
අප්‍රියෙල් මාසෙ දහඅටවෙනිද, අසනීප වෙලා ඉස්පිරිතාලෙට ඇතුලත් කළ තාත්තාව බලන්න ගමට යන නිසා කතන්දර බ්ලොග් එක තාවකාලිකව වහනව කියල මං පොස්ට් එක දාපු දවසෙ ඉඳන් තාත්තාට ඉක්මන් සුවය පතා ආපු පණිවිඩ වලින් අඩුවක් වුනේ නෑ.
ඒ හැමෝටම මගේ ස්තුතිය නැවතත්.
මුදලින් පවා මට උදව්කරන්න කිසි දිනක මාව නොදැකපු, කතා නොකරපු අය ඉදිරිපත් වුණු හැටි දැකල, ඇහැට කඳුළු බිඳුවකුත් නාව නෙමේ!
මං සැරයක්, දෙකක්, තාත්තාගේ සුව දුක් ගැන ලිව්වා.
ඒ එක්කම ඉස්පිරිතාලේ ඉන්දැද්දි, උදේට කාපු හැටි, පාන් කාපු හැටි, පස්සෙ මදුරුවො මාව කාපු හැටි ගැනත් කතා ලිව්වා.
මේ දවස්වල ඊ-මේල් සෑහෙන්න එනවා තාත්තාගේ සුව දුක් අහලා.
ඒ හැමෝටම වෙන වෙනම උත්තර ලියනවාට වඩා, මේ විදියට, අළුත් පෝස්ට් එකක් දාන එක හොඳයි කියල මට හිතුණා.
තාත්තට දැන් හොඳයි, ඒ කියන්නෙ එදා ඉස්පිරිතාලෙට ඇතුලත් කරපු දවසට වඩා හොඳයි. නමුත් ඉතිං ඊට කලින් හිටිය තත්වෙට නං තාම ආවෙ නෑ.
තාත්තගෙ වයස ගැනත් හිතුවහම, ඉතිං, දොස්තරලටත් ලොකු සැකයක් තියෙනව සම්පූර්ණයෙන් ම සුව වීම ගැන. ජීවිත ඔහොම තමයි.
අද නාරද දිසාසේකර ගෙ මරණෙ ගැන අහන්න ලැබුණ. අපි කවුරුත් මැරෙනවනේ කවද හරි. මා ගැනත් මං පොඩි ඉඟියක් කළා කලින් දොහක.
ඉන්න කං හොඳින් ඉඳිමු.
සියළු දෙනාටම නැවතත් ස්තුතියි.
කතන්දරකාරයා
ප/ලි
හැමදාම උදේට, කතන්දර බ්ලොග් එක කියවල ජීවිතේ ෆ්‍රෙෂ් කර ගන්නව කියල නොදුටු පාඨකයෙක් ලියල එවල තිබුණ පෙරේද. මගේ ජීවිතෙත් ෆ්‍රෙෂ් වුනා ඒ ඊ-මේල් එක බලපු වෙලාවෙ.
ඔබේ පියානන්ට...නිරොගි සුවය ලබේවා !
ReplyDeleteප/ලි ලියලා තියෙන එක ඇත්ත, අපිත් එහෙම තමයි, හැමදාමත් ලියන්න, තාත්තාට ඉක්මනින්ම නිරෝගි සුවය ලැබේවා !!!!!!
ReplyDeleteමම සිංහලෙන් බ්ලොග් ලියන්න හිතුවේ දෙන්නෙක් නිසා. එක්කෙනෙක් දුකා. අනිත් කෙනා කසූ. මේ බ්ලොග් එක මම දෙවනියට ලියවපු සිංහල බ්ලොග් එක. පලවෙනි එක දුකාගේ. සාහිත්‍යට වඩා පුදුම සත්‍යයේ කතා දිගටම ලියන්න ලැබේවා කියල වගේම තාත්තට ඉක්මන් සුවය ලැබෙන්නත් කියල ප්‍රාර්ථනා කරනව.
ReplyDelete෴ කතන්දර තමයි මම දැක්ක හොඳම බ්ලොග් ලියන්න... මොකද දන්නවද .. තමන්ගේ අන්න්‍යතාවය රැතගෙන ලස්නට ලියන නිසයි... බලන්න මම ලියන හැටි. මට මාව ආවරණය කරගෙන ලියන්න හරිම අමාරුයි....මම ලියන වචනයක් එහා මෙහා වුනත් කියවන අය දන්නව මගේ මානසික තත්ත්වය කොහොමද කියල...
ReplyDeleteකතන්දරගේ කතන්දර වල මතුපිටින් පෙනෙන හාස්‍ය රසයට එහා ගිය දෙයක් හැම කතන්දරයකම තියෙනව....
කතන්දරට හොඳට කවි ලියන්නත් පුලුවන්.නේද?
මම කතන්දරව වර්ණනා කරා කියල හිතන්න එපා... වර්ණනා කරන එක තමයි සිංහල ජාතිය අඩුවෙන්ම කරන දේ ( ඒ හිතේ තියන ඊර්ෂාව නිසයි)
කතන්දර වගේ කෙනෙක්ව මේ ලෝකේට දායාද කරපු කතන්දර තාත්තාටත් නිරෝගී සුව පතමු෴
මම
෴වත්෴
ඔහොම අල්ලගෙන යමු.
ReplyDeleteකතන්දර,
ReplyDeleteතාත්තට ඉක්මනින් සුවය ලැබෙයි. කතන්දර කියවන, comments දාන නොදාන අපි හැමෝගෙම පැතුම ඒකයි. අසෙනිය කුසුමටත් එහා ගිය සම්මානයක් පාඨකයන්ගෙන් කතන්දරට දැන් ලැබිල ඉවරයි. ඉතින් ඒ සම්මනය දිගටම රඳ්වගන්න අවශ්ය ධෛර්ය ශක්තිය ලැබේවා කියල ප්‍රාරථ්නා කරනව..
( මේ බ්ලොග් එක තව දුරටත් උඹේ නෙමේ දැන් මේක අපේ...ඉතින් දිගටම ලියපන්...අපි ඉවසිල්ලක් නැතිව බලන් ඉන්නව කියවන්න )
මමත් internet log වුණු ගමන් බලන මුල්ම blog එක තමා අපේ කතන්දරසූරීන්ගේ blog එක. අම්මපා අමූලික ඇත්ත
ReplyDeleteතාත්තලා අපි ගාව හැමදාම ඉන්නෙ නැහැ, නමුත් අත දිග තියන මානයෙ ඉන්නකම් අපි අපෙ වැඩ ටික කරන්න ඔනා. කතන්දර ආතා හරිම වාසනාවන්තයි තාත්තා ලග ඉන්නවා..
ReplyDeleteතාත්තට ඉක්මනින්ම හොඳ නිරෝගී සුවය අත් වෙන්න පතනව අයියේ.......!!!!
ReplyDeleteපියාණන්ට ඉතා ඉක්මනින් හොද වේවා!!
ReplyDeleteමැරෙන වෙලාව එනකම් ඔන්න ඔහේ ලියමු
ReplyDeleteඔබේ පියා ට ඉක්මන් සුවය පතමි.....
ReplyDeleteඔබේ පියාණන්ට ඉක්මන් සුවය පතමි.
ReplyDeleteතාත්තාට ඉක්මන් සුව පතනවා...
ReplyDeleteඔබ සියළු දෙනාටම මගේ හදපත්ලෙන්ම ස්තුතිය.
ReplyDeleteඅනේ තාත්තාට මේවා බලන්න තියෙනවා නම්!
දුක තමයි ළමයිනේ.
උඹලාගේ තාත්තලාට හොඳට සලකාපල්ලා!!!
තාත්තාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා මමත්.
ReplyDelete