Tuesday 6 April 2010

නපුරු ගුරුවරුන් ගෙන් ගැලවෙන්නම බැරිද?


නපුරු ගුරුවරු ගැන මේ කතන්දර වැල මං පටන් ගත්තේ ඊයේ පෙරේදා දවසක ශාන්ත පාවුළු (St Paul) එකේ ළමයෙකුට විදුහල්පති දුන්න දඬුවමක් නිසා කොන්දේ ඔපරේෂන් එකක් කරන්න වුණු බව අහලයි.

මට ලැබෙන කමෙන්ටු වලින් පේන්නේ අපේ කෂ්ටිය ඉස්කෝලෙ යන කාලෙ හොඳට ගුටි කාපු අය බව විතරක් නෙමේ, මේ නපුරු ගුරුවරුන් ගැන අත්දැකීම් හරිම සර්වකාලීන පොදු අත්දැකීම් කියන බවයි.

මං ලියපු මගෙ ලේ සෙලවුණ විදුහල්පති වේවැල් පාර, හෝඩියේ පන්තියේ ටීචර් කරපු පස්ස පුළුස්සන තර්ජනය, දෙකේ පන්තියෙ මන්තරකාරි ටීචර් ගේ බ්ලේඩ් තල තර්ජනය කියන කතන්දර හැම එකක්ම පදනම් වුනේ මං කණිෂ්ඨ ඉස්කෝලෙට යන කාලේ අත්දැකීම් මතයි.

අද මං කියන්න යන්නේ මං හයේ පන්තියෙ ඉඳල ගිය ටවුමෙ පාසැලේ සිද්ධියක්.

අපි හතේ පන්තියෙ ඉන්න කාලෙ අපේ ඉස්කෝලෙට අළුතින් කෙල්ලෙක් ආව. නම නිශානි. එයා ඉස්කොලෙ හිටියෙ ටික කාලයයි නිසා ඩයල් එක එච්චරම මීටර් වෙන්නෙ නැතිවුනත් සුන්දර යුවතියක් වගෙයි මගෙ මතකයෙ රැඳිල තියෙන්නෙ.

අපේ ඉස්කෝලෙට අපි නං ගියේ තරග විභාග පාස්වෙලා පොරවල් විදියටයි. නමුත් ටික දවසක් යන කොට ඔය විභාග මොනව වුනත් ළමයි එන්න පටන් ගත්ත හැම වාරෙම දෙතුන් දෙනෙක් ගානෙ. අපිට තරග විභාග තිබ්බට ටීචර් ල ගෙ පවුල් වල ළමයින්ට ඒ වැට කඩුළු නෑ නොවැ.

නිශානි ගෙ පුංචි අම්ම අපේ ඉස්කෝලෙ ටීචර් කෙනෙක්.

මේ කෙල්ල ආපු දවස්වලම කොල්ලො ටික දෙනෙක් නෝට් කළා එයා නිකං ඉන්න වෙලාවට මොනවද තොල් මතුරනව කියල. මං හිතන්නෙ ඒ ළමය නිතරම සින්දුවක් කිය කියයි හිටියෙ. ඔන්න මට දැනුයි මතක් වුනේ, එයා අපේ ඉස්කෝලෙ හිටිය ටික කාලෙට පන්තියෙ කෙල්ලො ටිකත් එකතු කරගෙන නාට්‍යයක් ලියල නිෂ්පාදනය කරගෙන ගියා, එයා ගෙ පුංචි අම්ම වලියක් දාල ඒක කඩාකප්පල් කරන තුරුම.

කොහොමින් කොහොම හරි පන්තියෙ කොල්ලො නිශානි ට නමක් පට බැන්ද මන්තරකාරි කියල. ඒ අර සින්දු හම් කර කර ඉන්න නිසයි.

මම තමයි මේ දවස්වල පන්ති නායකයා. (ඒකත් නියම කතන්දරේ, පස්සෙ දවසක කියන්න මකරා ගෙන් ඉල්ලීමක් දෙකක් ආවාම!) එක දවසක් ටිචර් කෙනෙක් නැති ෆ්‍රී පීරියඩ් එකක, කොල්ලො කීප දෙනෙක් ගෙ විහිළු නිමක් නැතුව ගියා. මං කිව්වට උන් සත පහකට ගනං ගත්තෙ නෑ.

ඊ ලඟ දවසෙ උදේ පාන්දරම අපේ පන්තියට ආවෙ අංශ භාර (Section Head) ප්‍රධානියායි. දැක්කහම අපිට දුවන් හිතෙන තරම් වස මූණක් තියෙන පොරක් තමයි මේ ටර්පන්ටයින් ගුරුතුමා. හැබැයි වේවැලක් නං පාවිච්චි කලේ නෑ.
නිෂානි ගෙන පුංචි අම්මට, එතනින් ටර්පන්ටයින් ට ගිහින් වගේ කලින් දවසෙ වුනු දේවල්.

ටර්පන්ටයින් ආව පන්තිය ඉස්සරහට. සේරම කොල්ලො කෙල්ලො නැගිට්ට. ඇත්තටම නං නැගිට්ටවුනා.

"කවුද නිශානි ට ඊයෙ විහිළු කරල කරදර කලේ?"

කවුරුත් කතා නෑ. මොන කතාද? අපිට මේ ටොයිලට් යන්න ඕනැ, ඕනැ, වගේ.

"නිශානි කවුද ඔය ළමයට විහිළු කළ පිරිමි ළමයි?"

නිශානි පෙන්නුව අපේ පන්තියෙ හිටපු ජයශාන්තව. කලින් දා පිස්සු කෙලපු අය ගෙන් එකෙක් තමයි ඌ.

"ජයශාන්ත මෙහෙට එනව!" ටර්පන්ටයින් කෑ ගැහැව්ව.

ආපු ගමන් ඇදල ගත්තෙ නැත්ද කලිසමේ බඩ හරියෙන්. පොරට නං අනිවා චූ බර වැඩි වෙන්න ඇති බයටම.

"වෙන කවුද විහිළු කලේ?"

නිශානි සද්ද නෑ. මේ කෙල්ල ඇවිල්ල සති දෙකයි. මං හිතන්නෙ නෑ කොල්ලන් ගෙ මූණු එහෙමට මතක තිබුණ කියල.

"මේ කතන්දරකුමාරත් විහිළු කළාද?"

නිශානි ඔළුව වැනුවද කොහෙද. මෙන්න බොලේ ටර්පන්ටයින් කාරය මාවත් ඇදල ගත්තෙ නැද්ද බඩෙන්ම.

මට රිදුනට වැඩිය මාර ලැජ්ජාවක් ආවෙ. මං පන්තියෙ පලමුවෙනියා වාර විභාගෙදි. ඒ මදිවට පන්ති නායකය. මට මේ වෙන දේ අදහන්න බැරුව ගියා. අවංකවම, මං නිශානි ට මන්තරකාරි කියල විහිළු කළා තියා, කරන්න තුන් හිතකින්වත් හිතුවෙවත් නැති හින්ද.

"අපේ පන්තියෙ කොල්ලො විසි දෙනෙක් විතර හිටිද්දි ඇයි මාවම මේ ටර්පන්ටයින්කාරය ඇදල ගත්තෙ?
ඇයි අනිත් අය ගැන ඇහුවෙ නැත්තෙ?
නිශානි ඔළුව වැනුවොත් මං වැරදිකරු වෙනවද? අර පස්සෙ කාලෙ බිල්ලො දාල ජේවීපී අයව ඇල්ලුව වගේ.
පුදුම නඩු ඇහිල්ලක් නෙ ඒක."

එත් ඉතිං ඕව මගේ හිතේ විතරක් කියවුනු තර්ක.

මට දුක මෙන්න මේකයි. ඒ අවුරුද්ද ඉවරවෙන්නත් කලින් නිශානි අපේ ඉස්කෝලෙන් අස්වෙලා ගියා. ඒ යන්න කලින් අනේ මට කියාගන්න බැරිවුනානෙ මං එයාට හිනාවුනේ නෑ කියල.

කතන්දරකාරයා

20 comments:

  1. හරි අපරාධයක්නේ. දැන් එයා කොහෙද දන්නෑ නේ.හම්බුනු දාක ඕක අහගන්න.

    ඔන්න පලවෙනි ඉල්ලීම..
    පන්ති නායක කම ගැන කතන්දරේ ලියන්න

    ReplyDelete
  2. කතෙ අයියා නිශානිට රිටන් එක දුන්නෙ නැද්ද සද්දෙ නැතුව හිටියද ඉට පස්සෙ...?

    ReplyDelete
  3. "මේ කතන්දරත් විහිළු කළාද?"

    ඒ කාලෙත් කතන්දර වලට ප්‍රසිද්ධ වෙලා ​හිටි​යද?

    ReplyDelete
  4. උඹ ඒ කාලෙත් කතන්දර කිව්වද ??
    මොනව උනත් රිටර්න් එක දෙන්න එපැයි

    ReplyDelete
  5. "ඒ යන්න කලින් අනේ මට කියාගන්න බැරිවුනානෙ මං එයාට හිනාවුනේ නෑ කියල"

    නිශානිව දන්න කෙනෙක් ඉන්නවනම් මේ ලිපිය පෙන්නන්ඩෝ. ඒක නෙවෙයි අපි මේක පත්තර වල දාමු. එතකොට නිශානි දකියිනෙ.

    අනේ කශූ. ඔයා පන්තියෙ කබරගොයා වෙච්ච කතාවත් කියන්නකෝ.( ඔන්න පළවෙනි ඉල්ලීම. දෙවෙනි ඉල්ලීම මාස 5කට පස්සෙ බලාපොරොත්තු වන්න )

    ReplyDelete
  6. "ඒ යන්න කලින් අනේ මට කියාගන්න බැරිවුනානෙ මං එයාට හිනාවුනේ නෑ කියල"

    ඕව මොනාද කශු අපි හිත්වල කොයිතරම් දේවල් තියන් පසුතැවෙනව ද?

    සමහර විට එයා ඒ වෙලාවෙ එහෙම කීවට. එයත් දන්නව ඇති ඔයා එහෙම හිනා වුනේ නෑ කියල. එයත් පසු තැවෙනව ඇති අපරාදෙ මම ඔවු කීවෙ කියල.
    ගුරුවරයා අහපු නිසා ඔවු කියන්න ඇති . පසුතැවෙන්න එපා ....

    ReplyDelete
  7. කතන්දර කුමාර ඉතින් අහිංසක ලමයා නිසා පලි ගන්න එහෙම හිතන්නෙ නැතිව ඇති නේද?

    ReplyDelete
  8. @ගයාන් තාරක

    අතීතය ගෙවිල ඉවරයි. අපේ ජීවිතවල වෙන දේවල් හැටියට මේව නිකං හුලං විස්කෝතු.

    පන්ති නායක කතාව ලඟදීම ලියන්නං.

    කතන්දරකාරයා

    ReplyDelete
  9. නපුරු ගුරුවරු ගැන ලියනව වගේම අර අටපට්ටම් පැන්සල දීපු විදුහල්පතිතුමා වගේ හොඳ ගුරුවරු ගැන ලියන්නත් අමතක කරන්න එපා

    ReplyDelete
  10. @ රවා
    @ nadeesthoughts

    ඇත්තටම මං හොඳ ළමයෙක් (සහ තවත් හොඳ වෙන්න බලපු කෙනෙක්).

    පලිගන්නව තියා නමය පන්තියේ තුන්වන වාරය වෙනකං මං කිසිම කෙනෙක් එක්ක තරහ වෙලා වත් නෑ.

    එදා වුනේත් තරහවක් නෙමේ, ණොසලකා හැරල ඉඳීමක් විතරයි.

    (ඒ කතාව නං ලියන්නේ නැත!!)

    කතන්දරකාරයා

    ReplyDelete
  11. @ තිලාන්
    @ පිස්සා පලාමල්ල

    ඒ දවස්වල කතන්දර ලිව්වෙ නෑ, සේරම හිත ඇතුලේ save කරගත්තා විතරයි.

    ReplyDelete
  12. @ චානක අරුණ මුණසිංහ

    මොනිටර් කතාව ලියන්නං ලඟදීම, ඇත්තටම මං ලියන්ණ ඕනැ ඒවගේ ජොලි කතා තමයි. මේ ගුටිකන කතා නෙමේ!

    ReplyDelete
  13. @ Wath

    You said:
    "එයා ඒ වෙලාවෙ එහෙම කීවට. එයත් දන්නව ඇති ඔයා එහෙම හිනා වුනේ නෑ කියල. එයත් පසු තැවෙනව ඇති අපරාදෙ මම ඔවු කීවෙ කියල. ගුරුවරයා අහපු නිසා ඔවු කියන්න ඇති . පසුතැවෙන්න එපා ...."

    කොහොමද ඔයා මේ සේරම විස්තරේ බලං හිටිය වගේ කියන්නේ? මට නං සැකයි ඔයාව!!!

    ReplyDelete
  14. @ Chanaka

    අටපට්ටම් දුන්න තමයි, අනිත් අතේ වේවැල. මට ඊට කලින් අවුරුද්දෙ විසර ගෙඩියක් පැලිල ලේ එන්න වේවැලෙන් දුන්නෙ උන්දැ තමයි.

    ReplyDelete
  15. @ කශු
    හීනේන්වත් ඒ මම වෙන්න බැහැ. මොකද දන්නවද මම ගියේ බාලිකා විදුහලකට. මිශ්‍ර පාසලක් කියල ගියේ ඉතින් හුලංදාව කණිටු විදුහලට (විශ්ව විද්‍යාලයට) තමයි. අනික මම මේ කේලාම් කියන කෙල්ලෙක් නෙමෙයි අනේ....

    ReplyDelete
  16. Class Monitor කාලේ හොඳ හොඳ ඒවා වෙන්න ඇති නේද ?

    ඉතින් ටර්පන්ටයින් සර් මොකද කලේ ?

    ReplyDelete
  17. පන්ති නායක කම ගැන කතන්දරේ ලියන්න ඉක්මනටම.
    :D

    ReplyDelete
  18. Chaminda Ayya -Dhaka28 July 2010 at 17:19

    Malli
    Kathawanam maru. for get it. Apith Oyawage Tinkiri kala thiyenawa. Mama hena Nawgutiyaka Kawa Niraparade. Big Match Seen ekakata Iskole Sir Kenek gen,
    Onenam Liyannam Kathawa.

    ReplyDelete
  19. Thaxilawa apita num hithe hangagena idapu ewa godak thiyenawa

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.