
රෝහල් සායනක පොරොත්තු කාමරයක සීයලා තුන් දෙනෙක් කතා බහක නිරතව සිටියහ.
එක් සීයා කෙනෙක් මෙලෙස පැවසීය.
"මගේ වයස දැන් අසූවයි. මට තියෙන ප්‍රශ්ණේ තමයි මේ චූ කරන්න අමාරු එක. ඔන්න මං උදේ හතට නැගිටිනවා. එතැන ඉඳලා උදේ අට විතර වෙනකං කරන්නේ ටිකෙන් ටික චූ දාන එකයි. එක පාරට දාන්නත් බෑ. කොච්චර දැම්මත් ඉවරයක් නෑ. මේ නාකි වෙන එක නං හරිම ලෙඩක්!"
ඒ ඇසූ දෙවෙනි සීයා මෙසේ පැවසීය.
"මගේ ප්‍රශ්ණේ ඊට වැඩිය දරුණුයි. මට දැන් වයස අසූ පහක් වෙනවා. මං උදේ හතට නැගිටලා, උදේට කාලා බීලා, උදේ අටට විතර ටොයිලට් යනවා කක්කා කරන්න. ඒත් කරගන්නම බෑ. කොච්චර කළත් ඉවර වෙන්නෙත් නෑ. අන්තිමේ දී උදේ නමය වෙනතුරුමත් ටොයිලට් එකේ ඉඳලා තමයි වැඩේ ඉවරයක් කර ගන්නේ. මේ නාකි වෙන එක නං හරිම ලෙඩක් තමයි! මොකට කියනවාද ඒක?"
දැන් තුන්වෙනි සීයා ගේ වාරයයි.
"මගේ වයස දැන් අනූවයි. මට නං ඔය කිසි ප්‍රශ්ණයක් නෑ!"
"මොනවා. තමුසේ හරිම වාසනාවන්තයි නේ එහෙනං!" අනෙක් සීයලා දෙන්නාගෙන් පළමු සීයා පැවසීය.
"ඒ කියන්නේ චූ කරන එක සහ කක්කා කරන එක ඔහේට හොඳට, නිසි පිළිවෙලට, වෙනවාද?" දෙවෙනි සීයා ඇසීය.
"ඔව්, ඔව්, කිසි අවුලක් නෑ. මං උදේ හතට විතර චූ කරනවා. උදේ අටට විතර කක්කා කරනවා. උදේ නමයට විතර මට ඇහැරෙනවා!"
මේ කතාව ලිව්වේ වයසක පොරවල්වලට අපහාස කිරීමට හෝ රෝගී තත්වයන්ට සිනාවීමට හෝ නොවේ.
ඇත්තටම මෙය වයසක අයගේ රෝගාබාධ පිළිබඳව කටයුතු කරන වෘද්ධචිකිත්සක විශේෂඥයින් (Geriatricians) ගේ කලාපීය සම්මන්ත්‍රණයක රාත්‍රී භෝජන සංග්‍රහක දී එහි මාස්ටර් ඔෆ් සෙරමොනි විසින් කළ කතාවේ අන්තර්ගත වූ යාන් හෑල්ලක් නොහොත් කතන්දරයකි.
ඉන්දික උපශාන්ත සහෘදයා තමන්ගේ සැහැල්ලුව බ්ලොගයේ ලියූ "සුනිල් පෙරේරාගේ දුන්තෙල් බත් දන්සැල" කියන ලිපියේ ඔහුට කෙලින්ම සම්බන්ධ කොටස් හිතා මතා කපා ඉවත් කළ ස්ටැන්ලි ප්‍රනාන්දු නමැත්තෙක් එයට තමන්ගේ නම යොදා එවූ විට එම කතාව තම පුවත් පතේ පළකළ ලක්බිම ඉරිදා සංග්‍රහයේ සංස්කාරකවරුන්ට අනුව ඉන්දික ඒ ලිපියේ මුල් රචකයා පමණි. අයිතිකරු නොවේ!
ඒ අනුව, ස්ටැන්ලි ප්‍රනාන්දු එහි දෙවෙනි රචකයා ය. ඔහු ගේ රචනා කර්තව්‍යය වී ඇත්තේ ඉන්දික ගේ ලිපියේ ඉන්දිකට සම්බන්ධ කොටස් කපා ඉවත් කිරීම පමණක් වීම ප්‍රශ්ණයක් නැත!
ලක්බිම තර්කයට අනුව බලන විට මා මේ "සීයලා තුන් දෙනා ගේ චූ සහ කක්කා කතාවේ" දෙවෙනි රචකයා විය යුතුය.
-කතන්දරකාරයා
පලි:
අනිත් අතට බලන විට මා මේ කතාව ලියූයේ අර අයීබීඑම් කම්පැටිබල් කොම්පියුටර් සෑදූ වා යැයි කියවෙන ක්‍රමයට තරමක් සමාන විදියකට යැයි සිතමි.
තිලක සිත බ්ලොගයේ ඊයේ පළවූ "කහ පාට කොඩි කතාව" ද ඒ ආකාරයේ එකකි.
(image: http://othersiderainbow.blogspot.com.au/2011/03/hyuk.html)










