Showing posts with label කතන්දර හාමිනේ. Show all posts
Showing posts with label කතන්දර හාමිනේ. Show all posts

Sunday, 24 March 2013

ගෑල්ළමයින් ට පොඩි කුකිං පාඩමක් : හස්බන්ඩලාටත් ලකුණු ලබා ගත හැකි ක්‍රමයකි - Roti making for dummies : A reference for the rest of us


ඊයේ සවස් යාමයේ අප නිවසේ ඇති වූ දෙබසක් මෙසේය.

ඇය: කතී (ඒ ඇය ආදරයෙන් මා අමතන ආකාරයයි), අද රෑට බත් නැතුව වෙන මොනවා හරි කමුද?

මම: හා! ඔයා මොනවද හදන්න යන්නේ?

ඇය: මට නං අද හරිම කම්මැලියි අනේ. ආප්පවත් ගේමු.

මම: ඔයා කිව්වට මට නේ කඩේ යන්න වෙන්නේ……. වෙන මොනවා හරි කමු.

ඇය: එහෙනං අර ඔයා හරිම රසට හදන රොටී හදන්නකෝ මෙයා, කාලෙකින් හැදුවෙත් නෑනේ?

මම: හ්ම්!

මෙවැනි රාජකාරී මට විටින් විට පැවරේ. එවැනි වේලාවට මා ගයන ප්‍රියතම ගීතය වන මිල්ටන් පෙරේරා ගේ "වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ..." ගයමින් මම කුස්සියේ වැඩ ඇරඹීමි.

මෙන්න මං ඊයේ රොටි හදපු හැටි අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවෙන්.

උවමනා ද්‍රව්‍ය:
තිරිඟු පිටි සහ ගා ගත් පොල් ඇති පමණ
ලුනු ස්වල්පයක්


සාදන ක්‍රමය:
පලමුව පිටි, පොල් සහ ලුනු භාජනයකට දමා වතුර ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. මිශ්‍රණයට වතුර වැඩි වුනොත් පිටි සහ පොල් එකතු කර ගන්න.


දැන් පිඟානක් මත පිටි ස්වල්පයක් ඉස, මිශ්‍රණයෙන් කොටසක් ගෙන එය ඔබ දැක ඇති රොටියක හැඩයට සාදා ගන්න. මෙය රොටිය වැඩිම ලෙස හැඳින්වේ.


රොටි පුච්චන්නේ තාච්චියේය.


එක රොටියක් පිච්චෙන අතර තව එකක් වඩවා රෙඩි කර තබා ගත යුතුයි.


අවශ්‍ය නම් පැරලල් ප්‍රොසෙසින්ද කළ හැක.


මෙන්න බලන්න සාදාගත් රොටි වැජඹෙන අපූරුව.


හාමිනේ කට්ට සම්බලයක් සහ ෆීෂ් කරියක් සාදා සහයෝගය දැක්වූවාය.


රොටි සියල්ල අළෙවි විය.


රොටි සාදන්නාට වේතනය ලෙස උම්බා එකක් නොව දෙකක්ම ලැබුණි.


-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න තවත් විස්තර.
1. රොටි මිශ්‍රණයේ පදම එක්වරම ගන්නට තරමක පුරුද්දක් අවශ්‍ය වේ.
2. ගා ගත් පොල් නැති නම් ඒ වෙනුවට ඩෙසිකේටඩ් කොකනට් ද භාවිතා කළ හැක.
3. රොටිය වඩවා ගැනීමේදී තෙල් ඉතා ස්වල්පයක් එක් කර ගැනීමෙන් රොටි කර වීම වැලකේ. නිමාවද පියකරු වේ.
4. කට්ට සම්බෝලය සෑදීමට ගන්නා ද්‍රව්‍ය රොටි මිශ්‍රණයටම එකතු කර අනා කට්ට සම්බල් රොටි සාදා ගත හැක. එවිට එහි ඇති ලොකු ලූණූ බැදී හොඳ රසක් ලැබේ.
5. වෙනත් වෑංජන් කතන්දර ද ඇත.

(image: http://www.agr.state.il.us/programs/bees/pages/bee_with_flower.htm & http://www.kateathome.com/love-birds/)

Sunday, 15 July 2012

සුඋදිවේකහා - HBD2UKH


සිංහලයේ මහා සම්මත රාජ පරම්පරාවේ බලි, තරු, රාවණ යුගයේ සිට අද මහ දියසෙන් යුගය දක්වා සියළු තතු මනා ලෙස දන්නා මීවනපලානේ ජයරත්නයන් ගේ මාධ්‍ය ප්‍රකාශක මීවනපලානේ රාජපක්‍ෂයෝ වරෙක මෙලෙස පැවසූහ.

         "දිනපතා උදෑසන චිත්ත සමාපත්තියට සමවැදී ලෝකය විමසා බැලීම මගේ දින චර්යාවේ අංගයකි. පසුගිය දිනෙක එසේ චිත්ත සමාපත්තියට සමවැදුණු මට ඔබගේ පෙර අත්භවයක් පිළිබඳව අපූරු කාරණාවක් දැන ගත හැකි විය.

එනම්, ඔබ කිතුවසින් හත්වන සියවසේදී තුන්වන අග්‍රබෝධි රජ දවස එතුමන්ගේ රාජසභාවෙහි රජතුමන් දිනපතා නින්දට යනතුරු කතන්දර කීමේ වගකීම දැරූ ඉතා වැදගත් ඇමැතිවරයකුව සිටි බවයි. මේ ඇමැතිවරයාගේ නම වූයේ "කතන්ද්‍ර"ය. එනිසා කතන්දර කීම ඔබේ සංසාර පුරුද්දක් බවත්, ඔබ මේ ඉදිරියට ගෙන යන්නේ එකී සංසාර පුරුද්ද බවත් දතයුතුයි.

එසේම අද කතන්දර හාමිනේ නමින් වන ඔබේ සොඳුරිය ඒ භවයේදීද "කතන්ද්‍රී" නමින් ඔබේම ඇඹෙණිය වූ බවත් මගේ චිත්ත සමාපත්තියට මීටර් වී ගිය බව දත යුතුයි."

තවත් වරෙක එතුමෝ මෙලෙස ද පැවසූහ.

         "නුඹ පෙර අත්භවයක (කිතුවසින් හත්වන සියවසේදී තුන්වන අග්‍රබෝධි රජ දවස) රාජසභාවෙහි රජතුමන් දිනපතා නින්දට යනතුරු කතන්දර කීමේ වගකීම දැරූ ඉතා වැදගත් ඇමැතිවරයකුව සිටි බවත් මේ ඇමැතිවරයාගේ නම වූයේ "කතන්ද්‍ර" බවත්, මම චිත්ත සමාපත්තියට වැදී දැක නුඹට කියා ඇත්තෙමි.......

....ඔබේ බිරින්දෑ "කතන්ද්‍රී"ද කතන්දර කීමට සමැත්තියකැයි....."

නාඩි වාක්‍යම් පරදවන ඒ බලාගෙන හිටියාක් වැනි වූ අතීත තොරතුරු වලින් පෙනී යන්නේ මගේ ප්‍රියම්භිකා කතන්දර හාමිනේ එදා සිට අද දක්වාම මා සමග මේ සංසාර ගමනේ යෙදෙන බවයි.

ඉතිං අනාගතය ගැන අමුතුවෙන් සිතිය යුතු නැත.

කතන්ද්‍ර සහ කතන්ද්‍රී ජෝඩුව මතු ආත්මවලත් අද මෙන්ම ආදරයෙන් බැඳී නිකං හරියට සඳුන් ගසේ වෙලි සමන් වැලක් මෙන් සිටිනු ඇත.

මා ආදරණීය කතන්ද්‍රී, ඔබට සුබ උපන් දිනයක් වේවා.

Happy birthday darling...!!!

කතන්දරකාරයා කතන්දර හාමිනේ ට ලියූ නාඩගම් ගීතය මෙන්න.
http://kathandara.blogspot.com.au/2010/05/blog-post_28.html

-කතන්දරකාරයා

ප/ලි:
මෙය සන්ඩේ ස්පැෂල් ඇස්ක්ට්‍රා කතන්දරයක් බව කරුණාවෙන්න සලකන්න.

Wednesday, 11 April 2012

පරම්පරා හතරක් පැරණි ඓතිහාසික කැවුතුකාගාර කොලිටියේ උදැල්ලක් - A page from the Guinness Book of Records


මව් පාර්ශවයේ මුත්තණුවන්ගෙන් කතන්දරකාරයාට හිමි වූ මහා බලසම්පන්න, මහා අනුහස් සහිත නවරත්න මුදු රාජයා ගැන කතන්දරය කියවූ මගේ ප්‍රියම්භිකා කතන්දර හාමිනේ තොමෝ "කතී, ඔයාට ඔයාගේ තාත්තාගේ පරම්පරාවෙන් ලැබුණු උදැල්ල ගැනත් ලියන්නකෝ, ඩාල්!" යැයි මගෙන් ඉල්ලා සිටියහ.

එතුමිය ගේ ඉල්ලීමක් කෙලෙසක නම් මංතුමා පැහැර හරින්නද?

එනිසා මෙසේ ලියමි.

මේ කියන උදැල්ල එසේ මෙසේ එකක් නොවේ. පරම්පරා හතරක් පැරණි ඓතිහාසික භාණ්ඩයකි. කොටින්ම අර කැවුතුකාගාරයෙන් සුදුවෑන්කරණය වුණු කඩු වෙනුවට එතැන තියන්නට පවා හොඳ එකකි.

මේ උදැල්ල මිලට ගන්නා ලද්දේ මගේ පිය පාරශවයේ සීයා විසින් මින් අවුරුදු සීයකට පමණ පෙර දිනයක බව මා අසා ඇත. ඒ එංගල්තයේ ෂෙෆීල්ඩ් නගරයේ පිහිටා තිබූ මහා කම්මලක නිපදවන ලද කිඹුලා ලකුණ දරණ මහානර්ඝ උදළු තලය සඳහා මිට කපා ගන්නා ලද්දේ එවකට බද්දට දී තිබූ නිසා බදුවත්ත නමින් හැඳින්වුණු අක්කර දෙකහමාරක පමණ ඉඩමේ කොනක පිහිටි ගසකිනි.

සීයා කලෙක රජයේ සේවයේ යෙදුනද, පසුව ඉන් අස්වී ගමට විත් ගොවිතැන් කර තම ජීවිකාව සපයා ගත්තේය. සීයාගේ ගොවිතැන වූයේ බුලත්ය. කුඹුරු කරන ලද්දේ ආච්චී විසිනි.

සීයා විසින් තම බුලත් වගාව සඳහා භාවිතාකරන ලද මේ උදැල්ල ඔහු මිලදී ගත් දිනයෙන් වසර පනහකට පමණ පසුව අපේ තාත්තාට හිමිවිය.

තාත්තා නම් කිසිදු ගොවිතැනක් කළ අයෙක් නොවේ. නමුත් ඔහු සති කිහිපයකට වරක් මේ උදැල්ලෙන් මිදුලේ තණකොල කපා දැම්මේය. අපේ ගෙවත්තේ බතල සහ මයියොක්කා යනාදිය හිටවීම සඳහා අම්මා ද මේ උදැල්ල භාවිතා කරනවා මා දැක ඇත.

තාත්තා ගේ ලොකු පුතා වශයෙන් මේ උදැල්ල දැන් හිමි මංතුමාටයි.

මං කරන ගොවිතැනක් නැත. තණකොල කපනවා වෙනුවට වවමි. නමුත් විටින් විට මට මේ උදැල්ලෙන් විවිධ ප්‍රයෝජන තිබේ. ඒ මල් පාත්ති සැකසීමටය.

මගෙන් පසුව මේ උදැල්ලේ හිමිකරුවන්නේ මගේ දහ හැවිරිදි පුත්‍ර රත්නයයි.

කොල්ලා නං තවම මේ උදැල්ල උස්සා බලාවත් නැත. නමුදු, තම පිය පාර්ශවයෙන් තමන්ට හිමිවන්නට නියමිත මේ ඓතිහාසික උදළු රාජයා මගේ පුතා විසින් මගේ මුණුපුරෙකුටද මතු දිනයක උරුම කර දෙන බවට මට කිසි සැකයක් නැත.

මේ අරුම පුදුම උදැල්ල කැවුතුකාගාරයේ තියන්නට පවා සුදුසු ඓතිහාසික උදැල්ලක් බව මා මුලින්ම කිව්වේ ඒ නිසාය.

-කතන්දරකාරයා

ප/ලි:
මෙතරම් කලක් මේ උදැල්ල පැවතීමට හේතුව නම් මගේ සීයා ද, තාත්තා ද, මා ද මේ පාරම්පරික වස්තුව මනාව නඩත්තුකරමින් රැක බලාගැනීමයි.

මගේ සීයා මේ උදැල්ලේ තලය ගෙවෙන හැමවරකම අළුත් ම අළුත් කිඹුලා ලකුණ දරණ උදළු තලයක් යොදා උදැල්ලේ නඩත්තු කටයුතු කළේය. උදළු මිට කැඩුණු හැම වරකදීම වත්ත පල්ලෙහා ගසකින් කපා ගන්නා ලද ඉස්තරම් මිටක් ඒ සඳහා යෙදීය.

තාත්තා නං පාවිච්චි කලේ එංගල්නතයේ ෂෙෆීල්ඩ්හි සාදන ලද කිඹුලා ලකුණ දරණ උදළු තල නොවේ. යක්කල නිපදවූ ලංලෝ ලකුණ දරණ ලද උදළු තලය. උදළු මිට නම් එක් වරක් පමණ වත්තෙන්ම සපයාගන්නා නමුත් පසුව ගනේමුල්ලේ කඩේකින් ගෙන එන ලදී.

මංතුමා නං මේ ලඟදී යෙදුවේ වත්තේ ගසකින් කපාගන්නා ලද මිටකි. උදළු තලය නම් අපේ සදාකාලික පාපමිතුරු දේශය වන කොණ්ඩේ බැඳපු රටෙන් ආනයනය කරන ලද්දකි.

(image: http://www4.schoolnet.lk/edusoft/agriculture/grade-12_13/more.php?sub=Mamoty&main=main7)

Thursday, 8 December 2011

පොඩි චීනෙට ගොස් පැමිණි හාමිනේගෙන් මට ලැබුණු තෑගි - KK is showered with presents


පහුගිය දොහේක අපේ හාමිනේ ට රටෙන් පිට යන්න වුනා රාජකාරි වැඩකට. දවසක් දෙකකට නෙමෙයි දවස් හයකට!

හාමිනේ නැතුව දවස් හයක්ම ඉන්නවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමේ. හිතේ දුක ඉහවහා යනවා. කලේ පැන් නැත සින්දුව දාලා වැඩකුත් නෑ. ඇයි, මේ නෑගම් ගියා නෙමේ නේ? අපේ නෑයෝ කොයින්ද පොඩි චීනේ තියා මහ චීනේවත්?

හාමිනේ පොඩි චීනේ ගියේ මහා ලොකු සම්මන්ත්‍රණයකට සහභාගී වෙන්නයි. නිකං නෙමේ අර රතු කාර් එකේ ගෙදර ආපු රෝස බබාවත් අරගෙනයි ගියේ.

ඉතිං, අම්මා එනකං පුතු පැටියායි, හාමිනේ එනකං ලොකු පැටියායි දෙන්නාම බලං හිටියා නිදිමරාගෙන. ඒකෙන් පාඩුවක් උනේ නම් නෑ.

මෙන්න මට ලැබුණු තෑගිවලින් කොටසක්!

මුලින්ම ගුටි දීලා මසාජ් කරන උපකරණයක්.


තායිවානයේ හදපු ඩිජිටල් අත් ඔර්ලෝසුවක්.


තවත් පොඩී පහේ චීන සුකුරුත්තමක්. මෙක වාද්‍ය භාණ්ඩයක්. සින්දු ප්‍රස්ථාරත් දීලා තියෙනවා.


ලෝ ප්‍රකට තායිවානයේ අන්නසි කේක්.


තව පොඩ්ඩෙන් අමතක වෙනවා චීන තේ!


තව ලස්සන පැකට් එකක දාපු ලව් ලොසින්ජර්ස් පොදියක් තිබුණා. ඒවා නම් ෆොටෝ ගන්න කලින්ම ඉවර වුණා!

හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කිව්වා වගේ, මෙන්න නියම තෑගි. මේවා නම් තායිවාන් ඒවා නෙමේ, ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තු ඒවා.


මේවා නං සෑහෙන කාලයක් මෙහෙමම තියේවි. මොකද දන්නවද? කලින් පාර මේ වගේ ගෙනාපු තෑගි ටිකත් ඔය එහෙමම තියෙන්නේ.


මං ඉතිං මද පමණින් මටටා ටිටා නේ, අවුරුද්දකට දෙකකට විතර බඩු හෑව්!

අවුරුදු දෙකකට කලින් 2009 දී ගෙනාපු භාණ්ඩවලින් අන්තිම එක ඔන්න මේ ගිය සතියේයි ඉවර වුනේ.



-කතන්දරකාරයා

ප/ලි:
හාමිනේගෙන් තවත් තෑගි ලැබුණෙමි. නමුත් ඒවායේ විස්තර පොදු රසාස්වාදයට නැංවීමට නම් අදහසක් නැත්තෝය.

ගිහින් එඤ්ඤං!

ප/ප/ලි
හැම හාමිනේම මෙහෙම නැත. මේ කතන්දරේ මතකද?
http://kathandara.blogspot.com/2010/03/blog-post_24.html
?

Tuesday, 6 December 2011

හොඳ හොඳ චීන කෑම මෙන්න බලලා කෙල ගිලින්න - Photos from Mrs Kathandara's trip to Taipei


සැප්තැම්බරයේ වෙච්ච "කලේ පැන් නැති සීන් එක" නිසා පරිප්පු විතරක් නෙමේ, "ටෙම්පර්ඩ් බීන්ස් විත් පීනට්ස්" සහ "බීෆ් කතන්දර ස්ටයිල්" හදන හැටි ගැනත් සිතුවම් සහිත කතන්දර දාන්න ලැබුණා.

පස්සෙන් පහු බොම්බිලි කරවල උයන්න ගිහින් නම් වැඩේ මුළුමණින්ම චා වුණානේ.

නොවැම්බරයේ දී රමණී රත්නායක ගේ කෑම සංග්‍රහය ලැබුවේ 'කලේ පැන් නැත!' ට ලඟින් යන කේස් එකක් වුණු නිසයි.

ඒක තමයි අපේ ඊ-මේල් කවිකාරි ලා, ජනූ ලා ට වගේ කතන්දර හාමිනේත් කොණ්ඩේ බැඳපු කෂ්ටිය ඉන්න දිහාට පොඩි පහේ ට්‍රිප් එකක් සෙට් වීම.

මේක මහ චීනෙට නං නෙමේ, පොඩි එකට, අර තායිවාන් කියන්නේ. අන්න ඒ කියන දීපංකරේට.

අද පෝස්ට් එක වෙන්වෙන්නේ හාමිනේ රස විඳපු චීන කෑම වල ඡායාරූප සඳහායි.

මේ ගමනේ දී හාමිනේ සහ පිරිවර විසින් සම්මන්ත්‍රණය තිබුණු තරු පහේ හෝටලයෙන් ද, සම්ප්‍රදායානුකූල චීන යම්-චා රෙස්ටෝරන්ට්වලින් ද, අයිල කඩවලින්ද ආදී මෙකී නොකී හැම තැනකින්ම කෑම බීම අරගෙන තියෙනවා.

මෙන්න තරු පහේ හෝටලයේ කෑම.


මාළු කූරියාහතු සහ ඌරු මස්



<----චිකන්      මාළු බත්^

<----බීෆ් සහ බ්රොකොලි

මෙන්න යම්-චා කෑම.


<--- ඩම්ප්ලින්ස්     කන්කූන් ^

<--- Tofu

මේ තියෙන්නේ කන්ජි කඩේ කෑම ටික.




ස්පයිසි-Tofu

බෙල්ලෝ

හතු වර්ගයක්^          හාල් කැඳ--->


චිකන්

බීෆ්

<---බෝංචි

මේක නම් අයිල කඩයක්.

අයිල කඩෙන් මැංගෝ අයිස් ක්‍රීම් එකක්.

තායිපෙයි නගරයේ එක තැනක තිබුණු චීන හොට්-එයාර් බැලූන් කඩයක තමන්ට අවශ්‍ය දේවල් බැලුමේ ලියා ඒක අහසට අවන්න පුළුවන්. මේ එතන දී ගත් දර්ශන පෙලක්.

ළමා ලපටින්ට විභාග ජය ඉහල ලකුණු සහ කතන්දරට ජය පැතූ බැලූනය තායිවානයේ අහසට මුදා හැරුණා!



-කතන්දරකාරයා

ප/ලි:
තායිවානයේ දින හයක සංචාරයෙන් පසු ආපසු නිවසට පැමිණි කතන්දර හාමිනේගෙන් මට ලැබුණු තෑගි ගැන මීලඟ පෝස්ට් එකෙන් කියන්නම්.

Wednesday, 26 October 2011

අනේ කතන්දර ඔයා කළු වෙලා! - Sri Lankan Bruce Wills



මේ කතන්දරේ කියලත් බැරි නොකියත් බැරි එකක් නිසා ටික දවසක් අල්ල අල්ල හිටියා ලියන්නේ නැතුව.

ඊලඟට ලියන්න පටන් ගත්තු වෙලෙත් ආයෙ හිත වෙනස් වෙලා, මේ කතන්දරේ ට පොඩි පෙරවදනක් වගේ සලකන්න පුළුවන් කතෘ අඥාත කතන්දරේ විතරයි ලිව්වේ.

මේ කතන්දරේ නොලියා ඉන්න හිතුවේ අපේ ආදරණීය ඇනෝවා ට මගේ නාසිසිසම් රෝග ලක්‍ෂණයක් නොපෙන්නා ඉන්න නං නෙමේ.

මොකද, මංතුමාව සවුත්තු වෙලා යන කතන්දරයක් මංතුමා ම ලිව්වත් ඇනෝවා කියන්නේ එක්කෝ කොහොමද නාසිසිස්ට් කෙනෙකු ට මෙහෙම වෙන්නේ, නැත්තං මූට නාසිසිසම් මදිවට ඉන්ෆීරියරිටි කම්ප්ලෙක්ස් එකක් තියෙනවා, ඒක ඕවර් කම්පන්සේට් කරනවා වගේ බයිල මිස වෙන දෙයක් නෙමේ නේ!

මට වෙන්ඩ කතන්දරවල කිසිම හිඟයක් නැතත්, ඉතිං අන්තිමේදී හිතුණා, ඕ.පු., ඔන්න ඔහේ ලියල දානව කියලා!

මෙන්න කතන්දරේ!

ඔන්න මං මේ ලඟදි දවසක පන්සල් ගියා.

ලඟදි කිව්වට මයෙ හිතේ මීට මාස හතරකට විතර විතර කලින් තිබුණු වෙසක් දවසේ වෙන්න ඕනෑ. අපේ අම්මා සහ මිතුරියන් පිරිස වගේ හැම පෝයටම පන්සල් යන කාලේ එන්නේ ඉතිං තව පහුවෙලා නේ. පොඩි පෙරහුරුවක් විදියට මේ කාලේ වෙසක් එකට, කටිනෙට වගේ තෝරාගත් දවස් කිහිපයක දී පන්සල් යනවා.

මං යන මේ පන්සලට නාලන්ද පියතිලකලා හෝ වෙනත් සිංහල බෞද්ධ තලිබාන් ලා එන්නේ නැති නිසා පිළියන්දල නිව් රත්න ටේලර්ස් එකෙන් මහපු සුදු කළිසමයි, මං අර ජොක්කු ගත්තු ටවුමේ කඩෙන්ම ගත්ත සුදු කමිසෙයි තමයි තමයි ඇඳන් ගියේ බයක් සැකක් නැතුව.

කොල්ලන්ට අවවාදයක්. සුදු කලිසම ඇන්දොත් සුදු ජොකෙක් අඳින්න මතක තියාගන්න. මැයි දින පෙළපාලිවලට අඳිනජොක්කු එපා!

වෙසක් එකට සිල් අරගෙන ඉන්න සිල් ඇත්තන්ට දානේ බෙදලා හමාර වෙලා, මංතුමාත් ගිහි දානේ ඩිංගක් රස බැළුවා.

"එලෝළු ජීවිතෙත් නරකම නෑ, ළමයිනේ, සෝයා මීට්, ගැට පොලොස් හෙම මිරිසට උයලා තියෙනවා නං!" කියලා කියන්න පුළුවන් සැක නැතුව.

එදා සිල් අරගෙන හිටිය පුතු පැටියා ගේ සිල් පවාරණය වෙන්න තව පැයක් විතර තියෙන නිසා (පොඩි එකා තාම බාගේ ටිකට් නේ, තුනට සිල් මුදෝනවා!) මං ටිකක් පන්සල් වත්තේ සක්කලං කෙරුවා.

පන්සල් වත්තේ එක කොනක අපේ ගමේ ආදි ශිෂ්‍ය සංගමයකින් පොඩි කූඩු රාජයෙක් හදලා. ඒකේ බලුප් හයි කරන වැඩ දිහා පොඩ්ඩක් බලං ඉන්න කොට මෙන්න බොලේ කවුද පොරක් මගේ ලඟට පිටිපස්සෙන් ඇවිත් උරහිස්සට තට්ටුවක් දැම්මා.

"හලෝ මේ කතන්දරකුමාර නේද?"

"ඔව්! මං කතන්දරකාරයා තමයි."

"ආ! මගේ නම සුබසිංහ මතකද මන්දා?"

මට "කතන්දර කුමාර" කියලා ඇමතුව හින්දා අනිවා ඩෙෆා මේ පොර මං ඉස්කෝලේ යන කාලේ දන්න කියන කෙනෙක් වෙන්න ඕනෑ. හැබැයි සුබසිංහ කෙනෙක් නං හිටියේ නෑ මගේ පන්තිවල.

මාව අඳුණාගත්ත හින්දා මට හිතුණා පොර අපේ මලයා ගේ යාළුවෙක් වෙන්න ඉඩ තියෙනවා නේද කියලා.

"සුභසිංහ, නම නං අහල පුරුදුයි. සෙන්ට්‍රල් එකේ අපේ මල්ලී එක්ක නේද ඉගෙන ගත්තේ?" මං සේරම උපකල්පන මත පදනම් වෙලා ඇහැව්වා.

වැඩේ කිරිගහට ඇන්න වගේ හරි.

"ආ ඔය මතක තියෙන්නේ! පොර කිව්වා හැබැයි මට නං කතන්දරව අඳුණාගන්න ටිකක් වෙලා ගියා."

"දැන් මං ඒ ඉස්කෝලෙන් අයින් වෙලා කොයි කාලෙද? මං උත්තර දුන්නා, දැන් ඉතිං ඉගෙන ගෙන ඉවරවෙලා, ජොබ් කරලා, කසාද බැඳලා, ළමයි හදලා, අපි හැමෝම වයසට යනවානේ ටික ටික. මේ සුභසිංහගේත් නළල ඇවිල්ලා, මහත්වෙලා තියෙන්නේ!"

දන්නවනේ? නළල එනවා කියන්නේ ඉස්සරහින් තට්ටේ පෑදීගෙන එනවාය කියන එකයි. මහත්වෙලා කියන්නේ පොඩියට වුනත් බඩක් ඇවිත් කියන එකයි. ඕවා ඉස්කෝලේ යන කාලේ තියෙන රෝග ලක්‍ෂණ නෙමේනේ. ඉතිං කාළෙකට පස්සේ මුණ ගැහුණාම කියන එක හරි ලේසියි.

සුභසිංහ ට ඒ කතාව ඇහුණද නෑහුණාද මන්දා. පොර දුකෙන් වගේ මා දිහා බලලා කියපි මෙහෙම.

"කතන්දර මේ අවුරුදු විස්සකට විතර පස්සේ මාව අඳුණා ගත්තට මට නං කතන්දරව අඳුණාගන්න බැරිවුනා නේ. හැබැයි ඒ නළල නිසා නං නෙමේ...."

".....ඇත්තටම ඔයා දැන් කළු වෙලා නේ, කතන්දර! මට මතකයි ඉස්සර ඉස්කෝලේ යන කාලේ කතන්දර නිකං -සුද්දා- වගේ නේ හිටියේ."

මට හිකිස් ගාලා හිනා ගියා.

පොර හරි හමන් "සුද්දෙක්ව" කවදාකවත් දැකලා නෑ වගේ...!!!

"ඔව් ඔව්, ඒ දවස්වලත් මං හැරී පොටර් වගේ නේ. සමහරු තාමත් මට කියනවා මං බ්‍රැඩ් පිට් වගේ ය කියලා!" මං සුභසිංහ ට කිව්වා.

-කතන්දරකාරයා

ප/ලි:
ඔය බ්‍රැඩ් පිට් කතාව නං බොරුවක් හොඳේ. හාමිනේ නං මට රැවටෙන්නේ බෲස් විල්ස් කියලයි!

මොකද මගේත් එක ඇහැක් අනිත් එකට වැඩිය පොඩ්ඩක් පුංචියි. නිකං වින්කින් වගෙයි පේන්නේ.

(image: http://cheezburger.com/jibe/lolz/View/1353215232)