Showing posts with label බ්ලොග් මැරතන්. Show all posts
Showing posts with label බ්ලොග් මැරතන්. Show all posts

Sunday, 25 April 2010

මදුරුවාට ලැබුණු තෑග්ග : KK-BM7


ඉස්පිරිතාලෙ නං මදුරුවො හිටියෙ නෑ. කොහොමටත් මං ඩියුටි කලේ දවල්නෙ.

ඒකටත් එක්ක ගෙදර!

මැට් එකක් ප්ලග් කරල තිබුණත්, කොයිල් එකක් පත්තු කරල තිබුණත් මදුරුවො ඉඳල හිටල දෙනව ඇටෑක් එකක්.

ඔය අව් අස්සෙ මට මතක් වුනා මෙන්න මේ පරණ කතාව.

ඔන්න ඉස්සර දවසක දෙයියො මැව්වලු සත්තුන්ව. එහේ ඉඳල මේ ලෝකෙට එවන දවසෙ තෑගි දුන්නලු හැමෝටම.

ඔටුවට වතුර ගෙනියන්න මොල්ලියක්, වඳුරට ගස් උඩ ඇඟ බැලන්ස් කරගන්න වලිගයක්, හාවට දුවන්න කකුල් යනාදී ප්‍රයෝජනවත් දේවල්.

අන්තිමේදී එතනට ගිය මදුරුවට දෙන්න දෙයියො ලඟ කිසිම දෙයක් තිබුනෙ නෑ, තමන්ගෙ නියනට (chissel) අමතරව.

නියන දුන්නට මදුරුව කැමතිවෙලා නෑ වැඩිය. අර සමහර ඇමතිවරු වගේ.

"නියනකින් විතරක් මං මොනව කරන්නද?" පොර ඇඬුම්බරයි.

"ඔන්න ඔහෙ, ඕක අරං යනව. ගියාම එහෙදි හමබවෙයි මිටියක්."

ඉතිං මදුරුව ආව මේ ලෝකෙට තිබ්බ මගෙ කකුලෙන් උගෙ නියන.

චටාස්!

ඒ ඇහුනෙ, මිටියෙ සද්දෙ!

කතන්දරකාරයා