Followers

Monday, May 17, 2010

චීචර් කෙනෙක් විසින් කතන්දරකාරයාට ලියා එවූ දෙවෙනි කතන්දරය


මට චීචර් කෙනෙක් මේ කතන්දර බ්ලොග් එකේ දාන්න කියල කියපු මුල් කතාව මීට විනාඩි ගාණකට කලින් පලකළා.

මේ ඒ ටීචර් ලියා එවූ දෙවෙනි කතන්දරයයි. (පොඩ්ඩක් සංස්කරණය කළා.)

=============================================
සාම්පූර්වලට ගහපු ගැහිල්ල

මේ කියන සිද්ධිය උනේ මං උගන්නන කාලෙ.

එහෙම කිව්වම හිතෙයිද දන්නෙ නෑ මං පෙන්ෂන් ගිය ටීචර් කෙනෙක් කියලා.

නෑ මම ආදරය හින්ද රස්සාව දාලා ආපු කෙනෙක්. කොහොම උනත් මගේ විස්තර නම් බ්ලොග් එකට දන්න එපා හොදේ.

මම ඉගැන්නුවෙ ගණිතය. දවසක් මම අටේ පන්තියෙ උගන්නනවා. ඊට එහායින් තියෙන්නෙ තුනේ පන්තිය.

ඒ පන්තිය භාර ටීචර් ටිකක් සැරයි. ටිකක් නෙමේ හුගක් ම සැරයි. නම කාන්ති. අවිවාහකයි. පෙනුම ඉන්ද්‍රාණි පෙරේරා වගේ. හපොයි එයත් කාන්ති පෙරේරා.

ඒ කාලෙ තමයි සාම්පුර් වල ඉදන් කොටි ත්‍රිකුණාමලේ ට ගැහුවෙ.

ඒ කාලෙ අපිත් සද්දෙන් කියන්න දන්නව පිපුරුවෙ, බිම් බෝම්බයක් ද? බට්ටෙක්ද? කාල තුවක්කුද? මල්ටි බැරල් ද කියල.

අතුරු කතා කියල වැඩක් නැහැ අනේ. ඔන්න මම ගණන් හදන්න දිලා හදනකම් බලාගෙන ඉන්න අතරේ ළමයි ටික ටික කසු කුසු.

ඇහුවට කීවෙම නැහැ. ටිකක් සද්ද කරලා ඇහුවම කියනවා, සාම්පුර් වලට ගහන සද්දෙ ඇහුණ ලු.

අනේ මට නම් ඇහුණෙ නෑ. සාම්පුර් වලට ගැහුවනම් කණ ලග ගැහුව වගේ ඇහෙන්න ඕන.

මටත් තද උණා. ඒ ගමන අටේ පන්තියෙ ළමයි මට කියනවා අහගෙන ඉන්න එතකොට ටීචර්ටත් ඇහෙයි කියලා.

අනේ දෙයියනේ! ඊට ටිකකට පස්සෙ මටත් ඇහුණා, මල්කාන්ති ටීච පොඩි උන්ට තඩිබානවා.

අටේ පන්තියෙ ළමයි ඒ සද්දෙට තමයි කියන්නෙ සාම්පුර් වලට ගහනවා කියලා.

=============================================

ආයෙමත් අපේ ටීචර් කතන්දර එව්වොත් ඉතිං පලකරන්නම්. එතකං බලන්නකො මේ දිව උලුක්කු වෙන පද වැල්.

කතන්දරකාරයා

7 අදහස්:

  1. අද ටිචර්ගේ කතන්දර මැරතන්......හිකිස්...........

    එල.....එලටම් එල

    ReplyDelete
  2. හොඳයි රසයි.............

    ReplyDelete
  3. හැබැයි රජෝ ඉන්ද්‍රානී පෙරේරා කියන්නෙ
    අහිංසක ආතල් නැවක්.....
    ඒක මම පෞද්ගලිකවම දන්නව.....

    පෙරේ.... රා කියන්නේ ඉස්සර රා පෙරපූ අයටද?

    ReplyDelete
  4. යුද්දේ තිබ්බ කාලේ ක්ලේමෝ බෝම්බ, මල්ටි බැරල්, බබා මෝටාර්, වගේ වචන සාමාන්‍ය ජනතාවගේ වගේම පොඩි එවුන්ගෙත් ශබ්දකෝෂවලට එකතුවෙලා තිබ්බේ.

    නියම කතාව. තව කතා ටිකක් චූටි ටීචර්ගෙන් ඉල්ලගෙන දාන අපිට කියවන්න

    ReplyDelete
  5. http://www.sobhana.net/contact/oldsinhala/ages/index.htm

    ReplyDelete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).