Showing posts with label සන්නස. Show all posts
Showing posts with label සන්නස. Show all posts

Friday, 7 August 2009

ප්‍රීතියි! ප්‍රීතියි!! ප්‍රීතියි!!! මගේ බ්ලොග් එක උස්සලා!

අද අන්තිම ජොලි දවසක්.

මගේ බ්ලොග් එක උස්සලා කියල දැනගන්න ලැබුනා. ඉස්සුව විතරක් නං මදෑ. කොලම් එකක් විදියට මාසික සඟරාවකත් අරං. මෙතන කිසි අවුලක් නෑ. ලස්සනට මගෙ නමයි, බ්ලොග් එකේ URL එකයි දාලා තියෙනවා.

ගිහිං බලන්නකෝ මෙන්න URL එක: https://sannasa.sinhalajukebox.org/2009/Aug/2009Aug_page27.pdf

මං නොදැන උනාට මොකෝ, මේක හරිම ෂෝක් වැඩක්. ඒකයි ප්‍රීතියි, ප්‍රීතියි කිව්වෙ. සන්නස කාරයාට ජයවේවා. මිනිහා කොහොමටත් අපි වගෙ අයට තැන දෙන හොඳ පොරක් කියලයි ආරංචිය.

මට තියෙන්නෙ එක ප්‍රශ්ණයයි.

සන්නස සඟරාවට දිගටම කතන්දර බ්ලොග් එකෙන් උස්සලා දායිද? නැත්තං මේක වන් ඕෆ් එකක් වෙයි ද කියන එකයි.

කොහෙම උනත් දැනටම කතන්දර කාරයාගෙ කොම්පියුටරේ කතා තිස් ගානක් (30+) තියෙනව. ඔක්තෝම්බර් යනකං අඩුවක් නැතුව දාන්න සතියට දෙක ගණනේ.

මගේ බ්ලොග් එකට සන්නසෙන් සපෝර්ට්. මගෙනුත් මෙන්න සපෝර්ට් එක.

සන්නස වෙබ් අඩවිය මෙන්නඃ https://sannasa.com.au/digital-magazine/

සන්නස ආරම්භයේ සිට සඟරා බලන්න යන්න මෙතෙන: http://sannasa.sinhalajukebox.org/

ඉදිරියටත්, සන්නස කාරයාට ඔන්නං කතන්දර කාරයාගෙ බ්ලොග් එකෙන් හොඳ කෑලි ගත්තාවෙ. මට මොකෝ.

මේ සයිබර් අවකාසෙට මේ කතන්දර දාන්නෙ බදාගන්න නෙමේ බෙදාගන්නනෙ!

ඒ අන්තිම කෑල්ල මං උස්සපු එකක්. ඒ බූන්දි වෙබ් අඩවියෙන්.

- කතන්දරකාරයා