Showing posts with label හාමුදුරුවරු. Show all posts
Showing posts with label හාමුදුරුවරු. Show all posts

Wednesday, 14 March 2012

ඇත්තටම මේක ලියුවේ කව්ද? මහා ආන්දෝලාත්මක නිර්මාණයක්! - Don't kill the messenger!


හීනයක් බලමින් කෝච්චියේ යද්දී පරණ මතකයක් අවදිවුණා!

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ කලා කවයට අයිති නිර්මාණ පුවරුව ගැන මං විටින් විට කියලා තියෙනවානේ.

මගේ කයි-කතන්දරවල තියෙන කයි පද කෑලි අති බහුතරය මුලින්ම පලවුනේ ඔය කියන කලාකවය නිර්මාණ පුවරුවේ තමයි.

අපේ ෆයිනල් ඉයර් එකේදී වගේ මෙන්න මේ පල්ලෙහා තියෙන කවිය ඒකේ පලවෙලා තිබුණා.

කවියේ අදහස නිසාත්, පද ගැළපුමේ අපූර්වත්වය නිසාත් මට මේ කවිය විටින් විට සිහි වෙනවා.

මේක ආන්දෝලාත්මක කවියක්. ඒ නිසා, අවශ්‍ය අයට පුළුවන් පහලින් තියෙන ලින්ක් එකෙන් මෙතනින් වෙන හොඳ තැනකට යන්න.

http://kathandara.blogspot.com.au/2009/11/blog-post_08.html

නොගිය අයට මෙන්න ඒ කවිය.

||
||
||
||
||
||
||
||
||
||
||
||
\/









රැවුළු වවති හිස පීරති සුවඳ දියර ගතට ඉසිති
රට පිළියට පමණි කැමති කිහිලි පෙනෙන ලෙස පොරවති
ගැහැණු පතති කය සතපති වායු සමන රියෙන් වඩිති
අපිදු පෘථග්ජන කියමින් තවමත් මුන් සිවුරෙ වෙසෙති!


කොහොමද, වෙඩි වගේ නේද?

මේ කවියේ යටින් තිබුණු නම අපේ ජූනියර් බැච් එකක පොරකගේ බව මට හොඳට මතකයි.

මීට කලින් දවසක මේ කවිය සිහියට ආපු වෙලාවක පොරගේ ඊ-මේල් එක මා ලඟ තිබුණු හින්දා මං අහලා යැව්වා මේ කවිය ලිව්වේ පොරමද කියලා. ඌ උත්තරයක් එව්වේ නෑ!

එහෙම අහන්න හේතුව තමයි මේ වගේ කවියක් ලියන්න නිර්මාණාත්මක හැකියාවක් සහ භාෂා පරිචයක් තිබුණු කෙනෙක් තව කවි සහ නිර්මාණ අනිවාර්යෙන්ම කරලා තියෙන්න ඕනෑ.

නමුත් පොර මීට පෙර සහ පසු ඒ වගේ කවි ලියා පලකළාය කියලා මගේ මතකයේ නෑ!

මේ කවියේ අන්තර්ගතය ගැන නම් විවාද කරළා වැඩක් නෑ. වචන ගැලපුම සහ නිර්මාණ ශක්තියත් ඉතාම ඉහලයි කියලයි මට හිතෙන්නේ.

ඔහෙලාට මක්කයි හිතෙන්නේ?

-කතන්දරකාරයා

ප/ලි:
ආයේ ඊ-මේල් එකක් දාලා අහන්න ඕනෑ මේ කවිය ලිව්වේ පොරමද කියලා!

(image: http://www.art.com/products/p610878358-sa-i4038936/miller-john-one-rotten-apple-amongst-other-green-apples.htm)

Friday, 28 January 2011

කලින් කන්නේ ඇයි? කලින් යන්නද?


ලෝකෙ හුඟක් වැඩ ඉතිං වෙන්නේ අපිට ඕනැ විදියට නෙමේ නේ!

ඒක කමක් නෑ කියමු. ඊලඟට වෙන දෙයයි ඉවසන්න බැරි. ඒ කියන්නේ, එකම හේතුව මත අපිට පිට පිටම කෙලවෙන එක!

මේක පොඩි සරල උදාහරණයකින් විස්තර කරනවා නං මෙන්න මෙහෙමයි.

හිතන්න අපිට බස් එකේ යන්න සල්ලි නැතුව පයින් යනවා කියලා. ඉතිං, පයිං ගිහින් සෙරෙප්පු දෙක ගෙවිල කැඩෙනවා. ඊට පස්සේ පතුලේ කර ගැට, ගල් තැළුම් එනවා. දැං ඉතිං පයින් යන්නත් බෑ. බස් එකේ යන්නත් බෑ. බස් එකේ යන්න සල්ලි නැතුව සෙරෙප්පු ගන්න සල්ලි කොහෙන්ද?

ඇත්තටම මං මේ ලඟදි ලියපු මැදපු කමිස මොකුත් නෑ කතන්දරේත් තියෙන්නේ ඒ වගේ තියරියක් තමයි. කමිස මදින්න මදින්න හේදුවාම පොඩි වෙනවා වැඩියි. තව තව මදින්නම වෙනවා. මහ විෂම චක්‍රයක්.

අද කතන්දරේ පොඩ්ඩක් විතර මේ ලයින් එකේ.

ඔන්න අපි, ඒ කියන්නේ වී.කේ. විරාජ් ලා, රත්නායක ලා හෙම තායිලන්තේ පස්තාච්චි කුපාඩි කරන කාලේ කට්ටියම දවසක් ගියා පිරිත් ගෙදරක. මේ පිරිත තිබුනේ ලංකාණ්ඩුවේ තැනකයි. අපි සිස්සයෝ වගේම තව තව ලොකු ලොක්කොත් ඇවිල්ලා හිටියා. ඒ අය ටවුමේ විවිධ රැකියා, බිස්නස් කරන මහත්තුරු, නෝනලා.

පිරිතක් කියන්නේ ඉතිං, ගිහියන්ට රාත්‍රී ආහාරය දෙන තැනක් නේ. අපි සිස්සයෝ කට්ටිය ගියෙත් අල, පරිප්පු හදාගෙනයි.

ඔන්න හාමුදුරුවරු පිරිත පටන්ගත්තා. සාමාන්‍යයෙන් වෙන්නේ පැයක් විතර, පන්සිල්, ගාථා, මහ පිරිත හෙම කියලා, හාමුදුරුවරු පොඩි ඉන්ටවල් එකක් ගන්න එකනේ. ඒ වෙලාවේ තමයි අපි කන්න ප්ලෑන් කරගෙන හිටියේ.

සියම් නිකායෙ වුණාට තායිලන්තෙ හාමුදුරුවරුන් ගේ වැඩ පිළිවෙළ වෙනස් වගේ. පිරිත් කියනවා, කියනවා, කියනවා නවත්තන පාටක් නෑ.

දැන් ඉතිං, රෑ දහයටත් කිට්ටුයි. වෙනද හත හමාර වෙන්න කලින් කන අපිට හොඳ ගණං.

ඔය අව් අස්සෙ හොරෙන් හොරෙන් කන බොන දේ තිබුණු පැත්ත බලන් හිටපු අපි දැක්ක අර ටවුමෙ මහත්තුරු කීප පොළක් අරහෙන් හාමුදුරු ගොල්ල ආටානාටිය කියන අල්ල-පනල්ලෙ කෑම මේසෙට කිට්ටු කරල වැඩ අල්ලනව.

අපේ පොරක් ගිටිය චානක කියල. පොරත් බය නැතුව ගියා නැගිටල කන්න. ටිකක් වෙලා යන කොට අපිත් ලැජ්ජාව අතහැරල දාල කන්න සෙට් වුණා.

මේ කතන්දරේ ජොලිම කෑල්ල එන්නෙ මෙතනදියි. අර ටවුමෙ මහත්තයෙක් අපෙන් අහනව මෙන්න මෙහෙම.

"මේ අර පස්තාච්චි කුපාඩි සිස්සයෝ නේද? ඇයි ඕගොල්ලොත් ඉක්මනින්ම යනවද පිරිත් අහන්නෙ නැතුව මේ ඉක්මනින්ම කන්නේ?"

මේ මහත්තයගේ තියරිය අනුව, ඒ ගොල්ලෝ රෑ තිස්සේ පිරිත් අහන්න ඉන්නේ නැතුව කලින්ම ගෙදර යන නිසා, ඒ ගොල්ලන් ට කලින් කෑම කැපයි.

අපි ඉතිං සිස්සයෝ කට්ටිය නේ. අපි පහුවදා එලිවෙනතුරු මෙතන ඉන්නත් ඕනෑ. ඒ වරද නිසා කලින් ගෙදර යන්න ඉන්න මහත්තුරු කාල ඉවර වෙනකං කන්නත් බෑ.

-කතන්දරකාරයා

ප/ලි
ලංකාවේ විස්ස විජ්ජාල සිස්සයොත් රටට බරක් නොවී ඉන්න ඕනිය කියල ඔය කියල කියන්නේ!

රටට බරක් වෙලා ජීවත් වෙන්න දේශපාළුවො හැට-හුටහමාරක් ම ඉන්න නිසා ඒ සර්විස් ජොබ් එක කරන්න නම් විස්ස විජ්ජාල සිස්සයින් ට තියා මේ රටේ කාටවත් නෝ වේකන්සීස්.