
මං දුටුගැමුණු "රජතුමා" ගේ පුත්‍ර රත්නය වන සාලිය "කුමාරයා" ගැන ලියූ කතන්දර බලා ළමුන් කීප දෙනෙකුට දුක හිතී ඇති බව ඔවුන් එවූ කමෙන්ට් අනුව පැහැදිලිය. ඒ එතුමාට "පොර" යැයි කීම නිසා බව පෙනේ.
මං එතුමා ට "පොර" කියා ලිව්වේ එතුමා "පොරක්" යැයි විශ්වාස කළ නිසාය.
නමුත් මගේ කතන්දර මගින් කිසිවෙකුගේ සිත රිදවීමට මට අවශ්‍ය නොවන නිසා මං මගේ කතන්දරය Edit කළෙමි.
සංස්කරණය කරන ලද කතාව මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2009/11/blog-post_30.html
මින් පසු මගේ කතන්දර වල දුටූගැමුණු යනු රජෙක් මිස පොරක් නොවනු ඇත.
කතන්දරකාරයා
Ehema wunoth dutugemunuwa ada inna rajawarunge gaanata daala kiyaida danne ne :P
ReplyDeleteඒකනේ. රට ජාතිය ගැන අභිමානය දුටුගැමුණු නැතුව එන්නේ නැති එකේ ඔයා එයාට පොර කියපු එක අර අයගේ මොරාල් එකට හරි නෑ නේ.
ReplyDeleteඔයත් මාර පොරක්නේ. :P
රජ කියන වචනෙ අද කාලෙ පාවිච්චි කරන හැටි දැක්කම නම් හිතෙන්නෙ රජ කියනවට වඩා පොර කීම ගෞරව සහිතයි කියල.
ReplyDeleteමේ පින්තූරෙ ඉන්නේ එතුමාගේ අන්තඃපුරේ හිටපු කට්ටියද . . ??
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමාත් අහන්නේ "මනුසත්" අහන ප්‍රශ්නෙමයි
ReplyDeleteමේ ෆොටෝ එකේ ඉන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ දුටුගැමුණු චිත්‍රපටියේ රඟපාන නිලියන් පිරිසක් ය.
ReplyDelete'දුටු ගැමුණු' චිත්‍රපටිය ඒකේ උන් එළාල විසින් 'ඇබෝට්' කළ බව ඔබටත් ආරංචි ඇති.
ReplyDelete@ Nialantha
ReplyDeleteඉතිහාසය කියා ඔබ මා දන්නේද අපට කියා ඇති කතන්දර මිස අන් කිසිවක් නොවේ. ඔබ ඒ කතන්දර මත අනවශ්‍ය බැඳීමක් ගොඩ නගා ගෙන ඇති බව පෙනේ. මෙය කුඩා කල අප කාටත් පොදු දෙයකි.
කෙසේ වෙතත් ඔබ හා ඔබ වැනි ළමයින් තරහ කර ගැනීම මගේ කතන්දර කීමේ අරමුණ නොවේ.
කතන්දරය සංස්කරණය කළෙමී. යලිත් ගිහිං බලන්න.
ඔබ වැනි පොරකගේ "විහිලු" කතන්දරයකට අහක සිට පැටලීම ගැන කනගාටු වෙමි. මගේ අදහස ඉවත්කර ගතිමි.
ReplyDeleteහිතවත් නිලන්ත,
ReplyDeleteඔබේ මුල් කමෙන්ට් එක මට ලොකු රුකුලක් වුනා. ඒකට බොහොම ස්තුතියි. මට අළුත් කතන්දර කීපයකටම අදහස් ආවා ඔබ නිසා. ඉන් පසු මං දැමූ පෝස්ට් දෙකත් ඔබේ කමෙන්ට් එක හා බැඳුණු ඒවා.
ඔබ දැන් වටහාගෙන ඇති පරිදි මං කතන්දර ලියන්නේ විනෝදයක් ජනිත කරන්නයි. කාටවත් අපහාස කරන්න, සිත රිද්දන්න අදහසක් නෑ. උපහාසය යනු අපහාසය නෙමේ.
ඔබට බොහොම ස්තුතියි. ජයෙන් ජය පතමි.
ක.කා.