Showing posts with label ෆ්‍රෙඩී සිල්වා. Show all posts
Showing posts with label ෆ්‍රෙඩී සිල්වා. Show all posts

Wednesday, 17 August 2011

මළ ගෙදරක ගිය ෆ්‍රෙඩී සිල්වා - Freddie Silva goes to a funeral


ෆ්‍රෙඩී සිල්වා මළ ගෙදරක ගිය කතාව අහලා තියෙනවාද?

ඒ කතාව මෙහෙමයි.

අපි කවුරුත් දන්නවා වගේ ෆ්‍රෙඩී සිල්වා කියන්නේ හිටපු විකට නළුවෙක්. පොර මුලින් විකට සින්දු කියලා, පස්සේ මං හිතන්නේ හැට ගණං වල වගේ තමයි චිත්‍රපටිවලට සම්බන්ධ වෙලා තියෙන්නේ.

ඒ දවස්වල තිබුණු වට්ටෝරු ගත චිත්‍රපටිවල, කොල්ලා, කෙල්ල දුෂ්ඨයා, කොල්ලාගේ සපෝටර්, කෙල්ලගේ සපෝටර් ට අමතරව ජෝකර් ලා එකෙක් දෙන්නෙක් විතරත් හිටියා පොඩි පොඩි සිල්ලර ජෝක්ස් දාන ජොබ් එකට. ෆ්‍රෙඩී සිල්වා ආවේ මෙන්න මේ ජෝකර් චරිත කරන්නයි.

ටිකක් කල් යන කොට "කොස් කටිං" හින්දාද කොහෙද ඒ කොල්ලාගේ සපෝටර් චරිතයයි, ජෝකර් ගේ චරිතයයි දෙකම එකක් කරලා නිෂ්පාදකවරු චිත්‍රපටිවල ඵලදායිකත්වය වැඩිකර ගත්තා.

මේ කම්බයින්ඩ් රෝල් එකත් හොඳට ම කරපු නළුවෙක් තමයි ෆ්‍රෙඩී සිල්වා කියන්නේ. මට මතකයි විජය කුමාරතුංග කොල්ලා ට හිතපු යසපාලිත නිර්මාණයක් රස සාගරයක් බ්‍රෑන්ඩ් එකේ චිත්‍රපටි කීපයක ෆ්‍රෙඩී සිල්වා මේ "සපෝටර් කුම් ජෝකර්" රෝල් එක කළා.

ඇත්තටම කියනවා නං මේ චරිතවල ලොකු දෙයක් තිබුනේ නෑ කරන්න. මට තේරුණු විදියට ස්ක්‍රිප්ට් එකක්වත් තියෙන්න නැතුව ඇති මේ රඟපෑම් වලට.

කෙල්ලගේ පැත්තෙනුත් පෙර කී කොස් කටිං මෙෂර් එක ගත්තු නිසා "ජෝකරී කුම් සපෝටරී" චරිත මතුවෙලා ආවා. මේ චරිතයකට ස්ටීරීයෝ ටයිප් කාස්ටින් කරලා හිටපු සමන්ති වගේ නමක් තියෙන නිළියෙක් එක්ක තමයි ෆ්‍රෙඩී සිල්වා අන්තිමේදී දීග කෑවේ.

අන්තිමේදී කියන්නේ තව දුරටත් චිත්‍රපටි හම්බවෙන්නේ නැති කාලේ සිල්ලර කඩයක් දාං හිටියනේ මේ දෙන්නා. අන්න ඒ කාලේ!

මං මුලින් ෆ්‍රෙඩී ගේ ජෝකර් රෝල්වලට තිර රචන පිටපත් තිබුනේ නෑ කියල කිව්වේ මේ චිත්‍රපටිවල ෆ්‍රෙඩියා එහෙට හැරුණත්, මෙහෙට හැරුණත්, ඇවිද්ත්, දිව්වත්, "අපෝ බං උඹේ මූනෙ හැටි දාපංකො ඕක ලොන්ඩරියට!" කියල කීවත්, වෙන මොනවා හරි එවෙලේ කටට එන එකක් කීවත්, අපි ප්‍රේක්‍ෂක ජනතාව කළේ ඔහේ හිනාවෙන එක තමයි.

පොරගේ මූණ, අතපය විසි කරන විදිය, කටහඬ සහ ගමන් විලාසයට තමයි මිනිස්සු හිනාවෙන්නනේ!

ඉතිං අත කතන්දර කෑල්ල මේකයි.

දැන් දශකයට විතර උඩදී සරසවිය පත්තරේට ද කොහෙද ඉන්ටර්වීව් එකක් දීලා තිබුණු ෆ්‍රෙඩී සිල්වා කියලා තිබුණා මෑන් අකමැතිම වැඩේ මළ ගෙවල්වල යන එකය කියලා.

මොකද දන්නවද, ඔන්න පොර ඉතාම කණගාටුවෙන් මළ ගෙදරට ගිහින් ගෙට ගොඩ වෙන්නත් කලියෙන්ම, පොරව අඳුණාගන්න අයට හිනා යනවාලූ.

කොටින්ම මේ මැරිච්ච එකාගේ ලඟම ඥතියන්ට පවා හිනා යනවාලු ෆ්‍රෙඩී සිල්වා ව දැක්ක හැටියෙම.

මේ දුක්බර මුහුණින් ඉන්න ඕනෑ මළ ගෙදරක් වගේ තැනක හිනා වෙවී ඉන්න එක බුදු අප්සෙට් වැඩක් නේ. ඉතිං ෆ්‍රෙඩී සිල්වා කරලා තියෙන්නේ මළ ගෙවල්වලට යන එක නතර කරන එකයි!

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතාවේ මට තියෙන සම්බන්ධය මෙන්න මේකයි.

මාත් මේ කතන්දර බ්ලොග් එක පටන්ගත්තේ විහිළු කතන්දර ලියන්නනේ. දැනට ලියලා තියෙන කතන්දර 430+ වලින් අති බහුතරයක් පොඩි පොඩි හරි විහිළු කතා තමයි.

නමුත් පහුගිය ඉරිදා හවස මගේ හිත ඇතුලට කඩාගෙන ආපු එක්තරා සිතුවලි ධාරාවක් නිසා මට ඇත්තටම හිතුණා, මොකක්ද මේ විදියට මේ කතන්දර බ්ලොග් එක කිරීමේ ප්‍රයෝජනේ. පොඩි බ්රෙක් එකක් අරං මේ ගැන හොඳට හිතලා මතලා බැලුවොත් නරකද කියලා.

ඒකයි මං කතන්දර බ්ලොග් එක තාවකාලිකව වහලා දැම්මේ! ඒ වෙනකොට ලියලා ඔටෝ පබ්ලිෂ් වෙන්න දාලා තිබුණ කතන්දර අවුරුදු පනහකින් ඉස්සරහට දැම්මා

වැඩේ කියන්නේ මටත් වුනේ ෆ්‍රෙඩී සිල්වා මළ ගෙදර ගියා වගේ වැඩක්. සමහරු හිතුවා මං මොකක් හරි බොරුවක්, ට්‍රික් එකක් කරනවා කියලා. කමක් නෑ, ඒත් සමහරවිට විහිළුවටම වෙන්නත් ඇතිනේ.

කොහොම හරි ඉරිදා රාත්‍රියේ හිටන් මේ ගැන හිත, හිත ඉඳලා අඟහරුවාදා වෙනකොට මගේ හිතට ටිකක් පොසිටිව්-තාවයක් ආවා. මේ ෆ්‍රෙඩී සිල්වා ගැන කතන්දරය මතක පොතෙන් උපුටා අරගෙන ලිව්වේ එවෙලෙයි.

මං අද බදාදා උදේ පාන්දර හයයි හතලිස් පහට තීරණය කළා ආපහු පිටියට බහින්න.

හොඳයි! එහෙනං කොරලා බලමු!

(image: http://www.sarasaviya.lk/2010/10/28/_art.asp?fn=sa10102818&pn=18)