
හීනයක් බලමින් කෝච්චියේ යද්දී පරණ මතකයක් අවදිවුණා!
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ කලා කවයට අයිති නිර්මාණ පුවරුව ගැන මං විටින් විට කියලා තියෙනවානේ.
මගේ කයි-කතන්දරවල තියෙන කයි පද කෑලි අති බහුතරය මුලින්ම පලවුනේ ඔය කියන කලාකවය නිර්මාණ පුවරුවේ තමයි.
අපේ ෆයිනල් ඉයර් එකේදී වගේ මෙන්න මේ පල්ලෙහා තියෙන කවිය ඒකේ පලවෙලා තිබුණා.
කවියේ අදහස නිසාත්, පද ගැළපුමේ අපූර්වත්වය නිසාත් මට මේ කවිය විටින් විට සිහි වෙනවා.
මේක ආන්දෝලාත්මක කවියක්. ඒ නිසා, අවශ්‍ය අයට පුළුවන් පහලින් තියෙන ලින්ක් එකෙන් මෙතනින් වෙන හොඳ තැනකට යන්න.
http://kathandara.blogspot.com.au/2009/11/blog-post_08.html
නොගිය අයට මෙන්න ඒ කවිය.
||
||
||
||
||
||
||
||
||
||
||
||
\/
රැවුළු වවති හිස පීරති සුවඳ දියර ගතට ඉසිති
රට පිළියට පමණි කැමති කිහිලි පෙනෙන ලෙස පොරවති
ගැහැණු පතති කය සතපති වායු සමන රියෙන් වඩිති
අපිදු පෘථග්ජන කියමින් තවමත් මුන් සිවුරෙ වෙසෙති!
කොහොමද, වෙඩි වගේ නේද?
මේ කවියේ යටින් තිබුණු නම අපේ ජූනියර් බැච් එකක පොරකගේ බව මට හොඳට මතකයි.
මීට කලින් දවසක මේ කවිය සිහියට ආපු වෙලාවක පොරගේ ඊ-මේල් එක මා ලඟ තිබුණු හින්දා මං අහලා යැව්වා මේ කවිය ලිව්වේ පොරමද කියලා. ඌ උත්තරයක් එව්වේ නෑ!
එහෙම අහන්න හේතුව තමයි මේ වගේ කවියක් ලියන්න නිර්මාණාත්මක හැකියාවක් සහ භාෂා පරිචයක් තිබුණු කෙනෙක් තව කවි සහ නිර්මාණ අනිවාර්යෙන්ම කරලා තියෙන්න ඕනෑ.
නමුත් පොර මීට පෙර සහ පසු ඒ වගේ කවි ලියා පලකළාය කියලා මගේ මතකයේ නෑ!
මේ කවියේ අන්තර්ගතය ගැන නම් විවාද කරළා වැඩක් නෑ. වචන ගැලපුම සහ නිර්මාණ ශක්තියත් ඉතාම ඉහලයි කියලයි මට හිතෙන්නේ.
ඔහෙලාට මක්කයි හිතෙන්නේ?
-කතන්දරකාරයා
ප/ලි:
ආයේ ඊ-මේල් එකක් දාලා අහන්න ඕනෑ මේ කවිය ලිව්වේ පොරමද කියලා!
(image: http://www.art.com/products/p610878358-sa-i4038936/miller-john-one-rotten-apple-amongst-other-green-apples.htm)
