Showing posts with label අමානුෂික ගීතය. Show all posts
Showing posts with label අමානුෂික ගීතය. Show all posts

Thursday, 19 May 2011

ඇම්පීත්‍රී සහිත - මානුෂික යුද්ධය ගැන ලියවුණු අමානුෂික ගීතය :: Inhumane song written about the humane war (with MP3)


මේක අද ඊයේ කතාවක් නෙමේ. ටිකක් පරණ කතාවක්. අවුරුද්දක් දෙකක් විතර.

දන්නවනේ ඉස්සර නං, වැඩේ ඉවර වුනාට පස්සේ කේස් ක්ලෝස්ඩ්. නෝ කතා, නෝ සිනා, ගඟ හෝ ටයර් සෑය. නෝ එවිඩන්ස්. නෝ ක්වෙක්ෂන්ස් ටු ආන්සර්.

හැබැයි ඉතින් දන්නවනේ දැන් කාලේ? මේ ඩිජිටල් යුගයේ හැම දේකම වගේ, ඩිජිටල් ෆුට් ප්‍රින්ට් තියෙන නිසා මේවා ආපහු නැවත නැවත එනවා, නිකං චක්කංව වහතෝ පදං වගේ.

මෙන්න මං ලියපු සින්දුවක්. මාතෘකාව මානුෂික යුද්ධය ගැන ලියවුණු අමානුෂික ගීතය.

පොල් ගස තාල වර්ගයේ
තල් ගස තාල වර්ගයේ
පොල් ගස් යට තල් ගස් යට
බෝල ගැසූ කොලු රංචුව අද කොහේද?
උන් සුවර්ගයේ

තිසා වැවේ, නුවර වැවේ නිල් දිය දහරේ
මාවිලාරු, ඉරණාමඩු නිල් දිය දහරේ
ඒ වතුරේ පීන පීන
මේ වතුරේ පීන පීන
දියඹුං ගැසු කොලු රංචුව අද කොහේද
භූමදානයේ

හම්බන්තොට ලේවායේ ලුනු වේලෙන්නේ
කිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් පිරෙන්නේ
ඒ ලුනු රස පදමට ගෙන
දෙහි ඇඹුලට මුසු කරගෙන
මුළු රට කිරිබත් කන දිනයක් ගැන
සිත විමසන්නේ


මේක මං ලිව්වේ 2009 අවුරුද්දේ ජනවාරි මාසයේ විතර මට මතක හැටියට. මතකනේ අර මං නුඹ නාඩන් හොඳ පාඩම් කතන්දරේ ලියපු "ඔබාමා චූන් එකෙන් ඔබ්බට" කවි පන්තිය ලියපු කාලේමයි.

ඇත්තටම කියනවා නං ඔය අන්තිම අන්තරා කොටස ලියවුනේ මෙන්න මෙහෙමයි.

හම්බන්තොට ලේවායේ ලුනු ලුනු රහවේ
කිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් ඇඹුල් වේ
ඒ ලුනු රස පදමට ගෙන
දෙහි ඇඹුලට මුසු කරගෙන
මුළු රට කිරිබත් කන දිනයක් ඒවිද?
සැකයි යාළුවේ!


ඒ මුලින් ලියපු පදේ හරියට ආපු නැති නිසාත්, ඔබාමා ගේ කවියට වුණු වැඩේම මේකට වෙච්ච නිසාත් පස්සේ මං, "මා වැනි බිළින්දා" කවියාගෙන් කවි ඉල්ලලා එවපු පුවත්පත් කතෘ ගේ ඉල්ලීම මත, දැන් තියෙන වර්ෂන් එකට අන්තිම කොටස වෙනස් කළා.

කොහොම හරි ගිය අවුරුද්දේ අග දවසක මේ පදවැලට ටියුන් එකක් දාලා, මියුසික් දාලා, වෝකල්ස් දාලා ඇත්තම සින්දුවක් කරන්න පුළුවන් වුණා.

දැන් මෙන්න ඒ සින්දුව.

තනුව සහ සංගීතය -විශාරද ඉන්දු ප්‍රේමතිලක
ගායනය-තිසල් පාදුක්කවිදාන

මෙතනින් අහන්න.


මෙතනින් බා ගන්න.
http://www.divshare.com/download/14815982-217

-කතන්දරකාරයා

ප/ලි
මෙන්න මං කලින් දාපු ඇම්පීත්‍රී සහිත කතන්දර

1. හන්තානේ ලව් සෝන්ග් එක
2. අම්මා ට ද, තාත්තා ට ද වැඩිය ආදරේ?
3. ටැබූ සබ්ජෙක්ට්ස් සින්දුවක් (with YouTubeClip)

(image: http://en.wikipedia.org/wiki/Vietnam_war)