ ඔය වැඩේ!

http://kathandara.blogspot.com/2012/06/hindi-movies-and-songs.html

-කතන්දරකාරයා

ප/ලි:
ඩෝල්ටන් අල්විස් ලියපු නන්දා මාලනී ගයන "උඩඟු ලියන්" සින්දුවත්, මහගම සේකර ලියපු අමරදේව ගයන "සන්නාලියනේ" සින්දුවත් දෙකමත් මේ ආකාරයටම ඉන්දියානු කවිවල අදහස අරගෙන ලියපු ඒවා.

"සන්නාලියනේ" සින්දුවේ අදහස ආවේ කොහෙන්ද කියලා නම් හුඟ දෙනෙක් දන්නවා. ඒක සරෝජිනි නායිඩූ ගේ "වීවර්ස්" කියන කවියේ අනුවාදයක්. වීවර්ස් කියන්නේ ඇඳුම් මහන සන්නාලියන්ට නොවෙයි රෙදි වියන අයටය කියන එකත් බොහෝ දෙනෙක් දන්නා කරුණක්.

හැබැයි අර "උඩඟු ලියන්" සින්දුවේ මුල් කවිය ගැන නම් අපි වැඩි දෙනෙක් දන්නේ නෑ.

හුඟ දෙනෙක් හිතන්නේ මේකත් තාගෝර් ගේ කවියක් ඇසුරෙන් ඩෝල්ටන් අල්විස් ලිව්වාය කියලයි. කොටින්ම සුනිල් ආරියරත්න පවා (http://www.silumina.lk/punkalasa/20090830/_art.asp?fn=ar09083011) එහෙමයි හිතන්නේ.

නමුත් ඇත්ත ඊට වඩා වෙනස් බව මගේත් ගුරුවරයෙක් වෙන සංගීතයට ලැදි පුද්ගලයෙක් හොයා ගෙන තියෙනවා.

ඒ විස්තරය ලබන සතියේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවෙන්.

(image: http://roflrazzi.cheezburger.com/totallylookslike)

Sunday, 30 December 2012

ලව් ජූස් සුදු පාටද? - What colour is love juice?


ලව් ජූස් සුදු පාටද? නැත්තම් මොන පාටද?

සුදු පාට ලව් ජූස් නැත්තේ ඇයි? ඇයි, මක්කා වෙලාද?

ඔය සේරම ප්‍රශ්න මට ආවේ මෙන්න මේ සින්දුව අහන වෙලාවෙයි.

ගායනය- සමන් ජයනාත් ජිනදාස

අනුරාගිනී, නොබලන්න මා දෙස
මා හද දැවෙයි ඔය රාග ගිනි මැද
ආලය නැසෙයි අනුරාග හද ළඟ
අනුරාගිනී, නොබලන්න මා දෙස

අනුරාගිනී, ළැම නීල දිය විල
මන මෝහිනී, තුනු පූර්ණ රණ හස
මා කළඹවයි හද විල ම බොර කර
ඒ බොර දියේ සුදු ආල දිය නැත
අනුරාගිනී, නොබලන්න මා දෙස

අනුරාගිනී, යස තාල සිහිනිඟ
අති ශෝභණී, පුළුලුකුළ රිය ශක
මා කළඹවයි සමවැදුණු දම් බිඳ
කැළඹුණු හදේ මුදු ආල දම් නැත
අනුරාගිනී, නොබලන්න මා දෙස

අනුරාගිනී, නොබලන්න මා දෙස
මා හද දැවෙයි ඔය රාග ගිනි මැද
ආලය නැසෙයි අනුරාග හද ළඟ
අනුරාගිනී, නොබලන්න මා දෙස
නොබලන්න මා දෙස

මෙතනින් අහන්න:


මෙතනින් බා ගන්න.
http://www.divshare.com/download/22610117-a2c

ඒ සින්දුවේ "ආල දිය" කියා දෙයක් ගැන කියවෙනවා.

මෙහෙම යෙදුමක් මං මීට කලින් අහලාම තිබුණේ නෑ. "ආල දිය" කියන වචන දෙකේ අර්තය දෙන ලඟම ඉංගිරිසි වචන තමයි ලව් ජූස්.

ඉතිං මේ සින්දුවේ කියවෙන විදියට ලව් ජූස් සුදු පාටයි ලු. හැබැයි රාගය නමැති බොර දිය අතර මේ සුදු පාට ලව් ජූස් එක නැහැයි ලු.

මෙන්න පොඩි ඉංගිරිසි කතන්දරයක්.
http://www.digital-kaos.co.uk/forums/f6/love-juice-adult-214582/

-කතන්දරකාරයා

ප/ලි:
මෙය සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවකි.

Sunday, 23 December 2012

සමන් ජයනාත් ජිනදාස ගේ නවතම විරහ ගීතය - Saman Jayanath Jinadasa's latest song


මං ගිය ඉරිදා සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකේ ලිව්වේ පේරාදෙනිය ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත්තු සමන් ජයනාත් ජිනදාස කියන ගායකයා ගැනයි.

පොර මේ දවස්වල ඉන්නේ බහරෙන්වල කියලයි ආරංචිය.

"අනුත්තරා" කැසට් එක අනූ ගණංවල කරලා, "සඳ පහන් රැයක" සීඩී එක දෙදාස් ගණංවලදී කළාට පස්සේ පොරගෙන් කිසිම සද්දයක් බද්දයක් තිබුණේ නෑ.

හැබැයි පොර මේ ලඟදීත් අළුත් සින්දුවක් දෙකක් කියලා තියෙනවා.

මෙන්න එයින් එක සින්දුවක්. මේක විරහ ගීයක්. පොඩ්ඩක් විතර දුක හිතෙන එකක්. අහලා අඬන්න හෙම එපා, හරිය?

වරම් නැත මට ඇඟිලි තුඩඟින්
සුමුදු කම්මුල් පිරිමදින්නට
වරම් නැත මට ඔබේ දෙනෙතින්
නැගෙන කඳුළැල් පිස දමන්නට

වරම් නැත මට ඇඟිලි තුඩඟින්
සුමුදු කම්මුල් පිරිමදින්නට
වරම් නැත මට ඔබේ දෙනෙතින්
නැගෙන කඳුළැල් පිස දමන්නට

එදා දෙඩමලු පෙමක නටඹුන්
නොපැතු විලසින් ගොළුවෙලා
සදාකාලික සෙනෙහසක් ගැන
නැගුනු සිහිනය බොඳ වෙලා
ඔබ ඔබේ ලොව මා මගේ ලොව ඇයි
අසම්මතයක සිරවෙලා

වරම් නැත මට ඇඟිලි තුඩඟින්
සුමුදු කම්මුල් පිරිමදින්නට
වරම් නැත මට ඔබේ දෙනෙතින්
නැගෙන කඳුළැල් පිස දමන්නට

හිරු සැඟව ගිය සඳු සැඟව ගිය
පාළු දුක්බර මේ රැයේ
සතුරු ලොව මැද සසල හදවත
පිපුණු පෙම අද පරවී නොයේ
තරු සෙවන යට මෙලෙස කුමකට
සුසුම් හෙලමුද අප ප්‍රියේ

වරම් නැත මට ඇඟිලි තුඩඟින්
සුමුදු කම්මුල් පිරිමදින්නට
වරම් නැත මට ඔබේ දෙනෙතින්
නැගෙන කඳුළැල් පිස දමන්නට


ගායනය: සමන් ජයනාත් ජිනදාස සහ ධම්මිකා දේවසුරේන්ද්‍ර
සංගීතය: සංජීව පරණමාන
පද රචනය: රසික සූරියආරච්චි

මෙන්න යූ ටියුබ් ක්ලිප් එක.



-කතන්දරකාරයා


(http://darshanaonline.webs.com/apps/photos/photo?photoid=69782094)