මේ කතන්දරේ කියලත් බැරි නොකියත් බැරි එකක් නිසා ටික දවසක් අල්ල අල්ල හිටියා ලියන්නේ නැතුව.
ඊලඟට ලියන්න පටන් ගත්තු වෙලෙත් ආයෙ හිත වෙනස් වෙලා, මේ කතන්දරේ ට පොඩි පෙරවදනක් වගේ සලකන්න පුළුවන්
කතෘ අඥාත කතන්දරේ විතරයි ලිව්වේ.
මේ කතන්දරේ නොලියා ඉන්න හිතුවේ අපේ ආදරණීය ඇනෝවා ට මගේ නාසිසිසම් රෝග ලක්‍ෂණයක් නොපෙන්නා ඉන්න නං නෙමේ.
මොකද, මංතුමාව සවුත්තු වෙලා යන කතන්දරයක් මංතුමා ම ලිව්වත්
ඇනෝවා කියන්නේ එක්කෝ කොහොමද
නාසිසිස්ට් කෙනෙකු ට මෙහෙම වෙන්නේ, නැත්තං
මූට නාසිසිසම් මදිවට ඉන්ෆීරියරිටි කම්ප්ලෙක්ස් එකක් තියෙනවා, ඒක
ඕවර් කම්පන්සේට් කරනවා වගේ බයිල මිස වෙන දෙයක් නෙමේ නේ!
මට වෙන්ඩ කතන්දරවල කිසිම හිඟයක් නැතත්, ඉතිං අන්තිමේදී හිතුණා, ඕ.පු., ඔන්න ඔහේ ලියල දානව කියලා!
මෙන්න කතන්දරේ!
ඔන්න මං මේ ලඟදි දවසක පන්සල් ගියා.
ලඟදි කිව්වට මයෙ හිතේ මීට මාස හතරකට විතර විතර කලින් තිබුණු වෙසක් දවසේ වෙන්න ඕනෑ.
අපේ අම්මා සහ මිතුරියන් පිරිස වගේ හැම පෝයටම පන්සල් යන කාලේ එන්නේ ඉතිං තව පහුවෙලා නේ. පොඩි පෙරහුරුවක් විදියට මේ කාලේ වෙසක් එකට, කටිනෙට වගේ තෝරාගත් දවස් කිහිපයක දී පන්සල් යනවා.
මං යන මේ පන්සලට
නාලන්ද පියතිලකලා හෝ වෙනත් සිංහල බෞද්ධ තලිබාන් ලා එන්නේ නැති නිසා පිළියන්දල නිව් රත්න ටේලර්ස් එකෙන් මහපු සුදු කළිසමයි, මං අර
ජොක්කු ගත්තු ටවුමේ කඩෙන්ම ගත්ත සුදු කමිසෙයි තමයි තමයි ඇඳන් ගියේ බයක් සැකක් නැතුව.
කොල්ලන්ට අවවාදයක්. සුදු කලිසම ඇන්දොත්
සුදු ජොකෙක් අඳින්න මතක තියාගන්න.
මැයි දින පෙළපාලිවලට අඳිනජොක්කු එපා!
වෙසක් එකට සිල් අරගෙන ඉන්න සිල් ඇත්තන්ට දානේ බෙදලා හමාර වෙලා, මංතුමාත් ගිහි දානේ ඩිංගක් රස බැළුවා.
"එලෝළු ජීවිතෙත් නරකම නෑ, ළමයිනේ, සෝයා මීට්, ගැට පොලොස් හෙම මිරිසට උයලා තියෙනවා නං!" කියලා කියන්න පුළුවන් සැක නැතුව.
එදා සිල් අරගෙන හිටිය
පුතු පැටියා ගේ සිල් පවාරණය වෙන්න තව පැයක් විතර තියෙන නිසා (පොඩි එකා තාම බාගේ ටිකට් නේ, තුනට සිල් මුදෝනවා!) මං ටිකක් පන්සල් වත්තේ සක්කලං කෙරුවා.
පන්සල් වත්තේ එක කොනක අපේ ගමේ ආදි ශිෂ්‍ය සංගමයකින් පොඩි කූඩු රාජයෙක් හදලා. ඒකේ බලුප් හයි කරන වැඩ දිහා පොඩ්ඩක් බලං ඉන්න කොට මෙන්න බොලේ කවුද පොරක් මගේ ලඟට පිටිපස්සෙන් ඇවිත් උරහිස්සට තට්ටුවක් දැම්මා.
"හලෝ මේ කතන්දරකුමාර නේද?"
"ඔව්! මං කතන්දරකාරයා තමයි."
"ආ! මගේ නම සුබසිංහ මතකද මන්දා?"
මට "කතන්දර කුමාර" කියලා ඇමතුව හින්දා අනිවා ඩෙෆා මේ පොර මං ඉස්කෝලේ යන කාලේ දන්න කියන කෙනෙක් වෙන්න ඕනෑ. හැබැයි සුබසිංහ කෙනෙක් නං හිටියේ නෑ මගේ පන්තිවල.
මාව අඳුණාගත්ත හින්දා මට හිතුණා පොර අපේ මලයා ගේ යාළුවෙක් වෙන්න ඉඩ තියෙනවා නේද කියලා.
"සුභසිංහ, නම නං අහල පුරුදුයි.
සෙන්ට්‍රල් එකේ අපේ මල්ලී එක්ක නේද ඉගෙන ගත්තේ?" මං සේරම උපකල්පන මත පදනම් වෙලා ඇහැව්වා.
වැඩේ කිරිගහට ඇන්න වගේ හරි.
"ආ ඔය මතක තියෙන්නේ! පොර කිව්වා හැබැයි මට නං කතන්දරව අඳුණාගන්න ටිකක් වෙලා ගියා."
"දැන් මං ඒ ඉස්කෝලෙන් අයින් වෙලා කොයි කාලෙද? මං උත්තර දුන්නා, දැන් ඉතිං ඉගෙන ගෙන ඉවරවෙලා, ජොබ් කරලා, කසාද බැඳලා, ළමයි හදලා, අපි හැමෝම වයසට යනවානේ ටික ටික. මේ සුභසිංහගේත් නළල ඇවිල්ලා, මහත්වෙලා තියෙන්නේ!"
දන්නවනේ? නළල එනවා කියන්නේ ඉස්සරහින් තට්ටේ පෑදීගෙන එනවාය කියන එකයි. මහත්වෙලා කියන්නේ පොඩියට වුනත් බඩක් ඇවිත් කියන එකයි. ඕවා ඉස්කෝලේ යන කාලේ තියෙන රෝග ලක්‍ෂණ නෙමේනේ. ඉතිං කාළෙකට පස්සේ මුණ ගැහුණාම කියන එක හරි ලේසියි.
සුභසිංහ ට ඒ කතාව ඇහුණද නෑහුණාද මන්දා. පොර දුකෙන් වගේ මා දිහා බලලා කියපි මෙහෙම.
"කතන්දර මේ අවුරුදු විස්සකට විතර පස්සේ මාව අඳුණා ගත්තට මට නං කතන්දරව අඳුණාගන්න බැරිවුනා නේ. හැබැයි ඒ නළල නිසා නං නෙමේ...."
".....ඇත්තටම ඔයා දැන් කළු වෙලා නේ, කතන්දර! මට මතකයි ඉස්සර ඉස්කෝලේ යන කාලේ කතන්දර නිකං -සුද්දා- වගේ නේ හිටියේ."
මට හිකිස් ගාලා හිනා ගියා.
පොර හරි හමන් "සුද්දෙක්ව" කවදාකවත් දැකලා නෑ වගේ...!!!
"ඔව් ඔව්, ඒ දවස්වලත් මං හැරී පොටර් වගේ නේ. සමහරු තාමත් මට කියනවා මං බ්‍රැඩ් පිට් වගේ ය කියලා!" මං සුභසිංහ ට කිව්වා.
-කතන්දරකාරයා
ප/ලි:
ඔය බ්‍රැඩ් පිට් කතාව නං බොරුවක් හොඳේ. හාමිනේ නං මට රැවටෙන්නේ බෲස් විල්ස් කියලයි!
මොකද මගේත් එක ඇහැක් අනිත් එකට වැඩිය පොඩ්ඩක් පුංචියි. නිකං වින්කින් වගෙයි පේන්නේ.
(image: http://cheezburger.com/jibe/lolz/View/1353215232)