Saturday 29 May 2010

වැසිකිලියට තවත් නම්


මගේ චමරියේ කතා සීරිස් එකේ දෙවෙනි කොටස සහ චූ කතා සීරිස් එකේත් දෙවන කොටස විදියට මං ලියපු චමරියක තව කතාවක් -අපි චූ කළ හැටි කියන කතන්දරේ ලියන්න මං රී-සර්ච් කරන කොටයි මට මේ කෙටි ලිපියට කරුණු හම්බ වුනේ.

සාමාන්‍යයෙන් අපේ ජීවිතවලට වඩාත් සම්බන්ධ දේවල් ගැන විස්තර කරන්න තියෙන වචන ගාන වැඩියිනේ අනිත් ඒවට වඩා. ඉර, සඳ, බුදුහාමුදුරුවෝ වගේ වචන වලට සමාන වචන කොයි තරම් තියෙනවද?

ඒ වගේ අපේ ජීවිත වලට කිට්ටු දෙයක් තමයි වැසිකිලි. මෙන්න බලන්න වැසිකිලිය කියන වචනෙට සමාන තේරුම ඇති වෙනත් සිංහල වචන කීයක් තියෙනවද කියල.

වැසිකිලිය
වැසිකිලි කාමරය
දිය ගේ
කක්කුස්සිය
කක්කූසිය
මජෝර
මඩොර
විකිලිය
නාන කාමරය
බට නිලය
ලැට් එක
බාත්රූම් එක
........... බුදු අම්මෝ!

කතන්දරකාරයා
(මේ සඳහා උපකාරී වුනේ මුද්‍රිත, ඔන් ලයින් සහ මධුර ශබ්දකෝෂ බව සිහිපත්කරමි.)

14 comments:

  1. ඇයි දොට්ට පිල ?

    ප/ලි
    බාත්රුම් එකේ ලිස්සල වැටූනද ? බූදූ අම්මෝ කීවේ?

    ReplyDelete
  2. අපි පොඩි කාලේ ක්‍රිකට් ගහන අතරවාරයේ අපේ එකෙක්ට වතාවතක් මෙන් මේ ඕනෑකම ඇතිවෙයි. එවිට බෝලය අතහැර දුවන ගමන් ඌ කෑ ගසා කියන්නේ "Going Abroad! Going Abroad !"

    පාඩම් කරන සමයේ අපේ එකෙක් අපූරු වචන සෙට් එකක් මේ වෙනුවෙන් තනාගෙන තිබිණ. "මචං ඔෆිස් එකෙන් කෝල් එකක්" කියමින් ඒකා නැගිටියි. නැගිටින සැනෙන් අපේ නහයවල් හිල් කරන ආකාරයේ ගදක් නැගී එයි.
    දිනක් මේකා අප සියල්ල පෙරලාගෙන නැගිට දුවන ගමන් මෙසේ කීවේ උද්ගතව ඇති තත්වයේ බැරෑරුම්කම පෙන්වීමට විය යුතුය. "මචං මචං... අහකට අහකට.. හෙඩ් ඔෆිස් එකෙන් ෆැක්ස් එකක්!!"

    ReplyDelete
  3. බුදු අම්මෝ තියෙන වචන ගොඩ.
    අපේ කොල්ලෝ සෙට් එක වැසිකිලි යාමත් එක්ක බැඳිලා තියෙන ක්‍රියාවට පාවිච්චි කරන වචන ටික මාත් දාන්නම්

    "පරිසරයට විනාඩියක් කරලා එන්න යනවා, හාවෙක් අල්ලන්න යනවා. සිංදුවක් කියන්න යනවා"

    ReplyDelete
  4. හිහ් හිහ් අද වැසිකිලි කතන්දර වගේ එළ එළ තව ඉස්සරහට මොන මොන එව්ව එයිත මන්ද හික්ස්.......... ෂුවර් එකට අද කකා වැසිකිලියෙ ලිස්සල වැටිල ලොලේ ලොල් කිව්වලු :P

    ReplyDelete
  5. අප්පොච්චියෝ........ කතාවට එහා කොමෙන්ට් ටික... හයියෝ.... හිනා වේ පණ නැහැ....
    කතන්දර... මොකද කකුල් එහෙම නැඩුනද වැටුන පාර....

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. කතන්දරකාරයා - විලි ලැජ්ජාවක් නැති එකා කියෙව්වට පස්සෙ අදයි ඉතුරු කතා කියෙව්වෙ. 28 යෙදුන සංවත්සරේට මගෙන් උණු උණු සුබ පැතුම් - දිනයක් පරක්කු වෙච්ච හින්දම දැන් හැදුවා වගේ නැවුම් ම නැවුම් උණු උණු සුබ පැතුම මෙන්න පිළිගන්න!

    ඈත්තමට මෙච්චර බ්ලොග් කෙරුවාවක් කරන්න හාමිනේගේ සහය නං අත්‍යවශ්‍යම දෙයක් තමා නේ!

    ඒක නෙමේ පසුව ලියමි කැල්ල උපරිමයෙන් යූස් කරන ඔයා ඒකේ ඉතිහාස කතාව දන්නවද?

    ReplyDelete
  8. පුංචිකාලෙ ඉස්කෝලෙදි ඔකට කිව්වෙ 'පුංචි කාමරේ' කියල.

    කැම්පස් කාලෙ අපි ගියෙ 'පෙරේර බලන්න'.

    කොළඹ කැම්පස් එකේ ඒ කාලෙ ලයිබ්‍රරිය, (මේක 60ගනන් වල කර්මාන්ත ප්‍රදර්ශනේ ලංකා මන්දිරයයි) පිටි පස්සෙ පෙරේරා ඔෆිස් එකේ බිත්තියෙ ලියල තිබුණ.
    'හාවෙක් ඉත්තෑවෙකුට හාද්දක් දී වේදනාවෙන් තොර සැපතක් නැතැයි කීය' කියල.

    අර ගාථා පා‍ඩම් හිටිය වගෙ කතන්දරට. දැකල දැකලම ඕක පාඩම් වෙලා මටත්.

    ReplyDelete
  9. හහ්.

    තව තියනවා..

    බොක වළ..

    ReplyDelete
  10. තව සැනසුම කියලත් කියනවා

    ReplyDelete
  11. ඇයි O S M S (ඔබෙ සැප මගෙ සතුට) කාමරේ...!

    ReplyDelete
  12. මං කාලයක් QATAR රාජ්යයෙ වැඩ කරා. මගේ ආයතනයෙ හිමිකාරය උනේ මොහම්මද් බින් හම්මම් Mohammed Bin Hammam( මෙයා තමයි Asian Football Confederation එකේ සභාපති දැන් කාලෙක ඉඳන් ). මම මිනිහට යවපු මුල්ම රිපෝර්ට් එකේ ADDRESS කරල තීන්නෙ මොහොම්මද් බින් හමාම් Mohammed Bin Hamam කියල එක M අකුරක් අඩුවෙන්. හැරෙන තැපෑලෙන් මට පනිවුඩයක් ආව ලොක්ක හම්බුවෙන්න එන්න කියල. එන්න කියපු හේතුව උනේ මෙන්න මේකයි. අරාබි භාෂාවෙන් හම්මම් (Hammam) කියන්නෙ ඉතා උසස් පෙලපතක්, හැබැයි හමාම් (Hamam) කියන්නෙ වැසිකිලියට. එක අකුරෙන් බෙල්ල ගහල යන්න පුලුවන් කියන්නෙ ඔන්න ඕකයි.

    අපේ ඉන්දියන් සේවකයො හිටපු ගමන් අන්ත්රස්ධාන වෙනව ඔය වැඩ කර කර ඉන්න තැන වලින්. පස්සෙ ඇහුවම මුකුත් නොකිය ලැජ්ජාවෙන් හිනා වෙලා වම් අතේ චූටි ඇඟිල්ල පෙන්නනව. තේරුම චූ කරන්න ගියා කියන එකලු. ඒත් ඉතින් ඕකට ගැජ්ට් එකේ සයිස් එකම පෙන්නන්න ඕනිද නේද?

    ReplyDelete
  13. කෝ මේ කසු පොත සයින් කරන්න ගිහිල්ලවත්ද?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.