Friday 20 January 2012

ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රශ්ණයට විසඳුම පුද්ගලික විශ්ව විද්‍යාල නොවේ, මෙන්න මේකය! දැවෙන ප්‍රශ්ණයකට කතන්දරකාරයා ගෙන් පිදුරු ගොඩක්!! - Private money for higher education industry


මං මුදළාලි ගේ මෝඩ පුතුට සල්ලිවලට උපාධියක් කියන අපේ කාලේ කැම්පස් කතාව ලිව්වේ මහා ලොකු පොලිටික්ස් කතා කරන්න නෙමේ වුනත්, කතන්දරේ බලපු අය විවිධ මත පලකරන්න පටන් ගත්තු නිසා මේ ලිපිය ලියන්න හිතිලා පටන් ගත්තා.

මේකේ මුල් කොටස ප්‍රීති සහ සැලසුම්කිරීම විදියට පළ කළත් පස්සේ ඉතුරු හරිය විවිධ හේතු මත කල් ගිහින් අන්තිමේදී අමතක වෙලාම ගියා.

පුද්ගලික විශ්ව විද්‍යාලවලට විරුද්ධ සරසවි උද්ඝෝෂණය ගැන රත්ගමයා ලියපු විස්තරය සහ බ්ලොග් ගඩොල් එකේ ගිය මතය ගැන අද කෙරීගෙන යන විවාදයට කොනකින් සම්බන්ධ වෙච්ච හින්දයි මගේ අත්දැකීම් අනුව අද තියෙන ප්‍රශ්ණය ගැන මගේ විශ්ලේෂණය සහ විසඳුම ඉදිරිපත් කෙරෙන මේ ලිපිය හමස් පෙට්ටියෙන් අරගෙන මේ විදියට සංස්කරණය කරලා දාන්න හිතුනේ!

මෙතන මගේ අත්දැකීම් කියන්නේ රටවල් තුනක විශ්ව විද්‍යාල හයකින් ශිෂ්‍යයෙක් විදියට ලබපු අත්දැකීම් විතරක් නෙමේ, රටවල් දෙකක විශ්ව විද්‍යාල අටක දේශකයෙක් විදියට ලබපු අත්දැකීම් ගොන්නත් ඒකට ඇතුලත්. දේශණාගාරයේත්, කම්පියුටර් ලැබ් එකේත් ශිෂ්‍ය, දේශක දෙපැත්තේදීම ලැබුණු මගේ අත්දැකීම් අවුරුදු විස්සකට වඩා වැඩි බවත් කියන්න ඕනෑ.

මෙන්න දැන් මගේ ශත දෙකේ මතය.

මොකක්ද මෙතන කේස් එක?

ලංකාවේ උසස් අධ්‍යාපනයේ ප්‍රශ්ණයක් තියෙනවා. ඒක තමයි උසස් පෙල සමත් වෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලබා ගන්න ඕනෑකම තියෙන හැමෝටම විශ්ව විද්‍යාලවල ඉඩ නැති වීම.

ඒකට හේතුව මොකක්ද?

හේතුව තමයි විශ්ව විද්‍යාල සඳහා රජයෙන් දෙන ප්‍රතිපාදන උසස් පෙල පාස් හැමෝටම විශ්ව විද්‍යාලවල නොමිලේ උගන්වන පහසුකම් සපයන්න ප්‍රමාණවත් නැති වීම

ඇයි ඉතිං ආණ්ඩුව එහෙම නොකරන්නේ? වෙන අපේම ආණ්ඩුවක් ගෙනාවොත් වැඩේ ෂේප් නේද?

ආණ්ඩුවලට සල්ලිවලින් කරන්න වෙනත් වැඩ ඇති පදං තියෙනවා හලෝ. අනික මුං ගිහින් අරුං ආවත් ඕවායේ කිසිම වෙනසක් වෙන්නේ නෑ.

ලෝකේ අනිත් රටවල වගේ පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්මම වැඩේ ෂේප් වෙයි නේද?

ලෝකේ ඔය කියන තරමට පෞද්ගලික ව්‍යාපාර විදියට කරගෙන යන විශ්ව විද්‍යාල සංඛ්‍යාවක් නෑ මං දන්න තරමට නං.

එංගලන්තය, ඕස්ටේ‍ර්ලියාව වගේ පිටරටකට ගිහින් පුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න කෙනෙක් ඉන්නව නං හොයල දෙන්න මට නිකං බේතකට වගේ.

ශතවර්ෂ හතක් අටක් පරණ විශ්ව විද්‍යාල තියෙන මුළු බ්‍රිතාන්‍යටම තියෙන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල දෙකයි. බකින්හැම් සහ බීපීපී. මුළු ඕස්ටේ‍ර්ලියාවේම තියෙන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල දෙකයි. බොන්ඩ් සහ නොට්‍රඩාම්. ඒවා කවුරුත් අහල පුරුදු නම් නෙමේ!

ඕස්ටේ‍ර්ලියාවට, එංගලන්තයට යන අපේ රටේ කොල්ලො කෙල්ලෝ හැමෝම වගේ ඉගෙන ගන්නේ රජයේ විශ්ව විද්‍යාලවලයි!

මං වැරදි වෙන්න පුළුවනි, නමුත් ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවල්වලත් තියෙන පුද්ගලික විශ්ව විද්‍යාල මහා දානපතින්ගේ අරමුදල්වලින් ඇරඹුණු ඒවා මිසක මේ ටියුෂන් මුදළාලි ලා සල්ලි දාලා පටන් ගත්තඵ ඒවා නොවෙයි!

සල්ලි කෝටි ගණං ආයෝජනය කරලා, ඒකෙන් වාර්ෂික ප්‍රතිලාභ ගන්න අරමුණෙන් විශ්ව විද්‍යාල අරඹනවාට වඩා වෙන කොච්චර හොඳ බිස්නස් තියෙනවාද?

පුද්ගලික සමාගම් ලෙස අරඹන විශ්ව විද්‍යාල ලංකාවේ සැබෑ ප්‍රශ්ණයට සෑබෑ විසඳුම නොවෙන්නේ අන්න ඒ නිසයි.

එහෙනං සෑබෑ ප්‍රශ්ණයට සෑබෑ විසඳුම මොකක්ද?

ඒකට එන්න කලින් මේක කියන්නම්. ලංකාවේ අපි හුඟක් වෙලාවට කරන වැඩක් තමයි ප්‍රශ්ණය වැරදි විදියට තේරුම් අරගෙන වැරදි විසඳුමක් ක්‍රියාත්මක කිරීම.

උදාහරණයක් විදියට ඉංගිරිසි දැනුම අඩු එකට දුන්නු විසඳුම ඉංගිරිසි විෂයය ඉගැන්වීම ක්‍රමවත් කරන එක නෙමේ මුළු සබ්බ සකලමනා විෂයයන්ම ඉංගිරිසියෙන් උගන්වන්න පටන් ගත්තු එකයි. ඉංගිරිසි විෂයය උග්නවන්න අවශ්‍ය ප්‍රමාණයට ගුරුවරුන් නැති රටේ, සියළුවම විෂයයන් ඉංගිරිසියෙන් උගන්වන්න අය ඉන්නවද කියල බලන්නෙත් නැතුව තමයි වැඩේ ඇරබුවේ!

ලංකාවේ විශ්ව විද්‍යාල ක්‍ෂේත්‍රයට අද අවශ්‍ය දැනට වඩා විශාල වශයෙන් මූල්‍ය ප්‍රතිපාදන. ඒකට ආණ්ඩුවේ සල්ලි මීට වඩා නැති නිසා, සැබෑ විසඳුම පෞද්ගලික ව්‍යවසායකත්වය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල නොවෙයි. අවශ්‍ය පෞද්ගලික ධනය උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට යොදා ගැනීමයි.

කා ගාවද ඒ පෞද්ගලික ධනය තියෙන්නේ. කොහොමද ඒවා රජයේ විශ්ව විද්‍යාලවලට යොදාගන්නේ.

ඒ පෞද්ගලික ධනය තියෙන්නේ විශ්ව විද්‍යාලවලින් නොමිලේ උපාධි අරගෙන දැන් රැකියා කරන අය ලඟයි. ඒ මුදල් ලබාගන්න නම් විශ්ව විද්‍යාලවල පාඨමාලා සඳහා සිසුන් බඳවා ගන්න ඕනෑ, පාඨමාලාව සඳහා යන වියදමෙන් කොටසක් ඔවුනුත් පසුකාලෙක (ඒ කියන්නේ තමන්ගේ ආදායම යම් මට්ටමකට පත්වුණාට පස්සේ) රජයට ගෙවන පදනම මතයි.

උදාහරණයකින් පැහැදිලි කළොත්?

හිතන්න දැන් ක්‍රමය යටතේ ආණ්ඩුවට පුළුවන් වසරකට වෛද්‍ය සිසුන් 1,000 ක් සඳහා ප්‍රතිපාදන සපයන්න විතරයි කියලා. රජයේ මහජන සෞඛ්‍යය ප්‍රතිපත්තිය මත ජනගනණයෙන් සෑම දහ දාහකටම එක දොස්තර කෙනෙක් ඕනෑය කියලා හිතන්න. ඒ ටාර්ගට් එක තව අවුරුදු පහකින් සම්පුර්ණ කරගන්න නම් වසරකට ගන්න වෛද්‍ය සිසුන් ගාන 1,500 ක් කරන්න ඕනෑ. ඒ කියන්නේ රජයට අවශ්‍යයි දැනට වඩා 50%ක අමතර මුදලක්. මේ මුදල වෛද්‍ය උපාධිය සඳහා බඳවා ගන්න 1,500 දෙනා උපාධිය අරගෙන ජොබ්කරන කාලේ ආපහු ගෙව්වා නම් වැඩේ ෂේප්.

උසස් අධ්‍යාපන සම්මාදම් ක්‍රමය කියලා හැඳින්වෙන මේ ආකාරයේ ක්‍රමයක් සාර්ථකව භාවිතාවෙන රජයේ විශ්ව විද්‍යාල පද්ධතියක් ගැන විස්තර මෙතනින් කියවන්න.
http://en.wikipedia.org/wiki/HECS#HECS

මේ ක්‍රමයේ තියෙන හොඳම වාසිය මොකක්ද?

හොඳම වාසිය තමයි රට ජාතිය වෙනුවෙන් පණ වුනත් දෙන්න බලාගෙන නිෂ්මි ලා, බාලේ ලා, වෙනුර ලා ගිය පාරේ යන්න බලන්න ඉන්න අයට වුනත් මේකට එකඟ වෙන්න පුළුවන් වීම.

ජීවිතේ කැපකරන්න ඉන්න අයට ජොබ් එකක් කරන ගමන් තමන්ට උගන්වන්න වැයවුණු මුදලින් තුනෙන් එකක් විතර ආපහු ගෙවන එක මහ කජ්ජක්ද?

සල්ලි ගෙවල ඉගෙන හරි ගන්න බලන් ඉන්න අයට නං මේකේ කිසි අවුලක් තියෙන්න විදියක් නෑ.

පුද්ගලික විශ්ව විද්‍යාල නිසා මුදළාලි ගේ මෝඩ පුතාට සල්ලිවලට උපාධියක් ගන්න පුළුවන් කියලා කෑ ගහන අයගේ සාධාරණ ප්‍රශ්ණයටත් මේකෙන් විසඳුම ලැබෙනවා

-කතන්දරකාරයා

ප/ලි:
හැබැයි තව එකක් කියන්න ඕනෑ. එක එක ක්‍ෂේත්‍රවල උපාධිධාරියෝ රටට අවශ්‍ය ඒ ඒ ප්‍රමාණයක් විතරයි.

හැමෝම දොස්තරලා වුනොත් ඉතිං හැමදාම තමන් ලෙඩ වෙලා තමන්ටම බේත් කරගන්න වෙනවා. හැමෝම විද්‍යා උපාධිධාරියෝ වෙලත් බෑ. අනිත් ක්‍ෂේත්‍රවලත් එහෙමයි.

රටේ මධ්‍යම සැලසුම්වලින් මේ දේවල් තීරණය කරන්න ඕනෑ.

ඒ නැතිවුනත් රැකියා ක්‍ෂේත්‍රයේ ඉල්ලුම අනුව එක් එක් පාඨමාලාවලට තියෙන ඉල්ලුම තීරණය වේවි දීර්ඝකාලීනව.

ප/ප/ලි
සෙනසුරාදා සවස ලියමි.

මේ මං කියපු මුල්ම කතන්දරයකින් තොර දේශපාලන ලිපියයි. ආයේ කතන්දර පමණක් ලියන්නට හිතී ඇත!

(image: http://www.webe.com.au/hecs-help/hecs-help-paying-your-university-degree)

152 comments:

  1. හොඳ ක්‍රමයක්, ලංකාවේ ක්‍රියාත්මක කරන්න ටිකක් අමාරු වේවි , හැබැයි බැරි වෙන්නෙ නෑ. රස්සාවල් කරන්න පටන් ගත්තට පස්සෙ හම්බ කරන ආදායම, හරියට රජයට දැනගන්න ක්‍රමයක් තියෙනව නම්.

    ReplyDelete
    Replies
    1. @ Observer
      මොනවද අමාරු, ඔය කරන්නේ හොඳට ඔබා-මා ගේ ඔසීලන්තයේ!

      මෙහෙම ක්‍රමයක් තියෙන කොට නිදහස් අධ්‍යාපනයේ ප්‍රයෝනජ ලබාගන්න රට ජාතිය ගැන කැක්කුම තියෙන අයට ඔන්නං තමන්ගේ අධ්‍යාපනයට රටේ ජනතාවගේ වැට් බදුවලින් ගෙවපු මුළු වියදමම ආපහු ගෙවලා දාන්න පුළුවනි.

      Delete
    2. කට්ටියගෙ ආදායම track කරන්න හොඳ විදිහකුත් හොයා ගන්න ඕනෙ, විශේෂයෙන් දොස්තරලගෙ ආදායම track කරන්න අමාරුයි නෙ... ;)
      අපි campus එකෙන් out වෙද්දි අහල තිබුනු හැටියට, US$5000 විතර තමයි කට්ටෙක්ට රජයෙන් වියදම් කෙරුවෙ... මට රට පනින්න chance එකක් ආවම මං හිතා ගත්ත ඔය සල්ලි ආපහු රටට දෙන්න ඕනෙ කවදහරි කියල (හිටපු ගමන් ඔය වගේ පරහිතකාමී අදහස් එනව අපිටත් :D )... ලංකාවෙ හම්බ කරල අපෙ නොයෙකුත් අවශ්‍යතාත් ඉටු කරගෙන ඔය වගේ ගානක් ඉතුරු කරන්න හරිම අමාරුයි නෙ... හැබැයි තාම එහෙම හිතල විතරයි, කර ගන්න නම් බැරි වුනා... :)

      Delete
    3. //මොනවද අමාරු, ඔය කරන්නේ හොඳට ඔබා-මා ගේ ඔසීලන්තයේ!//

      ඔසීලන්තේ කොරන ඒවා, ලංකාවේ කොරන්න පුළුවන්ද කියන එක තමා ලොකුම ප්‍රශ්නෙ. ඔසීලන්තේ සමහර ප්‍රාන්ත වල ටැක්සි ඩ්‍රයිවර්ල, කුලී වැඩ වගේ දේවල් කරන අයගෙන් ටික දෙනෙක්, හැර අනිත් හැමෝම ලබන ආදායම් ' බිග් බ්‍රදර් ' දන්නව අන්තිම ඩොලර් එකටම. ඒක නිසා ආදායම එක සීලිමකින් ඉහල ගියාම, අධ්‍යාපනේට ගෙවන්න තියෙන මුදල කිසි කරදරයක් නැතුව අය කර ගන්න පුළුවන්.

      ලංකාවේ දොස්තර කෙනෙකුගෙ, නීතීඥයකුගේ , ටියුෂන් කඩ කාරයෙක්ගේ තියා රජයේ ලිපි කරුවෙකුගේ, බස් කොන්දොස්තර කෙනෙකුගේ වත් ආදායම ආණ්ඩුව දන්නවද, කවදාවත් හොයන්න පුලුවන්ද, කවද හරි ඒ වගේ ක්‍රමයක් ඇති කොරන්න දේශපාලලා කැමති වෙයිද?

      Delete
    4. @ අහවලා
      ඉතුරු කරලා ගෙවන ක්‍රමයක් නොවේ දන්නෙම නැතුව පඩියෙන් අඩුවෙන ක්‍රමයක් තමයි ඕනෑ!

      Delete
    5. කොහොම උනත් මහත්තුරු, අදයමෙන් % ගනක් ගෙවනව නෙමෙයි නෙ. ඉගෙන ගන්න ගියපු ගානෙන් කොටසක්නෙ. ඕක ගෙවන්නම එපායැ. අද උනත් ක්‍රමයක් තියේ නම්, තියන කාලෙක ගෙවන්න ගොඩ දෙනෙක් කනතී මයෙ හිතේ

      Delete
    6. me kiyana katha hodai namuth campus out wela job akak natiwa awurudu ganak idala job akak set unata passe aken apahu gewannath puluwan weida

      Delete
  2. අදහස හොඳයි. කරන්න ත් පුළුවන් ! මේ අදහස සැලසුම්කරණ, ක්‍රියාත්මක සහ පසු ඇගයිම් චක්‍රයේ ඉහලම තීරණ ගන්නන්ගේ කැපවීම මත තමයි ඒක රැඳිලා තියෙන්නෙ !

    ReplyDelete
    Replies
    1. @ Weni
      ඒක ලේසියි, මොකද ඉගෙන ගන්න අයගේ කැපවීම තියෙනවානේ. කවුද අකමැති රටට ජාතියට සේවය කරන්න?

      Delete
    2. මේකටද අර උත්ප්‍රාසය කියන්නෙ? නැත්නම් සිරාවටමද කිව්වෙ? :D

      Delete
    3. ඇනෝ
      මෙහෙමයි, හොරු ඉන්නවා තමයි නමුත් ඒ අඩු ප්‍රතිශතයක් නේද?

      Delete
    4. හොරු, තක්කඩි, වංචාකාරයෝ, මකොල්ලකාරයෝ සීයට දහයකට අඩුයි.
      හොරකම්, තක්කඩිකම්, වංචා, මංකොල්ල නොකරන අය සීයට අනූවකට වැඩියි.
      හොරුන්ට, තක්කඩින්ට, වංචාකාරයන්ට, මංකොල්ලකාරයන්ට විරුද්ධව වැඩකරන අය සීයට එකකටත් අඩුයි.

      Delete
    5. ඉහත ප්‍රති උත්තරය AnonymousJan 19, 2012 08:30 PM ලෙස කමෙන්ට් කළ මගේ නොවන බව කරුණාවෙන් සළකන්න.

      Delete
  3. මේ යෝජනාවට මමත් එකඟයි.සිසුන් විශ්ව විද්‍යාලයට ඇතුලු වන විටම මේ සම්බන්ධ ගිවිසුමකට අත්සන්කොට ඇතුලුකරගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ජයවේවා ජයශ්‍රී!

      මේක කාලයක් තිස්සේ ටෙස්ට් කරපු ක්‍රමයක් නේ.

      Delete
  4. පෞද්ගලික විශ්ව විද්‍යාල වෙනුවට මම දකින හොඳම මොඩල් එක රාජ්‍ය විශ්ව විද්‍යාල ගාස්තු අයකරමින් කරන ඉගැන්වීම(ඔබතුමා කියන රාජ්‍ය විශ්ව විද්‍යාල හා නොන් ප්‍රොෆිට් ඒවා වැඩ කරන්නේ එහෙමනේ ) . උසස් අධ්‍යාපනයේදී රෝල් මොඩල් එක කරගන්න හොඳම රට බ්‍රිතාන්‍යය කියලයි මාත් හිතන්නේ . ඒත් කතන්දර මහත්තයෝ ඔබතුමාගේ යෝජනාවට ශිෂ්‍ය ප්‍රජාව එකඟද ? ඔලුවක් තියන උන් එකඟ වෙයි. ඒත් ශිෂ්‍ය ප්‍රජාවේ මතය විදිහට එලියට උඳුල් ප්‍රේමරත්නලා සංජීව බණ්ඩාරලා ඕක පිලිගනියිද . ඔහොම දෙයක් නිකමට වත් යෝජනා කලොත් " මෙන්න ආණ්ඩුවම උපාධිය සල්ලිවලට විකුනලා ශිෂ්‍යයින් ණය කාරයින් කරනෝ " කියල ලතෝනි තියයි . පිනට කාල පුරුදු වුන් උපාධිය මදිවට රස්සාවත් ආණ්ඩුවෙන්ම දීපියව් කියන රටේ ඕවා කරන්න පුලුවන් කියලද ඔබතුමා හිතන්නේ ?

    ReplyDelete
    Replies
    1. @ Buwa
      රජයෙන් දෙනවා කියන්නේ වෙළද බදු, ආදායම් බදු, සුරාබදු වගේ මහජනතාවගේම සල්ලිනේ. සේවය ලබා ගන්නා වැඩි මුදලක් ගෙවීම තමයි සාධාරණ ක්‍රමය.

      සාමාන්‍ය පෙළ සඳහා ආර්ථිත විද්‍යාව උගන්වන්න ඕනෑ.

      Delete
    2. // පිනට කාල පුරුදු වුන් උපාධිය මදිවට රස්සාවත් ආණ්ඩුවෙන්ම දීපියව් කියන රටේ ඕවා කරන්න පුලුවන් කියලද ඔබතුමා හිතන්නේ ?//
      කටේ මසුරං දාන්න වටින ප්‍රශ්නයක්.....

      Delete
    3. @බුවා :
      බුවා අපි මෙහෙම කරමු !!!
      මුලින්ම පාසල් අධ්‍යාපනයට ගානක් අය කරමු. ටියුශන් පංති වල වගේ. ඒක ගොඩක්ම ලාභදායකයි. මොකද ඒකේනේ ඉන්නේ වැඩිම ශි‍ෂ්‍ය ප්‍රජාවක් !!! එතකොට පාසල් දියුණු කරන්න පුලුවන්. මොකද පාසලට ලොකු අරමුදලක් ඇති වෙනවා නේ.

      ඊට පස්සේ කැම්පස් වලට බැහැලා උපාධියට ගානක් අය කරමු. ඒකත් ලාභයි නේ.

      එහෙම නේද ඔබ තුමා කරන්න යන්නේ ? මේකගේ මොලේ මැල්ලුංද දන්නේ නෑ !!!! :)

      බුවා, එදා වේලවත් හොයාගන්න බැරි දුප්පත් එකෙක්ගේ දරුවෙක් වෙලා විශ්ව විද්‍යාලයට තේරිච්ච දවසක ඩිග්‍රියේ ගාන ගෙවා ගන්න බැරිව ගෙදරට වෙලා හිටියොත් එතකොට කියන කතාවත් ඕකද ??

      ඔහොම ගියහම මෙවුන් කියයිනේ නිකන් ලැබෙන බේත් වලටත් ගානක් අය කරන්න ඕන කියලා.
      එතකොට එදා වේල හොයාගන්නවත් බැරි සාමාන්‍ය ජනතාවට යන එන මං නැති වෙනවා.

      උපාධිධාරීන්ට රජයේ රස්සා දෙන්න ඕන කියලා නියමයක් තියෙන්නේ ඕන කියන එක මම හෙලා දකිනවා. තම තමන්ගේ අනාගතය හදාගන්න තම තමා දැනගන්න ඕනා.

      Delete
    4. //මුලින්ම පාසල් අධ්‍යාපනයට ගානක් අය කරමු.//

      පාසල් අධ්‍යාපනය රටක සාක්ෂරතාවය කෙරෙහි කෙලින්ම බලපාන කාරණයක් , උපාධිධාරීන් වගෙ නෙවෙයි රටක සමස්ථ පුරවැසියාවම සාක්ෂරතාවයෙන් යුක්ත වීම රටකට සැහෙන්න වැදගත් ඒ කොහොමද කියල කැම්පස් ගිය මොලේ ඇති කොල්ලෙකුට කියල දෙන්න ඕනි නැනේ . හැබැයි ලංකාවේ පවතින ක්‍රමයත් ගැටලු සහගතයි . නිදහස් අධ්‍යාපනය අත්‍යාවශ්‍යයෙන් ලැබිය යුතු පිරිසට නෙවෙයි මේ ක්‍රමයෙන් වැඩි වාසිය තියෙන්නේ . උදාහරණයක් විදිහට ඇඳුම් සහ පෙල පොත් සල්ලි දීල ගන්න වුනත් හැකියාව තියන සිසුන් බහුතරයක් ඉන්න පාසල් වලට වසර මුලදිම ඒවා අඩුපාඩුවක් නැතුව ලැබෙන කොට ඒ පිරිවැය දරන්න අමාරු සිසුන් බහුතරයක් ඉන්න පාසල් වලට ඒවා ලැබෙන්නේ අන්තිමට , එයිනුත් පෙලක් වෙලාවට භාගයයි . මේ නිදහස් අධ්‍යාපනය කාලීනව හැඩ නොගස්වපු එකේ විපාක . සෞඛ්‍යත් එච්චර තමයි . හැමෝටම නිකන් දෙන්න ගිහින් දැන් බේත් ටික ගන්න සල්ලි නැති මනුස්සයත් ෆාමසියෙන් බේත් අරගෙන ඉස්පිරිතාලෙට ගෙනත් දෙන්න වෙලා . රජයෙන්(මහ ජනතාවගෙන් ) මුදල් වැය කරලා සේවය ලබා දෙන සේවාවන් වල(සේවය ලබන්නා මුදල් වැය නොකරන ) ප්‍රතිසංස්කරණයන් අත්‍යාවශ්‍යයයි කියන්න ඔය ක්ෂේත්‍ර දෙකම හොඳ උදාහරණයක් !

      Delete
    5. @බුවා :
      සෞඛ්‍යයට ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියලා කියන්නේ ඒකත් ගානක් අය කරලා බේත් කරන ක්‍රමයක් ද ?

      ආහ් තව එකක් තියෙනවා !!!!
      ආරක්ෂක අංශය. ඒකටත් ගානක් අය කරමු !! මොකද ඒකත් අපි ගානක් ගෙවලා ලබා ගන්න සේවයක් යෑ.ආරක්ෂක අංශය, සෞඛ්‍යය, අධ්‍යාපනය වගේ ඒවා හැම පුරවැසියෙක්ටම ලැබෙන්න ඕන දේවල් !!!


      එතකොට රජයක් ඕන නෑනේද අයියා ? බිස්නස් කාරයෝ සෙට් එකක් හිටියම මදෑ. හික්ස් :)

      මෙහෙම ගියහම ටික කාලයක් යනකොට පාසල් අධ්‍යාපනයටත් ගානක් අය කරයි. මොකද දැන් හිටු කියලා පාසල් වැහීගෙන යනවා. ඒවා නඩත්තු කරන්නත් එපැයි.

      Delete
    6. සෞඛ්‍ය සේවයට සිදු වෙන්න ඕනි ප්‍රතිසංස්කරණ ගණනාවක් තියනවා ඒක මේ මාතෘකාවට ආදාල නොවෙන නිසා කථා නොකර ඉමු !

      ආරක්ෂාව සහ අධ්‍යාපනය සෞඛ්‍යය වගේ සේවා අතර වෙනස හඳුනාගන්න බැරි නම් ඒක කණගාටුවට කරුණක් . රජය සපනය සේවාවකට මිලක් අය කරනවා නම් ඒ සේවය පවත්වාගෙන යැමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමට , බිස්නස් කාරයෙක් යමක් කරන්නේ උපරිම ලාභ ගන්න අන්න එතනයි රජයක් ඉන්න එකේ වෙනස . ඒ නිසා තමයි මම කියන්නේ උසස් අධ්‍යාපනය පෞද්ගලික ව්‍යාපාර නොවී රජය මගින්ම මුදලක් අය කරල කරන තැනට පත්වෙනවා නම් (දැනට නොමිලේ උගන්වන ප්‍රමාණයට අමතරව ) ඒක වඩා සුදුසුයි කියල . ඒත් ලංකාවේ දැනට තියන තත්වයත් එක්ක ඒක ප්‍රායෝගික නැ
      [(01) දැනටමත් ඇරඹිලා තියන පෞද්ගලික ආයතන වලට වෙන්නේ මොකක්ද (02) ශිෂ්‍ය ප්‍රජාවේ එකඟත්වය] ,

      ඒ නිසයි පුද්ගලික අංශයට අවස්ථාව ලබාදීමට එකඟ

      Delete
  5. ගොං පාට් දාලා බ්ලොග් ගඩොල් ගේ මැදහත් ලිපියට එන හිට්ස් හයිජැක් කරන්න ලැජ්ජ නැද්ද බං??

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ
      ඔයා කිව්වාම මට පුදුම ලැජ්ජාවක් ඇති වුනා අනේ.

      උදේ ඉඳන් හිට්ස් හයි ජැක් කරලා මගේ දණහිස් දෙකත් රිදෙනවා.

      මේ සතියේම උදේට රෑට මං පොළට ගිහින් හිට්ස් ගොඩ පනහ ගානේ විකුණලා සමූපෙන් බඩු ගේන්නයි ඉන්නේ.

      Delete
    2. මෙහෙමයි මහත්තුරු, ඔය එක එක ක්‍රම ගොඩාක් රඳිල තියෙන්නෙ කවුරුවත් කික් විසඳුම කතා කරන්නෙ නැතිකල් විතරයි. ඒක මම අත්දැකීමෙන් දන්නවා...

      ඔය කියපු හැටියට විවි වල ඉන්න ගොඩ දෙනෙක් ගොන් යක්කු?? ඒකට කරන්න තියෙන්නෙ උ.පෙ. පාස් වෙන හරක් ටික කුඹුරට දක්කල, පේල් වෙන නුවනැතියො ටික විවි වලට යවන එක. ඇයි ඉතින් පාස් කියන්නෙ මොඩයො නෙ. නැද්ද මන් අහන්නෙ

      Delete
  6. හොඳ අදහස් ටිකක් කතන්දර. සම්පූර්නයෙන් එකඟයි, නොමිලේ ලැබෙන අධ‍යාපනයට රැකියාවක් ලැබුනාම ගෙවීමේ ක්‍රමයට.

    ReplyDelete
    Replies
    1. හරිගිය පසු ගෙවන්න.
      අප කළ ගුරුකමක් වැරදුනේ නැත!

      Delete
    2. කාට හරි කියන්න පුලුවන්ද, ගඩොල ද මද්්යස්ථ, මේකද මද්්යස්ථ, නැත්නම් දෙකමද....

      Delete
    3. @අන්ජන:
      කකාගෙ ලිපිය මද්්‍යස්ත නෑ . . . විසඳුමක් විතරයි . . . හෙඩිම කියවන්න

      Delete
  7. ඔව් මේකත් හොඳ ක්‍රමයක්. මන් හිතන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන්නේ මේ ක්‍රමය නේද? තමන්ගේ ආදායමෙන් ගෙවීම හරි නැත්තන් අත්පිටම එකපාර කෝස් ෆී එක ගෙවන්නත් පුළුවන් මම හිතන විදියට, එතකොට සියට කීයක්ද අඩුයි.
    හැබැයි මේ ආපහු ගෙවීම මේ රටේ කෙරෙන්නේ ගොඩක් දිග කාලයක් ඇතුලත. එතකොට ඒක දැනෙන්නේ වත් නැති තරම් (ළමයට). හැබැයි ඉතින් ලොකු පිරිසක් එහෙම ගෙවද්දී ආණ්ඩුවට කෙටි කාලෙකදී උනත් ලොකු මුදලක් හම්බ වේවි. අවුරුද්දකට රැකියා සහිතව අවුට් වෙන උපාධිධාරීන් ගේ සන්ක්යාලේඛන ගැන මම දන්නේ නැහැ... එහෙම පුළුවන් නම් ඉතින් හොඳයි.
    නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මෙහෙම මුදල් ආපහු ගෙවන්න කීදෙනෙක් කැමති වේවිද කියල. ඒ වගේම හම්බෙන පඩියෙන් හැමෝගෙන්ම යම් ප්‍රතිශතයක් කපා ගන්නවා නම් එකත් එච්චර සාධාරණ නැහැ. මොකද සමහර ජොබ්ස් වලට පඩි වැඩි උනාට බෙනිෆිට්ස් නැහැ. ඒ වාටත් සාධාරණයක් කරන්න ඕනේ.

    දැන් කකා කියන්න පුද්ගලික වී වී වලට විරුද්ධ වීමේ හේතු? විකල්ප යෝජනාවක් මිසක් ඇයි පුද්ගලික වී වී එපා කියන්නේ කියල පොස්ට් එකේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ලොකු ආයෝජනයක් කරලා, සියයට ගාණක ප්‍රතිලාභ ගන්න බිස්නස් එකක් හැටියට පුද්ගලික විශ්ච විද්‍යාල ඇති නොකළ යුතුයි. අධ්‍යාපනයට කරන ආයෝජනයේ සෑබෑ

      ප්‍රතිලාභ එන්නේ දීර්ඝ කාලීනව රටටයි. ඒවා බැලන්ස් ෂීට් එකක පෙන්නන්න බෑ.

      එනිසා, ලාභ මට්ටම් වැඩිකර කොටස් හිමියන්ට ප්‍රතිලාභ දෙන මොඩල් එකක් අධ්‍යාපනයට නුසුදුසුයි. ලෝකයේ ඉහල පෙලේ විශ්ව විද්‍යාල සියල්ල රජයේ හෝ අතිවිශාල ධනවන්තයින්ගේ මහා පරිමාණ අරමුදල් සහිතව ඇරඹුණු ඒවායි.

      මං කිව්වේ බොහෝ දෙනා හිතන පරිදි මුදල් ගෙවිය යුතු විශ්ව විද්‍යාල පුද්ගලික ඒවා නොවන බවයි.

      Delete
  8. අන්න හරි . බුවා කියන්න වගේ මෙන්න නිදහස් අධ්‍යාපන ඉවරයි කියල කට්ටිය ලතෝනි දෙන්නේ නැත්නම් . අර්ධ සමාජවාදී වියට්නාමයේ රජයේ විශ්ව විද්‍යාල මිල අඩුයි . පුද්ගලික එව්වා මිල වැඩියි . රජයේ එව්වයේ දක්ෂයින්ට ශිෂ්‍යත්ව දෙනවා . අනික ඒ ඒ විෂයන්ට වෙනම විශ්ව විද්‍යාල ..එයාල කියන විදියට ඇකඩමි . උදා ; විදේශ සේවෙට ඉගෙන ගන්න අයට ඒ ගැන ඇකඩමියක් තියෙනවා . ඉගෙන ගෙන ඉවර වුනහම අමාත්‍යංශයෙන් තියෙන තරඟ විභාගයෙන් එතනට යන්න හරි පුද්ගලික අංශයට යන්න හරි රට ගිහින් වැඩිදුර ඉගෙන ගන්න හරි පුළුවන් . ඒවගේම අර්ධ කාලින රැකියා කරලයි බහුතරය ඉගෙන ගන්නේ . ආණ්ඩුව බැඳිලත් නැහැ රස්සා දෙනවයි කියල . අපි පොරවල් කියල හිතන් හිටියට ඉස්සරහට ලෝකේ මිනිස්සු අපිට වඩා ගොඩක් දැනුමින් සන්නද්ධ වෙන බව කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බින්දි ඔබේ අත්දැකීම් ගැන ලියපු එක වැදගත්.

      Delete
  9. මම හැමදාම කතන්දරගේ බ්ලොග් එක කියවනවා.ඒත් කවදාවත් කමෙන්ට් කරලා නෑ.ඒත් අද මේක දැක්කමනන් කමෙන්ට් කරන්නම ඕන කියලා හිතුනා.
    උඩ කමෙන්ට්ස්වල සමහරු කියලා තියනවා වගේ මේකට කිසිම ශිෂ්‍යයෙක් අකමැති වෙයි කියලානම් මම හිතන්නෙ නෑ.ශිෂ්‍ය ප්‍රජාව අකමැති වෙන්නේ අධ්‍යාපනය විකුනගෙන කන එකට මිසක් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත අය ඒකේ පල ලබන කාලෙට ඒකෙන් කොටසක් ගෙවන්න වෙන එකට නෙමෙයි.මේක ගොඩාක් හොද ක්‍රමයක් අපේ රටටත්.තමන්ගේ කෝස් එකට ගිය ගාන දීර්ග කාලයකදී කොටස් වශයෙන් ගෙවන එක උපාධියක් අරන් හොද රැකියාවක් කරන කෙනෙකුට එච්චර අමාරු දෙයක් නෙමෙයි.
    විශ්ව විද්‍යාල ශිෂ්‍යයාවක් විදිහට මමනම් මේ ක්‍රමයට උඩින්ම කැමතියි.මන් හිතන්නේ අනිත් අයත් එහෙම කැමති වෙයි.

    අම්මෝ සින්හල ටයිප් කරන්න තියන අමාරුවක්.ආයෙනම් කමෙන්ට් කරන්න යන්නෙ නෑ පුරුදු විදියට කියවලා හිනාවෙලා ඉන්නවා මිසක්.

    -මම ඇනෝ නන්ගි කෙනෙක්.මට ප්‍රොෆයිල් එකක් නැති නිසයි ඇනෝ විදිහට කමෙන්ට් කරේ.

    ReplyDelete
    Replies
    1. මේක ට්‍රයි කරල බලන්න

      http://www.google.com/transliterate

      Delete
    2. වයසට ගියත් ඔබාගෙ මනමාලකම ගිහින් නැහැ.
      ඇනෝ මල්ලි කෙනෙක්ට ඔව්ව පෙන්නයිද..

      Delete
    3. ඊමේල් ලිපිනය එව්වොත් නාකින්ගේ වැඩ පෙන්නන හොඳ පින්තුර ටිකක් එවන්නං

      Delete
    4. @ ඇනෝ නගා,
      පළමු ප්‍රතිචාරයට ස්තුතියි. කිසිම දෙයක් අමාරුයි කියලා කම්මැලිකම අත අරින්ණ එපා.

      මං එහෙම කළා නං මේ බ්ලොග් එක නෑ.

      Delete
    5. OBA UNCLE THANK YOU VERYMUCH FOR THE LINK

      ඔබා අන්කල් තැනක් ඌ
      (FIRST ATTEMPT ON transliterate)

      Delete
  10. හොඳයි, ශ්‍රේෂ්ටයි, කිසි අවුලක් නෑ, ජන හිතකාමීයි, දේෂප්‍රමීයි, අවංකයි,
    ඒත් . පොඩි කේස් එකක් තියෙනව.අනේ ....ප්ලීස් ....ඔය පනත් නීති රීති සම්පාදනය වෙන වෙලාවට අතීතයට බල නොපාන විදියට කර ගන්න බලන්න..

    ReplyDelete
    Replies
    1. පුහුල් හොරා කරෙන් දැනේ!

      Delete
  11. ඇත්තටම මේ ක්‍රමය ඊතා හොද එකක් වේවි. හැම විශ්වවිද්‍යාලයම උදුලාලා, සංජීව බංඩාරලාගේ පදයට නටන්නේ නැහැ. විශ්වවිද්‍යාල ශිෂ්‍යන් ඔක්කොම ඒ පදවලට නැටුවා නම් සුමනවීර බංඩාත් අදත් ජෙ.වි.පි එකේ ඉන්න ඕනේ. රටේ අධ්‍යාපන ක්‍රමය රැක ගන්න, රාජ්‍ය විශ්වවිද්‍යාල රැක ගන්න කැමැති ඔක්කොම සිසුන් මේකට එකග වෙයි.නිදහස් අධ්‍යාපනයේ වටිනාකම ඒකෙන් නිසි ඵල නෙලා ගත්ත අය විතරයි. හැමෝම කැම්පස් යන්න ට්‍රයි කරලා යන්න බැරි වුනාම පුද්ගලික විශ්වවිද්‍යාල හොදයි, නිදහස් අධ්‍යාපනය හොද නෑ කියන්නේ නරියා මිදි තිත්තයි කිව්වා වගේ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි!
      සල්ලි ගෙවා ඉගෙන ගන්න ප්‍රශ්ණ තියෙන්නේ ශිෂ්‍යයින්ට සහ දෙමව්පියන්ට නේ.
      උපාධිය ලාබ රැකියාවක් කරන කොට තත්වය වෙනස්.

      Delete
  12. දිර්ග කාලීනව කොටස් ලෙස ගෙවනකොට අතර මගදී රට ගියොත් ?
    කකාගේ අදහස හොදයි ඇප්ලයි කිරිල්ල අමාරැ වෙයි මයෙ හිතේ,

    **

    රජයට අදහස් තිබ්බට ඇප්ලයි කිරිල්ලේ අවුලක් තියෙන්නේ. ඔක්කෝම පෙරලගෙන එක පාර මිනිස්සු වෙනස් කරනවට වැඩිය ක්‍රමවත් විදිහට කරනවනම් මිනිස්සු මෙච්චර පාරට බහින්නේ නැහැ.

    එයාල පොඩි දේ උනත් අනාගන්න නිසා කකා ඇප්ලයි කිරීමේ ක්‍රමයක් කීවොත් ඒකත් සාර්ථක නොවෙන එකක් නැහැ.. :)

    ReplyDelete
    Replies
    1. එයාල සම්පුර්ණයෙන්ම රට අත ඇරලා යනවනම් සම්පුර්ණ මුදල එක පාර ගෙවල රටින් පිට වෙලා යන්න ඉඩ දෙන්න පුළුවන් නේද

      Delete
    2. @ sAm
      ඒවා සුවිශේෂී අවස්ථා මිස පොදු තත්වය නොවෙයි. පිලියම් තියෙනවා. (ලොකු පුතා ලියූ දේ බලන්න)

      හොරු කවදත් ඉන්නවානේ. හොරු රට යන එකත් ලොකු දෙයක් නේද?

      Delete
    3. ශ්‍රී ලංකා හෙදි සේවය සඳහා නොමිලේ පුහුණු වෙලා හෙදියක් වෙච්ච කෙනෙක්ගෙන් අහල බලන්න මේ ප්‍රශ්නය කොහොමද විසඳලා තියෙන්නේ කියල.

      Delete
  13. පෞද්ගලික වී. වී රටේ බිහි වෙනවට, මම විරුද්ධ නැහැ! සල්ලි තිබුන කියලා, සල්ලිවලට ගන්න තිබුනා කියලා, විතරක් නෙවෙයි,' නිකන් දුන්නත්' ඉගෙන ගන්න, උපාධි ගන්න හැමෝටම බැහැ! සල්ලි තියෙන අයටත්,තව දුරටත්, ඉගෙන ගන්න ඕනේ නම්,උපාධී ඕනේ නම්, ඉගෙන ගන්න චාන්ස් එකක් තියෙන්න ඕනේ, ලංකාව ඇතුලේ! හැම ප්‍රශ්නෙම දෙපැත්තක් තියෙනවා හිතන්න, තුන් වන පාර්ශවයක් විදිහට ප්‍රශ්නේ දිහා බලපුවම... ඇත්තටම ප්‍රශ්නයක් නැහැ මෙතන... විවාදයක් විතරයි තියෙන්නේ! මගේ හැගීම සල්ලි දීල ගත්තත්, නොමිලේ ගත්තත්, අධ්‍යපන අයිතිය හැමෝටම තියෙන්න ඕනේ...! කතන්දරගේ අදහසත් හොදයි! ක්‍රියාත්මක කරවන්න පුලුවන් නම්, ඊටත් හොදයි!

    ReplyDelete
    Replies
    1. Nelum
      මේක මගේ අදහසක් නොවෙයි. තමන්ගේ අධ්‍යාපනය සඳහා මුලදී හෝ පසුව හෝ සම්මාදම් වීම බටහිර රටවල තියෙන වැඩ පිළිවෙලක්. ඒක සාර්ධකයි කියලයි මගේ අදහස.

      Delete
  14. පස්සෙ කාලෙකදි අනිවාර්යයෙන් ගෙවන්න වෙන Housing loan, ළමයින්ගෙ වියදම්, වගේ ඒවා අස්සේ මේකත් ගෙවන්න පුලුවන් විදිහේ රස්සාවල් හැමෝටම හම්බ වෙයිද අප්පා... පඩියෙ හැටියට පොඩි percentage එකක් තමයි ගන්න වෙන්නෙ. ඇත්තටම නොදන්න හින්දා අහන්නෙ..ලංකාවේ වගේ කලා උපාධි ඔස්ට්‍රේලියාවෙත් තියනවද? එයාලා මොනවගේ ජොබ් වලටද යන්නෙ? ලංකාවේ වගේ දෙනවට දෙනවද නැත්නම් රටේ requirements බලලද design කරලා තියන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඇනෝ
      කලා කියන වචනය එක අතකින් වැරදියි. නිවරුදි සිංහල නම ශාස්ත්‍ර.

      ශාස්ත්‍රවේදී උපාධි ලෝකයේ හැම රටකම තියෙනවා. සාමාන්‍ය උපාධියක් යනු එක්තරා ශික්‍ෂණයක් මිස විශේෂඥ දැනුමක් කියා සැලකෙන්නේ නෑ.

      විද්‍යා, වානිජ විෂයය ධාරාවලට ඇති ඉල්ලුම නිසා කලා විෂයන් වල පල්ලට යනවා විය හැකියි. ආකල්ප වෙනසක් අවශ්‍යයි. රටේ දියුණුව සමග එය වේවි.

      ඒ සමගම, සේවක, සේවා යෝජක දෙපිරිසේම ආකල්ප වෙනස් විය යුතුයි.

      Delete
  15. හොඳ විසඳුමක් ඒත් අපේ රටේ දැන් ඉන්න විස්සවිජ්ජාල කොලු තාත්තල කොහොම තේරුම් ගනීද කියන එක හැකයි.
    අර කිව්වත් වගේ ඔය කට්ටිය නිදහස් අධ්‍යාපනය ඉවරයි කියල විකාර කොරන්න ගනීවි.
    මමත් දන්නා විදිහට ඕක ගොඩක් රටවල සිද්ද වෙන දෙයක් හොඳ අදහසක් කාකා.

    ReplyDelete
    Replies
    1. Shaaanu - ශානු
      මා දී ඇති සබැඳිය බලන්න. මෙය හැඳින්වෙන්නේ උසස් අධ්‍යාපන සම්මාදම් කියායි.
      http://en.wikipedia.org/wiki/HECS#HECS

      උසස් පෙල සමත් ඕනෑම අයෙකු ගෙන් මේ ගැන ඇහුවොත් එකඟ වෙනවා නොඅනුමානයි. තමන්ට උගන්වන්න යන වියමෙන් සුළු කොටසක් ආපහු ගෙවන්න අකමැති වෙන ගුණමකුවා කවුද?

      ඒක හරියට දෙමව්පියන්ට නොසලකා හරිනවා වගේ වැඩක් නේ.

      දැනටමත් විශ්ව විද්‍යාලයේ ඉන්න අයට මේක අදාල වෙන්නේ නෑ නේ.

      Delete
  16. අපේ විස්ස විද්යාල වල ඉන්න අයියලා ඕකට කැමති වෙයි කියලා හිතනවද? :-D
    හීනෙන් තමයි!
    ඕවා ක්‍රියාත්මක කරන්න ගියොත් එයාලා අනාගත් ශිස්ස ශිස්සයාවන් ගැන තියෙන මහා කැක්කුමෙන් තමාන්ගේ දිවි පරදුවට තියලා බහී පාරට :-D

    ReplyDelete
    Replies
    1. පූසා
      කලින් දුන් පිළිතුරක් නැවතත්.

      තමන්ට උගන්වන්න යන වියමෙන් සුළු කොටසක් ආපහු ගෙවන්න අකමැති වෙන ගුණමකුවා කවුද?

      ඒක හරියට දෙමව්පියන්ට නොසලකා හරිනවා වගේ වැඩක් නේ.

      දැනටමත් විශ්ව විද්‍යාලයේ ඉන්න අයට මේක අදාල වෙන්නේ නෑ නේ.

      වෙනත් මතයක් දැරීම, විරුද්ධ වීම සහ විරෝධය ප්‍රකාශ කිරීම අගේ කළ යුතු දේවල්.

      Delete
  17. හපොයි ! කතන්දරව අතුරුදහන් කරයිද දන්නෙ නෑ මෙච්චර අපූරුවට වවාගෙන කන ප්‍රස්නයකට කෙළවන්න ආව කියල, ඇන්ජීඕ කාක්කා කියන්නත් බැරිනෑ,

    ReplyDelete
    Replies
    1. නවම්
      බ්ලොග් ලෝකයේ අපිත් මේක වවාගෙන කනවානේ, ඊයේ ඉඳන් මාත් සම්න්ධවුණා. අවුලක් නෑ.

      Delete
  18. කතන්දරගෙ යෝජනාව හොදයි. ඒ වගේම මේකට විදේශ වලින් එන ඉගනගන්න කැමති ශිෂ්‍යයන්ගෙන් "ගෙඩිය පිටින්" මුදල ලබාගන්නත් පුළුවන්. හැමෝටම වගේ එකගවෙන්න පුළුවන් සාධාරණ වැඩපිළිවෙලක්.
    //ලෝකේ ඔය කියන තරමට පෞද්ගලික ව්‍යාපාර විදියට කරගෙන යන විශ්ව විද්‍යාල සංඛ්‍යාවක් නෑ මං දන්න තරමට නං// හැබැයි කෑගහන අයනං කියන්නෙ ලංකාවෙන් පිටට ගියාම පදුරක් පදුරක් ගානෙ පෞ.වි.වි. තියනව කියල දන්න ගානට :-)

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනා 'මුදල් ගෙවා පොදු විශ්ව විද්‍යාලවල ඉගෙන ගැනීමයි' ...පෞද්ගලික විශ්ව විද්‍යාලයි පටලවාගෙන ඉන්නේ... ඒකයි ප්‍රශ්ණය...

      Delete
    2. රාජ්
      කැන්ඩියන් ගේ පිළිතුර බලන්න. ඒ එක්කම ලංකාවේ ස්ලිට්, එන්අයිබීඑම් වගේ ආයතනත් ආණ්ඩුවේ නේද?

      Delete
    3. kandyyan
      ස්තුතියි. මොනවා කියෙව්වත් තේරුම් ගන්නේ තමන්ට ඕනෑ දෙයයි.

      Delete
    4. for profit සහ non profit university වල වෙනස නොදන්නා අය අධ්‍යාපන ප්‍රතිපත්ති හදන එකත් නිකම් පිස්සු වගේ නේද?

      Delete
  19. කකා කාලෙකට පස්සෙ වැදගත් දෙයක් ලියල තියෙනව…

    ReplyDelete
    Replies
    1. ඇනෝ
      මං සාමාන්‍යයෙන් ලියන්නේ කතන්දර විතරයි.

      මේ ලිපියේ මුලින් සඳගන් වෙන මුදළාලිගේ මෝඩ පුතා සහ ප්‍රීති සහ සැලසුම් කිරීම ලිපි දෙකේත් මූලික වස්තුබීජය කතන්දර.

      මං හිතන්නේ මේ ලිපිය මං කතන්දරයකින් තොරව ලියූ පළමුවන ලිපියයි. ඒ අතින් මේ ලිපිය මට ඓතිහාසිකයි!

      Delete
  20. කලකට පස්සේ එකඟ වෙන්න පුලුවන් යමක් කතන්දරගෙන්.

    ඔහොම යං ඔහොම යං. කාලෙකදි ඔයත් ඒවි ලංකාවෙ නෑදෑයො බලල යන්න. මෙදාපාර "The Global Forum for Sri Lankan Scientists" එකට ආපු අයවගේ.... සමහර සෙශන්ස් වලට කට්ටිය නැහැලු ගමේ ගිහිංලු නෑයො බලන්න.National Science Foundation එකේ සල්ලිවලිං ගමරට ඇවිත් මදිවට. ඔන්න ඔහොමයි අපේ අය එලියෙ ඉඳල ලංකාව දියුණු කරන්නෙ.

    ලැජ්ජයි.

    http://www.scitechforum.lk/

    ReplyDelete
    Replies
    1. ඊ-මේල්
      මල්ලේ පොල් ද, කොස් ද, දෙල්,ද? Sorry I can't see the relevance!

      Delete
    2. ලංකාවෙ ඉපදිලා පිටරට ඉඳං ලංකාව හදන්ට එන උගත් බහුතරය ගැන වචනයක් පමණයි. පැතුම - කතන්දර ගෙ තියන රට ගැන කැක්කුම එවං එකක් නොවේවා!!!! යන්නයි.

      Delete
    3. ආ මේ මුද්දරස්පලං! දැන් නේ තේරුණේ!!

      Delete
  21. කතන්දර මෙතැනදි කරන්නෙ කොළේ වහල ගැහීමක්. මේ ලිපිය පුරුපුරුගෙ වගේ අවංකව ප්‍රශ්නය විසඳීමට ගත්තු උත්සාහයක් නෙවෙන්නෙ එකයි.

    පිටතින් කොහොම පෙණුනත් මෙතැන තියෙන ප්‍රශ්නය පෞද්ගලික විශ්ව විද්‍යාල තිබිය යුතුද නැද්ද කියන එක නෙවෙයි. අප සමාජයක් හැටියට අධ්‍යාපනය කියන්නෙ (a) නොමිළේ පිනට ලැබිය යුතු දෙයක්ද (b) ලබන්නා විසින් යම් මුදලක් ගෙවා ලබා ගත යුතු දෙයක්ද? කියන දෙකෙන් එකඟ වෙන්නෙ කෝකටද කියන එකයි. පිනට යමක් ලබන කෙනෙක් සාමාන්‍යයෙන් ඒ වෙනුවෙන් මුදලක් ගෙවන්න ඕනැ කිව්වාම ඒකට විරුද්ධයි. විශේෂයෙන්ම අපේ රටේ මතය අධ්‍යාපනය, සෞඛ්‍ය, රස්සා වගේ හැම දෙයක්ම පිනට ආණ්ඩුවෙන් දෙන්න ඕනැ දේවල් කියලා. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න කාගෙවත් කැමැත්තක් නෑ. ඕකයි මෙතැන තියෙන ගැටළුව.

    දැන් යුරෝපයේ ඇමෙරිකාවෙත් පුද්ගලික විශ්ව විද්‍යාල නෑ කියල කතන්දර කියන කතාව බලමුකො. ඇයි නැත්තෙ? ඒ රටවල රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ගන්නෙත් යම් මුදලකට. පිනට නෙවෙයි. (ශිෂ්‍යත්ව ටිකක් තියෙනවා.) ඒ කියන්නෙ ඒ රටවලත් ක්‍රියාත්මක වෙන්නෙ තමන් ලබන අධ්‍යාපනය වෙනුවෙන් ශිෂ්‍යයින් මුදල් ගෙවිය යුතුය කියන මතයයි. නැතුව පිනට දෙන ක්‍රමයක් නෙවෙයි ඒ රටවල තියෙන්නෙ.

    ඇයි ඒ රටවලට නැතුව අපට පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය? වෙන කෙනෙක් පෞද්ගලිකව මුදල් ගෙවලා අධ්‍යාපනය ලබා ගන්නවාටත් ඔය තරම් විරුද්ධ අපේ නංගිලා, මල්ලිලා රොත්ත රජයේ විශ්ව විද්‍යාල වලින් මුදල් අය කරලා පාඨමාලා මෙහෙයවිය යුතුය කියලා කිව්වොත් සරම් ගවුම් උස්සගෙන එන හැටි හිතා ගන්න පුළුවන්නෙ.

    ඉතින් තියෙන එකම විසඳුම තමයි රජයේ විශ්ව විද්‍යාල වටල ඔහොමම තියෙන්නෙ ඉඩදීලා සල්ලි ඇති කෙනෙකුට තමන්ගේ සල්ලි (රටේ සල්ලි නෙවෙයි.) වියදම් කරලා ඉගෙන ගන්න ආයතන ඇති කිරීම. ඒකට විරුද්ධ වෙන්න කාටවත් අයිතියක් නෑ. මට ඉගෙන ගන්න ඕන නම් මම වැය කරන්නෙ මගේ සල්ලි. ඒ අයිතිය මට නැත්නම් එතැන නිදහස් අධ්‍යාපනයක් නෑ. ඒ රට නිදහස් රටකුත් නෙවෙයි.

    කතන්දර යෝජනා කරන "දෙඤ්ඤං කාසි" ක්‍රමේ න්‍යායිකව නම් අගෙයි. ඒත් ඒ වගේ දේවල් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බෑ අපේ වගේ රටවල.

    ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය කියන රටවල් තුනේම දැනට විශාල සංඛ්‍යාවක් "පෞද්ගලික" විශ්ව විද්‍යාල බිහිවී ඇතිවා විතරක් නෙවෙයි, ඒවායින් දැරිය හැකි මිළකට උපාධි ප්‍රදානය කරනවා. ඉතින් අතේ සල්ලි තියෙන කෙනෙකුට ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති වුණාය නැතිය කියලා ලොකු වෙනසක් නෑ. වෙනස අපේ රටේ එහෙම දේවල් නැති කොට වසරක් පාසා අති විශාල සංඛ්යාවක් අපේ රටේ කොල්ලො කෙල්ලො විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කරමින් මේ රටවලට යන එක විතරයි. මේක අද සරම්, ගවුම් උස්සගෙන කෑගහන මැට්ටන්ට හා මැට්ටියන්ට එක්කෝ තේරෙන්නෙ නෑ. එක්කො තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් එය ඕනැකමින්ම යට ගහනවා.

    අවාසනාවන්තම කාරණාව කතන්දර වගේ දැනුම් තේරුම් ඇති පිරිසත් මේ ගැලරියට ආතල් දීමයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ
      අනේ ඇනෝ මං කොලේ වහල ගහන්නේ 304 ගහන කොට විතරයි.

      ඔයා මුණ වහන් ඇනෝ ආවට කියවපු ගමන් තේරෙනවා ඔයා කවුද කියලා.

      මං කිවුවාය කියා ඔයා කියන ඒවා මං කියා නෑ. අනික මං හිතුවාය, දැනගෙන නොකිව්වාය කියා ඔයා කියන දේවලුත් මට අනුව මං නොකරපු දේවල්.

      යුරෝපයේ ඇමරිකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල නෑ කියලා මං කියලා තියෙන්නේ කොතැනද?

      කිසි දෙයක් නොමිලේ ලැබෙන්නේ නෑ. කවුරු හෝ ගෙවනවා.

      ලංකාවේ තියෙන විශ්ව විද්‍යාලවලින් කොළඹ, පේරාදෙනිය, කැලණිය සහ ජපුර අවූරුදු 60 කට වඩා පැරණියි. යාපනය, රුහුණ, නැගෙනහිර, මොරටුවත් දැන් අවුරුදු පනහට ලඟයි. මේ ආයතනවලට පෞද්ගලික ධනයද එකතුකර ධාරිතාවය සහ ප්‍රමිතිය වැඩි දියුණු කරනවාද? නැතිනම් පෞද්ගලික ආයෝජන මගින් විශ්ව විද්‍යාල අළුතින් ගොඩනගා ඒවායේ ශේෂ පත්‍රවල වසරකට 25%ක ලාභාංශ පෙන්නනවාද? කියන එකයි මගේ ප්‍රශ්ණය.

      මෙය ඔබ දන්නා, මා නොදන්නා, ගැලරියකට ලියූ ලිපියක් නොවේ. මේ ලිපියේ ඉතිහාසය පෙරවදනේ ලියා ඇත.

      වෙනදා මගේ කතන්දර කියවා ප්‍රතිචාර දක්වන ඔබ අද මේ ලිපිය හරියට කියෙව්වාදැයි මට සැක ඇතිවේ!

      Delete
  22. හෝව්. මේ ටික එකතු කරන්න බැරි වුණා. මගේ මතය රටේ ඕනෑම කෙනෙකුට තමන්ගේ හෝ දෙමාපියන්ගේ මුදල් (මහජන මුදල් නෙවෙයි.) වැය කරලා ඉගෙන ගැනීමේ අයිතිය තිබිය යුතුයි. එහෙම අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන් ආයතන ඇති නම් රජය ඒවාට විරුද්ධ නොවිය යුතුයි. මගේ සල්ලි වියදම් කරලා මට ඉගෙන ගන්න බැරි නම් ඒක නිදහස් රටක් නෙවෙයිනෙ.

    එසේම එසේ අධ්‍යාපනයක් ලබා දෙන ආයතන අනිවාර්යයෙන්ම පෞද්ගලික ව්‍යවසායකින් යුතු ඒවා වෙන්න ඕනැ නැහැ. රජයේ විශ්ව විද්‍යාල වලට පුළුවන් නම් ඒක කරන්න ඒකෙ කිසිම ගැටළුවක් නෑ.

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවක භූමිකාව සැලසුම් සැදිම, ඒවා ක්‍රියාත්මක කිරීමට ආර්ථිකයේ කොටස් සැකසීම සහ ඒවා අධීක්‍ෂණය කර අවශ්‍ය කරෙක්ටිව් මෙෂර්ස් ගැනීමයි.

      රටකට විවිධ ක්‍ෂේත්‍රවලින් අවශ්‍ය කොපමණ උපාධිධාරීන් පිරිසක්ද යන්න තීරණය කිරීම රටේ ජාතික සැලසුම්වලින් සිදුවිය යුතුයි.

      Delete
  23. මම දන්න තරමින් නම් පිටරට වැඩිපුරම තිබෙන්නේ රාජ්‍ය පාලිත මුදල්ගෙවන වි.වි. ඒක නෙමේ ප්‍රශ්නෙ, ඔබ කියන විදියට වෙනව නම් හොඳයි. නමුත් මම කියන්නේ ඔබ යෝජනා වැනි යෝජනා තවතවත් වෙනත් අයත් ගේන්න ඕනෙ. සමාජයේ ඒවා ගැන කතිකාවතක් ඇති වෙන්නෙ ඕනෙ.
    රජයකට යම් තරමක් නොමිලේ අධ්යාපනය දිය හැකියි. සම්පූර්ණයෙන් බැහැ. අන්න ඒ බැරිටිකට වෙනත් ආයතන තිබිය යුතුයි. ඒවා ඇයි රජයටම පුළුවන් නියාමන ආයතනයක් හරහා එවැනි ආයතන ඇති කරන්න. අපි කතාකල යුත්තේ මෙවැනි ක්‍රමවේදයන් පිලිබදවම මිස පු. වි. වි. අවශ්යද නැත්ද කියන එක නෙමෙ. බ්ලොග් ගඩෝල්, බුවා, මාතලන් ඉතාම හොද ලිපි මේ ගැන ලියා තිබුනා. අපි උත්සාහ කරමු මේ රාජ්‍ය වි. වි. ටිකත් රැකගෙන පු. වුවත් රාජ්ය බලපෑමට යටත් මුදල් ගෙවන වි. වි. ඇති කර ගන්න. ඒ මුදලින් රජයේ ගුරුවරුන්ට පඩි වැඩි කරන්න. එතකොට සිසු පහසුකම් වැඩි කරන්න. ර. වි. වි. වල තත්ත්වය නඟා සිටුවන්න.

    ReplyDelete
    Replies
    1. මහ වෙදනා
      ලංකාවේ තියෙන විශ්ව විද්‍යාලවලින් කොළඹ, පේරාදෙනිය, කැලණිය සහ ජපුර අවූරුදු 60 කට වඩා පැරණියි. යාපනය, රුහුණ, නැගෙනහිර, මොරටුවත් දැන් අවුරුදු පනහට ලඟයි. මේ ආයතනවලට පෞද්ගලික ධනයද එකතුකර ධාරිතාවය සහ ප්‍රමිතිය වැඩි දියුණු කරනවාද? නැතිනම් පෞද්ගලික ආයෝජන මගින් විශ්ව විද්‍යාල අළුතින් ගොඩනගා ඒවායේ ශේෂ පත්‍රවල වසරකට 25%ක ලාභාංශ පෙන්නනවාද? කියන එකයි මගේ ප්‍රශ්ණය.

      Delete
  24. මොන මගුලක් හරි ගොඩක් දෙනෙක්ට ඉගෙනගන්න පුලුවන් විදියක්!

    ReplyDelete
    Replies
    1. ඔව්, තනි අලින්ට, තුන්පත් රෑනට විතරක් නෙමේ අලි රංචුවටම!

      Delete
  25. කතන්දරය කරන්නෙ මහ අස්මජ්ජාති වැඩක්, නොදැනුවත්කම ගසා කාලා ජනප්‍රිය මතය නග්ගවනව.

    කෙලින් කියපං බ්‍රිතාන්‍යයේ වි.වි වල රජයේ උනත් පුද්ගලික උනත් ෆීස් ගෙවන්ඩ ඕනේ කියල. නොන්. ඊ. යූ නම් ඒ වගේ හතර ගුනයක් ගෙවන්ඩ ඕනේ. අපේ එවුන් එහෙම ගෙවල ඉගෙනගන්නේ. උඹ තායිලන්තේ කෙකර ගෑවට අපි පලි නැහැ.

    උඩ ඇනෝ නම් කවුද කියල හිතා ගන්ඩ පුලුවන්. කන පැලෙන්න දීලා තියෙනවා.

    මිනිහෙක්ගෙ පුද්ගලික මුදල් වියම් කර සේවාවක් ලබා ගැනීමේ මුලික අයිතිය නැති රටක් නිදහස් නැහැ. ඒ කියන්නේ උවමනාවෙන් අනුන්ගේ අයිතීන් වලකන ගෝත්‍රික සමාජයක්. වරෙල්ල මේ ගොබ්බයොන්ට මේ රට කාගන්ඩ දීලා අපි යමු වෙන රටකට.

    ReplyDelete
    Replies
    1. මහතුන්,
      ඔයා එක්කෝ මගේ ලිපිය හරියට කියොලා නෑ, නැත්තං කියෙව්වාට තේරිලා නෑ, නැත්තං උවමනාවෙන්ම බොරු කියනවා.

      Delete
  26. මේක තමයි මම දැකපු ගොංම බ්ලොග් පෝස්ට් එක.

    මේකේ කමෙන්ට් කරන් උන් යාලුකම්ට අනේ හොඳයි කියල යනවා. මේ කියල තියෙන එක කරන්න පුලුවන් මගුලක්ද? ස්පෙශලිස්ට් ට්‍රේනින් යවපු ගොබ්බ ඩොකාලා , ලෙක්චරර්ස්ලා ඔය බොන්ඩ් අත්සන් කරල තියෙද්දි පනින රටේ මේ මොන ජෝක්ද බං?

    ReplyDelete
    Replies
    1. Ano,
      මේ ලිපියෙන් කියන්නේ වෙනත් බොහෝ දියුණු රටවල කරන විදියට උසස් අධ්‍යාපනයේ වියදමෙන් කොටසකට අධ්‍යාපනය ලබන අය සම්මාදම් වෙමු කියලයි.

      ඕක ගොබ්බ දෙයක් කියලා ඔහේට හිතෙනවා නම් මට කියන්න තියෙන්නේ සොරි ඩොට් කොම් කියලා තමයි.

      බයි බායි!

      Delete
  27. හොඳ අදහසක්...
    මේ විදිහට කළොත් වි.වි. අතුලු කරගන්න පිරිසත් වැඩිවෙනවා...
    ඒ වගේම රජයට පීඩනයක් එන්නෙත් නෑ..
    හැබැයි උපාධි අරන් පනින්න නොදී තියාගන්න වැඩපිළිවෙලක් හදන්නත් ඕනෙ..
    යම්කිසි නිශ්චිත ගාණක් (ලබාගත්තු උපාධියට අනුකූලව) ගෙවන්න තිබුනා නම් එක එකාගෙ පඩි චෙක් කොරන්න ඕනෙත් නෑ..
    නිදහස් අධ්‍යාපනය නැති වෙනවා කියන්නත් බෑ..මොකද කලින් සල්ලි නොගෙවන නිසා.. සල්ලි නැති කෙනෙකුට උනත් ඉගෙනගන්න පුලුවන්නෙ..

    ReplyDelete
    Replies
    1. වැදගත්ම දේ තමන්ට අනුන් කරන වියදමෙන් කොටසක් ආපසු දී කෘතගුණ සැලකීමට ලැබීම.

      http://en.wikipedia.org/wiki/HECS#HECS

      !

      Delete
  28. මේ පේරා ක්‍රීම් එකේ එකෙක්ගේ විසදුම! හිතා ගනිල්ලා ලංකාවේ විස්ස විජ්ජාල වලින් බිහිවෙන ජෝකර්ලා ගේ තරම!

    ReplyDelete
    Replies
    1. මගෙයි ඔබෙයි වෙනස මෝඩකම තිබුණාට ප්‍රදර්ශනය නොකර ඉන්නට උත්සහ කිරීමයි.

      http://en.wikipedia.org/wiki/HECS#HECS

      මනුස්සයෝ මේ ක්‍රමය මගේ එකක් නොවේ. ලෝකේ වෙනත් තැන්වල දීර්ඝ කාලයක් සාර්ථකව භාවිතාවෙන එකකි.

      Delete
  29. උපාධිය කරල එලියට ආවට පස්සෙ රස්සාවක් හොය ගන්න බැරි එවුන්, තමන්ට වියදම් කරපුව ආපහු ගෙවන්න කැමති වෙයිද. කවදාවත් ඒක වෙන එකක් නෑ. පිටරටවල එහෙම වෙනව ඇති. නමුත් මේක ලංකාව. මම දකින විදියට මේකට තියෙන හොඳම විසඳුම තමයි මුදල් ගෙවා ඉගෙන ගන්න පුළුවන් විශ්ව විද්‍යාල පද්ධතියක් රජය විසින්ම ඇති කිරීම. මේකට පුද්ගලික අංශය ගාව ගන්න අවශ්‍ය නෑ.

    ReplyDelete
    Replies
    1. රැකියා නැති අය, පිටරට යන අය, මැරෙන අය, විවාහ වී කිසිදා රැකියා නොකරන අය වගේ අය අනිවාර්යෙන්ම ඉඳීවි, නමුත් ඒ කරුණු exceptions මිස සාමාන්‍යය නොවේ!

      අමුතු ගාස්තු අය කරන විශ්ව විද්‍යාල පද්ධතියක් ඇයි? තියෙන පැරණි විශ්ව විද්‍යාලවලම ධාරිතාවය වැඩි කිරීම නේද වඩාත් කාර්ක්‍ෂම ක්‍රමය?

      Delete
    2. මුන්ට තියෙන්නෙ කුහක කම. මුන්ට ඕනෙ මාකට් 1න් මාළු 250 ක් ගන්නව වගේ ඩිග්‍රී එකක් ගන්න.

      Delete
  30. සියයට සියයක් සාර්ථක වෙන්න බැරිවුණත් පෞද්ගලික විශ්වවිද්‍යාල අරඹනවට වඩා හොද විසදුමක්.

    ReplyDelete
    Replies
    1. පරිපූර්ණ පද්ධති ලෝකේ නෑ. ස්වභාව ධර්මය පවා සමහර විට යන්නේ රුයිතෙටයි!

      Delete
  31. බ්ලොග් ගඩොල් එකේ පොස්ට් එකට මෙතනින් ගියේ , එතන ලිපිය සහ කොමෙන්ට් ගුණාත්මක අතින් මේ ලිපියට හා කොමෙන්ට් වලට වඩා වැඩිය් කියලය් මගේ නම් හැගීම

    ReplyDelete
    Replies
    1. විවාදයක් නෑ! ඒ ලිපිය විශ්ලේෂණයක්, මේක එක්තරා විසඳුමක්. අන්තර්ගත වෙනස්.

      කමෙන්ට් ගැන කියනවා නම් මං හිතුවා ඔයා මට උදව් කරයි කියලා කමෙන්ටු වල තත්වය නංවා ගන්න.

      මේ ඕවරේ ලකුණු ගාන දැන් තියෙන ඇවරේජ් එකට වඩා අඩු වුණාම මොකද වෙන්නේ දන්නවා නේද?

      Delete
  32. මේ දවස් වල පු.වි.වි. ගැන කියවලා කොමෙන්ට් කරලා ෆුල් හන්තර්. මොනවා උනත් හොඳ අදහස් යෝජනා විවේචන ඇති පදම්. මේවා ඉතින් හැමදාම අහන්න ලැබෙන ඒවා.

    කතන්දර කියලා තියන විධිහට අනාගතයේ වෙන්න ඕන ඒක තමයි ඒත් අපේ රටේ අනික් සියළුම සිස්ටම්ස් ඒ කියන්නේ රැකියා කරන අයගේ තොරතුරු එකතු කිරීම, ආදයම් බදු, එතකොට අර්ථසාධක ගෙවීම් වගේ දේවල් නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකට තව අවුරුදු ගානක් යයි. එන්ගලන්තයේ ටියුෂන් ෆීස් අය කරන්න පටන් ගත්තේ පටන් ගත්තේ 1998 දී පවුම් 1000 කින්. මේ අවුරුද්දේ ඉඳලා පවුම් 9000 ක් ගෙවන්න ඕන. හැබැයි තමන්ගේ හෝ දෙමාපියන්ගේ ආදායම් තත්වය අනුව ශිෂ්‍ය ණය ලබාගන්න පුළුවන් ටියුෂන් සහ ජීවත් වීමට යන වියදමට සරිලන විධිහට.

    මේ වගේ ක්‍රමයක් අපේ රටේ ඇතිකරන ගියොත් විශාල විරෝධයක් හැම පැත්තෙන්ම එන එක වලක්වන්න බෑ මොකද එන්ගලන්තයෙත් ලොකු විරෝධයක් ආවා. අනික ස්කොට්ලන්තයේ ආණ්ඩුව ටියුෂන් ෆීස් අයකරන්නේ නැහැ ස්කොට්ලන්තයේ ඉපදුන අයගෙන්.

    අනික බොහෝ රටවල විශ්ව විද්‍යාල පද්ධතියට දේශපාලන බලපෑමෙන් නිදහස්. ශිෂ්‍ය දේශපාලනය ඇතුළුව.

    ප්‍රශ්ණය තියෙන්නේ අපේ දේශපාලකයොන්ගේ පරිණත භාවය පිළිබඳවයි. හැමදේම අනාගන්න එකේ මේ වගේ දෙයක් අනාගන්නැතුව කරන්න පුළුවන්ද?

    ඉඩ තියන වෙලාවක මේ ලිපි කියවන්නකො....http://unimaas.academia.edu/AlbertSchram/Papers/685152/Development_Challenges_for_Universities_in_Developing_Nations
    http://firgoa.usc.es/drupal/node/50530

    ReplyDelete
    Replies
    1. @ kandyan
      ඔබ හරි.

      නමුත් පවතින රාමු ඇතුලේම විසඳුම් හොයන්න බැරි අවස්ථාවක් මේක. අනික රටක් විදියට හැමදාම එකම තත්වයේ ඉන්න හිතන්නේ ඇයි?

      දේශපාලුවෝ ගැන නම් කියලා වැඩක් නෑ.

      Delete
    2. පවතින රාමුව හරියන්නේ නෑ කියලා දැන දැනත් ඒකෙම හිරවෙලා ඉන්න ඕන කියන සුළුතරයට හෝය්යා කියන අවස්ථාවාදි දේශපාලකයන් ඇතුළු ශිෂ්‍ය 'ව්‍යාපාරය' වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 'ව්‍යාපාරයක්' කරගෙන ඉන්න අය ඉන්නකම් මේ වැඩේ වෙන්නෑ....

      Delete
  33. වැදගත් යෝජනාවලියක් කකා. කරන්න පුලුවන්නම් බොහොම හොඳයි. හැම පාර්ශ්වයම ශේප් කරගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. එක බින්දුවෙන් වැඩි කළත් බින්දුවයි. දහ දාහ බින්දුවෙන් වැඩි කළත් බින්දුවයි. කෝටිය බින්දුවෙන් වැඩි කළත් බින්දුවයි.

      කොයිතරම් සාධාරණ, කොයිතරම් ආකර්ෂණීය ක්‍රමයක් වුවද ප්‍රායෝගිකත්වය බින්දුව නම් වැඩක් නැත.

      Delete
    2. මිනිස්සු මුලින් පියාඹන යන්ත්‍ර හදද්දිත් මේ කතාව කියන්න ඇති. මිනිස්සු හඳට යන්න සැලසුම් හදද්දිත් මේකම කියන්න ඇති. මෙ ලොකයෙ ඔනා තරම් ප්‍රායොගික නොවන දෙවල් ප්‍රායොගික කරලා පෙන්නපු ජාතින් අද එ ගෞරවය විඳිනවා.

      Delete
    3. BLOG ගඩොල්
      මටත් හිතෙන්නේ කාටවත් විරුද්ධවෙන්න හේතුවක් නෑ!

      Delete
    4. @ Anonymous - Jan 20, 2012 04:40 AM
      මොකද පනේ ඔයා මේ ක්‍රමය ප්‍රායෝගික නෑ කියන්නේ අනේ?

      http://en.wikipedia.org/wiki/HECS#HECS

      ඒ ලින්ක් එක බැලුවාද? ඔයිට වැඩිය මොන ප්‍රායෝගිකත්වයක්ද මෙයා?

      Delete
    5. @ Anonymous Jan 20, 2012 09:10 AM
      Thanks.
      මේක ඊටත් අන්තයි. මොකද අවුරුදු ගාණකට කලින් හොයා ගත්තු රෝදය (wheel) එපා කියනවා වගේ වැඩක් මේක!

      Delete
  34. මේ ක්‍රමය ඉතාම හොඳ ක්‍රමයක්‌ බව මමත් පිලි ගන්නවා
    ඒ වගේම තමන්ගේ අදායමෙන් ප්‍රතිශතයක් නෙමෙයි, පාඨමාලාවට අදාල මුදල කොටස් වශයෙන් කපා ගන්න ක්‍රමයක් හදන එක සිසුන්ටත් සාධාරණ වෙනවා කියල මට හිතෙනවා
    එතකොට ඒ අයට තමන් උපයන මුදලෙන් හරියට බැංකු ණයක් අරගෙන ගෙවනවා වගේ ගෙවලා මේ මුදල ගෙවල දාන්නත් පුළුවන්

    ReplyDelete
    Replies
    1. නැහැ, නැහැ, අධ්‍යාපනය කියන්නේ සමාජයටම ප්‍රතිලාභ ලැබෙන ආයෝජනයක්. පොදු ජනතාව එයින් කොටසක් දැරීම සාධාරණයි.

      උදාහරණක් ලෙස සෞඛ්‍ය සේවය ගන්න. වෙද, හෙද, අනෙකුත් ශිල්පීන්... ඒ පිරිස් හදන්න ජනතා මුදලින් ආයෝජන කළ යුතුයි!

      යම් කොටසක් ගෙවීමයි හැමෝටම සාධාරණ!

      Delete
  35. methana prasne job nethi ekai. private unuth avilla job polimata watai kiyala dan inna un bayai. thamange kotaha thawa un ekka beda ganda wei kiyala baya. puluwannan job market eka wadi karanda kramayak handa. nikamma private university hadei.

    ReplyDelete
    Replies
    1. @ Ano
      රැකියා ප්‍රමාණය වැඩි වීමයි රටේ ආර්ථික දියුණුවයි අනුලෝමව සමානුපාතිකයි. ලංකාවේ සේවා ආර්ථිකය මීට වඩා දියුණු වෙන්න ඉතා විශාල ඉඩක් තියෙනවා.

      Delete
  36. මොනවට නැතත් චීට මේ මාතෘකාවට කොමෙන්ට් කරනවා නෙව. කතන්දරගේ අදහසට සම්පූර්ණයෙන්ම එකඟයි. ලංකාවේ හැම එකටම කෑගහන කට්ටියත් එක්ක ඕක ප්‍රායෝගිකද කියන එක තමයි ප්‍රශ්නේ. කතන්දරගේ දොස්තරලා ගැන කියපු සංඛ්‍යා ලේඛන නම් බොහොමයක් හරි.( දැනට ජනගහනයට දොස්තර අනුපාතය 100,000 : 60 ක් විතර. මුදල් අමාත්‍යංශයේ ඉලක්කය 2020 වෙද්දී මේක 100,000 : 100 කරන එක.)

    චීටගේ තව යෝජනාවක් තියෙනවා. ක.කා. ගේ යෝජනාව ප්‍රායෝගික නැති උනොත් පොඩි risk pooling එකක් කරන එක. සෞඛ්‍ය ආර්ථික විද්‍යාවේ චීට ඉගෙනගත්තු එකක් වගේ. ( මේක government health insurance වල වෙන එකක්. දෙවිදිහක් තියෙනවා. එකක් තමයි රෝගී වෙන්න වැඩි අවදානමක් තියෙන අය සහ අඩු අවදානමක් තියෙන අය යන දෙගොල්ලන්ගෙන්ම එකම ගාස්තුවක් අය කරලා අඩු අවදානම සහිත කට්ටියගේ මුදලිං කොටසකුත් වැඩි අවදානම ඇති අයට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනීම. වඩා ජනප්‍රිය දෙවැනි ක්‍රමය තමයි රෝගී වෙන්න සමාන අවදානම් සහිත වුනත් ආදායම් මට්ටම් වැඩි අයගෙන් වැඩි මුදලකුත් ආදායම් මට්ටම අඩු අයගෙන් අඩු ගාස්තුවකුත් අය කරලා ආදායම වැඩි අයගේ ගාස්තුවෙන් කොටසක් ආදායම අඩු අයට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනීම.)

    මේ සංකල්පයම ගැලපෙන විදිහකට සකස් කරලා විශ්ව විද්‍යාල සඳහා යොදා ගෙන රාජ්‍ය විශ්ව විද්‍යාල වල පහසුකම් වැඩි දියුණු කරලා වැඩි සිසුන් සංඛ්‍යාවක් බඳවාගන්න යොදාගන්න බැරිද.

    ReplyDelete
    Replies
    1. Cheta,
      එංගලන්තයේ ආදායම අනුව පාඨමාලා ගාස්තු වෙනස්වෙන බව kandyan පවසා තියෙනවා. මා දී ඇති සම්මාදම් ක්‍රමය ඕස්ට්රේලියානු එකක්.

      ලංකාවේ පොදු රෝහල් සේවා ගත්තොත් ඒ සියල්ල නඩත්තුවට ඒ රෝහල්වලට නොයා, පුද්ගලික රෝහල්වලට යන අයගේ වැට් බදු, ආදායම් බදු වැයවෙනවා තමා. පාසල්, ලංගම, දුම්රිය හැම තැනම එහෙමයි.

      සේවාව ලබා ගන්නා විසින් ගෙවීම (user pay) තමයි හොදම ක්‍රමය.

      Delete
  37. කමෝන් කතන්දර.. එකෙන් ම ලයික් ලු.. ඈ..අපිට හයියට ඔබ තුමාත් ඉන්න එක ගැන පට්ට සතුටුයි.. සමහර එවුන්ට මතක නෑ නේ උන් ඉගෙන ගත්තෙත් නිදහස් අධ්‍යාපනයට පිං සිද්ධ වෙන්න කියලා.. මාත් ඔය කාරණේ සහ අපිව මර්දනය කරපු ආකාරය ගැන පෝස්ට් එකක් දැම්මා. සමහර එවුන් ඒක කියවලත් මරු මරු කතා ටිකක් කිව්වා.. අනේ ඉතින් ඒ වගේ එවුනුත් ඉන්නවා නේ..

    ReplyDelete
    Replies
    1. Najath Akram
      නිදහස් අධ්‍යාපනය කියන්නේ ඇත්තටම නොමිලේ අධ්‍යාපනය කියන එකයි. ඒ කිව්වාට ඒකට වියදමක් යනවා. රජය ගන්නා විවිධ බදු මුදල්වලින් ඒවාට ගෙවනවා. ඒකයි දැන් වෙන්නේ.

      මං කියන්නේ ඒ වියදමෙන් කොටසක් අධ්‍යාපනය ලබන අය ගෙවිය යුතුයි කියලයි, ලැබූ අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලබන කාලේ දී. නිකං පඩි ගත්තාම අම්මාට සාරියක් අරන් දෙනවා වාගේ!

      ඔබේ ලිපියට Link එකක් මෙතන දමන්න.

      Delete
  38. මම බලොග් ගඩොල් අඩවියෙ කිව්ව විදියටම කතන්දර ඔප්පු කරලා පෙන්නුවා තමන් නොදන්නා බවත් නොදන්න බව කොයිතරම්ද කියලා.මම හිතුවටත් වඩා ඒක ප්‍රමාණයෙන් විශාලයි.අනෙක පොඩි පම්පෝරියකුත් ගහලා තියෙන්නේ.ඔය කියන පම්පෝරියෙන් කතන්දරගේ නොහැකියාව හොඳටම පේනවා.මොකද ඒතරම් මහන්සි වෙලත් යථාර්තය තේරුම්ගන්නවත් බෑ කියලනේ කියන්නේ.(අපරාදේ සල්ලි.තනි ඇහැට ඇඩෙනවා.:D)
    //"පුද්ගලික විශ්ව විද්‍යාල නිසා මුදළාලි ගේ මෝඩ පුතාට සල්ලිවලට උපාධියක් ගන්න පුළුවන් කියලා කෑ ගහන අයගේ සාධාරණ ප්‍රශ්ණයටත් මේකෙන් විසඳුම ලැබෙනවා"//
    මේ විදියට කියන්න එපා කතන්දර මිනිස්සු කැම්පස් ගියා කියලා බුද්ධිමත්ද නැද්ද කියලා කියන්න අමාරුයි.එහෙමනම් steeve jobs,bill gates ලත් මෝඩයො වෙන්න ඕන.දැනුම කියන දෙය කොහෙන් ලැබුනත් දැනුමම තමයි.
    අනෙක කැම්පස් යන අය හැමෝම බුද්ධිමත් නම් කතන්දර කැම්පස් යන්න විදියක් නෑනෙ.අනෙක මෝඩයෝ නිසා තමයි ලෝකය පවතින්නේ.මොකද තාර්කික නොවන සෑම මිනිසෙකුම එක්තරා ආකාරයක මෝඩයෙක්.එහෙම උනොත් තර්කානුකූල නොවන මාතෘ ආදරයේ සිට සෑම මානව(රාගය අමිශ්‍රිත පරෝපකාරී)බැඳීමක්ම මෝඩ දේවල් පමණක් වන නිසායි.
    ඇත්තටම කිවුවොත් මෝඩ ඔය කියන මුදලාලිලා නෙමෙයි කතන්දර.මොකද ඒ මිනිස්සු රටට මොකක් හරි වැඩක් කරනවා.ඒත් කතන්දර වැඩකට නැති බ්ලොග් ලියලා තමන්ගේ වගේම අනුන්ගෙත් කාලය කාදමන නිසයි.

    ReplyDelete
    Replies
    1. @ Ano
      කිසිවක් තේරිලා නෑ වගේ. මේ ටිකවත් තේරෙයිද බලන්න.

      දියුණු යයි සම්මත රටවල භාවිතා වෙන මේ සම්මාදම් ක්‍රමය මං යෝජනා කලේ පුද්ගලික ධනය අධ්‍යාපන ක්‍ෂේත්‍රයට යොමු කර විශ්ව විද්‍යාලවල ධාරිතාවය පුළුල් කිරීමටයි. එය සැමට එකඟවිය හැකි ක්‍රමයක් බව පැහැදිලි කළා.

      මුදළාලිගේ මෝඩ පුතා කතාව ඔබ කියවා නැති හැඩයි. ඒ ගැන කණගාටුයි.

      කෙසේ වෙතත් මෙතනදී මං අදහස් කළේ පුද්ගලික විවි මගින් සල්ලි කාරයින්ගේ විභාග අසමත් ළමුන්ට උපාධි ලැබෙන බවට නැගෙන චෝදනාව ගැනයි. ඒ බවවත් ඔබට වැටහී නැත. කරුණාකර නැවත කියවන්න.

      මගේ අමුතු පම්පෝරියක් නැහැ. යම් මතයක් ඉදිරිපත් කිරීමට පෙර තමන් ඉන්නා ස්ථානය, තමන්ගේ සුදුසුකම් කීම සාමාන්‍ය ක්‍රමයයි. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතුවලදී එය ඉතා වැදගත්. ඔබට එය නොතේරීම නම් සමහර විට පුදුමයට හේතුවන් නොවෙනවා දෝ සිතේ!

      Delete
    2. අනේ මෝඩ කතන්දර ඕකත් උත්තරයක්ද?තව පාරක් කියවලවත් තේරුම් ගන්න බලන්න.ඔහේගෙ ඔය තුට්ටු දෙකේ උපාධි ගැන අපිට වැඩක් නැහැ.හැබැයි තමන්ගෙ ළමයා විභාගෙ ෆේල් වෙලා "තාත්තේ මට SLIIT කරන්න ඕන" කිවුවම තේරෙයි පොඩිඑකාව පොල් කඩන්න යවනවද නැද්ද කියලා.මොකද තමන්ගෙ ළමයා මෝඩයෙක් කියලා කිසිම දෙමාපියෙක් හිතන්නේ නෑ.ඇත්තටම ඌ මෝඩයෙක් කියන්නත් බෑ මොකද A/L වලට මෑතක් වෙනකන් IT තිබුනෙ නෑනේ.අනෙක IT වැඩකරුවෙක් වෙන්න ඔය එකක්වත් ඕනෙත් නෑනෙ.
      මේකයි කතන්දර ඔයා අර පම්පෝරි කතන්දරේනම් කිවුවෙ ඔයා දන්න බව කියන්න කියලා ඕන කෙනෙකුට තේරෙනවා.ඇනෝ කෙනෙක් විදියට මගේ අධ්‍යාපනය මෙතන දිගඇරලා වැඩක් නහැ.නමුත් ඔබතුමා කියන නිසා මෙහෙම කියන්නම් ඔය උපාධි කියන එව්වනම් ක්ෂේත්‍ර තුනක තියෙනවා.කොළඹ විග්ව විද්‍යාලය විද්‍යාඅංශයෙන්(අභ්‍යන්තර) සහ BIT.බාහිර උපාධි ලෙස නීති වේදයද වෘත්තීය සුදුසුකම් ලෙස CIMA.පෞද්ගලික එව්ව ලේසියි කියනවනම් අපේ රටේ හැමෝම CIMA අවසාන වෙන්න ඕන ඒකට යන ළමයි තරම දැක්කම.මතක තියාගන්න මේ ඔක්කොම සල්ලි යන්නෙ පිටරටට.කවුරු මොනව කිව්වත් අපේ රටේ ළමුන්ගෙන් වැඩිමනක් A/L වලින් පස්සේ CIMA,SLIIT,APIIT හෝ වෙන මොකක් හරි පෞද්ගලික දෙයක් කරන බවත්.ඒ වගේම ලංකාව සහ වෙනත් රටවල ක්‍රියාත්මක වන බොහෝ ආයතන වලත් ප්‍රමුඛත්වයත් දැනය මේවාට ලැබෙන බව.
      කතන්දර කිවුව ඔය ක්‍රමයට තමයි laptop බෙදා දෙන්නත් ගියේ.දැන් ඒක ක්‍රයාත්මකද?
      මෙතන ගැයළුක් තියෙනව කතන්දර ඒ මොකක්වත් නෙමෙයි මේ කැම්පස් වල ඉන්න ඔලමොට්ටල ලෙක්චර්ස්ලා කැම්පස් වල ගුණාත්මක භාවය වැඩිකරන්න මුකුත් කරන්නෙ නැතුව උන්ගේ පෞද්ගලික ලාභ බලාගෙන වැඩ කරන එක.SLIIT එකේ උගන්වන්නේ කවුද වැඩිපුරම?මොරටුව ලෙක්චර්ස්ලා.එතකොට කැම්පස් එක ගුණාත්මකයි SLITT එක ගුණාත්මක නෑ.
      මෙතන අනිත් ගැටළුව තමයි අධ්‍යාපන ක්‍රමයේ තියෙන වැරැද්ද.ඒ තමයි A/L වලින් ළමයින්ව මනින එක.

      Delete
    3. Ano
      ඔබ මගේ ලිපියේ අන්තර්ගතය තේරුම් ගෙන නැත.

      1. පළමුව මේ විකිපීඩියා ලිපිය කියවා මේ උසස් අධ්‍යාපන සම්මාදම් ක්‍රමය තේරුම් ගන්න.
      http://en.wikipedia.org/wiki/HECS#HECS

      2. SLIIT යනු පුද්ගලික විශ්ව විද්‍යාලයක් කියාද ඔබ කියන්නේ. එසේ සිතනවා නම් එතනින්ම ඔබ මගේ ලිපියට දක්වන විරෝධය නිෂ්ක්‍රීය වෙනවා. මා දන්නා තරමින් SLIIT යනු රජයේ ප්‍රතිපාදනවලින් ආරම්භ කළ, රජයෙන් පාලනය වන උපාධි පාඨමාලා පවත්වාගෙන යන ආයතනයකි.

      Delete
    4. මම වෙන Ano කෙනෙක්
      මමත් සමහර Ano කියල තියන දේවල් පිලිගන්නවා. කතන්දර කියල තියන දේත් හොඳ ක්‍රමයක්.

      කාටවත් මෝඩ කියල කියන එක හරි දෙයක් නොවේ. විවිද පුත්ගලයන්ට විවිද දක්ෂ ත තියනවා. අපේ විශ්ව විද්‍යාල වලත් කෙරෙන්ද ඕන හැම කෙනාටම සරිලන අද්යාපන වැඩ සටහන් පටන් ගන්න එක. එකට ඉතින් සල්ලි ඕනේ වෙනවා.

      මොරටුවේ lecturer ල ගැන කියල තියන ඒවා නම් ටිකක් වැරදි. මම ඉගෙන ගත්තේ මොරටුවේ නිසා මම කියන්නේ. ඒ මිනිස්සුන්ට 50,000 පඩියට කම්පුස් වල වැඩ කරනවට වඩා industry ගියොත් 200,000 වත් අඩුම හොයන්න පුළුවන්. එක නිසා ඒ කට්ටිය අමතර වඩාත් ගොඩක් කරනවා. එක නිසා ගුණාත්මක බාවය අඩු වෙනවා. එකට කරන්ඩ ඕන වෙන රටවල වගේ lecturers ලට හොඳ පඩි ගෙවන එක.

      "එතකොට කැම්පස් එක ගුණාත්මකයි SLITT එක ගුණාත්මක නෑ." - දැන් අනෝම කියල තියනවා දෙකේම උගන්නන්නේ එකම කට්ටිය කියල. එත් එලියට එද්දී මොරටුවේ ය ඔක්කොටම වගේ ජොබ් තියනවා. SLIIT අයගෙන් ගොඩකට හම්බ වෙන්නේ අඩුවෙන්. ඒ තියන්නේ A/L වල වෙනස. එත් SLIIT වගේ ඒවගේ මොරටු යට වැඩ හොඳ අයත් යම් ප්‍රමාණයක් ඉන්නවා. ඒ කට්ටිය ඔය හැමෝටම වැඩ හොඳ තැන වලට යනවා.

      Delete
    5. SLIIT කියන්නේ රජයේ ප්‍රතිපාදන වලින් ඇති කරපු කියලා දන්නවා.
      කතන්දර හොඳට බලන්න මම කියලා තියෙනවද කියලා SLIIT කියන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් කියලා.
      SLIIT මොකෙන් කරත් විශාල මුදලක් ගෙවලනෙ කරන්න තියෙන්නේ.
      හොඳයි මෙහෙම ගමුකෝ,
      කතන්දර කියන විදියට රස්සාවක් කරන දවසක මුදල් අයකර ගැනීම ගැන කියමුකෝ.මේ අයට කවද රස්සාවක් ලැබෙනවද කියලා කියන්නත් බැරි එක ගැටළුවක්.
      ඕක ක්‍රියාත්මක කරන්න වෙන්නේ දැන් ඉඳලනෙ.නීතිය අතින් ගත්තත් කලින් ඉගෙන ගත්තු අයට වලංගු වන්නේ නෑනේ.පඩි මදි කියලා උද්ඝෝෂණ කරන අපේ රටේ ලෙක්චර්ස්ලා සහ දොස්තරලා තමන්ගේ පඩියෙන් කීයක්වත් ඕකට කැමති වෙයිද?අනෙක පැහැදිලිවම ඔය ක්‍රමය කන්නන්ගර මැති තුමාට කනට ගැසීමක් සහ නිදහස් අධ්‍යාපනය නැත්තටම නැති කිරීමක්.එතකොට ස්වයං රැකියා කරන උපාධීධාරීන්ගෙන් මෙලෙස ලබා ගැනීම අසාධාරණයක්.උපාධිධාරී ගුරුවරුන්ට ලැබෙන සොච්චමෙන් තව අහවල් එකක් ගන්නද මන්ද.මේ විදියෙ නොයෙකුත් ගැටළු මේ ක්‍රමයේ තියෙනවා.ඒ වගේම මේක අද ඇතිකළොත් තව කොපමණ කාලයකින් කොපමණ මුදලක් ලැබේවිද කියලවත් කියන්න බැහැ.මෙන්න මේ වගේ නොයෙකුත් ගැටළු නිසයි මේක ප්‍රායෝගික නෑ කියන්නේ.
      එතකොට SLIIT වගේ ආයතනයි පට්ට පෞද්ගලික ඒවායෙයි තියන වෙනස මොකක්ද?
      ගෙවන්න ඕන ගානනම් එකමයි.Board of Directors ල නම් වෙනස්.
      SLIIT එකේ Quality Assurance,Quality Control ආණ්ඩුවෙන් කරනවා කියලා නම් අහලා නෑ.
      SLIIT එකටත් ලොකු මුදලක් ගෙවන්න ඕන කියලා යන අය දන්නව ඇතිනේ.
      ඇයි එහෙනම් අනෙක් කැම්පස් SLIIT වගේ කරන්න බැරි? එතකොට නිදහස් අධ්‍යාපනය වලපල්ලට යන නිසා.
      ඇයි ආණ්ඩුවට SLIIT වගේ තවත් ආයතන බිහි කරන්න බැරි.ඒකනම් අහන්න ඕන ආණ්ඩුවෙන් තමයි.හැබැයි ආණ්ඩුවක් ඒ විදියට කළත් ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණය කරනව කියල හැමෝම කියයි.ඇත්තටම අනිත් දේ තමයි මේ වගේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ Quango විදියට.ඒ කියන්නේ රජය මේවා ඇති කළත් ක්‍රියාත්මක වෙන්නේ පෞද්ගලික ආයතන වගෙයි.
      එතකොට පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීම වැරදිද?
      මේක ඇත්තටම වැරදි වෙන්නේ ආණ්ඩුව ඒවට මූලිකත්වය දීලා රාජ්‍ය විශ්ව විද්‍යාල වසන මට්ටමට ගෙනාවොත් විතරයි.නැතිනම් එහි ඇති වරදක් නැහැ.කොහෙන් ඉගෙන ගත්තත් ඉගෙන ගන්නනනෙ ඕන.
      අනෙක එම ආයතන අතර තරඟයක් ඇතිවුනු පසු සිදුවන්නේ ඒවායෙහි ගුණාත්මක තත්වය ඉබේම වැඩි වීමයි.
      මෙතනදි මට පේන ප්‍රධාන ගැටළුව මේකයි ආණ්ඩුව පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීමෙන් පසු ආණ්ඩුව එයින් ලබන බදු මුදල් වලින් රාජ්‍ය විශ්ව විද්‍යාල දියුණු කරන්නේ නැතුව උන්ගේ සාක්කු පුරවගන්න එකයි.කතන්දරගෙ ලිපියට එකඟවෙන්න බැරි හේතුව කතන්දරට දැන් තේරෙනව ඇතිනේ.

      Delete
    6. @AnonymousJan 21, 2012 02:55 AM

      ඔය ලෙක්චර්ලා ගන්න වැටුපෙ බේසික් එක විතරයි.අනෙක් දීමනා එක්ක රු.200,000.00 කට කිට්ටු වෙනවා.
      අනෙක මොරටුවෙ අයට වඩා වැඩියෙන් පඩිගන්න SLIIT අයත් ඉන්නවා.කැම්පස් පැත්ත පලාතක නොගිය අයත් ඉන්නවා.කැම්පස් එක නෙමෙයි හැකියාවයි පඩිය තීරණය කරන්නේ.
      අනෙක A/L වලින් කොහෙද IT හැකියාව වගේ දෙයක් තීරණය කරන්නේ.
      කෙනෙකුගේ කලා හැකියාව A/L වලින් තීරණය කරන්න පුළුවන්ද?
      නව ලෝක මුදලාලි උපාධිකාරයෙක් නෙමෙයි.නමුත් ආර්ථික විද්‍යා උපාධිකරයින්ට වඩා දක්ෂ නිසයි දොස්තරලා ගණනාවකට රැකියා සැපයූයෙ.ඒ වගේම ධම්මික පෙරේරා වගේ අයට ලොකු අධ්‍යාපන සුදුසුකම් නැති වුනාට ලංකාවේ ඉහළම CEO කෙනෙක් වෙන්න පුළුවන් උනේ ඒ අය ළග කැම්පස් යන්න බැරි උනත් තියෙන හැකියාව සහ සමාජ පන්නරය නිසායි.මේව කැම්පස් වලින් ගන්න පුළුවන් දේවල් නෙමෙයි.ඒක නිසා කැම්පස් යන එක මහ දෙයක් කියලා හිතන්න එපා මචෝ.
      මොරටුව ගැන කිව්වහම මතක් උනේ..lk domain එක ගැන කියන කොට තේරෙනවා මේ අය කොයිතරම් ටැලන්ට්ද කියලා?.

      Delete
    7. @ Anonymous Jan 21, 2012 02:55 AM
      රටේ දියුණුත් සමගම සියල්ල වෙනස් වේවි කියා හිතනවා.

      විවිධ පුද්ගලයින්ට විවිධ දක්‍ෂතා තියෙනවා නේන්නං, ඒ හැම දකක්‍ෂතාවක්ම රටට අවශයයි.

      Delete
    8. @ Anonymous Jan 21, 2012 03:12 AM
      SLIIT ගැන මාත් ඔබෙන් අසා ඇත්තේ ප්‍රශ්ණයක්. ඒ ඇහැව්වේ ඔබ ඒ උදාහරණය යොදා ගැනීමේ අදහස අපැහැදිලි නිසයි.

      මට හිතෙන්නේ අධ්‍යාපනය යනු රටක අනාගතය ගැණ කෙරෙන දීර්ඝ කාලීන පොදු ජන ආයෝනයක් මිස බැලන්ස් ෂීට් එකක, ප්‍රොෆීට් පෙන්නවන්න අවශ්‍ය පුද්ගලික ධන ආයෝජනයක් නොවිය යුතු බවයි.

      මගේ මතය මෝස මතයක් සේ අන් අයට පේන්න පුළුවන්. ඒක බලාපොරොත්තු විය යුත්තක්.අ හැඟදෙනා එක ළෙස සිතනවා නම් ලෝකයේ විවිධත්වය ණැතිවෙනවා.

      කෙසේ නමුත්, පොදු බදු වලින් රජය වැය කරන මුදලට අමතර මුදලක් උසස් අධ්‍යාපනය ලබන අයගෙන් ඔවුන් සඳහා වෙන වියදමෙන් කොටසක් ආපසු ගෙවීමක් ලෙස ලාබ ගැනීමේ බටහිර ක්‍රමවේදය මෙහි මා සඳහන් කලේ ඒ නිසයි.

      ඔබ එයට අකමැති වීම ගැන මගේ අමනාපයක් හෝ අනිසි අසතුටක් නෑ. ඔබට ජය!

      Delete
    9. AnonymousJan 20, 2012 09:52 AM
      AnonymousJan 21, 2012 12:50 AM
      AnonymousJan 21, 2012 03:12 AM
      AnonymousJan 21, 2012 03:29 AM

      ඉහත කමෙන්ටු වලදී මම තරමක රළු ආකාරයෙන් සහ උපහාස සහගතව කරුණු ඉදිරිපත් කිරීම ගැන සමාව භජනය කරමි.මොනව වුනත් කතන්දරගේ යෝජනාව සමග මට එකඟ විය නොහැකියි.නමුත් කතන්දර එක්තරා ආකාරයක cool මනුස්සයෙක් කියලා හිතෙනවා.ඔබටත් ජය.

      Delete
  39. Sorry, but have to say, I am disappointed.

    ReplyDelete
    Replies
    1. Life is full of disappointments mate. Successful people make those failures the pillars of success.

      I guess you are disappointed because my opinion expressed here is not matching yours.

      It would have been helpful if you elaborated it a bit.

      Thanks.

      Delete
  40. ''එංගලන්තය, ඕස්ටේ‍ර්ලියාව වගේ පිටරටකට ගිහින් පුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න කෙනෙක් ඉන්නව නං හොයල දෙන්න මට නිකං බේතකට වගේ''
    රටවල් තුනක විශ්ව විද්‍යාල හයකට ගිහිල්ලත් ඔබතුමා දන්නේ නැද්ද එංගලන්තයේ හා ඔස්ට්‍රලියාවේ විශ්ව විද්‍යාලවල උපාදිය පිනට දෙන්නේ නැති බව? ළමයි සල්ලි දීලා එහෙමත් නැත්තම් student loan එකක් අරගෙන ඉගෙන ගන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.මම හිතන්නේ කතන්දර ගිහින් තියෙන්නේ ඩොටේද කොහෙද?

      Delete
    2. Anonymous Jan 20, 2012 04:42 PM
      මේ ළමයාට සිංහල බැරිද?

      මං ලියලා තියෙන ඔය වාක්‍යය නැවත කියවා බලන්න. මොනවාද මේ කියවන්නේ?

      ලිපියේ ඔය වාක්‍යය තියෙන හරියේ තියෙන අනිත් පරිච්ඡේද ටික කියවා බලන්න.

      ඔය උඩින් රාජ් කියා ඇති දේට දැමූ පිළිතුර බලන්න.

      වැදරියට හිතන්න එපා නමුත් කතන්දරට වැරදුනා කීමට පෙර තමන් හරිද බැලීම නේද හොඳ?

      Delete
    3. Anonymous Jan 20, 2012 08:16 PM
      මං කොච්චර ඩොටේ ද කියනවා නං තාමත් ඔය ඩොටේ කියන එකේ තේරුම දන්නේ නෑ!

      ඒක කියලා දෙන්න පුළුවන් කෙනෙකුට ස්තුතියි!

      Delete
  41. බොහොම අපූරු අදහස් , හාස්‍යයද මුසුව අනොවරු අනොවරියන් සහ නමගිය ඇත්තෝ අත්තියෝ සාකච්චා කර තිබෙනු දැකීමෙන් සතුටු වුනෙමි. ඔන්න එහෙනන් ලෝන්ග් ලිවූ katahadarakaraya බොලොගය කිව්වා.

    ReplyDelete
    Replies
    1. ඔබේ සතුට මගේ සතුටයි!
      ස්තුතියි.

      Delete
  42. කතන්දරගේ ලිපිය සහ අනෙත් අයගේ කමෙන්ට් බැලුවිට මට කමෙන්ට් එකක් දාන්න සිතුනා. ඒක වැඩියෙන්ම මම ගැන කියන්න මොකද මම වගේ හුඟක් අය ලංකාවේ ඉන්න නිසා ඒ අය වෙනුවෙන්.

    1. පුද්ගලික විශ්ව විද්‍යාල කියන ඒවා වසර අවසානයේ ලාභ පෙන්වන ඒවාම වශයෙන් හදුන්වනඑක අසාධාරණයි . දැන් බලන්න අද විශාල සේවයක් කරන පුද්ගලික පාසැල් කීපයක් ලංකාවේ තියනවා ඔය කියන ලාභයම අරමුණු නොකරගත්.
    2. නිදහස් අධ්‍යානනයෙන් ඉගෙනගෙන ගත්ඉංජිනේරුවෙකු වන මා මේ රට හැරගොස් මගේ දරුවනට හොඳ අධ්‍යාපන අවස්ථාවක් ලබාදීමට නිබුන අවස්ථාව මගහැර ලංකාවේසේවය කරමින් මා මේ රටට විශාල වශයෙන් සේවයක්කරමින් සිටිමි. අවසනාවකට එය තක්සේරුකිරීමට සමත්අය ඒගැන කතා නොකරති.
    3. මගේ දරුවන්ට නිඅහස් අධ්‍යාපනය දීමට මට නොහැකිවිය. එයට හේතුව මම පගාවට, බොරුවට සහ වංචාවට විරුද්ද නිසා උසස් යයි සම්මත රජයේ පාසලකට මගේදරුවන් දැමීමට නොහැකිවීමයි. ඔවුන් අද ඉගෙන ගන්නේ පුද්ගලික පාසලක. මගේ දරුවන්ට විදේශ විශ්ව විද්‍යාලයකට යැවීමට මට වත්කමක් නැත. එයට හේතුව සේවයට සරිලන වැටුපක් නොලැබීමයි.
    මගේ එකම බලාපොරොත්තුව ඔවුන්ට ලංකාවේ දී පුද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපන අවස්තථා ලබාගැනීමයි. එසේ නොමැති වු වොත් මාහට සිදුවන්නේ රට හැර නොයාම පිළිබඳ පසුතැවිලිවීමටයි!.

    ReplyDelete
    Replies
    1. ඔබේ මේ අදහස් දැක්වීම ඉතා වැදගත්. ඔබේ පාර්ශවයෙන් මේ කාරණයේදී බ්ලොග් ලෝකයේ අදහස් දැක්වෙනවා ඉතා අඩුයි.

      ලාභය නැති තැන ධනවාදය බිඳ වැටෙනවා. හොඳ ප්‍රථිපල එන්නේ නෑ. ලාභ නොලබන පුද්ගලික ව්‍යවසාය තියෙනවා නම් ඒවා පිලැන්ත්‍රොපිස්ට් ලා ගේ ඒවා විය යුතුයි. ඇත කාලයේ ලංකාවේ පාසල් ඇරඹුනේත් මහා දානපතින්ගේ මුදල් සහ ඉඩම් පරිත්‍යාග මතයි. ඔබට මිලියනක් තියෙනවා නම් ඔබ එය ආයෝජනය කර වසරකට 15%ක් හොයා ගන්නේ නැතිව 2% ලැබෙන අධ්‍යාපන ව්‍යාපෑතියක යොදවනවා නම් ඔබ දානපතියෙක්. එය කැපිටලිසම් නොවේ.

      මාත් දරුවන් සිටින පියෙක් හැටියට ඔබේ හිත රිදවන්න අකමැති වුනත් මේක නොකියාම බෑ. මේ ඔබ විස්තර කර ඇති තත්වය සුළු ධනේෂ්වර සිහිනයේ විඳ වැටීමක් ලෙස අයෙක් මා සමග අර්ථ දැක්වුවා. ගිය සියවසේ රාගම පුද්ගලික වෙද විදුහල ඇරඹුණාමත් ඔය සිද්ධිය වුණා.

      මගේ පියා ගුරුවරයෙක්. ඔහු ගමේ පාසලේ ඉගෙන ඉන්පසු සෙන්ට්‍රල් එකට ගොස් ඒ දිනවල අධ්‍යාපන රටාව අනුව අවසානය පාස් කර ගුරුවරයෙකු වුණා. ඔහු උපාධි ගත්තේ පසුව විද්‍යොදය විවි ඇරඹි පසු ගුරු වෘත්තියේ සිටයි. නමුත් ඔහු තම දරුවන් ද යැව්වේ ගමේ පාසලටමයි. මං එතනින් පහේ පන්තියේ විභාගය සමත්වෙලා සෙන්ට්‍රල් එකට ගියා, එතනින් තවත් විභාගයක් සමත් වෙලා කොළඹ ගියා. මගේ බිරිදත් එසේමයි. එනිසා අපේ දරුවනුත් එහෙමයි, කොතැන හිටියත් ගමේ පාසලටයි යන්නේ. එනිසා බිඳ වැටෙන්නට ඉඩ ඇති සිහින එතරම් දරුණු නැහැ.

      ඔබේ පාසල් අධ්‍යාපනය ගැන මා දන්නේ නෑ. ඔබට හැකි දේ කරන්න දරුවන්ට නොහැකි වෙයි කියා ඔබ ඔවුන් ගැන අවතක්සේරුවක් කළා දෝයි මට හිතෙනවා!

      ඒ වුනත් there is nothing wrong about having aspirations!

      දැන් ඔබේ දරුවන්ව පිටරට යවන්නට ඉඩ නැති නම් කළ යුත්තේ ලංකාව තුල විවි අධ්‍යාපනයට විකල්පයක් කරා යොමු කිරීමයි.

      Delete
  43. ඔය වගෙ සිස්ටම්1ක් සුදු බන්ඩෙට කවුද කියන්නෙ. සුදු බන්ඩෙ කමති වෙයිද ඕකට.

    ReplyDelete
    Replies
    1. ම හිතුවේ සූකිරි බණ්ඩා කියලයි!

      Delete
  44. කවුරු කොහොම කිව්වත් සිහි බුද්ධියෙන් ප්‍රශ්නය ගැන අවබෝධයකින් බලන්නේ බොහොම අතලොස්සක් බව පැහැදිලියි..
    කතන්දරගේ අදහසට නම් එකෙන්ම එකඟ වන අතර තමන් නොමිලේ ලැබූ නිදහස් අධ්‍යාපනයට වටිනාකමක් දීමට මැලිවීම ගුණමකු කමක් බව කියන එකට නම් සිරාවටම එකඟයි...

    සම'හරක් අයට කියන්න තියෙන්නේ බුද්ධිමත් සංවාදයක් මිසක් තමන්ගේ අවේගශීලි බව පිරිමහ ගන්න මේ කිසිම බ්ලොග් එකකට එන්න එපා කියලයි..

    ReplyDelete
    Replies
    1. ඔබ හරි.
      මතවාදය එකක් නමුත් සමහර අයගේ හිත යන්නේ පුද්ගලිකව අවලාද නගන්නයි.

      Delete
  45. උකුණු හිසක තරම්වත් මොළයක් තියෙන කෙනෙකුට (ඒ කියන්නෙ පේරා එකෙන් අවුට් උණ කෙණෙකුට උණත්) තේරෙන්න ඕනැ කතන්දරතුමා මෙතැන දාන ජිල්මාල් එක ස්ද්බාවයෙන් මේ ප්‍රශ්නය විසඳන්න කරන උත්සාහයක් නොවෙන බව. මේක මෙතැන ලිව්වය කියල සුදු බණ්ඩා ඕක කියවල අනේ, කොයි තරම් හොඳ විසඳුමක්ද කියල ඒක ඇප්ල්යි කරන්නේ නෑනෙ. ඔන්න කවුරු හරි ප්‍රින්ට් අවුට් එකක් අරගෙන ගියත් මේ මොන ප*යෙක්ද කියල විසි කරාවි. ඉතින් කතන්දරතුමාගෙ ගේම පැහදිළියි. එතුමාට ඕනැ:

    1. තමන්ගෙ පම්පෝරිය ඇදබෑම (...රටවල් x ප්‍රමාණයක විශ්ව විද්‍යාල y ප්‍රමාණයක දේශකයකු හැට්යට සේවය කළ...ඉතින් අපට පාන්ද?)

    2. දැවෙන ප්‍රශ්නෙකට හේත්තු වෙලා තමන්ගෙ හිට්ස් ගණන වැඩි කර ගැනීම. (ඒක අර දයාසිරි ජයසේකරගෙ මෙග ස්ටාර් මානසිකත්වයට සමානයි.)

    ඉතින් ඔබ, අප තමුන්නාන්සෙලාත් නිකං අපේ පැට්‍රල් පුච්ච ගන්නෙ නැතුව පැත්තකට අපේ වැඩක් කරගෙන වෙලා ඉඳිමු.

    ReplyDelete
    Replies
    1. @ AnonymousJan 21, 2012 02:45 AM
      මේ ලිපිය ලිවීමේ මගේ මුඛ්‍ය අරමුණු සහ ලිපියෙන් සිදුවෙන ප්‍රතිපලය අපූරුවට ග්‍රහණය කරගත් ප්‍රතිචාරයකි.

      ඒ යථාර්තය මෙය කියවන අය සමග බෙදා ගත්තාට ඔබට ස්තුතියි.

      ඔබේ කමෙන්ටුවේ මා වඩාත් කැමති කොටස නම් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්ට කර ඇති සමච්චලයයි. Well said mate!

      Delete
    2. අනෙ මන්ද මේ අහක යන නයි... තරහ වෙන්න එපා නිකමට වගෙ ඇ:. ඉතිං තමන්ට හිතෙන දේ කියන්න නෙ බ්ලොගයක් කරාන්නෙ. ඒව කරන්න ඕනෙ නම් දේශ පාලනේ කොරනවනෙ. කොහොමද මේ කොමෙන්ට් දාපු හැමෝම දෙශපලනේට අවොත්??
      ඒව ඉත්ං කටහරි හිතිල උනොත් කියල හිතගෙන අපිත් කොමෙන්ට් කොටනවා වැඩ පාඩු උනත්.

      එතකොට එපාද කොමෙන්ට් කරන්න....

      ******අනේ යන්න නරියෝ යන්න*****

      Delete
    3. @ Anjana
      ඔය ඇනෝලා ඔහොම කිව්වට ආපහු ආපහු එනවා! මට බැනලා තමයි එයා ආතල් එකක් ගන්නේ.

      මං කැමතියි ඇනෝට
      ඇනෝ කැමති නෑ මට!

      Delete
  46. නො කමෙන්ට්ස්

    ReplyDelete
  47. රටේ තියෙන උසස් අධ්‍යාපන ගැටලුවට කතන්දර අයියා කියන ක්‍රමේ හරි !! එහෙම තමයි කරන්න ඕන. නැතුව බුවා අයියා කියන විදිහට පුද්ගලික විශ්ව විද්‍යාල දාලාවත් රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න එන්නත් කලින්ම කෝස් එකට ගාන කපාගෙන නෙමෙයි.

    තව දෙයක් තමා මේ රටේ තියෙන උසස් අධ්‍යාපන ගැටලු විසදන්න අඩුම තරමේ අබ මල් රේණුවක් වත් මොලේ තියෙන ඇමතියෙක් ඕනා. සුමන බණ්ඩට ඕවා බෑ.

    කතා කලොත් කියන්නේ ලංකාවේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ චොයිසස් වැඩි කරන්න ඕන කියලා. කුලප්පු වෙච්ච පිස්සු හරකෙක් !!!

    ReplyDelete
    Replies
    1. ඔය අබ මල් රේණු කතාව නම් හැම ක්ෂේත්‍රයකටම පොදුයි මම හිතන්නෙ..

      Delete
  48. වැදගත් අදහසක් සහ හරියට ක්‍රියාතමක කල හැකි සාර්ථක ක්‍රියා පිළිවෙතක්..ස්තුතියි කතන්දර
    බොහෝ අය මතු කල රැකියාවක් නොමැතිව මේ ණය ගෙවන්නේ කෙසේ දැයි ප්‍රශ්නයට පෝස්ටුය තුලම පිළිතුර ඇත.

    //ඒ නැතිවුනත් රැකියා ක්‍ෂේත්‍රයේ ඉල්ලුම අනුව එක් එක් පාඨමාලාවලට තියෙන ඉල්ලුම තීරණය වේවි දීර්ඝකාලීනව.//
    ඉල්ලුම නැති පාඨමාලා හදාරන එක අඩුවේවි..

    මේ ලබාගත්ත අත්දැකීම් එක්ක වෘත්තීය අධ්‍යාපනය ගැනත් පෝස්ටුවක් ලියන්න බැරිද කතන්දර?
    මට හිතෙන්නේ නම් වෘත්තීය අධ්‍යාපනය (Vocational Education) හරියට නැති නිසායි අපි මේ වි.වි අධ්‍යාපනය එකම හීනය කරගෙන තියෙන්නෙ..

    ReplyDelete
  49. උ/පෙ විෂය ධාරාවට තොරතුරු තාක්ෂණය ඇතුලත් කරපු නිසා එයින් උපරිම ප්‍රයෝජන ගන්න ශිෂ්‍යයෙක් මම ඒ වගේ උ/පෙ සාධාරණ විභාගයක් කරන එකට මම බොහෝම කැමතියි මොකද පරිගණකයට ඇළුම් කරන එකෙක්ට කෙමිස්ට්‍රි කෙල උනොත් ජීවිතේ කෙල වෙන තත්වයක් තිබුනේ...මම මුල් සැරේ එහෙම කෙලෝගත්තා...මේ වගේ දේවල් එක්ක හොඳ විසඳුම් ඔයා කියන විදියට දුන්නනම් මේක ප්‍රස්නයක් නෑ වගේ...මට නම් හිතෙන්නේ මසුරං අදහසක්

    ReplyDelete
  50. තමන් ඉගෙන ගෙන රැකියාවක් කරනවා කියන්නෙත් එක ආකාරයක බිස්නස් එකක්. ඉතින් තමන්ට ඒ බිස්නස් එක පටන් ගන්න මහජනතාව ආයෝජනය කල මුදලට ලාභාංශ ගෙවීම තමයි මේ කියන්නේ. එතැනදී එන පොඩි ගැටළුවක් තමයි මේ ගෙවීම් කරන්න තරම් හොඳ ආර්ටථික තත්වයක් ලඟා වෙලා තියෙනවද කියන එක.

    තවත් යෝජනාවක් මම එකතු කරන්න කැමතියි. දැන් ආණ්ඩුවේ ප්‍රතිපාදන අවශ්‍යතා සපුරගන්න තියෙන අර භාණ්ඩාගාර බිල්පත් වගේ අධ්‍යාපනය නගා සිටවන්න රජයට පුළුවන් "අධ්‍යාපන බිල්පත්" කියල ජාතියක් නිකුත් කරන්න. එතකොට පෞද්ගලික විශ්ව විද්යාල දාන යට පුළුවන් මේ බිල්පත් මිලදී ගන්න. අවශ්‍ය කරන්නේ රජයේ විශ්ව විද්‍යාල අර මුදල් ආයෝජනය කරමින් පුළුල් කිරීම. එතකොට අර අන්තරේට වෙනත් දෙයක් ගැන කෑ ගහන්න පුළුවන්.

    ReplyDelete
  51. මං මේ ලිපිය දැක්කෙ පහු වෙලා. ඒත් වැදගත් අදහසක් නිසා කොමෙන්ටුවක් දාන්න හිතුවා. රස්සාවක් කරද්දි ගෙවීමේ පදනමට ඉගෙන ගන්න එක හොඳ ක්‍රමයක්. හැබැයි ඔය විප්ලවීය අදහස් තියෙන්නෙ ඉගෙනගන්න කාලෙ විතරයි. ඊට පස්සෙ සේරම සල්ලි පස්සෙ තමයි දුවන්නෙ. ඒක නිසා ඔය කියන විධියට අති බහුතරය සල්ලි ගෙවන්නෙ නෑ. මොකද අය කර ගන්න ක්‍රමවත් සැලැස්මක් නැති නිසා. ඒත් මං ඉගෙන ගත්ත රටෙන් උදාහරණයක් ගන්නවනම් හොඳයි. ඒ තමයි ඉගෙන ගන්න හැම ශිෂ්‍යයෙක්ම සල්ලි ගෙවිය යුතුයි. බැරි කෙනාට ආණ්ඩුවෙ බැංකුවෙන් ණයක් දෙනවා. හැබැයි ඒ ණය ගන්න කවුරු හරි කෙනෙක් (වැඩිහිටියෙක් හෝ දෙමව්පිය පාර්ශවයෙන් කෙනෙක් ) ඇපකාරය වෙන්න ඕනෙ. මේ ණය දෙන්න තමන්ගෙ අදායම, රැකියාව වගේ සාමාන්‍යයෙන් වෙනත් ණයක් ගන්න කෙනෙක්ට අවශ්‍යවෙන සුදුසුකම් බලන්නෙ නෑ. ඇපකරු කියන වගකීම පමණයි. හැබැයි ඇපකරු බැංකුවලට පොලු නොතියපු කෙනෙක් වෙන්න ඕනෙ. තවත් දෙයක්, මේ වගේ ණයකට ඇපකාරය වෙන්න පුලුවන් වෙන්නෙත් දෙපාරක් පමණයි. ඉතින් ඉගෙනීම අවසන්කරලා (සහන කාලයකට ) පස්සෙ මේ ණය ගෙවන්න ඕනෙ. ගෙව්වෙ නැත්නම් ඉතින් නඩු දානවා, ණයකරුට හා ඇපකාරය දෙන්නටම.ඒත් ගෙවන්නෙ නැත්නම්, බ්ලැක් ලිස්ට්කරල දාන එක පමණයි කරන්න පුලුවන්. එහෙම වුණොත් වෙනත් බැංකුවකින් හෝ ආයතනකින් මේ දෙන්නටම කිසිම ණයක් ගන්න බෑ. මේ ණය ගත්ත ආණ්ඩුවෙ බැංකුවෙ ගිණුමක් පවත්වාගෙන යන්නත් බෑ. මෙතන යම්කිසි වගකීමක් තියෙනවා, හැබැයි දේපළවගේ දෙවල් පවර ගන්න බෑ. පුද්ගලයා පමණයි වගකීම.අනිත් එක උසස්පෙළ ඉහළින් සමත්වෙන යම් ප්‍රතිශතයකට විශ්ව විද්‍යාල ගාස්තු යම් ප්‍රමාණයක වට්ටමක් හිමි වෙනවා. අනිත් එක, විශ්ව විද්‍යාලෙ සෙමෙස්ටර් එකෙන් ඉහළම ලකුණු ගන්න අයටත් ඊළඟ සෙමෙස්ටර් එකට වට්ටමක් හිමි වෙනවා. ඉතින් සල්ලි තියෙන අයට ණය ගන්නෙ නැතුවත්,සල්ලි නැති අයට ණයට අරගෙනත්, දක්ෂයන්ට අඩු මුදලටත් මේ මගින් ඉගෙන ගන්න පුලුවන්. හැමෝටම සාධාරණයි :)

    ReplyDelete
  52. මං මේ ලිපිය දැක්කෙ පහු වෙලා. ඒත් වැදගත් අදහසක් නිසා කොමෙන්ටුවක් දාන්න හිතුවා. රස්සාවක් කරද්දි ගෙවීමේ පදනමට ඉගෙන ගන්න එක හොඳ ක්‍රමයක්. හැබැයි ඔය විප්ලවීය අදහස් තියෙන්නෙ ඉගෙනගන්න කාලෙ විතරයි. ඊට පස්සෙ සේරම සල්ලි පස්සෙ තමයි දුවන්නෙ. ඒක නිසා ඔය කියන විධියට අති බහුතරය සල්ලි ගෙවන්නෙ නෑ. මොකද අය කර ගන්න ක්‍රමවත් සැලැස්මක් නැති නිසා. ඒත් මං ඉගෙන ගත්ත රටෙන් උදාහරණයක් ගන්නවනම් හොඳයි. ඒ තමයි ඉගෙන ගන්න හැම ශිෂ්‍යයෙක්ම සල්ලි ගෙවිය යුතුයි. බැරි කෙනාට ආණ්ඩුවෙ බැංකුවෙන් ණයක් දෙනවා. හැබැයි ඒ ණය ගන්න කවුරු හරි කෙනෙක් (වැඩිහිටියෙක් හෝ දෙමව්පිය පාර්ශවයෙන් කෙනෙක් ) ඇපකාරය වෙන්න ඕනෙ. මේ ණය දෙන්න තමන්ගෙ අදායම, රැකියාව වගේ සාමාන්‍යයෙන් වෙනත් ණයක් ගන්න කෙනෙක්ට අවශ්‍යවෙන සුදුසුකම් බලන්නෙ නෑ. ඇපකරු කියන වගකීම පමණයි. හැබැයි ඇපකරු බැංකුවලට පොලු නොතියපු කෙනෙක් වෙන්න ඕනෙ. තවත් දෙයක්, මේ වගේ ණයකට ඇපකාරය වෙන්න පුලුවන් වෙන්නෙත් දෙපාරක් පමණයි. ඉතින් ඉගෙනීම අවසන්කරලා (සහන කාලයකට ) පස්සෙ මේ ණය ගෙවන්න ඕනෙ. ගෙව්වෙ නැත්නම් ඉතින් නඩු දානවා, ණයකරුට හා ඇපකාරය දෙන්නටම.ඒත් ගෙවන්නෙ නැත්නම්, බ්ලැක් ලිස්ට්කරල දාන එක පමණයි කරන්න පුලුවන්. එහෙම වුණොත් වෙනත් බැංකුවකින් හෝ ආයතනකින් මේ දෙන්නටම කිසිම ණයක් ගන්න බෑ. මේ ණය ගත්ත ආණ්ඩුවෙ බැංකුවෙ ගිණුමක් පවත්වාගෙන යන්නත් බෑ. මෙතන යම්කිසි වගකීමක් තියෙනවා, හැබැයි දේපළවගේ දෙවල් පවර ගන්න බෑ. පුද්ගලයා පමණයි වගකීම.අනිත් එක උසස්පෙළ ඉහළින් සමත්වෙන යම් ප්‍රතිශතයකට විශ්ව විද්‍යාල ගාස්තු යම් ප්‍රමාණයක වට්ටමක් හිමි වෙනවා. අනිත් එක, විශ්ව විද්‍යාලෙ සෙමෙස්ටර් එකෙන් ඉහළම ලකුණු ගන්න අයටත් ඊළඟ සෙමෙස්ටර් එකට වට්ටමක් හිමි වෙනවා. ඉතින් සල්ලි තියෙන අයට ණය ගන්නෙ නැතුවත්,සල්ලි නැති අයට ණයට අරගෙනත්, දක්ෂයන්ට අඩු මුදලටත් මේ මගින් ඉගෙන ගන්න පුලුවන්. හැමෝටම සාධාරණයි :)

    ReplyDelete
  53. මට මේ කතාව කියවල කොමෙන්ට බැලුවම පෙනුනේ කා කාට ගොඩ දෙනෙක් ඉරිසියා කරන බවය ...

    ReplyDelete
  54. ඉතින් යකුනේ ඕන මුදලලියෙකුට වී. වී දාගන්න කියල රජයට(UGC එකට) බැරිද ඒවගේ QUALITY CONTROL කරන්න.එහෙමත් බැරිනම් රජයකින් ඇති වැඩේ මොකක්ද??

    ReplyDelete
  55. ඔබේ ණය දැන් පැය 48 ක් තුළ ලබා ගන්න

    සුබ දවසක්

    ඔබට ව්‍යවසායකයෙකු වීමට අවශ්‍යද, ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට හෝ මහල් නිවාසයක් මිලට ගැනීමට හෝ ඔබ මූල්‍යමය විසඳුමක සිටීද, ඔබේ උදව් දැන් පැමිණේ, ඔබේ සිහිනය නැති වී තිබේද, සූදානම් වීමට උත්සාහ කරමින්, ඔබේ සිහින මැරෙන්නට ඉඩ නොදෙන්න, ෆ්‍රෙඩ් මහතා අමතන්න තවත්, ඉක්මන් සහ විශ්වාසදායක ණයක් සඳහා.

    අපි පහත දැක්වෙන ආකාරයේ ණය ලබා දෙන්නෙමු:

    1 ව්‍යාපාර ණය

    වෙළඳ
    ණය 3 වන මහල් නිවාසය

    ණය 4. ස්වයංක්‍රීය

    ණය 5. වාහන ණය ආදිය.

    100,000.00 සිට 500,000,000,000.00 දක්වා 3% ක පොලී අනුපාතයක් සමඟ අප සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති බැරෑරුම් සහ අවංක ගනුදෙනුකරුවන් සඳහා අපි ණය ලබා දෙන්නෙමු.

    අපගේ විද්‍යුත් තැපෑලෙන් (fredmorefinance@gmail.com) ඉක්මනින් අප අමතන්න.

    (fredmorefinance@hotmail.com)

    Whatssap අංකය: +919654763221

    අත්සන් කර ඇත

    අධ්‍යක්ෂක

    ෆ්‍රෙඩ් මහතා තවත්

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.