Wednesday 19 May 2010

චූ කතා, කඳුළු කතා සහ හොටු කතා


මේක නං කතන්දරයක් නෙමේ, මගේ හිතේ පැන නැග්ග පොඩි ප්‍රශ්ණයක්.

ඔය ප්‍රශ්ණ විචාර තරගය ගැන කතන්දරයි, චූටි ටීචර්ගෙ කතන්දරයි ලියන්න කලින් මං පහුගිය දවස්වල චූ කතා සීරිස් එකක් ලිව්ව මතකයි නේද?

මුලින්ම - අර ඔන්ඩච්චිගෙ ආච්චිගෙ කතන්දරේ.

ඊ ලඟට - අපි චමරියේ දි චූ කරපු හැටි කතන්දරේ.

ඊටත් පස්සේ - කැතීටර් ගැන කතන්දරේ.

අන්තිමට වැසිකිලිය, කැසිකිලිය සහ ගඳකිලිය කතන්දරේ.

අන්තිමේ දි මං කිව්වා අදින් චූ කතන්දර ඉවරයි, හෙට ඉඳල "කඳුළු කතන්දර" පටන් ගන්නවා කියල.

මෙන්න ඒකට ප්‍රතිචාර සෑහෙන්න ආපි, "අනේ අප්පේ කඳුළු කතා නං එපා" ය කියල.

මට අද වෙනකං හිතාගන්න බෑ ඒ ඇයි කියල.

සමහරවිට ඔය "කඳුළු කතන්දර" එපාය කියන ඇත්තෝ එහෙම කියන්නේ ඒ කතන්දර කියවලා ඒ ගොල්ලන්ට අඬන්න වේවිය, තමන්ට ඇඬෙන එකට කැමති නැතිය වගේ හේතු කාරණා නිසා වෙන්න ඇති.

නමුත් මෙතන පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.

කඳුළු කතාවලට ඒ විදියට දුක හිතෙනව නං, ඊට පස්සේ ඇඬෙනව නං, ඒ කියන්නේ මං ලියපු චූ කතාවලට චූ බර හැඳිල, ඊට පස්සේ චූ ගියාද?

ඒ විදියට ඉතිං හොටු කතන්දර කියවනකෙට හෙම්බිරිස්සාව හැදෙයිනේ, නේද?

ළමයිනේ "කඳුළු කතන්දර" කියන්නේ කඳුළු එන කතන්දර නෙමේ. කඳුළු ගැන කතන්දර.

ඔය මොනව වුණත්, මගේ කතන්දර දාන්න කලින් මගේ රසිකයෝ එවපු කතන්දර දාන්න තියෙනව.

තරහ අවසර!

කතන්දරකරු

3 comments:

  1. මං නං කියන්නෙ කඳුළු කතන්දර ලියන්නමයි කියල.

    ReplyDelete
  2. @ සුපුන්

    මං හිතන් ඉන්නේ කඳුළු කතන්දර ගොඩක් එකතු කරලා එක දවසක, ඒක පුද්ගල මැරත්න එකක් තියන්නයි.

    අනිවා ඩෙෆා දිනන්නත් පුළුවන්නේ!

    ReplyDelete
  3. ලියන්ඩ ලියන්ඩ..

    තරහ අවසරයි!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.