
මගේ කෙටිකාලීන මතකය ගැන ලියපු කතන්දරේ මතකයි නේද? තමන් ගේ කෙටිකාලීන මතකය හොඳ අයට මතක ඇතිනේ. මෙන්න අනිත් අයට ඒකට ලින්ක් එකක් නැවතත්.
මගේ කෙටි කාලීන මතකය අඩුවෙන්න හේතුව තමයි මතක හාඩ් ඩිස්ක් එක මුළුමනින්ම පරණ දේවල් වලින් පිරි තිබීමයි.
මෙන්න ඒ වගේ පරණ මතකයක්.
මං පහේ පන්තියෙ විතර ඉඳිද්දි අපේ ඇන්ටි කෙනෙක් මගේ මල්ලිට ගෙනත් දුන්න පොඩි පොතක්. ඒකෙ නම සින්දු හෝඩිය.
සිංහ හෝඩියෙ හැම ස්වරයකටමයි, මහාප්‍රාණ හැර අනිත් හැම අකරටමයි ඒ පොතේ සින්දුවක් තිබුණ. මගේ මේ උත්සාහය ඒ සින්දු හෝඩියේ තිබුණු සින්දුවලින් මට මතක ටික වමාරන්නයි.
සින්දු තුන හතරක් විතර මුළුමණින් ම මතකයි. තවත් කිහිපයක පේලි කීපයක් විතරයි මතක.
මේ පොතේ පසු කාලීන මුද්‍රණයක් තිබුණ වගෙයි මගේ මතකය. ඒ හින්ද මේ සින්දු වල අඩු පුරවන්න පුළුවන් කට්ටියත් ඉන්න ඕනැ.
අ-යන්නේ සින්දුව
අම්මෙ, අම්මෙ අන්න අතන
අගල අයිනෙ අඹ ගහේ
අග අත්තේ අග ඉත්තේ
අඹයක් තිබුණා ඉදී
අපූරු ලේනෙක් ඇවිදින්
අතු අස්සෙන් බල බලා
අත් දෙකෙන්ම අල්ලාගෙන
අඹයෙන් කෑවා ටිකක්
අපේ අයිය ඒ දැකලා
අප්පුඩියක් ගැහැව්වා
අනේ අඹේ අතහැරලා
ලේනා අහකට ගියා
ලේන කොටේ අහුලාගෙන
අයිය මාත් එක්කලා
අරලිය ගහ යට ඉඳගෙන
කෑව තමයි හරි රසයි
ආ-යන්නේ සින්දුව - මට මෙච්චරයි මතක
ආදර ආතා ආදර ආච්චි
ආවා ආයේ අරගෙන ආස්මී
දන්න අය ඉතුරු ටික කියනවද, ප්ලීස්?
ඇ-යන්නේ සින්දුව
ඇතෙක් ඇවිත් ඈත කැලෙන්
ඇල් අද්දර ඇටඹ ගහට
ඇන්න පාර ඇටඹ ගොඩක්
ඇත ඇද වැටිලා
ඇටඹ ඇහිඳ ඇහිඳ උන්නු
ඇහැටුල්ලේ ඇඹිත්තයා
ඇතා දැකල බයවෙච්චී
ඇලට වැටිච්චී
තව කවියක් අඩුයි මේකෙ. මතක අය ඉන්නවදෝ?
සෙස්ස පස්සට.
කතන්දර කාරයා
කුමාරතුංග මුනිදාසයන්ගේ පොතකත් මේ වගේම කවි තිබුණා.. පොත හොයාගත්තොත් දමන්නම්. අකුරු හුරුව කියලා ලොකු ඒවා නෙවේ චූටිම චූටි ඒවා
ReplyDeleteමේක ලියලා තියෙන්නේ පියසේන කියලා ගුරුවරයෙක්. සරසවි එකෙන් 98 දී re-print එකක් කරලා තියෙනවා.
ReplyDeleteKathandara, mama sinhala font danne nehe. e nisa meka oya sinhalen danna.
ReplyDeleteewida ewida ewith etha
elata udin penna etha
enayak ena gaththu etha
ehe eragena edu etha
මේ තරම්ම රස ගී ටිකක් නන්දා මාලිනිගේ සිංදු හෝඩියේ තිබ්බා.... ඒකේ පොතකුයි කැසට් එකකුයි තිබ්බා.. දන්න කෙනෙක් ඉන්නවනම් ගන්න ඇහැකි තැනක් කියන්න... download කරගන්න ලින්ක් එකක් හරි... ස්තූතියි
ReplyDelete'ක'යන්නෙ සින්දුව
ReplyDeleteකල්යාණී කඩුල්ල ළග...
කළය තබා කඩිමුඩියෙම...
කරවිල වැල ළගට ගියා ..
කලබල ගතියෙන්...
ඉතුරු කෑල්ල මතක නෑනෙ.
It's perfect time to make some plans for the future and it is time to
ReplyDeletebe happy. I've read this post and if I could I desire to suggest you some interesting things or suggestions.
Maybe you could write next articles referring to this article.
I desire to read even more things about it!
ඩයගම බස් එක කැඩිලා
ReplyDeleteඩයනා...
ඕක තිබුණෙත් ඔය පොතේද?