Showing posts with label Taboo Subjects. Show all posts
Showing posts with label Taboo Subjects. Show all posts

Tuesday, 26 June 2012

අපි නොදන්න ටැබූ (නමැති හිටපු බ්ලොග්කරුවා) හෙවත් රාවණා ගේ 2012 අවතාරය - Big Foot, Yetee and Taboo Subjects Blogger


ටැබූ, ටැබුවා, ටැබූ සර්, ටැබූකාරයා වැනි විවිධ නම් වලින් හැඳින්වුණු ටැබූ සබ්ජෙක්ට්ස් නමැති සිංහල බ්ලොග් අවකාශය දැපනේ දාගෙන හිටපු මහා බ්ලොග්කරුවා හිටි හැටියේම කැපිලා ගිහිල්ලා දැන් අවුරුද්දකට වැඩියි.

අවුරුද්දේ සංවත්සරය වෙනුවෙන් මං ලියපු ලිපියට ප්‍රතිචාර දක්වපු අයගෙන් සමහරු තමන් ලඟ පරිස්සමින් සේව් කරලා තියාගෙන හිටපු පරණ ලිපි කමෙන්ටු විදියට එතන දැම්මා, ටැබූ ගේ රචනා විලාශය දැකලා නැති අයගේ ප්‍රයෝජනය පිණිස.

ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොගය හදිස්සියේම වැහිල ගියාම මුලින්ම කියවුනේ ඒක හැක් වුණා කියලයි.

ඊට පස්සේ තියරියක් ආවා මේක සෙල්ෆ් ඉන්ෆ්ලික්ටඩ් හැකිං එකක් ය කියලා. හේතුව- ඩප්පි සිරා වැනි වෙනත් ආරුඪ නාමයකින් පෙනී සිටින්නෙත් ටැබූම බව හෙලිවීමලු.

ඒ කොහොම වෙතත් ටැබූ සර් ඉතිං නොකියාම යන්න ගියා ගියාමයි.

දැන් මාස තුන හතරකට කලින් මට ඊ-මේල් දෙක තුනක්ම ආවා ටැබූ කියන්නේ අන්න අහවලාය කියලා සඳහන් වුණු. ඒ කතාව ඔප්පු කරන්න සුළු සුළු සාධකත් සපයලා තිබුණා, ඒ ඊ-මේල්වල.

නමුත් මට පෙණුනේ නම් ටැබූ කියන්නේ අහවලා නොවෙන්න ඊට වඩා ප්‍රභල සාධක තියෙන බවයි.

ඉතිං මං කෝකටත් කළේ අහවලාගෙන් ම මේකේ ඇත්ත නැත්ත අහන එකයි.

අහවලා නැහැය කිව්වා, නිකං නෙමේ ටැබූ ගේ දේශපාලන දරශනයත් පාච්චල් කෙරෙන උත්තරයක් එක්ක.

ඊට පස්සේ මං ඒ කතන්දරේ අමතක කරළා දැම්මා.

හැබැයි දැන් තත්වය වෙනස්. අද කේස් එක ටැබූ කවුද කියන එක නෙමෙයි. තරමක වෙනස් එකක්.

දැන් සතියක දෙකක වගේ ඉඳලා තැනින් තැන, විටින් විට ටැබූ දර්ශනය වෙන්න පටන් අරං. හරියට අර බිග් ෆූට් එහෙම නැත්තං යෙටී හිම මිනිහා වගේ.

අඩු වශයෙන් ලොකු අඩි සටහන් දෙකක් දකින්න තියෙනවා. මේවා එක්කෝ ටැබූ විසින් උවමනාවෙන්ම තැබූ අඩි සලකුණු. එහෙම නැත්තං නියම නිර්මාණශීලි කොපි කැට් කෙනෙකු ගේ සුපිරි වැඩක්.

මෙන්න පළමුවැනි බිග් ෆූට් අඩි සලකුණ. මගේ ලොකු බණ්ඩාර සහ ක්‍ෂණික මෝචනය කතන්දරේට දාපු කමෙන්ටුවක්.

[http://kathandara.blogspot.com/2012/06/misfired.html?showComment=1340438067147#c315476184848376694]

මේ භාෂා ශෛලිය ටැබූ ගේ ම තමයි. රාජ් ගේ නවාතැන ලියන රාජ්ට පවා මේ බව තේරිලා කමෙන්ටුවකුත් දැම්මා. (හැබැයි පස්සේ පොරම ඒක කපා දාලා).

අද බ්ලොග් ගඩොල් බ්ලොග් එකේ 150 සංවත්සරය වෙනුවෙන් පලවුණු පෝස්ටුවෙත් ටැබූ ගේ ම කියලා හිතෙන බිග් ෆූට් සලකුණු කමෙන්ටුවක් වැටිලා.

[http://bloggadol.blogspot.com/2012/06/150.html?showComment=1340688036958#c8506218492705020153]

පූස් ලා ගේ කතන්දර ලියවෙන බ්ලොග් ගඩොල් එක ටැබූ ගේ ප්‍රියතම බ්ලොගයක්. පූස් ලාත්, ටැබූත් එම පාසලේ සිසුවෝ කියලයි සඳහන් වුනේ. බ්ලොග් ගඩොල් ලියන පුරු-පුරු ගියෙත් ටැබූත් ගියාය කියන (මේ අයගේ ඉස්කෝලෙන් අල්ලපු වැටේ) කැම්පස් එකටමලු. ඉතිං මේ කමෙන්ටුව දැමීමේ නම් ලොකු පුදුමයක් නෑ.

හැබැයි අද මේ පා සටහනේ පොඩි වෙනසක් තියෙනවා.

ඒකේ කියවෙන විදියට ටැබූ, මාව පෞද්ගලිකව අඳුණනවා ලු, හම්බවෙලා කතා කරළා තියෙනවා ලු.

පිස්සු හැදෙන සඳ!

කවුද බොලේ මේ ටැබූ?

මට ඇතිවුණු අනිත් ප්‍රශ්ණය තමයි, ටැබූකාරයා කාළෙකට පස්සේ මෙහෙම මතුවෙලා මේ වගේ ප්‍රකාශ කරන්නේ ඇයිද කියලා.

ටැබූ කියන්නේ අර 2012 එනවාය කියපු රාවණා ගේ අවතාරයද?

-කතන්දරකාරයා

(image: http://idleeflthoughts.wordpress.com/)

Sunday, 6 May 2012

ටැබූ නමැති බ්ලොග්කරුවා මට එවූ ෆොටෝ කීපයක් - Some photos sent by Taboo


ටැබූ නමෑති හිටපු බ්ලොග්කරුවා අතුරුදහන් වෙලා අවුරුද්දක් පිරීම නිමිත්තෙන් මං ලියපු කෙටි ලිපියට ලැබුනේ පුදුම ප්‍රතිචාරයක්.

ඒ දවස්වල බ්ලොග් කියවපු අයට ටැබූ කවදාකවත් අමතක නොවෙන බවයි ඒකෙන් පෙනුනේ.

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක විදියට මට හිතුනා ටැබූ නමැති බ්ලොග්කරුවා මට එවූ ෆොටෝ කීපයක් පල කරන්න.

කළබල වෙන්න එපා මේ ෆොටෝවල නං කිසිම ටැබූ කමක් නෑ.

අනික මේවා ටැබූ මට මේ ඊයේ පෙරේදා එවපු ඒවා නෙමේ. මීට අවුරුදු දෙකකට විතර කලින් 2010 ජූනි මාසේ එවපු ඒවා වගයක්.

මං ඒ දවස්වල ලියමින් හිටිය ලව් කතන්දරවලට දාන්න කියලයි මට මේවා එව්වේ.

ඔය උඩින් දාලා තියෙන්නේ එයින් එක ෆොටෝ එකක්. මෙන්න බලන්න ඉතුරු ටික.


















-කතන්දරකාරයා

ප/ලි:
අළුත් කතන්දරයක් සමග සඳුදා උදේ හයට හමුවෙමු!

Thursday, 5 April 2012

ටැබූ සබ්ජෙක්ට්ස් සිහිවී - Taboo, Taboo, where are you?


සිංහල බ්ලොග් ලෝකයේ පොරක් ලෙස කාලයක් තිස්සේ පිනුම් ගසමින් සිටි ටැබූ ලියූ ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය එකපාරටම වගේ වහලා දාලා දැන් අවුරුද්දකුත් සති තුනක් විතර ගෙවිලා ගිහින්.

ටැබූ ගැන නොදන්නා බ්ලොග් කියවන කෙනෙක් ඉන්නවා නං ඒ පහුගිය අවුරුද්ද ඇතුලත මේ හොබිය පටන්ගත්තු කෙනෙක් විතරක් වෙන්න ඕනෑ.

මං මුලින් ටැබූ ගේ ලිපියක් කියෙව්වේ බූන්දිය හරහා ආපු ඊ-මේල් එකක ලින්ක් එකක් හරහා ගිහින් වගෙයි මට මතක. මං බ්ලොග් එකක් පටන් ගන්නත් ටැබූගේ බ්ලොගය එක හේතුවක් වෙන්න ඇති.

ටැබූ දේශපාලන ලිපිත් ලිව්වා. කතන්දරත් ලිව්වා. ඒ කතන්දරවලත් වැඩිපුර තිබුණේ දේශපාලනයයි. ඒ කියන්නේ පක්‍ෂ දේශපාලනයම නෙමේ. බොහොමයක් තහනම් මාතෘකා ගැන ලිවීමත් කතා කිරීමත් දේශපාලනය, ඒ කියන්නේ පොලිටික්ස්, තමයි.

මගේ මතකයට එන ටැබූ ගේ ලිපි කීපයක් මෙන්න.

1. චුල්ල රාජපක්‍ෂ ජාතකය
2. කැම්පස් කෙල්ල ගේ කතාව
3. ගවුමක් අඳින්න පෙරුම් පිරූ කොල්ලා ගේ කතාව
4. ගමේ මිනී මැරුම

ටැබූ මුලදී මගේ කතන්දරවලට අතුරු කතා ලිව්වේ අර පොඩි කුමාරිහාමිගේ ලිපිවලට රවී ලියනවා වාගේමයි. ඉතිං මං කලේ ඒ කතන්දර වෙනම පෝස්ට් විදියට පල කිරීමයි.

මේ බලන්න.

1. ටැබූ නමැති කතන්දරකාරයා ලියන කතන්දර
2. තුම්මුල්ල ගැන ටැබූ ලියු ටයිනි කතන්දර
3. වන් මෑන් ෂෝ - ටැබූ ලියයි.....!

ඊට අමතරව, මං ටැබූ ගැනත් වෙනම පෝස්ට් දැම්මා.

1. ටැබූ කතන්දරකාරයා වලිය ෂේප්
2. ටැබූ ගේ ප්‍රියතම බ්ලොග් එක කතන්දර බ්ලොගයද?

අන්තිම කාලේ නං ටැබූ මා එක්ක වලියට ආවා. පොර ගේ ලිපියක ගිය අදහසක් මං වැරදි විදියට විස්තර කළාය කියලා. ඒත් මං වලියට බර නැති නිසා මං පැහැදිලි කළා, පොර කියූ එක මට තේරෙන විදිය වෙනස් වීම මගේ වරදක් නොවන බව.

අන්තිමේදී ටැබූ අතුරුදහන් වුනා. ඒ කාලේම බියොන්ඩ් ෆ්‍රේම් බ්ලොග් එකත් හැක් කෙරුණා. කවුදෝ මටත් තර්ජනය කරලා තිබුණු හින්දා මං නං සුදු කොඩියක් දාලා බේරුණා. මොකද සුදු කොඩි දාපු අයට අනතුරක් නෑනේ.

මට නං හැමදාම හිතෙන්නේ බ්ලොග් එක නැති වුණාට ටැබූ අප අතර ඉන්නවාය කියලයි. මොකද මේ බ්ලොග් ලිවීම කියන්නේ මහා කොටි වලිගයක්. හැබැයි මූ හොඳ කොටියෙක්. ලේසියෙන් පුරුද්ද අතහරින්න බෑ.

අවසානයේ මෙන්න ටැබූ වෙනුවෙන් ශෝකප්‍රකාශ කවියක්.

මුලු බ්ලොග් ලොවම තනිකර රෑ අමාවකේ
ඔබ සැඟවුණා අයියෝ සයිබරේ මුකේ
ටැබූකාරයාණෙනි අප හෙලූ දුකේ
හොඳ කකුලක්ය උඹ අපගේ බජාරෙකේ

-කතන්දරකාරයා

ප/ලි:
ටැබූ ගේ සමහර ලිපි වෙබ් ආර්කයිව් එකේ තියෙනවා. මෙන්න ඒවා.
http://wayback.archive.org/web/20100601000000*/http://taboosubjects.wordpress.com

(image: http://informe.com/taboosubjects.wordpress.com/)

Saturday, 8 January 2011

අසව්! අසව්!! ශාස්තෲ ආතල් කතන්දරේ පිළිබඳ පැහැදිලි කිරීමයි


පෙරේදා මං දාපු "W3Lanka එකේ පරා ගේ පිහිටෙන් ඇනෝනිමස් නැති ආතල් එකක් ගැනීම හෙවත් ටැබූ කාරයා ට වැරදුණ (තවත්) තැනක් හෙවත් ඉන්ද්‍රනාම නමැති හිටපු ජෙප්පා ගේ වැඩ කිඩ හෙවත් ශාස්තෲ" කියන පොස්ට් එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නයි මේ හදන්නේ.

මගේ කතන්දර බ්ලොග් ටෙම්ප්ලේට් එකේ හැටියට ආපු කමෙන්ට්ස් වලට රියල් ටයිම් නොකරොත් වෙන වෙනම උත්තර බඳින්න බෑ. සේරම එක ගොඩටයි යන්නේ. වැඩ කරන දවස් නිසා ඒ විදියට රිප්ලයි කරන්න වෙලා නෑ. ඒ නිසයි මේ වෙනම ලිපියක් ලියන්නේ.

මුලින්ම කියන්න ඕනැ, මං පෙරේදා දාපු පෝස්ට් එකෙන් පොඩි පරීක්‍ෂණ කිහිපයක් කළා ය කියන එක. ටයිටල් එකෙන් පටන් අරගෙන අන්තර්ගතයේ සමහර කොටස් වලින් පවා.

ටයිටල් එක අද කාලෙට ඔබින, නමුත් ඒ පෝස්ට් එකට අදාල, වචන ටිකක් දාලා ඔච්චර දිගට සෙට් කෙරුවේ තනිකරම හොඳින් කැපී පෙනෙන්නටයි. ඒ පරීක්‍ෂණය සාර්ථකයි. මාස පහලොවක මගේ කතන්දර බ්ලොග් ඉතිහාසයේ දවසකට ලැබුණ වැඩිම හිට්ස් ගාන ලැබුණා පෙරේදා.

ආපු කමෙන්ට් වලින් මං දැක්කා සමහරු මගේ උප්පැන්නේ තියෙන නම හොයන්න හදල තියෙන හැටි. හැබැයි, පෙරේද පොස්ට් එකට මං දාපු ටයිටල් එකේම තිබුණ කෑල්ලක් තමයි "ඇනෝනිමස් නැතිය" කියන එක.

මං කවුද කියල දන්නෝ දනිති නේ. ගිය පාර සිංහල බ්ලොග් සංසදයේ සුහද හමුවෙදීත් කීදෙනෙක්ව හම්බ වුනාද? මේ පාර සුහද හමුවට එන්න බැරි වුනත්, ඊට කලින් සුමානෙ අපේ ගෙදරටම ආව බ්ලොග් ලියන, කියවන අර දහ දෙනෙක් විතර.

ඉතිං අහවල් දේකට යැ මගේ නම හොයන්න ඔච්චර මහන්සි වෙන්නේ.

ජොලිම වැඩේ කියන්නෙ මගේ නම ගැන කමෙන්ට්ස් දාපු අය ඒවා දාලා තියෙන්නේ ඇනෝ ලා විදියටයි. ඒ ගොල්ලන්ට ඇනෝනිමස් ආතල්. මට ඇනෝනිමස් නැති ආතල්. දැන් ඔය මගේ නම හොයන්න ලින්ක්ස් එක්ක ඇනෝ කමෙන්ට්ස් දාපු අයගේ නම් හොයන්නේ කවුද මන්දා?

ඊ ලඟට කතන්දර බ්ලොග් එක ගැන කියන්නම්.

එකක් දෙකක් ඇරුනහම, 2009 ජුලි මාසෙ පටන් ගත්තු දවසෙ ඉඳන් මං මේ බ්ලොග් එකේ දාපු හැම පෝස්ට් එකකින් ම උත්සාහ කලේ සරල වින්දනයක් එක්ක පොඩි කතන්දරයක් කියන්නයි.

මං මේ වැඩේට බැනුම් අහන තරම් ලොකු කාලයක් ගත කරනව. නමුත් හිතේ ජොලියක් මිස දුකක් නෑ, ඒ කැපකිරීම ගැන. වෙනදා ස්ට්‍රෝබෙරී ජැම් කාපු හැටි ගැන හරි, ලෝ කට් බ්ලවුස් ගැන හරි, සීය සාස්තර අහපු හැටි ගැන හරි ලියපු කතන්දරවලට වඩා පෙරේද දාපු පෝස්ට් එක වෙනස් වුනේ, ඒකේ මගේ විවිධ බක පණ්ඩිත මත, ආගිය විත්ති, උපුටා ගැනීම් වගේ දේවල් හැර වෙනත් සුවිශේෂී කතන්දරයක් නොතිබීමයි.

=======මගේ අදහස වටහා ගැනීම පහසුවෙනු පිණිස පසුව එකතු කරන ලදී.======
බ්ලොග් කියන වචනේ හැදිලා තියෙන්නේ වෙබ්-ලොග් කියන වචන වලින්. මං දන්න දරමින් ඒ කියන්නේ බ්ලොග් වල ප්‍රථම භාවිතය තමයි තමන් ගේ එදිනෙදා වැඩ කටයුතු පිළිබඳ වාර්තා තැබීම සහ තමන්ට හිතෙන දේවල් ලිවීම. මෙච්චර කල් කතන්දර ලියපු, තාත්ත අසනීප වුණු වෙලාවේත් ඒ ගැන කතා ලියපු, තාත්තා මිය ගිය වෙලාවේ කවියක් දාපු මං, මේ විවදාත්මක බ්ලොග් පෝස්ට් එකෙන් කලේ මගේ, අදහස්, එදිනෙදා ගමන් බිමන් යනාදිය ගැන ලිවීමයි. මීට කලින් මං එගෙම කරල තියෙන්නේ අන්තිම අඩුවෙන්. අර අවමංගල ස්තුතියේ දී විතරයි මට මතක හැටියට.

මාත් ආසයි දින සටහන් ලියන්න මගේ මති මතාන්තරත් එකතු කරලා.
============================================================

ඒ ලියපු ටිකට, එදා ගෙදර එනකොට හවස් වුණා, ගෙදර උයන්න එලවළු තිබුනේ නෑ, වැස්ස නිසා කඩේ යන්න කම්මැලියි, පරිප්පුයි සැමනුයි උයල කෑව, කබඩ් එකේ තිබුණු පරණ "හැනපියර්" බාගයක් තිබිල ඒකටත් වග කිව්ව, ඉන් පස්සෙ ඉහේ ඉඳල පොරවගෙන හොදටම නිදාගත්ත වගේ කෑලි ටිකකුත් දැම්ම නං වචනයේ අර්ථ-පරිසමාප්තාර්ථයෙන් ම මේක වෙබ්-ලොග් එකක් කරන්න තිබුණා.

අනෙක් කාරණය තමයි, මං හැදුවේ ශාස්තෲ පොත ගැන විචාරයක් කරන්න නෙමේ. මං පැහැදිලිවම කියල තිබුණනේ ඒ වැඩේ සමහර විට වෙන කෙනෙක් කරයි කියල.

මං මීට කලිනුත් පොත් ගැන පොඩි හැඳින්වීමක් දීල, ඒවායින් පොඩි පොඩි දේවල් උපුටා දක්වන එක කරල තියෙනව. සිව් සිත් කව් පොත ගැන එක පාරක් නෙමේ දෙතුන් පාරක්ම සහ තිරස තරණ පොත ගැනත් එකපාරක්.

ඒ පෝස්ට් ගැන ආපු නැති විරෝධයක්, මේ ශාස්තෲ ගැන ලියපු වෙලේ එන්නේ, අටවක පුත්තු ගැන හොඳ විචාරක් ලියපු ටැබූ සර්, ශාස්තෲ ගැන දෙඤ්ඤං බැටේ විචාරයක් ලියපු හේතුව වගේ මන් නොදන්න හේතුවක් හින්දයි කියල හිතන එක අසාධාරණයි මගේ හිතේ!

කීප දෙනෙක්අකමැති වෙලා තියෙන්නේ, මං ශාස්තෲ පොතෙන් උපුටලා පෙන්නපු සෘංඝාරාත්මක ඡේද දෙක නිසා වෙන්න ඕනැ. ඒ අයව දාන්න ඕනැ අර ගවුම්වල දිග හොයන කෙමිටියට හරි ඒ වගේ වෙන එකකට හරි.

ඔය අතර ටැබූ ලියල මං මඩ ගහනව කියල.

මගේ නං එහෙම අරමුණක් තිබුනෙ නැහැ කිසි විටකත්. මං මීට කලිනුත් ටැබූ ගැන කියවෙන කතන්දර එකක්, දෙකක් නෙමේ තුනක්, හතරක් විතර ලියල තියෙනව. ඊට අමතරව ටැබූ ගේ පෝස්ට් වල තියෙන නොයෙකුත් දේවල් ගැන විරෝධතා දක්වල තියෙනව.

මේ පෙරේද දාපු පෝස්ට් එකේ මං ටැබූ ගැන ලිව්වේ කාරණා තුනයි. ඒවා මඩ නෙමේ.

එකක් ලව් සහ කසාද ගැන ටැබූ ලියූ "තියරිටිකල්" ලිපිය සහ එයට මා, රංග සහ තවත් කීප දෙනෙක් දැමූ කමෙන්ට් වල සංක්‍ෂිප්තයක්. දෙවැන්න, පොත් ලිවීම නිශ්ඵල වැඩක් යැයි කියන ටැබූ ගේ කතාවට දැඩි විරෝධයක්. තුන්වැන්න, ටැබූ "අටවක පුත්තු" ගැන හොඳ විචාරයක් ලියා "ශාස්තෲ" ට වෙනත් හැන්දකින් බෙදුවේ ඇයි දැයි කියා ඇසූ අවංක ප්‍රශ්ණයක්. නැවතත් මේවා මඩ නෙමේ. මං ටැබූ ලියු ලිපිවල 'ඇන්ටි' වචනයට හෝ 'කටා' නමැති ගුරුවරයා ගේ කේස් එකට පෙන්වූ විරෝධය හා සමාන ඒවා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකයි. මං ජීවිතේටම එක දවසක් විතරක් දැකල තියෙන, අජිත් පැරකුම් ජයසිංහ ලියල පල කරපු, මං රුපියල් 250 ක් දීල අරගෙන කියෝපු, ශාස්තෲ කියන නවකතා පොත මගේ සිත ගත්තා. මං ඒ ගැන මගේ බ්ලොග් එකේ ලිව්වේ අජිත් පැරකුම් කියන්නේ අපේම සහෝදර බ්ලොග් කාරයෙක් හින්දයි.

එච්චරයි!

-කතන්දරකාරයා

ප/ලි
මං කලින් දවසක කමෙන්ට් එකක ලිව්ව වගේ මං ලියල ඉවර කරපු කතන්දර දහයක් තව තියෙනව. බාගෙට ලිපු ඒව පහක් විතර තියෙනව. ලියන්න තියෙන ලයිස්තුවේ 60+ තියෙනව.

ඉතිං, මගේ කතන්දර ලෝලීන් ට දුක් වෙන්න දෙයක් නෑ. සඳුද ඉඳන් බිස්නස් ඈස් යූෂුවල්!

Tuesday, 2 November 2010

ටැබූ සබ්ජෙක්ට්ස් සින්දුවක්!


මං හිතන්නේ සිංහල බ්ලොග් කියවන හැම කෙනෙක් ම දන්න බ්ලොග් එකක් තමයි "ටැබූ හෙවත් ටැබූ සර්" ලියන ටැබූ සබ්ජෙක්ට්ස්.

ටැබූ ගේ බ්ලොග් එක මුළුමනින්ම කියවල නැති අයට මේ ටැබූ සබ්ජෙක්ට්ස් කියන්නේ ලංකාවේ සමාජ දේශපාලන මාතෘකාය කියල ටැපලෙන්නත් පුළුවන්. නමුත්, ටැබූ සබ්ජෙක්ට්ස් කියන්නේ සාමාන්‍යයෙන් එළිපිට කතා නොකරන, සමාජ තහංචි පැනවිලා තියෙන විෂයයන් ට නේ.

මං මේ කියන්න යන්නේත්, ඒ වගේ කාරණයක් ගැන ලියවිලා, ගායනා කරල තියෙන සින්දුවක් ගැනයි.

වැඩි විස්තර ලියන්නේ මොටද, මෙන්න සින්දුවේ පද මාලාව හෙවත් ගේය පදවැල. ඉස්සෙල්ලා කියවන්න.

රෝස මලේ නුඹ නාඬන්නේ
රෝස මලේ නුඹ නාඬන්නේ
නුඹ පැතු වන බඹරා වෙනතක යයි පියඹා
කුමටද දුක් වන්නේ?
කුමටද දුක් වන්නේ?

නයන පිනන රුවිනි සපිරි රුසිරූ
නිබඳ සුවඳ දසත විහිදි මියුරූ
මලෙක විලස නුඹ සඳෙකි සරා සොඳුරූ
කිමද රොනට නොම ඇදෙන කරුණ බඹරූ

රෝස මලේ නුඹ නාඬන්නේ
නුඹ පැතු වන බඹරා
වෙනතක යයි පියඹා
කුමටද දුක් වන්නේ?
කුමටද දුක් වන්නේ?

සොඳින සිරුර සුවඳ දියර නහවා
සිනිඳු සළුව කිඳුරු ලෙසින පොරවා
බඹර තුඩග රස විඳින බඹරු පතලා
කුමන පලද නුඹ මෙලෙස කඳුළු සලලා

ගායනය- හේමාල් ජයවික්‍රම
සංගීතය- සිසිල් ෆොන්සේකා
පදවැල- රසික සූරියආරච්චි

දැන් මෙන්න ගායක හේමාල් විසින් සාදන ලද යූ ටියුබ් ක්ලිප් එකක්. හැබැයි මේකෙ ඇති වැඩි විෂුවල් එකක් නං නෑ. ඕඩියෝ විතරයි. ඒ හින්ද මේක ඩවුන් ලොඩ් කරන්න 3 MB ද කොහෙද යන්නේ.



පදමාලාව ගැන අදහස් තියෙනව නං ඔන්න ඔහෙ ලියල දාන්න පල්ලෙහායිං.

-කතන්දරකාරයා